Saturday, July 27, 2013

LED ටියුබ් ලයිට් හදන්න ලේසිම ක්‍රමය..

  ඔයාලා මගේ ලිපි පෙළ කියවපු අයටත් පාඩම් මාලාව ගෙදරට ගෙන්න ගත්ත අයටත් ඉතා වැදගත් ලිපියක් ලියන්න සිතුනා.දැනටමත් ඔයාලා LED ටියුබ් ලයිට් හදලා ඇති.ඉතින් ඔයාලට ඇති වෙච්ච ගැටලුවක්
තමයි හදපු බල්බ් එක සවිකරන්න ටියුබ් ලයිට් කේසින් එකක් නැති කම.කඩෙන් අලුත් එකෙසින් එකක් ගන්න පුළුවන්.ඒත් ඒකට තව ගානක් වියදම් කරන්න වෙනවා..එතකොට ලැබෙන ලාභය අඩුවෙනවා..තවත් දෙයක් ඔයාලා හදන ටියුබ් ලයිට් එක කෙලින්ම ගදර ගෙනිහින් ගෙදර තියෙන ටියුබ් ලයිට් එකට සවිකරන්න බැහැ.ඒකේ චෝක් එක එහෙම ගලවලා ස්ටාටරයත් ගලවලා LED ටියුබ් ලයිට් එකට ගැලපෙන්න එය හදාගන්න හුග දෙනෙකුට බැහැ.ඉතින් මම ඒ ගැටලුවෙනුත් අද ඔයාලව නිදහස් කරනවා..මා විසින්ම නව නිර්මාණයක් ලෙස අඩු වියදම් LED ටියුබ් ලයිට් සඳහා ගැලපෙන කේසින් එකක්   හැදුවා.වියදම ගොඩක් අඩුයි.බරත් අඩුයි.ඉක්මනින් ගෙදරදීම හදා ගන්නත් පුළුවන්.වියදම රු.150ක් විතර තමයි යන්නේ.මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ.
අවශ්‍ය උපාංග-
1.ටියුබ් ලයිට් හෝල්ඩර් 2ක්.
2.අඟලක් පළල වයරින් කේසින් කැබැල්ලක් (අඩි 2 ක් දිග)
3.සුපර් ග්ලු හරි වෙනත් හොඳ ගම් එකක්.
ඔයාලා හදන්නේ අඩි 2ක ටියුබ් ලයිට් එකක් නම් අඩි දෙකක් දිග වයරින් කේසින් කැබැල්ලක් කපාගන්න.ඔයාලා මිලදී ගත්තු ටියුබ් ලයිට් හෝල්ඩර් දෙක එම වයරින් කේසින් කැබැල්ලේ දෙකලවරට ඇන දෙකක් යොදා සවිකර ගන්න.ඔයාලා දකින්න ඇති ඔබ මිලදී ගත් ටියුබ් ලයිට් හෝල්ඩර් දෙක එක සමාන නොවන බව.ඔයාලට තියෙන්නේ ඉන් එක හෝල්ඩර් එකක ඇති ස්ටාටරය සවි කිරීමට ඇති කොටස ගලවා දැමීමයි.එවිට හෝල්ඩර් දෙකම එක සමාන උසක්‌ එන නිසා සවිකරන්න ලේසියි.මතක ඇතුව වයරින් කේසින් එකේ පියන පැත්ත උඩට සිටින ලෙස සවිකරන්න.ඒ කියුවේ පිට පැත්තට.එතකොට ඔයාලට එම කේසින් එක ඇතුලේ LED ටියුබ් ලයිට් බල සැපයුම් ඒකකය සවිකරන්න පුළුවන්.පසුව පියන කොටස වහන්න.උෂ්ණත්වය පිට වීමට පියනේ සිදුරු කීපයක් විදින්න.ඔබ කැමති පරිදි දෙපසින් හෝ තනි පැත්තෙන් බල සැපයුමේ අග්‍ර දෙක ටියුබ් ලයිට් බල්බයට ලබා දෙන්න.
පහත තියෙන්නේ මම හදපු කේසින් එකේ රූප පෙළ.

අඟලක් පළල වයරින් කේසින් කැබැල්ල.
ටියුබ් ලයිට් හෝල්ඩර් සවිකළ විට
බල්බය සවිකළ විට.
පට්ට එළියක්‌...විශාල කාමරයකට වුවද සුදුසු එළියක්‌.
                                  .
ඔබට ජය!

