මේක තමයි අලුත්ම පිරමීඩාකාර ව්‍යාපෘතිය.ඉතා පහසුවෙන් අන්තර්ජාලය භාවිතාකර මුදල් ඉපයිය හැකිය යන්න මෙම වෙබ් site එක මගින් කියවේ.දිනපතා මෙම වංචාවට හසුවන පිරිස ලොවපුර ඕනෑතරම් සිටිති.මම මේ ලිපිය ලියන්නේ ලංකාවෙත් පිටරට රැකියා කරන ශ්‍රී ලන්කිකයන්ගේත් යහපත තකායි.ඔබ ඉතා දුක් මහන්සියෙන් හම්බකරන සොච්චම වින කෙටීමට මෙම අඩවිය සුක්ෂමව කටයුතු කරනවා ඇත.ඒ සඳහා නියෝජිතයන් ඔබට දේශනා සඳහා ආරාධනා කරනු ඇත.වීඩියෝ දර්ශන සහිත දැන්වීම් නැරබීමෙන් ඔබට ලක්ශ්‍යගනනක් ඉතා පහසුවෙන් සෙවිය හැකි බව ඔවූන් පවසනු ඇති.අත්තටම කියනවනම් මෙයත් තවත් සක්විති ජාවාරමකි.මෙම අඩවියේ ඔබ මුදල් ආයෝජනය කලයුතු අතර පසුව ඔවුන් ඔබව මග හරිනු ඇත.මෙම දැනුවත් කිරීම හැකි හැමටම share කරන්න.ඔබට වැඩිවිස්තර ලබාගැනීමට අවශ්‍යනම් මෙතනින් ගිහින් බලන්න.
ඔබට ජය!
Saturday, September 29, 2012
Friday, September 28, 2012
අලූත්ගම කන්දේ විහාරය
අලූත්ගම ගාලූ පාරේ කලූවාමෝදර හන්දියෙන් හැරී කාලවිල මාර්ගයේ සැතපුම් භාගයක් පමණ ගිය විටදී හමුවන සුන්දර පරිසරයකින් යුතු කුඩා කඳු ගැටයක සුප‍්‍රසිද්ධ කන්දේ විහාරස්ථානය පිහිටා ඇත.
බෙන්තොට ගලපාත විහාරය මූලස්ථානය කරගෙන කන්ද උඩරට රාජාධි රාජසිංහ සමයේ ආරම්භ වී ඇති මෙම විහාරස්ථානයේ මුල් නායක හිමියන් වූයේ වැලිවිට අසරණ සරණ සරණංකර සඟරජවහන්සේගේ ශිෂ්‍ය නමක් වූ දේද්දුව ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍ය උඩුගම චන්ද්‍රසාර හිමියෝය. විහාරස්ථ වර්තමාන දාගැබ ඉදිකිරීමට ප‍්‍රථම කුඩා දාගැබ ඉදිකර ඇත්තේ බුද්ධ වර්ෂ 2327 දී බව ලේඛනගතවී තිබීම විහාරය ආරම්භය ගැන තවත් සාක්ෂියකි.
දිනපතා පැවැත්වෙන ගිලන්පස බුද්ධ පූජා, දේව පූජා මෙන්ම වාර්ෂික කිරිපිඬු හා මුරුතැන් පූජා විහාරස්ථ ආගමික වැඩසටහන් අතර මුල් තැනක් ගනී.
උඩුගම චන්ද්‍රසාර හිමියන්ගේ අනුශාසනා පරිදි උන් වහන්සේගේ ශිෂ්‍ය කරපාගල දේවමිත්ත හිමියන් මෙහි මුල්ම විහාරාධිපති ධුරය දරමින් විහාරස්ථානයේ මූලික පසුබිම ගොඩනඟා ඇත. පසුව බෙන්තර සෝනුත්තර, මහගොඩ ධම්මදස්සි, මාලේවන සුමන, මාලේවන සීලවංශ, පින්නගොඩ අත්ථදස්සි, පොතුවිල සරණතිස්ස, හීනටියන්ගල ජනරාම, යන විහාරාධිපතීන් වහන්සේලා විහාරයේ සංවර්ධන කටයුතුවල නියමුවරු වූහ.
