Monday, September 29, 2014

සුර්ය විදුලි ජනක නිෂ්පාදනයේ උපකරණ ඕන කාටද..

ලංකාවේ ගොඩක් දෙනෙකුට ඇති ගැටලුවක් තමයි මොකක් හරි නිර්මාණයක් කරන්න ගියාම උපකරණ ලබා ගැනීමේ ගැටළු.ඉතින් සුර්ය ශක්ති විදුලි ජනක නිර්මාණයේදී අවශ්‍ය පැනල,charging controllers,inverters මිලදී ගන්න ගියහම දුර පළාත් වල ඉන්න අයට අපහසුයි කියලා මට නිතරම කතා කරලා කියනවා.මම ඔයාලා එම කරදරයෙනුත්
නිදහස් කරන්නම්.ඔයාලට සුර්ය බලශක්ති උත්පාදක නිර්මාණයේදී අවශ්‍ය වන සියලු උපාංග මම ගෙදරටම එවන්න පුළුවන්.ඔයාල මට සතියකට පමණ පෙර ඒගැන අපේ hetadina@gmail.com කියන ලිපිනයට දන්වන්න.අලුත්ම අලුත් ඒවා කෙලින්ම පිටරටින් ම ගෙන්වලා දෙන්න පුළුවන්.කොළඹ ගිහින් කඩ හොය හොය රස්තියාදු වෙන්න ඕන නෑ..ඉතා ආරක්ෂිතව වගකීමක් ඇතිව එම භාණ්ඩ ඔයාලට දැන් අපෙන් මිලදී ගන්න පුළුවන්..දැනටමත් එවැනි ඉල්ලීම් සියයකට වැඩිය ලැබී තියෙනවා..ඒ හැමෝටම අවශ්‍ය උපකරණ ඉක්මනින්ම තැපැල් කරන්න සුදානම් කරලා තියෙන්නේ..
ඔබට ජය!

Saturday, September 27, 2014

සුර්ය විදුලි ජනක නිර්මාණය ගැටළු හා විසදුම්.

  අපේ පොස්ට් පෙළ කියවලා විශාල පිරිසක් නිවාස වලට සුර්ය ජනක සවිකර ගත්තා කියලා මට කතා කරලා කිව්වා..ගොඩක් අය මට බනිනවා මේ දැනුම නිකන් දෙනවා කියලා..හෙටදින ආයතනය පටන් ගත්ත දා ඉඳන් අපි නිකන් දුන්නේ මෙය විතරක් නොවෙයි.මම කුඩා කල සිටම විදුසර විද්‍යා සගරාවට විද්‍යාත්මක ලිපි ලියා ලබා ගත් පරිචය මේ හැම එකටම ඉවහල් උනා කිවොත් නිවැරදියි.එදා මම මුලින්ම විදුසර සඟරාවේ ලිපියක් පලකරනවිට මා අටවන වසරේ සිසුවෙක්.අපට අපේ ගුරුවරු ඒ කාලේදී කියලා
දුන්නේ තමන් දන්න දේ අනික් අයටත් කියලා දෙන්න කියලා එවිට තමයි කිවුවා ශිල්පය පිහිටන්නේ.අපට එකල සිට අපේ දැනුම සන්නද්ධ කරන්නට අපට ඇත දුන් විද්‍යා ගුරු එච්.එම්.සිසිර කුමාරසිරි මහතාට අපේ හෙටදින සුභපැතුම් එකතු කරන්නේ හද පිරි සතුටින්.එදා ඒ අය අපේ ලිවීමේ කලාවට අත දුන්නේ නැතිනම් අද ඔයාලට මේ වගේ ලිපි කියවන්න ලැබෙන්නේ නැහැ.

