Saturday, June 22, 2013

LED බල්බ අලුත්වැඩියාවට පහසු ක්‍රම.


   ඔබ LED බල්බ නිෂ්පාදනය කර අලෙවි කිරීමට අදහස් කරන්නේ නම ඔබ LED බල්බයක් පහසුවෙන් අලුත්වැඩියා කරන අයුරුද දැන සිටීම වැදගත්ය.
 1.ඔබට සරලව භාවිතා කල හැකි ඇනලොග් මල්ටිමිටරයක් මිලදී ගන්න.

 එහි ඕම් පාරාසය යොදාගෙන බල්බ දැවී ඇත්දැයි පරීක්‍ෂාකරන්න..ඕම පාරාසයේදී මල්ටිමීටරයේ රතු පාට වයරය ඝෘණ අග්‍රය ලෙස ද කළු වයරය ධන අග්‍රය ලෙස ද ක්‍රියා කරයි.එනම් LED බල්බයක ධන අග්‍රයට මල්ටිමීටරයේ කළු වයරය සහිත අග්‍රය තැබිය යුතුය.රතු වයරය ඇති අග්‍රය LED බල්බයේ ඝෘණ අග්‍රයට තැබූ විට මල්ටිමිටරයේ සුචකය උත්ක්‍රමනය වෙමින් LED බල්බය දැල්වේ නම් එම LED එක හොඳය.
2.PHONE චාජර් එකක් ගෙන එහි ජැක් එක කපා දමන්න. එහි අග්‍ර දෙක හොඳින් මතුකරගෙන එයට අඟල් 2 ක් පමණ වන  තඹ කම්බි කැබලි 2 ක් පාස්සා ගන්න.LED බල්බයක් එම අග්‍ර දෙකට තබා ධන හා ඝෘණ අග්‍ර හදුනා ගෙන ධන අග්‍රයට සලකුණක් යොදන්න.එම අග්‍ර දෙක කිසිවිටක කෙලින්ම එකිනෙක ස්පර්ශ නොකරන්න.(එවිට ෆෝන් චාජරය දැවී යනු  ඇති.)
ෆෝන් චාජරයට විදුලිය සපයා එහි අග්‍ර දෙක නිවැරදිව දෝෂාසහිත LED බල්බය ගලවා එහි LED බල්බ පේළිවල  LED තුනක් හතරක් එකවර ශ්‍රේණිගතව  හසුවන පරිදි  පරිදි තබන්න.එම LED බල්බ පෙළ දෝෂ නැතිනම් එම LED බල්බ කිහිපයම එකවර දැල්වෙනු ඇත.ඒ ආකාරයට ඉතිරි බල්බද කිහිපය බැගින් එකවර පරීක්‍ෂා කරමින් දෝෂය ඇති ස්ථානය හදුනා ගෙන එය නිවැරදි කරන්න.

3.බලසැපයුම පරික්ෂා කිරීම.
බල්බයේ ඇඩප්ටරයෙන් එහි බල සැපයුම ගලවන්න.පරිපථයේ ඇති කන්ඩේන්සර්,රෙසිස්ටර් වලට හානි වී ඇතිදැයි පියවී ඇසින් පරික්ෂා  කරන්න.එම උපාංග කළු පාටට හැරී හෝ යම් ගන්දයක් එම උපාංග තුලින් ඔබට දැනුනේ නම් බොහෝවිට බල සැපයුම විනාශ වී තිබෙන්නට පුළුවන. අලුත් එකක් තබා පරිෂා කරන්න.
4.SMD LED බල්බ පරීක්ෂාවටද ඉහත 2 ක්‍රමයම යොදා ගන්න.

*කිසිවිටෙකත් ප්‍රධාන විදුලිය බල්බයට සපයා පරික්ෂා කිරීම් නොකරන්න.ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වලදී නිතරම වියලි රබර් සෙරප්පු පැළදීමට පුරුදු වන්න.
*මා ඉහත දැක්වුයේ ඉලෙක්ට්‍රොණික දැනුම අඩු අය සඳහා පහසුවෙන් භාවිතා කල හැකි මා විසින් හදුනා ගත් ක්‍රම කීපයකි.ඉලෙක්ට්‍රොණික දැනුම ඇති අයට මල්ටිමීටරය අධාරයෙන් ඉතා පහසුවෙන් දෝෂ සෙවිය හැක.

Saturday, June 15, 2013

XPඅතාරින්න අකමැති ඇයි..