බුද්ධ වර්ෂ 2479 දී ඉදි කෙරුණු වර්තමාන දාගැබ ඉදිරිපිට භූමිස්පර්ශ මුද්‍රාවෙන් නිර්මාණය කළ දර්ශනීය බුද්ධ ප‍්‍රතිමාවක් සහිත කුඩා මැදුරක් හා දැකුම්කළු මලසුන් ගෙයකි. අට පැතලි වේදිකාවක් මත නිර්මාණය කර ඇති දාගැබ විහාරස්ථානයේ සුන්දරත්වය වඩාත් වර්ධනය කරයි.
මහනුවර යුගයේ චිත‍්‍ර සම්ප‍්‍රදායට නෑකම් කියන පැරණි බිතුසිතුවම්වලින් යුත් ඉපැරැුණි ධාතු මන්දිරයේ රිදියෙන් කළ කරඬුවක සර්වඥ ධාතු තැන්පත් කර තිබීම විහාරස්ථානයේ ඇති පූජනීයත්වයට හේතුවකි. විහාරස්ථ අති පැරැණි සුවිසල් බෝධිය මෙම පුදබිමේ පෞරාණික බව කියා පාන ප‍්‍රබල සංකේතයකි. ඒ වට බෝධිඝරයක් ඉදි කර ඇත.
එමෙන්ම මෑතකදී ඉදි කරනු ලැබූ 107 රියන් සමාධි බුදු පිළිමය විහාරස්ථානයට ගෙනෙනුයේ අසිරිමත් දසුනකි. බුදු පිළිමය යටින් ප‍්‍රතිමා, සිතුවම් සහිත විහාර ගෙයක්ද නිර්මාණය කර තිබේ.
බුදු මැදුර ඉදිරිපිට ඇති සුවිසල් තෙමහල් තොරණ දුර්ලභ ඝනයේ නිර්මාණයකි. ආරක්කු හා සිමෙන්ති බදාමයෙන් කළ දොරවල්වලින් යුත් මෙහි කඟවේනා හා සිංහයා ලාංඡුන දක්නට ලැබේ. තොරණ මුදුනේ සර්වඥ ධාතු තැන්පත් කළ කුඩා දාගැබකි. ඕලන්ද ගෘහ නිර්මාණ කලාවට මෙය නෑකම් කියයි. බුදු මැදුර ප‍්‍රතිමා සහ බිතුසිතුවම්වලින් යුක්තය.
බුදු මැදුරේ වම්පස ඇති විෂ්ණු දේවාලයේ රන්මිණි මුවා ඔටුන්නක් සහිත ආභරණවලින් සැරසූ ජීවමාන ස්වරූපයක් ගන්නා විෂ්ණු දේව හිඳි පිළිමයකි. කන්දේ විහාරය ප‍්‍රසිද්ධියට පත්වීමට බලපෑවේ මහානුභාව සම්පන්න බල ඇතැයි සැලකෙන මෙම විෂ්ණු දේවාලයයි. ඒ හැරුණු විට අනෙකුත් දේවාලවලට භාරහාර ඔප්පු කිරීම සඳහා දිනපතාම දහස් ගණන් බැතිමත්හු මෙහි එති.
වර්තමාන විහාරාධිපති කළුතර බෙන්තර දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක බටුවන්හේනේ බුද්ධරක්ඛිත නාහිමියන්ගේ විහාරස්ථ වර්තමාන දියුණුව සැළසී ඇත. වර්තමාන විහාරාංගයන් වන තෙමහල් සංඝාවාස විශ‍්‍රාම ශාලාව, විහාරයට ප‍්‍රවිෂ්ඨ වන මාර්ගය, නව දේවාල පන්තිය, බෝධියේ රන්වැට, දාන ශාලාව සහිත සිව් මහල් සංඝාවාසය ආදියටත් විහාරාධිපතීන් වහන්සේ විහාර සංවර්ධනයට කැපවී ඇති බවට සාක්ෂි වේ. ප‍්‍රදේශවාසීන්ගේ ඉමහත් ගෞරවාදරයට පත්ව ඇති උන් වහන්සේ සිව් දිගින් පැමිණෙන බැතිමතුන්ගේ ආගමික අවශ්‍යතා ඉටුකරමින් විහාර දියුණුවට දිවා රෑ නොබලා වෙහෙස වෙති. උන් වහන්සේ මග පෙන්වීම යටතේ ඉදිකෙරුණු ධාතු මන්දිරය ශ්‍රී සරණතිස්ස පුස්තකාලය හා කෞතුකාගාරයක් සහිත නව සය මහල් ගොඩනැගිල්ල ද විහාරස්ථානය තව තවත් අංග සම්පූර්ණ කිරීමකි.