1.ඉන්වර්ටරය වොට් කීයක එකක් ගන්න ඕනද?ගොඩක් දෙනා අහන ගැටලුවක්.
එය තීරණය වන්නේ ඔයාල නිවසේ බාවිතා කරන විදුලි උපකරණ අනුව.නිවසේ ඔක්කොම බල්බ් වලට LED බල්බ දාලනම්,සුර්ය විදුලි ජනකය භාවිතා කරන්නේ ආලෝකය සඳහා පමණක් නම් වොට් 350 ක එකක් හොඳටම ඇති.ඔයාල දාන්නේ led බල්බ කීපයක් නම් (වොට් හතේ ඒවා පහක්)විතර නම් ඕකට වොට් 100 ක් ඉන්වර්ටරයක් උනත් ඇති.මතක තියා ගන්න වොට් 500 ක ඉන්වර්ටරයක් බැටරියට සවිකලාම එකෙන් AC ධහාරාවක් ලබා නොගන්නා විට ඉන්වර්ටරයට මිලිඅම්පියර් 300 ක විතර ධාරාවක් බැටරියෙන් ඇද ගන්නවා..ඉන්වර්ටරයේ වොට් ගාන වැඩිවෙන කොට මේ අගය තවත් වැඩි වනවා..ඒ කියන්නේ වැඩි වොට් ගණන් සහිත ඉන්වර්ටර් සවිකලාම විදුලිය අපතේ යනවා කියන එකයි.ඒ නිසා ගෙදරට ඕනා විදිහට එකක් ලබා ගන්න.ඕනම අයකුට අපෙන් ඒවා ගෙන්වා ගන්න පුළුවන් අපේ hetaina@gmail ලිපිනයට අවශ්‍ය දේ එවුවාම අපි කතා කරන්නම්.

2.හිටපු ගමන් ඉන්වර්ටරයේ රතු පාට led එක පත්තු වෙනවා..ඊට පසු ටික වෙලාවකින් ac out off වෙනවා..
මේක අවුලක් නෙමේ.ඉන්වර්ටරය ඉබේම බැටරිය බසින විට ධාරාව පිටකිරීම නවතා දමනවා.එසේ off වීමට මද වෙලාවකට කලින් එලාම් එකක් නිකුත් කරනවා..ටික වෙලාවකින් ඉබේම off වෙනවා.මෙහෙම වෙන එකින් බැටරිය ආරක්ෂා වෙනවා.ඔයාලා ගාව ඩිජිටල් මල්ටි මීටර ඇති.එකේ dc පාරසයට(20V) සිලෙක්ටර් එක දමලා ඉන්වර්ටරය වැඩ කරන වෙලාවට බැටරියේ අග්‍ර වල වෝල්ටීයතාව පරික්ෂා කරන්න.මට ලැබුනේ මෙන්න මේ අගයන්.

බැටරිය බැස ඇතිබව දක්වන එලාම් එක වදින විට වෝල්ටීයතාවය 10.v-11v දක්වා.
ඉන්වර්ටරය off වෙන වෙලාවේදී බැටරි වෝල්ටීයතාව 9.7-10.3 දක්වා

තවත් දෙයක් තමයි ඉන්වර්ටරයට වැඩි වෝල්ටීයතාවක් ලැබුනොත් ඒත් ඉබේම off වෙනවා.14.5-15.5 අතර ආවොත් off වේවි.


3.TVඑක on කරන විට සමහර වෙලාවට ඉන්වර්ටරය අඩු වෝල්ටීයතාව පෙන්වමින් off වෙනවා..
මෙහෙම වෙන්නේ බැටරිය තරමක් බැස ඇති විට.CRT මොනිටර සහිත රුපවාහිනි වල ඔන් කරන විට විශාල ධාරාවක් ලබා ගන්නවා..එවිට එම ධාරාව ලබා දෙන්න බැටරිය ප්‍රමාණවත් නැතිනම් එහෙම OFF වෙනවා.ඔය CRT මොනිටර වල ඔයාල දැකල ඇති ටියුබ් එක වටේ ලොකු කොයිල් එකක් තියෙනාවා.ඕක ක්‍රියාත්මක වන්නේ TV එක ඔන් කරන විට එවිට විශාල ධාරාවක් ක්ෂණිකව අදිනවා.එම කොයිල් එකෙන් කාර්ය තමා තිරය මත ඇතිවන වර්ණ ලප ඉවත් කිරීම.

