තවමත් ලංකාවේ ගොඩක් දෙනා භාවිතා කරන්නේ XP මෙහෙයුම් පද්ධතියයි.එයට ජනතාව කෙතරම් ඇලී ගැලී සිටින්නේ ද යත් ඇතැමෙක්
වර්තමානයේ ඇති හොඳම OS එක ලෙස හදුන්වන්නේ XPය.එහෙත් වර්තමානයේ ඇති හොඳම OS එක වින්ඩෝස් එයිට් ය.අදට ගැලපෙන යාවත්කාලීනයන් සහිත එය තුලින් වඩාත් පහසුවෙන් යම් කාර්යයක් ඉටු කර ගත හැක.එසේනම් අප තවමත් XP වෙතම නැඹුරුව සිටින්නේ ඇයි.XP ලොවට හදුන්වාදුන් අවදියේ පරිගණක හා අන්තර්ජාලය ලොව පුරා වේගයෙන් පැතිරෙමින් තිබු යුගය විය.එහෙයින් එය ගොඩක් දෙනාට එකල ලබාගන්නට සිදුවිය.සෙනග වැඩි පිරිසක් එයට හොඳින් හුරුවිය.එලෙස පරිගණකය ගැන නොදත් බොහෝ අය එයට මුලික අඩිතාලම දමා ගත්තේ XP තුලිනි.ඒ පුරුද්ද ඔවුන් අත්හරින්නට අකමැතිය.ඒ තමාට ඉගෙන ගැනීමට උදවූ දුන් මුල් ගුරුවරයා අත්හැරීමට අප කවුරුත් අකමැති වන්නා සේය.
ඔබට ජය.