Monday, June 29, 2015

CCTV කැමරා වල රාත්‍රී පෙනීම වැඩි කරන හැටි..

  ගොඩක් දෙනා මගෙන් අහල එවල තිබුනා අඩු TVL අගයක් දාපු CCTV කැමරා වල රාත්‍රී පෙනීම වැඩි කර ගන්නා අයුරු කියලා දෙන්න කියලා..ඕනා අද ඒ කට්ටියට පිළිතුර ලබා දෙනවා..මේක ඔයාලටම එකලස් කරන්න පුළුවන් පරිපතයක්.වෙරෝ බෝර්ඩ් එකක හෝ LED විදුලි පහන් නිපදවීමට ගන්නා PCB එකක් වුනත් වැඩේට ගැලපෙනවා..එය නිර්මාණ ශීලිව කරගන්නා එක ඔබට බාරයි..විශේෂයෙන් කියන්න ඕනා රාත්‍රී කාලයට CCTV කැමරාවට දැකීමට ආධාර වන පාරජම්බුල කිරණ ඉතා
හොඳින් තිබීම වැදගත්..එම පාරජම්බුල ආලෝකය අපේ ඇසට නොපෙනුනත් CCTV කැමරාවට නම් හොඳින් පෙනෙනවා..එමගින් තමයි අපට රෑට නයිට් විෂන් එක ලබා දෙන්නේ..මෙම උපාංගය පහසුවෙන් ගැලවිය නොහැකි කිසිවකුට නොපෙනෙන ලෙස සවිකිරීමත් වැදගත් වෙනවා..මෙය සවිකර ගැනීමට හොඳම උපකරණයක් තමයි FLASH LIGHT කේසින් එකක්.එය පිටකොටුවෙන් අඩු මුදලට ගන්න පුළුවන්..මම පහත දාල තියෙන පින්තුරේ කොටස් ටික අරගෙන වැඩේ සෙට් කරලා බලන්න..ඔබේ CCTV කැමරාවේ රාත්‍රී පෙනුම දෙගුණ වී පෙනේවී.

උපකරණ ලැයිස්තුව-
1.230V/6V Transformer 01.
2.1N4007 Diode -04
3.470 uf/25v cap -01
4.500 ohms pre set -01
5.100 ohms Resistor -01
6.10 ohms Resistor-19
7.IRLED -18
8.Vero board-01
 ඔබට ජය!

Wednesday, June 17, 2015

වෙබ්-අඩවි ඉතිහාසය මෙන්න


   CERN ආයතනයේ දී බර්නස්-ලී විසින් භාවිතා කරන ලද මෙම Nextcube CERN උපකරණ ප්‍රථම වෙබ් සර්වරය බවට පත් විය.
වෙබය සඳහා මුලික වශයෙන් පදනම් වු අදහස වන්නේ වර්ෂ 1980 දී ස්විට්ස්ටර්ලන්තයේ CERN හි දී ටිම් බර්නස්-ලී විසින් ENQUIRE (ඔහු කුඩා කල පරිහරණය කළ Enquire within upon Everything නමැති පොතට යොමුවක් ලෙස) නිපදවන ලද කාලය දක්වා ඈතක දිව යන්නකි. එකල මෙම අදහස වර්තමානයේ භාවිතා වන ක්‍රමවේදයෙන් සැලකිය යුතු වෙනසක් පෙන්වුවද එහි හරය තුළ පැවති අදහස් බොහෝදුරට එක හා සමාන විය. (ඉනුදු සමහරක් අදහස් බර්නස්-ලීගේ විශ්ව විසිරි වියමනට පසුව එළඹි අර්ථ විචාරණ (semantic) වෙබ ව්‍යාපෘතියේ ඒවා විය.