ඔබට ජය!

Friday, September 19, 2014

නිවසේ වතුර ටැංකිය නොමිලේ පුරවා ගනිමු..

  කවුද අකමැති මේ වැඩේට.වතුර මෝටරක් ගහලා කරන්ට් එකකත් පුච්චගෙන මොකටද නිකන් ලිඳේ තියෙන වතුරට ගෙවන්නේ..මම කියලා දෙන්නම් ඒකටත් හොඳ ක්‍රමයක්.මෙය අලුත් දෙයක් නොවුනත් කරන ක්‍රමය ටිකක් වෙනස් කරලයි තියෙන්නේ..මේකට හැබැයි ලිදේ වතුර පොලව මට්ටමට ආසන්නව තියෙනවානම් වැඩේ ලේසියි.නැතත් පුළුවන් ටිකක් කට්ට කන්න වෙනවා..මෙන්න මෙහෙමයි කරන්න්නේ.අපි දන්නවා දැන් සුර්ය පැනල ගොඩක් මිල අඩු වෙලා කියල.ඉතින් අපි මේකෙන් වැඩක් ගන්න ඕනා..12v DC වලින් ක්‍රියා කරන කුඩා වතුර මෝටරයක් වැඩේට අවශ්‍ය වෙනවා.
එකේ මිලි ඇම්පියර් ගාන 350 ක් තිබුනාම ඇති.ඒ වගේ මෝටරයකින් මීටර් තුනක් උසට ජලය ගෙන යන්න පුළුවන්.ඒ කියන්නේ අඩි 10 ක්.උස මදිනම් මෝටර් දෙකක් දාන්න පුළුවන්.මේක වැඩ කරන්න වොට් 10 ක හරි 20 ක හරි සුර්ය පැනලයක් ප්‍රමාණවත්.ඇම්පියර් භාගයක් හරි එකක් හරි තියෙන එකක්..
නිකම්ම පැනලයට මෝටරය සවි කරන්නේ නැහැ.හොඳට සුමට වෙන්න 12 ගන්න පාලකයක් හරහා තමයි දෙන්නේ.සාමානයෙන් මා කලින් දැක්වූ මෝටරයට විනාඩියකට ලීටර් හයක් පොම්ප කරන්න පුළුවන්.ඒ
කියන්නේ ලීටර් 500 ටැංකියක් පුරවන්න යන්නේ පැය එක හමාරයි.මොකෝ ඉතින් නිකන් ලැබෙන හිරු එළින්නේ වැඩේ වෙන්නේ.මුහුදට ආසන්නව සිටින අයටනම් මේක මරේ මරු.. මොකද පොලව මට්ටමේම වතුර තියෙනවා..හිරු එළිය වැඩිත් තරම්නේ.මේ මෝටරයට පැය 30000 ක යු කාලයක් තියෙනවා.
ඒකියන්නේ වසර තුනක් පමණ.අවුරුද්දක් දිවුවත් ඇතිනේ මෝටරය රු 450 නේ.
ටැංකියේ වතුර පිරෙන විට ජලය අපතේ ගියොත්..එහෙම වෙන්න දෙන්නත් ඕනා නෑ වතුර පිරුනාම නිකම්ම මෝටරය නවතින්න කුඩා ගැජට් එකක් මම කියලා දෙන්නම්.වෝල්ට් හයකින් වැඩ කරන්නේ.අනිත් එක විදුලි බලය නැතිව වැඩ කරන්නේ..සාමානයෙන් ලීටර 500 ක් තියෙන ටැංකියක් ඇති නිවසක සාමාජිකයන් පස් දෙනෙකු සිටිනම් මාසයකට ජලයඒකක පහලොවක් විතර යනවා..ඒක ටැංකියට ගහන්න සෑහෙන කරන්ට් එකක් වැය වෙනවා..මේක සවි කලොත් තවත් බිල අඩුවේවි.නිකන් තියෙන වෙලාවට කරන්ට් එක සුර්ය බල ශක්ති පත්ධතියට සවිකරන්න ක්‍රමයක් කියලා දෙන්නම් ටිකක් ඉන්න කෝ..
ඔබට ජය!

