Friday, December 26, 2014

සාක්කුවෙන් වීඩියෝ කරමු..

    ඔයාල ගොඩක් කැමති ඇති තමන් දකින යමක් වීඩියෝ ගත කර ගැනීමට.හුගක් දෙනාට තමන්ට අවශ්‍යම අවස්ථාවේ තමන් ලඟ කැමරාවක් නැහැ.ජංගම දුරකථනය තිබුනත් එමගින් වීඩියෝ කිරීම එතරම් පහසු නැහැ.මොකද එය වෙනත් අයකුට පෙනෙන නිසා..විශේෂයෙන් ඔබට යම් කිසි අවස්තාවක අසාධාරණයක් වන අවස්ථාවක එම දර්ශන වීඩියෝ ලෙස ලබා ගත හැකිනම් ඔබට නීතියේ පිළිසරණ සොයා යාමේදී විද්‍යාත්මක සාක්ෂි ලෙස ඉතා වැදගත් වෙනවා..මේකට වඩාත්ම හොද කැමරාවක් තමයි සාක්කුවේ දමා ගෙන යන පෙන් වර්ගයේ වීඩියෝ
කැමරා.ඇත්තටම පෑනක් වගේමයි..සාක්කුවේ දමා ගෙන පෑනක් ලෙස රැගෙන යා හැකියි.වැදගත්ම දේ කියන්නේ මෙය පෑනක් ලෙස භාවිතා කර ලියන්නත් පුළුවන් වීමයි.මෙමරි කාඩ් එකක් ඇතුළු කල හැක එය 32GB දක්වා වෙනස් කල හැක.මෙගා පික්සල් අටක කැමරාවක් සහිතයි.විනාඩි 120 කාලයක් පටිගතකල හැකි ලිතියම් පොලිමර් නමැති නැවත ආරෝපණය කල හැකි බැටරියකින්ද සමන්විතයි.පරිගණකය හා සම්බන්ද කර දත්ත ලබා ගැනීමට ඩේටා කේබල් එකක් ද නොමිලේ ලැබෙනවා..
මෙම කැමරා ලංකාවේ මිලට ගැනීම අසීරු වුවත් හෙට දින ප්‍රාඨක ඔබට අඩුමුදලට ගෙන්වා දීමට අප සුදානම්.ඔයාලට කැමරා අවශ්‍ය නම් hetadina@gmail.com ලිපිනයට පණිවිඩයක් ලබා දෙන්න..මිල ගණන් ඇතුළු මුදල් ගෙවීමට අවශ්‍ය විස්තර ලබා දෙන්නම්.ඔබට අවශ්‍ය වීඩියෝ කැමරාව ඉතා ඉක්මනින් ගෙදරටම එවීමට අප සුදානම්..
ඔබට ජය!

Friday, December 19, 2014

ජංගම දුරකථන ගෙදරම අලුත්වැඩියා කරමු..

