Saturday, January 23, 2016

ඔබේ ජංගම දුරකථනය ලෙඩ වුනොත්..

  අද ලංකාවේ ජනගහනය දෙකෝටිය ඉක්මවා ගොස් තිබෙනවා..නමුත් මෙරට භාවිතා වන ජංගම දුරකථන ප්‍රමාණය කෝටි හතර ඉක්මවා ගොස් තිබෙනවා..ඒ කියන්නේ එක අයකුට දුරකථන දෙකකට වැඩිය තිබෙනවා කියන එකයි..ජංගම දුරකථන සදහා ඇති ඉල්ලුම දිනෙන් දිනම වැඩිවෙමින් පවතී..එනිසා ඒ ආශ්‍රිතව ස්වයංරැකියා වල නිරතවන්නන්ට හොඳ කලක් උදා වෙමින් පවතී..ජංගම දුරකථන අලුත්වැඩියාව ඔබටත් ඉගෙන ගෙන නව ස්වයං රැකියාවක් ලෙස නිවසේ සිටම පටන් ගන්න පුළුවන්..විශාල
මුදල් ප්‍රමාණයක් වැය නොවන නිසාත්..අමුද්‍රව්‍ය දැන් වෙළෙඳපොලේ බහුල නිසා මෙය වඩාත් පහසුවෙන් කල හැකියි..ඒ සදහා අවශ්‍ය දැනුම ලබා ගන්නේ කොහෙන්ද ඔබ මගෙන් අසාවි..දැන් ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කර තිබෙනවා..ඔබට නිවසේ සිටම අපේ නවතම තාක්ෂණික වෙබ් අඩවිය හරහා එම දැනුම මුල සිටම හදාරන්න පුළුවන්..ඔබට වැයවන්නේ මාසෙටම   සුළු මුදලක්..දුරකථන තාක්ෂනය පිළිබඳව මුලසිටම අන්තර්ජාලයේ මෙරට පළමු පාඩම් මාලාව අප විසින් ඉදිරිපත් කර තිබෙනවා..එය දැන් සිය ගණනකගේ පැසසුමට ලක්වී තිබෙනවා..ඔබත් කාලය අපතේ යවා ගන්නේ නැතිව අන්තර්ජාල පහසුකම් නව ආයෝජනයකට යොදා ගෙන සියල්ල මුලසිටම සරල සිංහලින් ඉගෙන ගන්න..එපමණක් නොවේ තවත් අතිවිශාල ශේත්‍ර ගණනාවකට විහිද ගිය අපගේ තාක්ෂණික වෙබ් අඩවිය දිනපතා යාවත්කාලීන වන්නේ ඔබ වෙනුවෙන්මයි..තාක්ෂණික වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය වෙබ් ලිපිනය දැන් ඔබට ඔබේ ජංගම දුරකතනයට ගෙන්වා ගන්න පුළුවන්..ඔබේ දුරකතනයට දිනපතා ලැබෙන වෙබ් ලිපිනය ඔස්සේ පමණක් වෙබ් අඩවියට පිවිසිය හැක..වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට පහත පියවර අනුගමනය කරන්න.දුරකතනයට ලැබෙන වෙබ් ලිපිනය ටයිප් කලයුත්තේ වෙබ් බ්‍රවුසරයේ ඇඩ්රස් බාර් එකේ පමණි.

Dialog දුරකතනකින් 

REG<හිස්තැනක්>TL ලෙස ටයිප් කර 77177 ට SMS කරන්න.

(Rs 2+tax p.day)
ඔබට ජය!

Saturday, January 16, 2016

හයිබ්‍රිඩ් කාර් එකක බැටරිය ගිණි ගන්නවාද?

  මෙය ගොඩක් දෙනෙකුට ඇති ගැටලුවක්.ඇත්තෙන්ම හයිබ්‍රිඩ් කාර් එකක බලසම්පන්න බැටරියක් තියෙනවා.එහි විශාල විද්‍යුත් ප්‍රමාණයක් ගබඩා කර තිබෙනවා.එවැනි හයිබ්‍රිඩ් රථයක් අනතුරට ලක් වුවහොත් මොකද වෙන්නේ..එහි විදුලි පරිපත ලුහුවත් වී ගිනිගැනීමට පුලුවන්ද?ඇත්තෙන්ම ඔබ ඒ ගැන බය විය යුතු නෑ.නිෂ්පාදකයන් මේ සියල්ල සැලකිල්ලට ගෙන තමයි එම රථ
නිර්මාණය කරලා තියෙන්නේ.බැටරියේ සිට පරිපථ වලට යන විදුලිය ගමන් කරන්නේ ප්‍රධාන ස්විචයක් හරහා.එය හයිබ්‍රිඩ් රථවල ඩිකියේ කුඩා තහඩු පියනකින් ආවරණය කර තිබෙනවා..


එය පහසුවෙන් විවුර්ත කල හැකියි.අනතුරක් හෝ අලුත්වැඩියා කරන අවස්ථාවකදී එම ස්විචය off කිරීම කල හැකියි.එවිට බැටරිය මගින් එන විදුලිය කපා හැරෙන නිසා ලුහුවත් වීමෙන් ඇතිවන ගිණි අවධානම නැතිවෙනවා..

ඔබට ජය!

Tuesday, January 12, 2016

හිරු එළියෙන් බැටරි චාර්ජ් කරමු..