Wednesday, September 17, 2014

LED නාම පුවරු PROGRAMMING ගැටළු හා විසදුම්..

ඔයාලා දැන් හුඟ දෙනෙක් LED නාමපුවරු ව්‍යාපාරයක් විදිහට හදන්න පටන් අරන් කියලා ආරංචියි.අපේ පැකේජ ගත් අය විශාල ප්‍රමාණයක්  සෑහෙන ආදායමක් ලබා ගන්නවාලු..ගොඩක් අය මගෙන් අහනවා PROGRAMMING ගැන සමහර අයගේ CONTROLLER හරියට වැඩ කරන්නේ නැතිලු..ඉතින් පරිගණක දැනුම මදි
අයට තමයි ගොඩක් ගැටළු..ඉතින් සියලු දෙනාට මම අපේ පැකේජ් එකෙනුත් මේක කියලා දීල තියෙනවා..අනෙක් අයටත් වැදගත් වෙන්න එක්ක තමයි මේ පොස්ට් එක ලියන්නේ..
නිවැරදිව වැඩසටහන සකසමු.
1.පැනල රාමුවට සවිකර CONTROLLER එක සවිකරන්න.
2.CONTROLLER එක හා පැනල නිවැරදිව රිබන් කේබල් වලින් සම්බන්ද කරන්න.
3.පැනල හා CONTROLLER එකට බල සැපයුම ලබා දෙන්න.
4.බල සැපයුම ඔන් කරන්න.
5.මම කියලා දීල තියෙන විදිහට නිවැරදිව පෙන් එකට ප්‍රෝග්‍රෑම් එක SAVE කරගන්න.
6.මතක ඇතිව පෙන් එක ෆෝමැට් කරලා ගන්න.
7.TFSU CONTROLLER එකේ නම් ඔයාලට පෙනේවි කලුපාට පොඩි සුවිච් එකක් තියෙනවා.දැන් ඒක ඔබන්න.එවිට නිවැරදිව සියල්ල සවිකර ඇතිනම් පැනල වල LED බල්බ රටාවකට දල්වේවි.
8.තව පාරක් ස්විච් එක ඔබන්න.තවත් රටාවකට බල්බ දල්වේවි.
9.තවත් වරක් ඒවගේම ඔබන්න. රටාවකට බල්බ දල්වේවි.
10.හතරවන වතාවටත් එක ඔබන්න.බල්බ සියල්ලම නිවී යාවි.දැන් තමයි නියම වෙලාව පෙන් එක CONTROLLER එකට සවි කිරීමට.පෙන් එක සවි කරන්න.
11.අංක කීපයක් ධාවනය වී OK කියල ආවොත් වැඩේ ගොඩ.
12.දැන් පෙන් එක ගලවන්න.ඔබ ඇතුලත් කල වැඩසටහන් අපුරුවට ක්‍රියාත්මක වේවි.

ඔබට ජය.

Monday, September 15, 2014

මේස ෆෑන් එක කැඩුනොත් අපිම හදා ගමු..