   අපේ ජංගම දුරකථන අලුත්වැඩියා කරන සිංහල පාඩම් මාලාවත් නැගල යනවා කියල මට විශාල පිරිසක් දන්වලා තිබුනා..ඇත්තටම කියනවනම් ජංගම දුරකථන අලුත්වැඩියාව අපට ගෙදර ඉදන් උනත් ඉගෙන ගන්න පුළුවන්..ජංගම් දුරකතයක මුලික කොටස් ටික අල්ල ගත්තාම ඕක මහා කජ්ජක් නොවෙයි..ඕකට ඩිප්ලෝමා උපාදි
ගහන්න ඕනා නැහැ. කඩ්ඩ ටිකක් තමයි ඕනා වෙන්නේ..පරිගණකයක අකුරු ටිකක් කොටා ගන්න පුළුවන් වීමත් ගොඩක් වටිනවා..හරි අපි අද බලමු චීන ජංගම දුරකතනයක් හිටි අඩියේම හිර වුනොත් මොකද කරන්නේ කියලා..කරන්න තියෙන්නී china දුරකථනය නිෂ්පාදනයේ තිබු තත්ත්වයට එහි සියලු සෙටිග්ස් හදන එකයි.ගොඩක් අය මේක දන්නේ නැහැ..phone හද තැනකට ඕක අරන් ගියොත් එයා කෝඩ් එකක් පෙනෙන්න ගහලා ඔයාලගෙන් දෙතුන් සියක් කඩා ගන්නවා..දැන් ගොඩක් අය ළඟ තියෙන්නේ china phone. මේ තියෙන්නේ චීන දුරකථන වලට අදාළ කෝඩ් ටිකක්..ඔය හිරවෙලා හරි හරියට වැඩ ගන්න බැරිව ස්ලෝ වෙලා හරි අකුරු ටයිප් කරන කොට පිස්සුකෙලින දුරකථන තියෙනෙවා නම් default user code එක ගහලා බලන්න phone එක නැවත ආරම්භ වේවි.කලබල වෙන්න එපා වැඩේ නිකම්ම ගොඩ ගියා කියලා ඔබට පෙනේවි..
මෙන්න ඉතා වටින කෝඩ් ටිකක්.ගහලම බලමුකෝ වැඩේ..
CHINA MOBILE RESET CODES 
*#66*# Set Factory Mode CONFIRMED
*#8375# Show Software Version CONFIRMED
*#1234# A2DP ACP Mode CONFIRMED
*#1234# A2DP INT Mode CONFIRMED
*#0000# + Send : Set Default Language CONFIRMED
*#0007# + Send : Set Language to Russian CONFIRMED
*#0033# + Send : Set Language to French CONFIRMED
*#0034# + Send : Set Language to Spanish CONFIRMED
*#0039# + Send : Set Language to Italian CONFIRMED
*#0044# + Send : Set Language to English CONFIRMED
*#0049# + Send : Set Language to German CONFIRMED
*#0066# + Send : Set Language to Thai CONFIRMED
*#0084# + Send : Set Language to Vietnamese CONFIRMED
*#0966# + Send : Set Language to Arabic CONFIRMED
CHINESE MODELS:
default user code: 1122, 3344, 1234, 5678
Engineer mode: *#110*01#
Factory mode: *#987#
Enable COM port: *#110*01# -> Device -> Set UART -> PS Config -> UART1/115200
Restore factory settings: *#987*99#
LCD contrast: *#369#
software version: *#800#
software version: *#900#
set default language: *#0000# Send
set English language: *#0044# Send
set English language (new firmware): *#001# Send also

*මෙම කෝඩ් වැරදි ලෙස භාවිතා කිරීම නිසා දුරකතවලට හානි වුවහොත් ඊට පගේ වගකීමක් නැති බව සැලකුව මනාය. 
ඔබට ජය!

Thursday, December 18, 2014

නිවසට නොමිලේ විදුලිය ගන්න පැකේජයක්..

     ඔයාල හැමෝටම ඉතා හොඳ ආරංචියක් තමා මේක..අපි දැනට වසර ගණනාවක සිට කරගෙන ආ සුර්ය ශක්තිය මගින් විදුලිය ලබා ගැනීමට ගෙදරදීම සකස් කර ගැනීමට හැකි පරිදි සියලු විස්තර කියා දෙන මෙරට පළමු පැකේජය ලබා ගත් අය අති විශාලයි.දැන් එම පැකේජය අලුතින් දැනුම රාශියක් සමග දියුණු කළා..ගෙදරදීම තමන්ට නිවසට අවශ්‍ය විදුලිය නොමිලේම නිපදවා ගැනීමට solar genrator සකස් කරන අන්දම මෙහි පරිපුර්ණව විග්‍රහ කර තිබෙනවා..සුර්ය විදුලිය හා නිවසේ ප්‍රධාන විදුලිය ස්වයංක්‍රීයව මාරුවෙමින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය පරිපථය මෙහි දක්වා
තිබෙනවා..සුර්ය පැනල වැඩ කරන හැටි,සුර්ය පැනල වර්ග,solar controller,ඉන්වර්ටර්,බැටරි,controller settings සැකසීම,ගැටළු හා විසදුම්,ඇතුළු ඇති විශාල දැනුමක් සමගින් ඔබට එම නවීකරණය කරන ලද පැකේජය  දැන් පොතක් හා DVD තැටියක් සමග ලබා ගත හැකියි.මෙම පැකේජය සරල සිංහලින් කියාදෙන අතර එම පැකේජයේ මිල රු.1000 ක් පමණි.ලබා ගන්නා අයට ළගම තැපැල් කාර්යාලයට ගෙවා ගැනීමට (vpp) ලෙස එවමි.ඔබට ඔබේ ළගම තැපැල් කාර්යාලයෙන් ලැබෙන ලිපිය රැගෙන ගොස් අදාළ මුදල ගෙවා පැකේජය ලබා ගත හැක.ඔබට අවශ්‍ය උපාංගද දැන් අපවෙතින් තැපැල් මගින් නිවසටම ගෙන්වා ගත හැක..නැතිනම් ඒ සදහා අවශ්‍ය ආයතනද එහි දක්වා ඇත.ඔබට අවශ්‍ය පැකේජය SOLAR ලෙස ටයිප් කර ඔබේ නම හා ලිපිනය 071 836 73 71 ට SMS කරන්න.

