රේඩියෝ තරංග ප්‍රචාරණය (propagation of radio waves)
ශබ්ධ තරංගයක් විකාශනය කල හැකි දුර ඉතා සීමිතය.එමන්ම ශබ්දය ගමන් කිරීමට මාධ්‍යක් අවශ්‍ය.ගුවන්විදුලි තරංග වලට මාධ්‍යක් තිබුනත් නැතත් ඉතා දිගු දුරක් ගමන් කල හැක.ගුවන් විදුලි තරංග විද්‍යුත් චුම්භ ගති ලක්ෂණ වලින් හෙබි තරංග වර්ගයකි.මෙම තරංග ය සරල රේකීය මගක ගමන් කිරීමට නිතරම උත්සාහ කරයි..අප වසන ලෝකය ගෝලාකාර බැවින් ගුවන් විදුලි තරංග වලට යා
හැක්කේ සීමිත දුරකි.එසේ නම් ලොව මුලින්ම දියුණු වූ ගුවන් විදුලි තරංග ලොව පුරා විකාෂනය කලේ කෙසේද?මෙයට විදුදරයන් යොදා ගත්තේ අප පෘතුවිය වටා ඇති යන ගෝලයයි.මොකක්ද මේ යන ගෝලය(Ionosphere).
අප පෘතුවි වායුගෝලයේ ඉහල ස්තර කීපයක් තිබේ.පොලවට කිලෝමීටර් 40 කට වඩා එපිටින් ඇති මෙම ස්තරය අයන ගෝලය ලෙස හැදින්වේ.
ප්‍රභල හිරු කිරණ හා වෙනත් අන්තරීක්ෂ කිරණ වලින් ඉහල වායුගෝලයේ ඇති වායු අනුවල ඉලෙක්ට්‍රෝන හා ඔක්සිජන් හා නයිට්රජන් වායු වලින් මෙම ස්ථරය සමන්විතය.මෙය රේඩියෝ තරංග පරාවර්තනය කරන කැඩපතකට සමාන කල හැක.මෙලෙස සෑදී ඇති අයන ගෝලය දිවා කල හා රාත්‍රි කාලයේදී වෙනස්වේ.මෙහි ස්ත්ර හතරක් පවතින අතර පහළින්ම පවතින ස්තරය පොලවට කිලෝමීටර 45-100 අතර පිහිටයි.ඉහලින්ම පවතින ස්තරය පොලවට කිලෝමීටර 600 ක් පමණ ඉහලින් පිහිටයි.දිවා කලට ස්තර හතරක් ලෙස තිබුනද ශීත කාල වලදී හා රාත්‍රී කාලයේදී ඉහලින්ම පිහිටන ස්තර දෙක තනි එකක් බවට පත්වේ එවිට එහි ගණකම අඩුවේ.
මිනිසා මුලින්ම නිෂ්පාදනය කල ගුවන්විදුලි යන්ත්‍ර වලමධ්‍යම තරංග හා කෙටි තරංග ලෙස තරංග වර්ග දෙකක් භාවිතා විය.ඔබ ලංකාවට FM තාක්ෂණය පැමිණීමට පෙර ගුවන්විදුලියට සවන්දී ඇතිනම් මධ්‍යම තරංග හා කෙටි තරංග වලින් ශ්‍රවණය කල වැඩසටහන් ගැන දන්නවා ඇත.මධ්‍යම තරංග දිවා කලට හොදින් ඇසුනද කෙටි තරංග රාත්‍රියට හොදින් ශ්‍රවණය වන බව ඔබ දන්නවා ඇත.
මෙයට හේතුව අයන ගෝලයේ ඉතා ඉහල ස්තරය ඝනකම අඩු වී කෙටි තරංගය හොඳින් පරාවර්තනය වේ.යන ගෝලයේ ඝනකම වැඩිවත්ම රේඩියෝ තරංග උරාගැනීමෙන් ශ්‍රවණයට භාදා පැමිණේ.ඔබට ජය!
No comments:
Post a Comment