        තවමත් ලංකාවේ ගොඩක් දෙනා භාවිතා කරන්නේ XP මෙහෙයුම් පද්ධතියයි.එයට ජනතාව කෙතරම් ඇලී ගැලී සිටින්නේ ද යත් ඇතැමෙක්
වර්තමානයේ ඇති හොඳම OS එක ලෙස හදුන්වන්නේ XPය.එහෙත් වර්තමානයේ ඇති හොඳම OS එක වින්ඩෝස් එයිට්‌ ය.අදට ගැලපෙන යාවත්කාලීනයන් සහිත එය තුලින් වඩාත් පහසුවෙන් යම් කාර්යයක් ඉටු කර ගත හැක.එසේනම් අප තවමත් XP වෙතම නැඹුරුව සිටින්නේ ඇයි.XP ලොවට හදුන්වාදුන් අවදියේ පරිගණක හා අන්තර්ජාලය ලොව පුරා වේගයෙන් පැතිරෙමින් තිබු යුගය විය.එහෙයින් එය ගොඩක් දෙනාට එකල ලබාගන්නට සිදුවිය.සෙනග වැඩි පිරිසක් එයට හොඳින් හුරුවිය.එලෙස පරිගණකය ගැන නොදත් බොහෝ අය එයට මුලික අඩිතාලම දමා ගත්තේ XP තුලිනි.ඒ පුරුද්ද ඔවුන් අත්හරින්නට අකමැතිය.ඒ තමාට ඉගෙන ගැනීමට උදවූ දුන් මුල් ගුරුවරයා අත්හැරීමට අප කවුරුත් අකමැති වන්නා සේය.
ඔබට ජය.

Saturday, June 8, 2013

මාසිකව අසීමිතව උපයන්න නව මගක්..

ඔබට වර්තමානයෙයි ජනප්‍රිය වෙමින් ඇති LED නාම පුවරු නිෂ්පාදනය ඉගෙන ගෙන නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අවස්තාව හෙටදින අඩවිය ඔබට හදුන්වා දෙයි.ඔබට බස්රථ ,හෝටල්,කඩසාප්පු ආදියට LED
නාමපුවරු නිෂ්පාදනය කර දීමෙන විශාල ලාභයක් ලද හැක.ඉතා සරල සිංහලෙන් විග්‍රහ කෙරෙන මෙම පාඩම් මාලාව රු.3500.00 වැනි අවම මිලකට ලබා දෙන්නේ අප පමණි.

වර්ණ පින්තූර
දැනට විශාල ප්‍රමානයක් මෙම පාඩම් මාලාව ලබා ගෙන ඇති අතර මගේ දුරකථන අංකයට ඔබේ නම හා නිවැරදි ලිපිනය SMS කිරීමෙන් පාඩම් මාලාව හා DVDඑක VPP මගින් ගෙන්වා ගත හැක.
0718367371
ස්තුතියි!

Sunday, June 2, 2013

CFL විදුලි බල්බ භාවිතය..පරිස්සමින්..

  ඔබ විදුලිය අරපිරිමැසීම සඳහා CFL භාවිතා කල ද එහි අඩංගු රසායනික ද්‍රව්‍ය ශරීරයට ඉතා අහිතකර අන්දමින් බලපාන බව සොයාගෙන තිබේ.CFL (Compact Fluoresent Light)නමැති මේවා තුල රසදිය නමැති විෂ අන්තර්ගතව ඇත.CFL බල්බයක ඇති මෙම රසදිය හරහා
විදුලි ධාරාවක් ගමන් ගන්නා විට ආලෝකය උපදී.බල්බයේ ඇතුලත ඇති පොස්පරස් ස්තරය නිසා ද ආලෝකය වැඩිවේ.CFL එකක් ක්‍රියාත්මක වීමට රසදිය අනිවාර්ය සාධකයකි.
මෙකී රසදිය බැර ලෝහයකි.එය පරිසරයට මුසුව අහාර මගින් අප ශරීරගත විය හැක.රසදිය මගින් ප්‍රධානව මොලයට හා ස්නායු පද්ධතියට හානි පැමිණේ.CFL බල්බ නියමිත පරිදි බැහැර කිරීමට ක්‍රම වේදයන් තිබුනද ඒවා ජනතාව අතහරට යන්නේ අඩුවෙනි.ප්‍රතිචක්‍රීකරණය කල හැකි ක්‍රම තිබුනද තත්වයෙන් බාල CFL තවත් මරු පහරකි.විදුලිය අඩුවෙන් භාවිතාවන බව සතයක් වුවත් එයින් අපට සැලකිය යුතු හානියක් වනබව පෙනෙන්නට තිබේ.
වර්තමානේ ජනප්‍රිය වෙමින් ඇති LED බල්බවලින් මෙබඳු හානියක් නැත.එහි තරමක අවාසියට ඇත්තේ ඒවා මිලෙන් අදික වීමය.සාමානය ජනතාවට දරා ගතහැකි මට්ටමේ වඩාත් කාර්යක්ෂම LED බල්බයක් නිපදවීමට හෙටදින අඩවිය දැන් පරීක්ෂණ අරඹා ඇත.ඒ සඳහා 'ලංකා එල්.ඊ .ඩී බල්බ නිෂ්පාදන කර්මාන්ත ආයතනය' නමින් 2011 දී ඇරඹි LED බල්බ නිෂ්පාදන ආයතනය ට නව පණක් ලබාදීමට දැන් හැකියාව ලැබී ඇත.
ඔබට ජය !