ඔබට ජය!

හෙටදින ඇඩ්මින්.

Wednesday, December 17, 2014

පිටරටින් බඩුවක් ගේමු..

  මම ඔයාලට මිට පෙර පොස්ට් එකකින් කියලා දුන්න මතක ඇති පිටරටින් බඩු අනතර්ජාලය හරහා ඉතා අඩු මිලට ගෙන්වා ගන්නා ආකාරය.ඇත්තටම කියනවා නම් ලංකාවෙන් ගන්නවාට වඩා ගොඩක් අඩුවට බඩු ගෙන්වා ගන්න පුළුවන්.මේ වැඩේ කරන්න කඩ්ඩ ටිකක් තියෙන්න ඕනා.මොකද ඔය සියලුම වෙබ් අඩවි වල සිංහලින් ඕවා
දාලා නැහැ..ඉංග්‍රීසි භාෂාව ඔබේ අනාගතය සදහා දැන් ඉතා වැදගත්
බව කිව යුතුම කරුණක්..විශේෂයෙන් කියන්න ඕනා දැන් ලංකාවේ හුගක් පාසල් වලට අන්තර්ජාල පහසුකම් සහිත විද්‍යාගාර ලැබිලා..ගොඩක් සිසුන් අපේ බ්ලොග් එක කියවනවා කියල ආරංචියි..පාසල් වල සිසුන් විශාල ප්‍රමාණයක් මට කියලා එවලා තිබුනා අන්තර්ජාලයෙන් ගෙදරටම බඩු ගෙන්වා ගන්න විදිහ තව ටිකක් කියලා දෙන්න කියලා..ඒ හැමෝට හරියන්න තමයි මේ පොස්ට් එක බලන්න ඔබේ ගැටලුවටත් පිළිතුර මෙහි තිබේද කියා..

අන්තර්ජාලයෙන් බඩු ගෙන්වීමේදී සැලකිය යුතු කරනු..

1.සෑම විටම පාහේ වෙබ් කාඩ් එකක් භාවිතා කරන්න.(සම්පත් බැංකුවේ වෙබ් කාඩ් එකක් වඩා හොඳයි..)
2.ක්‍රෙඩිට් කාඩ් භාවිතා කිරීමේදී වඩා පරෙස්සම් වන්න..
3.කුඩා අයිටම් හා මිලෙන් අඩු අයිටම් ගෙන්වන්න..
4.paypal හරහා ගනුදෙනු කරන්න..
5.ebay අඩවිය භාවිතා කරන්න..
6.ඔබගේ email ලිපින වෙත බලෙන්ම එන වෙබ් අඩවිවලට මුදල් ගෙවීමෙන් වලකින්න.
7.ඉන්ටෙර්නෙට් කැෆේ වලින් වෙබ් කාඩ භාවිතා කල පසු  සියලු ගිණුම් වලින් ඉවත් විමට වග බලා ගන්න
8.ලන්සු තබා භාණ්ඩ මිලට ගන්න..
9.ඔබට විශ්වාස අඩවිවලින් පමණක් භාණ්ඩ ඇනවුම් කරන්න..
10.ඇනවුම් කිරීමට ප්‍රථම භාණ්ඩය පිලිබඳ සියලු විස්තර අදා වෙබ් පිටුවෙන් හොයා ගන්න.
11.බොහෝ විට සති දෙකක් ඇතුලත භාණ්ඩ ලැබිය යුතුවේ.එසේ නොවේ නම් seller දැනුවත් කරන්න..
12.ඔබ ගෙන්වූ භාණ්ඩ වල ලැයිස්තුවක් පිළියෙළ කර ගන්න.
13.ඔබේ වෙබ් කාඩ් වලට හෝ වෙනත් ගිණුම් වලට අදාළ කිසිදු දත්තයක් කිසිවකුට නොදෙන්න.
14.නොමිලේ ප්‍රවාහනය කරන මිල අඩු භාණ්ඩ ගෙන්වන්න.
15.බරින් වැඩි භාණ්ඩ ගෙන්වීමේදී tax ගෙවීමට සිදුවිය හැක.
16.යම් භාණ්ඩයට මුදල් ගෙවීමට පෙර එය ලංකාවට එවන එකක් ද යන්න හොඳින් විමසා බලන්නන.
මේ තියෙන්නේ මට පහුගිය දවසක ගෙදරටම ආපු පෙන් එකක්.. ඒක සුපිරියටම වැඩ.
.