Wednesday, July 24, 2013

ශීතකරණයේ විදුලි පාරිභෝජනය අඩු කරන උපකරණයක්..

       අප රටේ විදුලි පාරිභෝජනය සලකා බැලු විට අපට පෙනීයන්නේ වැඩිම විදුලි භාවිතයක් ඇත්තේ ශීතකරණ හා වායු සමීකරණ යන්ත්‍ර වලට බවය.මේ පිළිබඳව දිගු කාලයක් තිස්සේ විමසිල්ලෙන් සිටි මම ඔබ වෙනුවෙන් කවදත් හෙටදින තාක්ෂනය ඔබ වෙත ගෙන එන හෙටදින අඩවිය තුලින් තවත් වැදගත් නිර්මාණයක් ඔබට ලබා දීමට දැන් කටයුතු අරඹා ඇත.

මාසික විදුලි බිල සලකා බැලුවිට අපට පෙනීයන්නේ අප නිවසේ භාවිතා කරන ශීතකරණය විදුලි බිල වැඩිකරන ප්‍රධාන මාරයා බවය.එය 21% ක් තරම් වන බව පෙනේ.එනම් වායුසමීකරණ නැති නිවසක ප්‍රධාන විදුලි නාස්තිකාරයා වන්නේ ශීතකරණයයි.ශීතකරණයට යන විදුලි වියදම අඩුකර ගත හොත් අපට වැඩි විදුලි ඉතිරියක්‌ කළ හැකි බව ඕනෑම අයෙකුට පෙනීයන්නකි.ඒ සඳහා ඉතා සාර්ථක නව උපකරණයක් තැනීමට මා පරික්ෂණ අරඹා ඇත.එහිදී ශීතකරණයට හානි නොවන එයින් ලැබෙන ප්‍රයෝජනයට බාධාවක් නොවන ලෙස උපකරණය සැලසුම් කිරීමට මම බලාපොරොත්තු වෙමි.නුදුරු අනාගතයේදීම මෙම උපකරණය ඔබට ලබාදීමට මම බලාපොරොත්තු වෙමි.එය ශීතකරණ වලට මෙන්ම වායු සමීකරණ වලටද එක ලෙස භාවිතා කිරීමට හැකිවනු ඇත.


ඔබට ජය!

Tuesday, July 23, 2013

ඉලෙක්ට්‍රොනික්ස් පන්තිය 2.

මුලික ඉලෙක්ට්‍රොනික් විද්‍යාව
1.ඉලෙක්ට්‍රෝන හා ධාරාව
ඔබ ට මතක ඇති මම මිට පෙර පාඩමකින් ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන පොඩි හැදින්වීමක් කළා.ඉතින් ඉලෙක්ට්‍රොනික විද්‍යාව මුල සිටම ඉතා සරලව ඉතා දීර්ඝ ලිපි පෙළක් ලියන්න මම අදහස් කරනවා..ඔයාලා පියවරෙන් පියවර
හදාරන්න.විශේෂයෙන් මෙම විෂයට ඇල්මක් දක්වන හා මෙම විෂය ආශ්‍රිතව විවිධ කාර්යයන් කරන අයට මෙය ඉතා වැදගත් වේවි.මෙම ලිපි වල සිංහල ව්‍යාකරණ දෝෂ තිබුන හොත් සමාව අයදිනවා..
ඉලෙක්ට්‍රෝනය
ඔබ වසන පරිසරයේ ඇති සියලුම ද්‍රව්‍ය සැකසී ඇත්තේ පදාර්ථ වලින්..ඉතින් ඒ පදාර්ථයේ මුලික තැනුම් ඒකකය පරමානුවයි.පරමාණුවක් ඉතා කුඩා වන අතර එය නුතන ප්‍රභලම අන්වික්ෂයකටවත් නැරබිය නොහැකියි.අප ආහාරයට ගන්න කුඩා සහල් ඇටයක පරමාණු ට්‍රිලියන ගණනක් තිබේ.පරමානුවකද අංශු වර්ග 3 ක් ඇත.එනම් ප්‍රෝටෝන හා නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝනය.මින් පරමාණුව මැද ඇත්තේ ප්‍රෝටෝන හා නියුට්‍රෝනය.එම අංශු දෙක වටා ඉලෙක්ට්‍රෝන වලයාකාරව චලනය වෙමින් පවතී.එහෙත් නියමිත මාර්ගයක මෙම ඉලෙක්ට්‍රෝන ගමන් නොකරයි.සකස් වී ඇති ද්‍රව්‍ය අනුව පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වලාව වෙනස් වේ.අප ලෝහ කම්බියක්  තුලින් විද්‍යුත් ධාරාවක් ලෙස ලබා ගන්නේ මෙම ඉලෙක්ට්‍රෝන ධාරාවකි.ඇත්ත වශයෙන්ම ලෝහ හොඳ  විද්‍යුත් සන්නායක වේ.එයට හේතුව ලෝහ වල පරමාණුවල බාහිර ඉලෙක්ට්‍රෝන වලාවේ ඉතා ලිහිල්ව බැඳී ඇති ඉලෙක්ට්‍රෝන පැවතීමය.මෙම ඉලෙක්ට්‍රෝන අපට වෙනත් ප්‍රභවයකින් ලැබෙන ඉලෙක්ට්‍රෝන පිඩනයකින් එක් දිසාවකට චලනය කිරීමට සලස්වා විද්‍යුත් ධාරාවක් නිර්මාණය කල හැක.අපගේ නිවසට ලැබෙන 230 v ධාරාව විදුලි බලාගාර වලදී කාන්දම් බලය මගින් සන්නායක කම්බි ගොනුවක ඇතිකරනු ලබන විද්‍යුත් පීඩන වෙනස මගින් ඇතිවන ඉලෙක්ට්‍රොන ධාරාව ක් ලෙස
හැදින්විය හැක.