                      මින් අනනතුරුව 1989 දී ටිම් බර්නස්-ලී විසින් ENQUIRE සඳහා ද, යොමුවක් සහිතව තොරතුරු කළමණාකරණ ක්‍රමවේදයන් පිළිබඳව වඩාත් විස්තරාත්මක යෝජනා පත්‍රයක් ලියුවේය. එතෙකින් නොනැවතුණු ඔහු රොබට් කැලියන්ගේ සහයෝගය ද ඇතිව 1990 නොවැම්බර් 12 වැනි දා වඩාත් ක්‍රමානුකූල යෝජනා පත්‍රයක් ප්‍රකාශයට පත් කළේය. මෙහි ආදර්ශ භූමිකාව සපයන ලද්දේ EBT හි (Electronic Book Technology, බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ Institute for Research in Information and Scholarship ආයතනයෙන් පමණි) CERN ආයතනයෙන් වරපත් කරනු ලැබු Dynatext කියවනය මඟිනි. කෙසේ වුවත් Dynatext ක්‍රමවේදය සලකන ලද්දේ තාක්ෂණික වශයෙන් උසස් (HyTime ඇතුලත SGML ISO 8879:1986 අධිමාධ්‍ය (Hypermedia) දක්වා විස්තීරණය කිරීමේ ප්‍රධාන කොටස්කරුවෙකි), ඉතා මිල අධික සහ අනුචිත වරපත් කිරීමේ පිළිවෙතක් සහිත අධි ශක්ති භෞතික විද්‍යා ප්‍රජාව හා සබැඳි කටයුතු (HEP) සඳහාය. මෙහි එන එක් එක් ලේඛනයකට හා එක් එක් ලේඛනය භාවිතා කළ වාරයක් පාසා කිසියම් මුදලක් අය කරන ලදි.
                            ටිම් බර්නස්-ලී විසින් තැනූ NEXTcube උපකරණය ලොව ප්‍රථම වෙබ් සේවාදායකය ලෙස භාවිතා කරනු ලැබු අතරම, එය 1990 දී පළමු වෙබ් බ්‍රවුසරය වන world wild Web ලිවීම සඳහා ද භාවිතා කෙරිණි. 1990 අග භාගය වන විට බර්නස්-ලී ක්‍රියාකාරී වෙබයක් සඳහා අවැසි සියලුම උපකරණ නිමවා තිබිණි. පළමු වෙබ් බ්‍රවුසරය (මෙය වෙබ් සංස්කාරකයක් ද විය), පළමු වෙබ් සේවාදායකය හා පළමු වෙබ් පිටු එම ව්‍යාපෘතිය පිළිබඳ සියලු විස්තර දරයි.
1991 අගෝස්තු 6 දා ඔහු alt.hypertext පුවත් කණ්ඩායම වෙනුවෙන් වෙබ්-අඩවිය පිළිබඳව සම්පිණ්ඩයනක් ඉදිරිපත් කළේය. යුරෝපයෙන් පරිබාහිර ප්‍රථම සේවාදායකය 1991 දෙසැම්බරයේ දී SLAC හි දී නිමවන ලදි.
                                   Hypertext හි ආරම්භයට හේතු පාදක වු තීරණාත්මක සංකල්පය ජනිත වුයේ 60 දශකයේ දී බ්‍රව්න් විශ්ව විද්‍යාලයේ hypertext Editing system ආදී පැරණි ව්‍යාපෘති සමඟය. මේ අතර ටෙඩ් නෙල්සන් හා ඇන්ඩ්‍රිව්ස් වෑන් ඩෑම්, ටෙඩ් නෙල්සන්ගේ Xanadu ව්‍යාපෘතිය හා ඩග්ලස් එන්ගල්බර්ට්ගේ මාර්ගගත පද්ධතිය (On line system) (NLS) විය. නෙල්සන් සහ එන්ගල්බර්ට් යන දෙදෙනාම පිළිවෙලින් වැන්නේවර් බුෂ්ගේ ක්ෂුද්‍ර සේයාපට මුලිකව තැනු "memex" හි අදහස් මඟින් පෙළඹවීමට ලක්විණි. මෙය 1945 දී රචිත "As we May Think" නමැති නිබන්ධනය මඟින් විස්තර කෙරී ඇත.
මතු සම්බන්දයි..
ඔබට ජය!

Saturday, June 13, 2015

WIFI කතාවේ ඇත්ත කතාව..

   දැන් ගොඩක් නගර වල WIFI ඇති කරමින් යනවා..ඔබත් එම ජාලයෙන් ප්‍රයෝජන ලබා ගෙන ඇතිනම් එහි මසකට ලැබෙන දත්ත ප්‍රමාණය ගැන දැන සිටීම වැදගත්ය.වීඩියෝ ආදිය නැරබීමෙන් මෙම දත්ත ප්‍රමාණය ක්ෂණිකව අවසන් වන අතර ඔබට EMAIL පරික්ෂා කිරීම ආදිය කල හැක.පහතින් දක්වා ඇති විස්තර හොඳින් මතක තබා ගෙන WIFI ජාලයේ රස විඳින්න.
මෙගා බයිට් 100 ක දත්ත ප‍්‍රමාණයකින් කුමක් කළ හැකි ද?
මෙවැනි දත්ත ප‍්‍රමාණයකින් ඊමේල් 1000 ක් බැලීම මෙන්ම MP3 ගීත 25 ක් Download කර ගැනීම හා වෙබ් අඩවි 300 ක්
නැරඹීම සිදු කළ හැක. (මෙම අගයන් සඳහන් කර ඇත්තේ අනුමානයන් පදනම් කරගෙන අතර සැබෑ ගණනයන් යම්තාක් දුරකට වෙනස් විය හැක) .
බිට් 8 (b)=බයිට් 1 (B)
බිට් 1024 (b)=කිලෝ බයිට් 1 (KB)
කිලෝ බයිට් 1024 (KB)=මෙගා බයිට් 1 (MB)
මෙගා බයිට් 1024 (KB) =ගිගා බයිට් 1 (GB

ඔබට ජය!