අපවත්වී වදාළ පරිවේනාධිපති යටදොළවත්තේ ආරියවංශ හිමියෝ ද මෙම විහාරස්ථානයේ දියුණුවට සිදුකළ වෙහෙස අපමණය. කන්දේ විහාරස්ථ ක්‍ෂේත‍්‍රරාම මහ පිරිවෙණෙහි අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට පරිගණක අධ්‍යාපනය ලබාදීමට පරිගණක සම්පත් මධ්‍යස්ථානයක් ද, ජපන් භාෂා මධ්‍යස්ථානයක් ද විහාරය පිළිබඳ වෙබ් අඩවියක් ද ඇත. දායක කාරකාදීන්ගේ සහාය ඇතිව විහාරාධිපති බටුවන්හේනේ නාහිමියන්ද ක්‍ෂේත‍්‍රාරාම පරිවේණාධිපති කොක්කාවිට විපුලසාර හිමියන්ද විහාරස්ථ දියුණුව උදෙසා ගෙන යන කාර්ය භාරය සුළු පටු නොවේ.
විහාරස්ථානයට ලබන්නා වූ පුද පඬුරුවලින් අවට ප‍්‍රදේශයන්හි පාසල් සහ විහාරස්ථාන සඳහා මහල් ගොඩනැගිලි ඉදිකර දීමටද විහාරාධිපති හිමිපාණෝ කටයුතු කරති. මේ වන විට එවැනි පරිත්‍යාග රැුසක් සිදු කරදී තිබේ.
සතියේ දින හතේම උදේ සිට රාත‍්‍රිය දක්වා මෙම පුද බිම සැදැහැවතුන් බැතිමතුන්ගෙන් පිරී පවතී. විහාරයේ පරිසරය රැුකෙන පරිදි තැඹිලි කෝම්බ හා නොදිරන දෑ විහාර භූමියේ නොදැමීමත් මෙහි එන සැදැහැවතුන්ගේ යුතුකමකි
www.lankadeepa.lk.

Tuesday, September 25, 2012
හෙලබස ඩවුන්ලෝඩ් කරගන්න..
අපි ලාංකිකයෝ විදිහට ගොඩක් අය හොයන අපට වෑදගත් සොෆ්ට්වෙයා එකක් තමයි හෙලබස. සින්හලෙන් ලියුමක් එහෙම ටයිප් කරන්න ගියහම පැය ගානක් නටන්න වෙනවා.ඈල පිලි , ඉස්පිලි , පාපිලි හරියට වැඩ කරන්නේ නෑ කියලා. තව සමහරු සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කළත් Key Board Not Found / No Helabasa Key Board කියලා කියනවා. ඉතීන් මම ඔයාලව මේ ප්‍රශ්න වලින් නිදහස් කරනවා.හෙලබස ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න.
මෙක ඕනම OS එකකට වැඩ කරනවා.ඕක zip file එකක් විදියට ඈති.Unzip කරලා Install කර ගන්න.

Sunday, September 23, 2012
Facebook බොරුව හෙළිවෙයි...!
![]() |
hetadina.com |
තම ආයතනය වටා ලොව පුරා වැඩිම සෙනගක් එකතුවී සිටින බව facebook පැවසුවත් එය දැන් විවාදයට ලක්වී ඇත.ඒ ලොව පුරා ව්‍යාජ facebook ගිණුම් අටකෝටියකට වඩා තිබෙන බව හෙළිවීමත් සමගය.මෙම ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යන්නේ අරමුණු කීපයක් ඇතිවය.
1.තම වෙළෙඳ පරමාර්ථ සඳහා.සමාජ සේවයක් සඳහා.
2.ස්පෑම් හෝ ඊ මේල් එවන්නන්ගෙන් අනන්‍යතාව රැකගැනීමට..
3.තම ප්‍රධාන ගිණුමට අමතරව පවත්වා ගෙන යන ඒවා..