ඔබට ජය!
ඉලෙක්ට්‍රොනික් පන්තිය 1 පාඩම මෙතනින්

Saturday, July 20, 2013

SMD බල්බ නිපදවීමේදී ඇතිවන ගැටළු..

         ඔයාලා SMD බල්බ හදන්න පටන් අරගන ඇති.ඉතින් ඉලෙක්ට්‍රොණික දැනුම අඩු අයට විවිධ ගැටළු පැන නැගිලා ඇති.ඒ බව මට ලැබෙන දුරකථන ඇමතුම් වලින් පැහැදිලි වෙනවා..ඒ නිසා හැමෝටම හරියන්න ඔය ගැටළු
කීපයකට පිලිතුරුත් එක්ක පොස්ට් එක්කක් දාන්න සිතුවා..
1.සදා ටික දිනකින් SMD බල්බය දැවී යයි..
ඔබේ බල්බය ටික දිනකින් දැවී ගියේ නම් එය නිපදවීමේ දී වූ අතපසු වීමක් වන්නට පුළුවන.බල්බයට බලය සපයන බල සැපයුම් පරිපථය ලෝහ කොටස් වල ස්පර්ෂ නොවන පරිදි කඩදාසි ටේප් එකකින් ආවරණය කරන්න.නැතිනම් කාඩ්බෝඩ් බටයක් සාදා එයට බල සැපයුම් පරිපථය බහා සවිකරන්න.නැතිනම් වයරින් ටේප් යොදන්න.ඔබ බල්බ පාස්සනවිට හීට් සින්ක් කොම්පවුන්ඩ් ස්වල්පයක් අනිවාර්යයෙන්ම යොදන්න.එය මනා තාප පරිවහනයට ඉවහල් වේ.එසේම බල්බය හොඳින් පෘෂ්ටයට තදවන පරිදි ඊයම් යොදා පාස්සන්න.
2.බල්බය සකසා අවසන් කර බලය සැපයුවිට නොදැල්වේ?
ඔබ SMD බල්බයක අගරු මාරු කර සවිකර තිබෙන්නට පුළුවන.අක්‍රිය බල්බයක් සවිකර ඇත්දැයි මල්ටිමිටරය අධාරයෙන් පරීක්ෂා කරන්න.බල සැපයුම මගින් නිසි පරිදි 12V ලැබේද යන්න පරික්ෂා කරන්න.
3.බල්බ් එකේ ප්ලාස්ටික් ඇඩැප්ටරයයේ අග්‍ර සවිකරන්න ගියාම මල පනිනවානේ??
 මුලින්ම ප්ලාස්ටික්  ඇඩැප්ටරයයේ සිදුරු දෙක තුලින් බල සැපයුමේ A/Cඅග්‍ර දෙක පිටතට ගන්න.දැන් ලබාදී ඇති කුඩා ඇණ දෙකට ඊයම් ස්වල්පයක් තබා වයර් දෙක පාස්සන්න.නැතිනම් සාමාන්‍ය ඇඩැප්ටරයක් මිලදී ගන්න.බල්බ මිලදී ගන්න විටම සාමාන්‍ය ඇඩැප්ටරයක් ඉල්ලා ගන්න.එහි අග්‍ර පාස්සා ගැනීම පහසුය.
4.ඇඩප්ටරය බල්බයට සවිකරන්නේ  කොහොමද?
මල්ටිබොන්ඩ් ගම් එකක් යොදා ගන්න.නැතිනම් සුපර් ග්ලු එකක් යොදා ගන්න.
5.නිවෙස් වල භාවිතාවන බිත්තිවල හෝ විසිතුරු ලාම්පු තුලට SMD බල්බ නොදමන්න.
මේවායේ තාපය එකතුවී මල්බය අධිකව රත්වී ඉක්මනින් දැවීයයි.
6.SMD බලබයේ ධන ඍන හොයන්නේ කොහොමද? සුළු දෙයක්..SMD බල්බයක් ගෙන එහි මුහුණත පැත්ත හරවා බලන්න.එහි අග්‍ර වල දෙකෙළවර කුඩාවට අග්‍ර ලකුණු කර ඇත.
ඔබට ජය!