 ඔයාලගේ ගෙවල් වල ඕන තරම් ඇති කැඩුණු මේස ෆෑන්..ගොඩක් අඩු මිලට table ෆෑන් මිලදී ගත්තත් ඒවා ටික කලක් යන විට අක්‍රිය වෙනවා..ඕවා කොහෙවත් අරන් යන්න ඉතින් හැමෝටම වෙලාවක් නැනේ..ඉතින් මම කියලා දෙන්නම් ඔයාලට ගෙදර මේස ෆෑන් එකේ අවුලක් ආවොත් හදා ගන්න හැටි..ඔයාල මතක් කරලා බලන්න මොනවාද ඔයාලගේ ෆෑන් එකේ ආපු ලෙඩ කියලා.ගොඩක්
දෙනෙක් අත් දැකලා ඇති ෆෑන් එක ටික කලක් යනවිට ඒක කැරකෙන්නේ ඕනවට එපාවට වගේ..සමහර වෙලාවට පෑනකින් වගේ එකකින් තල්ලුවක් දාල තමයි..කරකැවීම පටන් ගන්නේ..මෙහෙම වෙන්නේ ඇයි..කාලයක් යනවිට ෆෑන් එකේ තියෙන කැපෑසිටරය ක්‍රමයෙන් අක්‍රිය වෙනවා..එවිට ෆෑන් එක ආරම්ඝ වීමට අපහසු වෙනවා..ඒ විතරක් නමෙයි හති දමමින් තමයි ෆෑන් එක කැරකෙන්නේ..ටික දිනක් යන විට ෆෑන් එක කැරකීමට තල්ලුවක් දැමීමට සිදුවෙනවා..නැතිනම් හම් ශබ්දයක් ඇතිව ෆෑන් එක නිශ්චලව තිබේවි..පැය කිහිපයක් එහෙම තැබූ විට මොකද වෙන්නේ..ෆෑන් එකේ මෝටරේ කොයිල් පටන් ගන්න තැන තියෙනෙවා විලායකයක්..ඒක තාප සංවේදී එකක්..එය කළු පාට හෝ දුඹුරු පාට කුඩා හතරැස් වගේ එකක්..ඉතින් ඕක අදික ලෙස රත් වුනොත් දැවී යනවා..එවිට මෝටරය කොහොමවත්ම ක්‍රියා කරන්නේ නැහැ..කොයිල් කම්බි වලට හානි නොවෙන්න එම fuse එක අලුතින් දන්න ඕනා..ඒ විතරක් නොවෙයි කැපෑසිටරය අලුතින් දාන්න..






සාමාන්‍යයෙන් මෝටරයේ වයර් හතරක් එලියට එනවා ඔබට පෙනේවි.එම වයර් වල කළු වයර් එක නිවුටල් එක..ඒකට මල්ටිමිටරයේ එක අග්‍රයක් ස්ථිරව තබා අනික වෙන වෙනම තබා පරික්ෂා කරන විට(ඕම් පාරාසයේදී) හැම එකකින්ම ඕම්ස් ගානක් පෙන්නන්න ඕනා..එහෙම වෙන්නේ නැත්නම් එක්කෝ තාප සංවේදී fuse එක දැවී ගිහින් නැතිනම් කොයිල් එකේ කොතනින් හරි දැවී ගිහින්..fuse එක නම් එක අලුතින් දාන්න..කොයිල් එක නම් ඒක ඔයාලට කරන්න බැහැ..ඉලෙක්ට්‍රොනික් අලුත්වැඩියා කරන තැනකට ගෙනියන්න වෙනවා...ගොඩක් වෙලාවට කොයිල් එක දැවී යන්නේ නැහැ..අනික මෝටරයට ඔයිල් දමා එහි සුමට ක්‍රියාකාරිත්වය තබා ගැනීමත් ඔබේ වගකීමක්..
ඔබට ජය..