කෙසේවතත් මෙම ව්‍යාජ ගිණුම නිසා facebook ආයතනය බරපතල ගැටලුවකට මුහුණපා සිටි.facebook වලට ප්‍රධාන ආදයම් මාර්ගය වන්නේ වෙළෙඳ දැන්වීම්ය.එම වෙළෙඳ දැන්වීම් සඳහා ගාස්තුව තීරණය වන්නේ එම දැන්වීමට සෙනග දක්වන ප්‍රතිචාර මතය.එම ප්‍රතිචාර එකතුකර ගන්නේ likes ප්‍රමාණය ගනනය කෙරීමෙනි.එහෙත් ව්‍යාජ ගිණුම වලින් එන මෙම likes ව්‍යාජ ඒවාය.ඒ අනුව facebook හි වෙළෙඳ දැන්වීම් හිතන තරම් සාර්ථක නොවන බව පෙනීයන්නකි.
මෙය මැන බැලීමට පසුගිය අගෝස්තු මාසයේ limited press ආයතනය පරීක්ෂණයක් දියත් කරනලදී.එහිදී විශේෂ පරිගණක වැඩසටහනක් යොදා ගත්තේය.එමගින් පැහැදිලි වුයේ facebook වෙළෙඳ දැන්වීමකට එන likes ප්‍රමාණය 80% ක් ම ව්‍යාජ ඒවා බවය.සමහර ව්‍යාජ likes ලැබෙන්නේ පුද්ගල ගිණුම් වලින් නොව විශේෂ පරිගණක වැඩසටහන් වලින් පවත්වාගෙන යන ගිණුම් වලින් බවද එම ආයතනය තව දුරටත් හෙළි කළේය.මෙම තත්වය facebook ආයතනය ද පිළිගෙන තිබේ.එහෙත් එම ව්‍යාජ ගිණුම් වලට වැට බැඳීම facebook තවමත් ප්‍රමාද කරන්නේ මන්ද යන්න ගැටලුවකි.මෙහි දී ව්‍යාජ ගිණුම් මගින් තමා වටා අති විශාල සෙනගක් සිටින බව පෙන්වමින් ප්‍රේක්ෂකයා මුලා කොට ඔවූන් වෙළඳ දැන්වීම් හඳහා යොමු කර ගැනීමට කටයුතු කරනවා ද යන්න සිතා බැලිය යුතු මාතෘකාවකි.මන්ද facebook ආයතනය පවත්වාගෙන යන්නේ වෙලෙඳ දැන්වීම් වලින් ලැබෙන ලාභය මගින් නිසාය.මෙහිදී පැහැදිලි කරුණක් ද තිබේ.එනම් facebook නිර්මාණකරු වන Mark zuckerberg නමින්ම ගිණුම් අතිවිශාල ගණනක් තිබීමයි.ඒවා පවා ඉවත් කිරීමට කටයුතු කර නැත.තත්වය කෙසේවෙතත් අන්තර් ජාල විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ facebook ආයතනය නිල වශයෙන් පෙන්වා ඇති ගිණුම වලට වඩා ව්‍යාජ ගිණුම් පවතින බවය.
එහෙත් google සමාගම මීට හාත්පසින්ම වෙනස් ක්‍රමයක් අනුගමනය කරයි.ඔවුන්ගේ ද ප්‍රධාන ආදායම් මාර්ගය වෙළඳ දැන්වීම්ය.එම දැන්වීම් විවිද බ්ලොග් වල ට ඇතුලත් කල හැක.එම දැන්වීමද ලැබෙන්නේ බ්ලොගයේ අන්තර්ගත කරුණු අනුවය.එම දැන්වීම නරබන විට බ්ලොගයේ හිමිකරුට යම් කොමිස් මුදලක් ගෙවනු ලැබේ.එය ඔබ දන්නා පරිදි google adsense ය.එහෙත් එකම පරිගණකයකින් ගිණුම් කීපයක් සැදීමට උත්සාහ කළහොත් එම පරිගණකයෙන් ලබාගතහැකි එකම ගිණුම ද අහෝසිවේ.නැවත එය ලබාගත නොහැකිවේ.මේ අකාරයට facebook වලටද එක පුද්ගලයෙකුට එක ගිණුමක ට වඩා පවත්වාගෙන යා නොහැකි ලෙසද පරිගණක වැඩසටහන් මගින් එය කල නොහැකි ලෙස ද සකස් කළහොත් facebook මගින් වන අපචාර අඩුවනවා පමණක් නොව facebook හි ආයුකාලය ද දීර්ඝ වනු ඇත.