ඔබට ජය!

Wednesday, December 10, 2014

12 වොට් LED බල්බයක් හදමු..

  ඔයාල අපේ පාඩම් මාලාව හා පැකේජ ගෙන්වාගෙන දැන් LED බල්බ හදන්න පටන් අරන් ගොඩක් කල් නෙ..දැන් වෙළෙඳ පොලට ඇවිත් තිබෙනවා ප්ලාස්ටික් ආවරණයක් සහිත LED බල්බ.ඇත්තටම මේවා ඇලුමිනියම් බල්බ වලට වඩා ගොඩක් මිලෙන් අඩුයි.ඔයාලට මෙම බල්බ එකලස් කරලා විකුනන්න පුළුවන් නම් ගොඩක් ලාභයක් ගන්න
පුළුවන්..පිටකොටුවේ කඩ වලින් ගන්නත් පුළුවන් නැති නම් අපේ බ්ලොග් එකේ ප්‍රමිල මහතාට කතා කරලා ගෙදරටම ගෙන්වා ගන්නත් පුළුවන්..තැපැල් ගාස්තු විතරයි වැඩිපුර ගෙවන්න වෙන්නේ..මා මේ පහත දක්වලා තියෙන්නේ 12 වොට් LED බල්බයකට ගන්නා කොටස්.

ඉතා පහසුවෙන් විනාඩි පහකදී පමණ ඔබ  ට තනිවම හදා ගන්න පුළුවන්.මෙම බල්බ රත්වීම අඩුනිසා විදුලිය ගොඩක් පිරිමහනවා..වසරක් පමණ යනතුරු අවුලක් එන්නෙත් නැහැ.මේවා දැම්මා කියල TV වලයි රේඩියෝ වලයි වැඩසටහන් අහන්න බාධාවක් වෙන්නේත් නැහැ..මොකද මේවායේ SMP බල සැපයුම නැති නිසා..අදම හදන්න පටන් ගන්න..පට්ට එළියක් තියෙන්නේ...කතාකරලා බඩු ගෙන්වා ගන්න..ප්‍රමිල ගෙන්..0718301069.
ඔබ ජය!

Saturday, December 6, 2014

cctv කැමරා සවි කිරීමේදී සැලකිය යුතු කරුනු..

