බොහොමයක් දෙනා තවමත් නිවෙස් වල භාවිතා කරන්නේ ටියුබ් ලයිට්..ටියුබ් ලයිට් එකක චෝක් එකක් ස්ටාටරයක් වැනි උපාංග තිබෙනවා..මෙම උපාංග ගැන සැලකුවිට එයට වැඩි වියදමක් දැරීමට සිදුවී තිබෙනවා..ඒ වගේම ඔබ දැනට භාවිතා කරන ටියුබ් ලයිට් එකේ විදුලිය පිරිමැසීම එතරම් සතුටු දායක නැහැ..එමෙන්ම එම ටියුබ් ලයිට් එකේ විෂ රසායනික ද්‍රවය භාවිතා වෙනවා..කැපෙන සුළු විදුරු බටය හානි කරවන
සුලුයි..නමුත් LED ටියුබ් ලයට් එක මේ සියල්ල අවසන් කරනවා.දැනට භාවිතා කරන ටියුබ් ලයිට් කේසින් එකට LED ටියුබ් ලයිට් සවිකරන්නේ කොහොමද කට්ටිය අහල එවල තිබුනා..ඒ අයට පිළිතුරු දෙන්නෙයි මේ පොස්ට් එක..සාමන්‍ය ටියුබ් ලයිට් කෙසින් එකට LED ටියුබ් ලයිට් එකක් දාන අයුරු..
1.ඔබේ නිවසේ ටියුබ් ලයිට් එකේ දිගට ගැලපෙන LED ටියුබ් ලයිට් කොටස් පිටකොටුවෙන් මිලට ගෙන උපාංග එකලස් කර ගන්න..
2.මුලින්ම සාමන්‍ය ටියුබ් ලයිට් එකේ භාවිතා වන ස්ටාටරය ගලවා දමන්න.
3.දෙවනුව කේසින් එකට සවිකර ඇති චෝක් එක ගලවා දමන්න..එයට සම්බන්ද කර තිබු වයර දෙක එකිනෙක සම්බන්ද කරන්න..
4.දැන් LED ටියුබ් ලයිට් එකේ දෙපසින් 230V ලබා දිය හැකි පරිදි වයර් පාස්සා ගන්න..
සම්පුර්ණ කර ගත් LED ටියුබ් ලයිට් එක ටියුබ් ලයිට් ඇඩප්ටර දෙකට සුපුරුදු පරිදි සවිකරන්න..කාර්ය.. නිමයි..කෙසින් එකට ගැලපෙන පරිදි LED ටියුබ් ලයිට් එක මිලට ගැනීමට වග බලා ගන්න .
No comments:
Post a Comment