Friday, September 12, 2014

සැටලයිට් TV ඇන්ටෙනාවක් අපිම සවිකර ගනිමු..1

  හෙටදින ඔබට කවදත් අලුත් දේ රැගෙන එනවා..ගොඩක් දැනුම මුදලින් සිමා කල නොහැකි ඒවා..ඔයාල දන්නව ඇති ලංකාවේ සමහර පැති වලට සාමන්‍ය යාගි ඇන්ටෙනාවකින් හෝ V ඇන්ටෙනාවකින් රූපවාහිනී දර්ශන ලබා ගැනීම අපහසු බව.ඇන්ටෙනාවත් අරන් ගේ වටේ දිවුවත් හැම චැනලයක්ම එකම දිශාවෙන් නොඑන නිසා විටින්විට ඇන්ටෙනාව හැරවීමට සිදුවීම තමයි මල පනින වැඩේ..ඉතින් මම ඔයාලව ඒ කරදරයෙනුත් නිදහස් කරන්නයි මේ සුදානම..ලංකාවට නැගෙනහිරත් බටහිරත් අතර ඉහල අහයවකාශයේ චන්ද්‍රිකාවක් මගින් රුපවාහිනී දසුන් විසුරුවා හරිනවා..අපකරන්නේ මය දීසි ඇන්ටෙනාවක් යොදා ග්‍රහණය
කර විශේෂිත උපකරණයක් හරහා රූපවාහිනියට ලබා දී දර්ශන ලබා ගන්න එකයි.මෙහි සැකසුම් කිහිපයක්ද පවතින අතර ඒ සියල්ල කියලා දෙන්නම්..මේකෙන් බලන්න පුළුවන් දේශීය චැනල් පමණයි..විදේශීය චැනල් බලන ක්‍රමයත් පස්සේ කියා දෙන්නම්.මේ චැනල නැරබීමට මුදලක් ගෙවියයුතු නැහැ..ඒකයි වාසිය ලංකාවේ සමාගම් වලින් ගත්තොත් අනිවාර්යයෙන් මාසික බද්ද ගෙවන්න වෙනවානේ..ලැස්ති වෙලා ඉන්න..DVD බලනවා වගේ TV බලන්න..

ඔබට ජය!

Tuesday, September 9, 2014

පට්ට ලාබෙට පිටරටින් බඩු ගෙන්වමු..1

අපේ බ්ලොග් එක කියවන අය දිනපතා වැඩි වෙනවා ..ගොඩක් අලුත් විස්තර තියෙන නිසා කට්ටිය අපේ බ්ලොග් එක පැත්තේ නිතරම කරක් ගහනවා කියල හොඳටම පේන්න තියෙනවා..අද මම කියලා දෙන්නම් ebay ගැන ඔයාලට ebay එකෙන් ඕනෑතරම් උපාංග අඩු මිලට ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්..මම සියල්ල කියලා දෙන්නම් කරන හැටි..මෙන්න මේකයි ක්‍රමේ...

eBay කියන්නෙ මොකක්ද?
eBay කියන්නෙ ඇත්තටම ගෝලීය පොළක්. පොළක කව්ද ඉන්නෙ?
භාණ්ඩ ගැනුම්කරුවො (buyersලා) සහ විකුණුම්කරුවො (sellersලා). අන්න ඒ වගේ මේ eBay එකෙත් ලෝකෙ වටේ ඉන්න buyersලා සහ sellersලා මිලියන ගානක් ඉන්නවා. Sellers ලා කරන්නෙ ඔවුන් විකුණන භාණ්ඩ (items) වල විස්තර සහ මිල ගණන් eBay දත්ත ගබඩාවට ඇතුලත් කරන එක. එතකොට buyersලට පුළුවන් ඒ දත්ත ගබඩාවෙ ඇති සියලුම භාණ්ඩ ගැන හොයලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන ඒවා මිලදී ගන්න.භාණ්ඩ වල මිල අඩු මට්ටමේ සිට හා වැඩි මට්ටමේ සිට වුවද අපට ඉතා පහසුවෙන් ඒවා තෝරා ගත හැකියි.

eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කාටද?
විශේෂයක් නෑ. ඕනම කෙනෙක්ට පුළුවන්.ටිකක් අන්තර්ජාලයේ හැසිරීම ගැන පොඩි දැනුමක් තිබීම වැදගත් වෙනවා..ඉංග්‍රීසි දැනුමත් ඉතා වැදගත් වෙනවා...

