Sunday, August 18, 2013

LED SMD 12W බල්බයක් හදමු..

 අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ SMD බල්බ් වල 12W බල්බයක් හදන හැටි.මේකත් SMD 6W එක වගේමයි හදන්නේ.මේකේ SMD LED බල්බ් 12 ක් තියෙනවා..එකක් 1W ක්ෂමතාවයක් ලබා
දෙනවා..මෙම බල්බයෙන් සාමාන්‍යයෙන් සුත්‍රිකා පහනකින් ලැබෙන 100W ආලෝකයක් ලැබෙනවා..ඒකෙන් සාමානය බල්බයකට යන වොට් ගණනින් ඔබට 78W ක් ඉතිරි වෙනවා..මේ බල්බය හදන්න රුපියල් 1100.00 විතර තමයි යන්නේ.ඉතින් මම කලින් කියාදුන් ආකාරට බල්බය එකලස්‌ කරගන්න.මතක ඇතුව HEAT SINK COMPOUND ස්වල්පයක් SMD බල්බය සවිවන තැනට යොදන්න.බල්බය රත්වන විට තාපය හොඳින් අවශෝෂණයට මෙය වැදගත් වෙනවා..පින්තූර පෙළ පහත දක්වා ඇති..ඒවා ලොකුවට බලන්න ඒ මත ක්ලික් කරන්න..ඔයාලට උපකරණ කට්ටලය සමග බල සැපයුම් ඒකකය ලැබිලා ඇති.ඒය ලෝහ කොටස් වල ස්පර්ශ නොවන පරිදි ටේප් වර්ගයකින් ආවරණය කලයුතු වෙනවා..ඇත්තෙන්ම මෙවැනි බල්බයක් විශාල කාමරයකට වූවද හොඳටම ඇති.මතක ඇතිව SMD LED බල්බ සවිකරන විට අග්‍ර නිවැරදිව පාස්සන්න.නැති නම් දැල්වෙන්නේ නැහැ..මොකද ඔක්කොම තියෙන්නේ ශ්‍රේණිගත ක්‍රමයට නිසා.SMD LED එකේ අග්‍ර වල එහි ධන හා ඝෘණ ලකුණු කර ඇති.සමහර ඒවායේ ලකුණු කරලා තියෙන්නේ  ඝෘණ ලකුණ පමණයි.ඔය SMD LED එකක් පිටකොටුවේ නම් රුපියල් 20.ක් විතර වෙනවා..
තවත් වඩා හොඳ SMD LED බල්බයක් තියෙනවා..ඒක රුපියල් 45.ක් වෙනවා..එකේ එලිය ටිකක් වැඩියි..ඔයාලට කියන්න ඕනා ඔය LED බල්බවලට ඇත්තටම අපට LIFE TIME වගකීමක් දෙන්න පුළුවන්..මොකද ඔය බල්බ වල කොටස් සියල්ලම නැවත සවිකළ හැකියි.ස්වාභාවික විපත් හැරුණු විට බල්බයට ඉතා දිගු ආයු කාලක් තියෙනවා..මෙවැනි බල්බයක බොහෝවිට දැවීයන්නේ එක SMD LED බල්බයක්..එවිට අපට එය පහසුවෙන් සොයා අලුත් එකක් යොදන්න පුළුවන්..ඒ ආකාරයට දිගටම බල්බය නැවත නැවත අලුත්වැඩියා කරමින් මෙය ඉතා දිගු කාලයක් භාවිතා කල හැකියි.
ඔබට ජය!

1 comment:

  1. මචෝ මේක 230v සම්බන්ද කරන සර්කිට් එක කෝ

    ReplyDelete