    ඔයාල දැන් තමන්ගේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට cctv කැමරා තමන්ම ස්ථාපනය කරගෙන ඇති.අපේ සිංහල පැකේජ ලබා ගත් විශාල පිරිසක් තම නිවසට cctv කැමරා system සවිකර ගත්තා කියල කියල තිබුනා..ඔයාලට තවත් උදවුවක් විදිහට මම අද කියා දෙන්නම් cctv කැමරා සවිකරන්න ගියාම අප වඩාත්ම සැලකිලිමත් විය යුතු කරුනු මොනවාද කියා..
1.තැනේ හැටියට සුදුසු කැමරා තෝරා ගන්න.(tvl අගය අවම
වශයෙන් 700 වත් විය යුතුය)
2.එළිමහනට cmos cctv කැමරා සවිකරයි නම් කෙලින්ම සුර්ය ආලෝකය කාචයට නොවැටෙන පරිදි සවිකරන්න.
3.එක කැමරාවකින් වැඩිම ප්‍රදේශයක් පෙනෙන පරිදි සවිකරන්න.
4.cctv කැමරාව යකඩ බාර් මත සවිකරන විට ලීකොට කැබැල්ලක් තබා ඒ මත සවිකරන්න.(අකුණුවලින් වන හානි නැවැත්වීමට)
5.සියලුම කැමරා වල වයර pvc නල තුලින් dvr එක වෙත රැගෙන යන්න.
6.dvr එක පහසුවෙන් කිසිවකුට ලඟා විය නොහැකි තැනක තබන්න.
7.අන්තර්ජාලයෙන් නැරබීම හා දුරකතනයෙන් නැරබීම සෑම විටම අවහ්‍ය නොවේ.මෙය ඉන්ටනෙට් බිල වැඩිකරන සාදකයකි.
8.ඔබගේ dvr එකට අදාළ මුරපද හා අන්වර්ථ නාම කිසිවකුට නොදෙන්න.
9.කැමරා සවීරිමෙදි උස ගැන සැලකිලිමත් වෙන්න අඩි අටකට වඩා උස සුදුසු නැත.
10.ptz කැමරා සතියට වරක් වත් ක්‍රියාත්මක කාර බලන්න.
11.ups එකක් හරහා system එකට විදුලිය ලබා දෙන්න.
12.ඔබ cctv කැමරා වෙනත් අයකුට සවිකර දේනම් ඔහුට අනත්ර්ජාලයෙන් නැරබීමට අවශ්‍ය නම් වේගවත් අන්තර්ජාල සම්බන්දතාවක් ලබා ගත යුතු බව කියන්න.
13.slt පැකේජයක් නම් familly එකක් වීම හොඳයි.නැතිනම් 4G මොඩම් එකක් වත් අවශ්‍යය.
14.ජංගම දුරකථන වලින් නැරබීම ස්මාර්ට් ෆෝන් එකක් තිබීම වැදගත් වේ.එහි අන්තර්ජාල සම්බන්දතාවය HSDPA හෝ ඊට ඉහල වේගවත් එකක් විය යුතුය.
ඔබට ජය!

Monday, December 1, 2014

ලියුම් කවර නිෂ්පාදන ව්‍යාපාරයක් අරඹමු..1

   අද කෙතරම් තාක්ෂනය දියුණු වුනත් ලිපියක් තැපැල් නොකළ පුද්ගලයකු මෙරට නැති තරම්..ඔයාල පිටකොටුවේ ස්ටේෂනරි කඩ වලට ගියානම් ඔබ දැකලා ඇති කෙතරම් ප්‍රමාණයක් ලියුම් කවර විකිනෙනවාද කියා..විශේෂයෙන් තාක්ෂනය සමග ලිපි යැවීම අඩු වුවත් තැපැල් කාර්යලකට ගිය විට කෙතරම් පිරිසක් ලිපි යැවීමට පැමිනෙනවාදයි ඔබ දැක ඇති.නීතියානුකුල ලියවිලි ආදිය ෆැක්ස් හෝ email මගින්
යැවීමට වඩා තැපැල් මගින් යැවීම ආරක්ෂිතය.අද වන විට ඇතැම් පිරිස් ලංකාවේ ගෘහ ආශ්‍රිතව ලිපි කවර නිෂ්පාදනයේ යෙදී සිටි..විශේෂයෙන් විවිධ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් හා විශ්‍රාමික පුද්ගලයන් මීට වැඩි වශයෙන් යොමුවී ඇති බව පෙනන්නට ඇති කරුනකි.මෙයද හොද වෙළෙඳ පොළක් ඇති ව්‍යාපාරයකි..කාටවත් කරදර නැතිව තමාට හැකි පමණින් නිෂ්පාදන අලවි කල හැකි මනා ලෙස සංයමය පුහුණු වන ව්‍යාපාරයකි.
  • අවශ්‍ය අමුද්‍රව්‍ය-මෙරට ප්‍රධාන වශයෙන් මැනිලා කොළ යොදා ගැනේ.සුදු පාට ලියුම් කවර සඳහා පෝස්ටර් පේපර් හා බෑන්ක් පේපර් යොදා ගනී.
  • මොනවාද ඕන උපකරණ -පේපර් කටර් එකක්.,අගල් බාහගයක පින්සලක්,ශක්තිමත් ඇලුමිනියම් කැබැල්ලක්,මුළු මට්ටමක්,කතුරක්,
  • ඇලවීමට සුදුසු ගම් මොනවාද -ඇරබික් කැට ග්ලු කැට,කෙම්පික්ස්,ග්ලු කැට ලෙස ගදුන්වන පරිප්පු ගම් ඉතාවැදගත්වේ..තවත් පියවරක් ඊළඟ ඔස්ට් එකකින්.. 






ඔබට ජය!