ඔබට ජය..!
Wednesday, September 19, 2012
Funny pictures
ගණදෙවි නුවණ
දවසක් කට්ටියක් ගමනක් යන කොට ඔන්න බොලේ ආව නේද තඩි මී හරකෙක්...පැනගන්න දිහාවක් ඇත්තෙම නෑ..කට්ටියට ගණදෙවි නුවණ පහල උනා..එක එක්කෙනා අවට ගොඩනැගිලි වල ජනෙල් වල එල්ලිලා තමයි යන්තම් බේරුණේ..
මේවගේ අපට සිනාව උපදවන pictures හමු වුනොත් අපට එවන්න..මම ඒවා ඔයාලගේ නමින්ම blog එකේ දාන්නම්..ඔයාලට තවත් මේවගේ Funny pictures බලන්න ඕනි නම් මෙතන click කරන්න ..
Email-sisiramet@gmail.com
![]() |
hetadina.com |
මේවගේ අපට සිනාව උපදවන pictures හමු වුනොත් අපට එවන්න..මම ඒවා ඔයාලගේ නමින්ම blog එකේ දාන්නම්..ඔයාලට තවත් මේවගේ Funny pictures බලන්න ඕනි නම් මෙතන click කරන්න ..
Email-sisiramet@gmail.com
Tuesday, September 18, 2012
වයසට ගියහම පේන හැටි....
වයසට ගියහම පේන හැටි දැන්ම බලාගන්න.!
කවුරුත් වයසට යන්න කැමති නෑ..ඒත් අකමැත්තෙන් හරි
කවද හරි වයසට යන්න නම් වෙනවා..ඉතින් මම අද කියල දෙන්න හදන්නේ
වයසට ගියහම අපිව පෙනෙන හැටි පින්තූර පෙළකින් බලා ගන්න හැටියි ..
වැඩේ හරි පහසුයි.කරන්න තියන්නේ තමන්ගෙ මෑත කලෙකදී ගත්ත ෆොටෝ එකක්
මම දෙන මේ බ්ලොග් එකට upload කරන එක විතරයි.!
හරි..දැන් ඔබේ වයසක පෙනුම බලන්න මෙතන click කරන්න.
ඔබට ජය !!
![]() |
age-me |

Monday, September 17, 2012
සුළං විදුලියත් එයි...
![]() |
wind power |
බලාගාර තුනට පිරිවැය දරා ඇත්තේ නිර්මලපුර වින්ඞ් පවර්,ඬේලි ලයිෆ් රිනි වබල් හා පවර් ජේන් ලංකා යන සමාගම්ය.
එක් බලාගාරයකට වැයවී ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි 240 ක් පමණ වේ.
2015 වසර වන විට රටේ විදුලි බල අවශ්‍යතාවයෙන් 10% ක ප‍්‍රමාණයක් සුළං, හිරු එළිය හා ජීව වායුව යන ප‍්‍රභවයන්ගෙන් නිපදවා ගන්නා විදුලියෙන් සපුරාගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍යංශය කියයි.
විශේෂ ස්තුතිය. www.lankadeepa.lk
Thursday, September 13, 2012
windows 8 වල නව මුහුණුවර
![]() |
www.hetadina.blogspot.com |
2012 ට පුරා කියා මෛක්‍රොසොෆ්ට් ආයතනය මගින් හඳුන්වාදෙන
නවතම OS එකේ මුහුනයි මේ..මෙය ගොඩක් වැඩ දාන්න පුළුවන් එකක්..
ටිකටික කියල දෙන්නම්...හැමදාම එන්න site එකට....