Wednesday, July 17, 2013

අර්ථවත් හෙටදිනක්....

          ඉතින් ඔයාලත් එක්ක බ්ලොග් එක පටන් අරන් ජුලි 22 වැනිදාට වසරක් සපිරෙනවා..එදා මෙදාතුර මගේ බ්ලොගයත් එක්ක එකට හිටිය අය බොහොමයි.හොඳ මෙන්ම නරකද ජනතා ප්‍රතිචාර තුලින් මට ලැබී ඇත.සියල්ල සමසිතින් භාරගන්නා අතර ඉදිරියේදී මෙයටත් වඩා අර්ථවත්
ලෙස හෙටදින අඩවිය සංවර්ධනය කරනු ඇත.ඔබට ඉතාමත් වැදගත් විය හැකි නවතම කරුණු ඔබ වෙත ගෙන ඒම හෙටදින අඩවියේ අරමුනයි.එනම් හෙටලොව නවතොරතුරු කඩිනමින් දැන ගැනීමට හෙටදින අඩවියට පිවෙසෙන ඔබට හැකි වනු ඇත.ඉතා වටින  තොරතුරු සමුදායක් ඔබට නොමිලේම ලබාදීමට හැකිවීම ගැන මම උදක්ම සතුටු වීමි.විශේෂයෙන් LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව නොමිලේ ඔබට ලබා දෙමින් පින්තූර හා අවශ්‍ය විස්තර සහිතව ලබාදීමට මට හැකිවිණි.එම පාඩම් මාලාව කියවා විශාල පිරිසක් මාහට ස්තුති කර ඇමතුම් ලබා දී ඇත.ඔවුන් දමා ඇති කොමෙන්ට් වලින් ද පැහැදිලි වන්නේ ඒ සම්බන්දයෙන් ඔබ තුල ඇති උනන්දුවයි.අන්තර්ජාල පහසුකම් නැති අයටද එම පාඩම් මාලාව මා රු.550.00 වැනි සුළු මුදලකට වීඩියෝ පාඩම් මාලාවක් සහිතව ලබා දී ඇත.කිහිප දෙනෙකුම මගේ පාඩම් අද්‍යයනය කර කුඩා කර්මාන්ත පටන් ගෙන ඇති බව දැන ගන්නට ලැබී ඇත.ඉදිරි කාලයේදී මා මිට පෙර පොරොන්න්දු වූ ආකාරයට නිවසකට සුර්ය ශක්තිය ඇසුරින් නොමිලේ විදුලි බලය ලබා ගත හැකි ක්‍රමයක් හදුන්වා දීමට මම සුදානමින් සිටිමි.එවිට ඔබට ආලෝකය සඳහා යන වියදම සම්පුර්ණයෙන්ම කපා හැරීමට හැකි වනු ඇත.මාගේ රාජකාරි කටයුතු හා වෙනත් අසීරුතා රාශියක් මැද්දේ ඔබ වෙනුවෙන් එවැනි නව නිර්මාණයක් ඉදිරිපත් කිරීම මගේ ඒකායන අරමුණ වේ.
ඔබට ජය.!

Tuesday, July 2, 2013

ඩිජිටල් තිරයක් සවිකර අසීමිතව උපයමු..

