Showing posts with label නිවසේ වතුර ටැංකිය නොමිලේ පුරවා ගනිමු... Show all posts
Showing posts with label නිවසේ වතුර ටැංකිය නොමිලේ පුරවා ගනිමු... Show all posts

Friday, September 19, 2014

නිවසේ වතුර ටැංකිය නොමිලේ පුරවා ගනිමු..

  කවුද අකමැති මේ වැඩේට.වතුර මෝටරක් ගහලා කරන්ට් එකකත් පුච්චගෙන මොකටද නිකන් ලිඳේ තියෙන වතුරට ගෙවන්නේ..මම කියලා දෙන්නම් ඒකටත් හොඳ ක්‍රමයක්.මෙය අලුත් දෙයක් නොවුනත් කරන ක්‍රමය ටිකක් වෙනස් කරලයි තියෙන්නේ..මේකට හැබැයි ලිදේ වතුර පොලව මට්ටමට ආසන්නව තියෙනවානම් වැඩේ ලේසියි.නැතත් පුළුවන් ටිකක් කට්ට කන්න වෙනවා..මෙන්න මෙහෙමයි කරන්න්නේ.අපි දන්නවා දැන් සුර්ය පැනල ගොඩක් මිල අඩු වෙලා කියල.ඉතින් අපි මේකෙන් වැඩක් ගන්න ඕනා..12v DC වලින් ක්‍රියා කරන කුඩා වතුර මෝටරයක් වැඩේට අවශ්‍ය වෙනවා.
එකේ මිලි ඇම්පියර් ගාන 350 ක් තිබුනාම ඇති.ඒ වගේ මෝටරයකින් මීටර් තුනක් උසට ජලය ගෙන යන්න පුළුවන්.ඒ කියන්නේ අඩි 10 ක්.උස මදිනම් මෝටර් දෙකක් දාන්න පුළුවන්.මේක වැඩ කරන්න වොට් 10 ක හරි 20 ක හරි සුර්ය පැනලයක් ප්‍රමාණවත්.ඇම්පියර් භාගයක් හරි එකක් හරි තියෙන එකක්..
නිකම්ම පැනලයට මෝටරය සවි කරන්නේ නැහැ.හොඳට සුමට වෙන්න 12 ගන්න පාලකයක් හරහා තමයි දෙන්නේ.සාමානයෙන් මා කලින් දැක්වූ මෝටරයට විනාඩියකට ලීටර් හයක් පොම්ප කරන්න පුළුවන්.ඒ
කියන්නේ ලීටර් 500 ටැංකියක් පුරවන්න යන්නේ පැය එක හමාරයි.මොකෝ ඉතින් නිකන් ලැබෙන හිරු එළින්නේ වැඩේ වෙන්නේ.මුහුදට ආසන්නව සිටින අයටනම් මේක මරේ මරු.. මොකද පොලව මට්ටමේම වතුර තියෙනවා..හිරු එළිය වැඩිත් තරම්නේ.මේ මෝටරයට පැය 30000 ක යු කාලයක් තියෙනවා.
ඒකියන්නේ වසර තුනක් පමණ.අවුරුද්දක් දිවුවත් ඇතිනේ මෝටරය රු 450 නේ.
ටැංකියේ වතුර පිරෙන විට ජලය අපතේ ගියොත්..එහෙම වෙන්න දෙන්නත් ඕනා නෑ වතුර පිරුනාම නිකම්ම මෝටරය නවතින්න කුඩා ගැජට් එකක් මම කියලා දෙන්නම්.වෝල්ට් හයකින් වැඩ කරන්නේ.අනිත් එක විදුලි බලය නැතිව වැඩ කරන්නේ..සාමානයෙන් ලීටර 500 ක් තියෙන ටැංකියක් ඇති නිවසක සාමාජිකයන් පස් දෙනෙකු සිටිනම් මාසයකට ජලයඒකක පහලොවක් විතර යනවා..ඒක ටැංකියට ගහන්න සෑහෙන කරන්ට් එකක් වැය වෙනවා..මේක සවි කලොත් තවත් බිල අඩුවේවි.නිකන් තියෙන වෙලාවට කරන්ට් එක සුර්ය බල ශක්ති පත්ධතියට සවිකරන්න ක්‍රමයක් කියලා දෙන්නම් ටිකක් ඉන්න කෝ..
ඔබට ජය!