ඔබට ජය!
www.hetadina.blogspot.com/
Wednesday, September 12, 2012
Add Meta Tags to blogger
අපේ කට්ටිය බ්ලොග් හදනවා..ඒත් හදපු බ්ලොග් එකට සෙනග එන්නේ නෑ කියල ලතවෙනවා.ඇත්තටම අපි එහෙම ලතවෙන්න ඕන නෑ..මෙන්න වැඩේ .ඔබ දන්නවාද Meta Tag ගැන මේ Meta Tag එකෙන් තමා අපේ බ්ලොග් එක ඉතාමත් ඉක්මනින් සෙවුම් යන්ත්‍රයන් වලට අසු වෙන්නේ..ඒ කියන්නේ google,yahoo වැනි සේර්ච් එන්ජින් වලට,ඒක නිසා ඔයාලට අද මම කියලා දෙන්න යන්නේ කොහොමද blogger වලට Meta Tag එක අපේ බ්ලොග් එකට හරියට ඇතුලත් කරන්නේ කියලා..එහෙනම් ඔයාල මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරගෙන Meta Tag එක ඔයලගේ බ්ලොග් එකට අතුලත් කරගන්න.
මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.
එතන <head> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක අරගෙන Copy, Past කරන්න...
<meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/>
<meta content='Your name' name='author'/>
<meta content='General' name='Rating'/>
<meta content='all,follow' name='robots'/>
<meta content='never' name='Expires'/>
<meta content='english' name='Language'/>
<meta content='INDEX,FOLLOW' name='Robots'/>
<meta content='Global' name='Distribution'/>
<meta content='4 Days' name='Revisit-after'/>
<meta content='Your email' name='Email'/>
<meta content='Your Blog description' name='description'/>
<meta content='Your Blog keywords' name='keywords'/>
<title>Your Blog title</title>
ඉට පස්සේ ඔයාලට එම ඇතුලත් කරපු කොඩ් එකට ඔයාලගේ බ්ලොග් එකේ විස්තර ඇතුලත් කරන්න වෙනවා..එම ඇතුලත් කර ගන්නා ආකාරය ගැන පහල බලන්න
1.ඉහත Meta Tag එකේ Your name යන තැනට ඔබගේ නම ඇතුලත් කරන්න
2.ඉහත Meta Tag එකේ Your email යන තැනට ඔබගේ ඊමෙල් ලිපිනය ඇතුලත් කරන්න
3.ඉහත Meta Tag එකේ Your Blog description යන තැනට ඔබගේ බ්ලොගය ගැන පුංචි හැදින්විමක් කරන්න..
4.ඉහත Meta Tag එකේ Your Blog keywords ඔයාලගේ බ්ලොග් එකේ ලියන දෙවල් ගැන keywords කොමා වලින් වෙන් කර ඇතුලත් කරන්න
උදා: Blogger Tricks,Blogger Tips,Blogger Gadget
5.ඉහත Meta Tag එකේ Your Blog title යන තැනට ඔයාලගේ බ්ලොග් අඩවියේ නම ඇතුලත් කරන්න
හරි මේ Meta Tag කිහිපය තමා අපි ඉහත Meta Tag එකෙන් අනිවාර්යෙන්ම හොදින් කරගන්න ඔනේ..
ඉට අමතරව ඉහත Meta Tag එක අපිට කැමති පරිදි පහල අකාරයට වෙනස් කරගන්න පුලුවන්..
6. ඔයාලගේ බ්ලොග් එක ගැන සොයා බලන්න Google Bot Visit කරන්න ඔනේ කාලය Days වලින් වෙනස් කර ගන්න.

7.පහල කොඩ් එකේ ඔබේ බ්ලොගයේ භාෂාව ඇතුලත් කරන්න..

දැන් වැඩේ හරි ...ටික දවසකින් බලන්න කට්ටිය පටපට ගාල site එකට එන හැටි..තවත් seo tools
භාවිතා කර බ්ලොග් එක promote කරන හැටි බලන්න මෙතනින් ඇතුළුවන්න.

Sunday, September 9, 2012
කියුරියෝසිටි රෝවර් යානය
![]() |
www.hetadina.blogspot.com |
කියුරියෝසිටි රෝවර් යානය මේවන විට අඟහරු මතුපිට සැරිසරමින්
චායාරූප හා වීඩියෝ දර්ශන ලබා ගනිමින් පවතී.පහත දැක්වෙන්නේ
එමගින් ලබා ගත් වීඩියෝ දර්ශනයකි.අඟහරු හාස්පස
මෙහි මැනවින් දර්ශනය වේ. මෙහි
ඇති සුපිරි කැමරාව නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකික විදුදරයකු වන සරත් ගුණපාල මහතා විසිනි.මෙය නැරඹීමට මෙතනින් පිවිසෙන්න..
ඔබට ජය!..
Subscribe to:
Posts (Atom)