       අපේ solar පාඩම් මාලාව ලබා ගත්තු අතිවිශාල ගණනක් තමන්ගේ නිවසට අතිරේක ක්‍රමයක් ලෙස විදුලිය අරන් ගොඩක් විදුලි බිල අඩු කර ගෙන ඇති බව මට දන්වලා එවල තිබුනා..මට පාසල් කීපයකම සිසුන් කියල එවල තිබුනා ගෙදරම හදා ගන්න පුළුවන් සුර්ය බැටරි චාජරයක් හදා ගන්න්න හැටි කියල දෙන්න කියලා..ඕන්න මම අද ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කරනවා..solar controller එකක් ලබා
ගන්න්න අපහසු අයට මෙය ඉතා වටිනවා..මමත් මේක කලින් පරීක්ෂණ කටයුතු වලට යොදා ගෙන සාර්ථක වුනා..අඩු මුදලට හදා ගන්න පුළුවන් වියද රු 200 ටත් අඩුයි.ඉතා සරල එකක් වුනත් මේක ස්වයංක්‍රීය එකක් බව කියන්න ඕනා..ගමේ නගරයේ වුනත් ඕනෑම ඉලෙක්ට්‍රොනික කඩේකින් මේ උපාංග ගන්න පුළුවන්.කුඩා වෙරෝ බෝර්ඩ් එකක අනවශ්‍ය පාත් අයින් කරලා පරිපථය ගොඩ නගන්න.ලබා දිය යුතු solar වෝල්ටීයතාවය 18 ක් විය යුතුයි.(වොට් 40-50) LM317 T එකට ඝනකම් ඇලුමිනියම් කැබැල්ලක් හීට් සින්ක් ලෙස දාන්නත් අමතක කරන්න එපා..මෙන්න පරිපථය..හදලා බලා කොමෙන්ට් කරන්න කෝ..
ඔබට ජය...

Saturday, January 9, 2016

පරිගණකයක් මිලදී ගන්නට පෙර ඔබ දත යුතු මුලික දේ..1


                       ඕනෑම භාණ්ඩයක් මිලදී ගන්නට යාමේදී එහි තත්ත්ව ය ගැන දෙවරක් සිතා බලා කටයුතු කරන්නක්‌ මෙන් පරිගණකයක් මිලදී ගැනීමේදී ද අප දෙවරක් සිතා බැලිය යුතුය.මන්ද යත් අපගේ අවශ්‍ය තාවයට නොගැලපෙන හෝ දෝෂ සහිත පරිගණක අප මිල දී ගතහැකි බැවිනි.එනිසා පහත උපදෙස් පරිගණකයක් මිලදී ගැනීමේදී වැදගත්වනු ඇත.
1.තමන් වැඩ කෙරීමට දන්නා මෙහෙයුම් පදතියක් අතුලු කළහැකි එකක්වීම.
2.අලුත් එකක් ද පැරණි එකෙක් ද යන වග.
3.අවශ්‍ය වන්නේ ලැප්ටොප් එකක් ද ඩෙක්ස්ටොප් එකක් ද යන්න.
4.තමන්ගේ අවශ්‍ය වැඩකටයුතු අනුව තොර ගැනීම.
තමන් වැඩකරන මෙහෙයුම් පද්දතිය අනුව තොර ගැනීම්.

widows Xp සඳහා තෝරාගන්න පරිගනකයක තිබිය යුතු අංග.

1.ප්‍රොසෙසරයේ වේගය අවම වශයෙන් 300MHz වත් විය යුතුය.
2.Ram ඒක 128MB හෝ ඊට වැඩි වීම.
3.4GB ට වැඩි දෘඩ තැටියක් සහිත වීම.
4.CD හෝ DVD දාවකයක් තිබීම.
මෙවැනි අඩු පහසුකම් ඇති නව පරිගණක නැති අතර භාවිතා කල පරිගණක මිලදීගත හැකිය,

windows vista/windows seven සඳහා තිබිය යුතු අංග.

1.ප්‍රොසෙසරය අවම ලෙස 1GB විය යුතුය.
2.Ram ඒක 1GB හෝ ඊට වැඩි වීම.
3.40GB ට වැඩි දෘඩ තැටියක් සහිත වීම.
4.128MB හෝ ඊට වැඩි ග්‍රැෆික් කාඩ් එකක් තිබීම.
5.DVD දාවකය තිබීම්.

ඊළඟ ලිපියෙන් හමුවෙමු..
ඔබට ජය.!!

Saturday, January 2, 2016

ගැසට් පත්‍රය ගෙදර ඉදන් බලමු..

 ලංකාවේ රජයේ රැකිරක්ෂා ඇතුළු වෙනත් ගැසට් නිවේදන නිවසේ සිටම නොමිලේ ලබා ගෙන කියවන ආකාරය අද මම ඔබට පහදා දෙමි.මේ නිසා තැපැල් කන්තෝරු ගානේ රස්තියාදූ වීමට ත් මුදල් ගෙවා පුවත්පත් මිලදීගෙන ගැසට් එක බලපු කාලයත් අවසාන කර ගත හැකියි.මෙහිදී වැදගත්ම කාරණය වන්නේ ඔබට පසුගිය ගැසට් ද පහසුවෙන්
බැලිය හැකි වීමය.2001 සිට මේ දක්වා සියලුම ගැසට් ඔබට
PDF ලෙස බාගෙන බැලිය හැක.එය සිංහල හෝ දෙමල වශයෙන් ද බා ගත හැක.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය නොමිලේ ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.නැතිනම් මම බ්ලොගයේ දකුණු පස දමා ඇති GOVENMENT GAZETTE යන ලින්ක් එක මත ක්ලික් කරන්න.

ඔබට ජය!