           මම ඔයාලට හදුන්වා දෙන්න යන්නේ ලංකාවට අලුතින්ම පැමිණ ඇති නව දැන්වීම් ක්‍රමයක්.ඔයාලා සමහර විට දැකලා ඇති ලොකු ටවුන් වල ඩිජිටල් තිර සවිකරලා ඒවායේ
දැන්වීම් දාල තියෙන හැටි..එම දැන්වීම් වලින් පුවරුවේ අයිතිකරු විශාල  මුදලක් උපයා ගන්නවා..ඔබ ඇත්තටම එම පුවරුවක් සදා ඇත්තේ කෙලෙසද යන්න සොයා බැලුවාද?දැවැන්ත රුපවාහිනියක් ලෙස පෙනුනත් එය සකස් කර ඇත්තේ පුංචි LED බල්බ දස දහස් ගණක් එකතු කිරීමෙනුයි.සාමාන්‍යයෙන් එවැනි තිරයක විශාල වර්ණ පාරාසයක් විදහා දැක්විය හැකියි.ඉතා අලංකාරවත් අන්දමට එහි දැන්වීම් දමා ඇති ආකාරය ඔබ දැක ඇති.
මෙවැනි තිරක්‌ සවිකර ඔබේ නගරයේත් ව්‍යාපාරික ස්ථාන වලින් දැන්වීම් ලබාගෙන එහි ප්‍රදර්ශනය කර ඔබටද විශාල අදායමක් ලබා ගත හැකියි.මෙය ප්‍රධාන මංසන්දියක හෝ බස්නැවතුම් පොලක හෝ නගරයකට මුහුණ ලා සවිකල යුතුයි.විශේෂයෙන් ටියුෂන් ගුරුවරුන් ගේ දැන්වීම් ඔබට ඉතා පහසුවෙන් ලබා ගත හැකියි.
එහෙනම් ඉතින් තිරයක් හදමු..හබැයි අඩි 4 ක් පළල අඩි 5 ක් දිග වර්ණ තුනකින් යුතු පුවරුවක් හදන්න රුපියල් ලක්ෂ්‍ය 3 ක් පමණ වැයවෙනවා..එතරම් මුදලක් ඔබ ළඟ නැතිව ඇති.ඒත් කලබල විය යුතු  නැහැ.ඔබ කුඩාවට පුවරුවක් සකසා ගන්න.එහි වර්ණ දෙකක් තිබුනාම හොඳටම ඇති.එකේ වර්ණ දෙකක් තිබුනාට එම වර්ණ දෙක අඩංගු LED බල්බ එකවර දැල්වෙන විට තවත් අමතර වර්ණයක් නිකම්ම ලැබෙනවා ..ඒ කියන්නේ ද්විත්ව වර්ණ පුවරුවකින් නිකම්ම ත්‍රිත්ව වර්ණ ලබා ගත හැකියි..
කුඩාවට සකස්කළ පුවරුවට දැන්වීම් දමා ඉන් ලැබෙන අදායමින් වඩා විශාල පුවරුවක් හදන්න.ඔබ මුලින්ම මෙය පාඩම් මාලාවක් ලෙස හදාරන්න.ඔබට අවශ්‍ය ඕනෑම උදවුවක් මම දෙන්නම් (සල්ලිනම් දෙන්න නෑ..හොඳේ)
සමහර අය මෙවැනි දැන්වීම් පුවරුවකින් මුල ඉඳම්ම වීඩියෝ දාන පුවරු ගැන හිතනවා..ඔයාලට කියන්න ඕනා වීඩියෝ දාන පුවරුවක් හදන්න අතිවිශාල මුදලක් වැයවෙනවා..මුලින්ම ඒවාට යන්න එපා..හැබැයි සල්ලි තියෙනවානම් එක සුළු දෙයක්.අනික මේ මොනවා කරන්නත් ඔබේ නිර්මාණශීලී බව අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා..මොකද අප මෙම පුවරු හදන විත සමහර පලාත්වල අවශ්‍ය බඩු ගන්න නැහැ.ඉතින් ඒ වෙලාවට වෙනත් විකල්පක් ක්‍රම යොදා  පුවරුව ගොඩනගන්න ඔබ දක්ෂය විය යුතුයි.
මෙවැනි LED නාම පුවරු පාඩම් මාලාවක් මම ඉතා සහන මිලට ඔබට ලබා දෙනවා..මෙතනින් ගිහින් ඒක මිලදී ගන්න පුළුවන්..අවශ්‍ය ඕනෑම ගැටලුවකට ඔබට පිළිතුරු ලබා දෙනවා..අවශ්‍ය උපකරණ ඔබේ නිවසටම අඩු මිලට ගෙන්වා ගත හැකියි.
ඔබට ජය.