eBay එකෙන් අපි ගන්න භාණ්ඩ අප වෙත එවන්නෙ කොහෙන්ද?
eBay කියන්නෙ වෙබ් අඩවියක් පමණයි.හරියට හෙටදින වගේ.. අපි eBay එකේ ඉන්න යම් seller කෙනෙක්ගෙන් භාණ්ඩයක් මිලදී ගත්තම ඒ භාණ්ඩය අප වෙත එවන්නෙ ඒ seller විසින්. ඒ කියන්නෙ ඒ seller ඉන්නෙ Hong Kong වල නම් අපිට අ‍පේ භාණ්‍ඩෙ එන්නෙ Hong Kong වලින්. Seller ඉන්නෙ චීනෙ නම් අපිට භාණ්ඩෙ එන්නෙ චීනෙන්.මොන රටෙන් වුනත් අපට ඕන භාණ්ඩයක් තැපෑලෙන් ගෙන්වා ගන්න පුළුවන්..

eBay එකෙන් අපි ගන්න භාණ්ඩයක් අප වෙත එන්න කොපමණ කල් යනවද?
සාමාන්‍යයෙන් දින 7-14ක් විතර යනවා. eBay එකේ තියෙන හැම භාණ්ඩයකම භාණ්ඩ විස්තරයෙ (item description එකේ) සඳහන් වෙලා තියෙනවා ප්‍රවාහනය සඳහා (shipping වලට) මේ මේ රටවලට මේ මේ දිනගණන් යනවා කියලා.තැපැල් ගාස්තු නැතිව ගෙන්න ගත්තොත් ටිකක් කල් යනවා..නැතිනම් ඉක්මනටම ගෙන්වා ගන්න පුළුවන්..

eBay එකෙන් අප වෙත භාණ්ඩ ප්‍රවාහනයට අයකිරීමක් කරනවද?
ඒකත් තීරණය වෙන්නෙ භාණ්ඩය මත. සමහර භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping). සමහර භාණ්ඩ වලට shipping සඳහා ගාණක් අයකරනවා. ඒ ගාන රටින් රටට වෙනස්. අපේ රට තෝරපුවම අපේ රටට ගෙන්වන්න යන ප්‍රවාහන වියදම අපිට භාණ්ඩ විස්තරය සමඟ දැනගන්න පුළුවන්.Free Shipping වලින් ගෙන්වන එක හොඳයි..නැතිනම් වැඩිපුර ගෙවන්න වෙනවනේ..

eBay එකෙන් ගන්න භාණ්ඩ අපට ලැබෙන්නෙ කෙහොමද?
ප්‍රමාණයෙන් කුඩා භාණ්ඩයක් නම් සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා. භාණ්ඩයෙ වටිනාකම කොපමණ වැඩි උනත් ප්‍රමාණයෙන් කුඩා නම් බයවෙන්න දෙයක් නෑ. නමුත් ප්‍රමාණයෙන් විශාල, සාමාන්‍ය තැපෑලෙන් එවන්න අපහසු භාණ්ඩ ගෙන්වීම නම් එතරම් නුවණටහුරු නෑ. ඇතැම්විට ඒවා තැපැල් කාර්යාලයේ හෝ කොහේ හෝ නැවතීමට ඉඩ තියෙනවා. ආනයන බදු ගෙවන්නත් සිදුවෙන්න පුළුවන්.මුලින්ම පුරුදුවෙන්න එක්ක පෙන් ඩ්‍රයිව් මෙමරි කාඩ් වගේ පොඩි පොඩි දේවල් ගෙන්වා ගනිමු..එතකොට ebay එකේ හැසිරීම හොඳටම හදුනා ගන්න පුළුවන් වෙයි..

eBay වලින් මිලදී ගන්න භාණ්ඩයකට අපි ගෙවීම් කරන්නෙ කොහොමද?
eBay එකේ ගොඩක් sellers ලා අපෙන් ඉල්ලනවා PayPal හරහා ගෙවීම සිදුකරන්න කියලා. ඉතිං අපි ගෙවීම් සිදු කළ යුත්තෙ PayPal හරහා. PayPal හරහා ගෙවීම් සිදුකිරීම කොහොමත් වඩාත් විශ්වාසනීයයි, ආරක්ෂිතයි.මේගැන පාඩම් මාලාවක් මම කියා දුන්නා මතක ඇති..
ඔබට ජය!