Sunday, April 24, 2016

ළගට ගියොත් දැල්වෙන LED බල්බයක්..

 ලෝකය නිතරම අලුත් වෙනවා අලුත් අලුත් ගැජට් නිර්මාණය වෙනවා..මා මීට පෙරත් මේ වගේ පොස්ට් එකකින් චලනයට සංවේදී වන LED බල්බයක් ඔබට හදුන්වා දුන්නා මතක ඇති.අද මම තවත් එවැනි වර්ගයේ LED බල්බයක් ඔබට හදුන්වා දෙනවා..මෙය ප්ලාස්ටික් වර්ගයේ LED බල්බයක්.කලින් මා හදුන්වා දුන් එකට වඩා මිලත් අඩුයි.මෙයත් කලින් බල්බය වගේමයි දවල්ට දල්වා තබන්න බැහැ.රෑට බල්බයට මීටර් පහක් හයක් ඈතින් කවුරු හරි ගියත් ඉබේම දැල්වෙනවා..CCTV කැමරා සවිකරගෙන ඉන්න
කට්ටියටනම් මේක නියම වැඩක්.මොකද CCTV කැමරා තියෙන ඉසවුවට කවුරු හරි රෑට ආවොත් බල්බය ඔබේම දැල්වෙනවා..එවිට හොඳ දර්ශනයක් CCTV කැමරා තුලින් ගන්න පුළුවන්..
කලින් බල්බයටත් මට ලබාදෙන්න බැරි තරම් ප්‍රමාණයක් ඇනවුම් ලැබුනා..වැඩ
ගොඩක් එක්ක සමහර අයට බල්බ නොලැබෙන්න ඇති.ඇනවුම් කල සැමට ඉක්මනින් බල්බ එවන්න කටයුතු කරමින් ඉන්නේ..ඔබ ඇනවුම් කරන පිළිවෙලට පමණක් බල්බ එවන බව කරුණාවෙන් සලකන්න.පහතින් දාල තියෙන බල්බය වොට් පහක එකක්.එය නිවසින් පිටත කොරිඩෝවට වගේම නිවස ඇතුලටත් ගැලපෙනවා..තරප්පු පෙලකටනම් හරිම අගෙයි..ඔබ ගමන් කරන තැන පමණක් බල්බය දැල්වෙමින් සෙසු ඒවා නිවී පවතීවි හරි අපුරූ නේද?..ඉක්මනින් ඇනවුම් කරන්න..පහත දාල තියෙන ෆෝම් එක පුරවා එවන්න..එය ලබා ගැනීමට මුදල් ගෙවන ආකාරයත් ඔබට ලැබෙන කාල වකවානුවත් Email මගින් දන්වනු ඇති.





Saturday, April 23, 2016

VCD යන්ත්‍රයක ඇතුළට අත දාමු..

VCD/DVD යන්ත්‍ර අලුත්වැඩියාවට ඔබ අත දමනවා නම් ඊට පෙර ප්‍රගුණ කල යුතු ප්‍රායෝගික කොටස් ගණනාවක් තිබෙනවා.ඒවා සියල්ල අපේ අලුත් වෙබ් එකෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන්.
ඉලෙක්ට්‍රොනික තාක්ෂනය ඉගෙන ගන්න ගොඩක් දෙනෙකුට වැදගත්වන තවත් ලිපි පෙළක පටන් ගැන්ම ලෙස මෙය ඔබට ගෙනෙනවා..VDC,DVD යන්ත්‍ර ඔබට නිතරම
අලුත්වැඩියාව සදහා ලැබෙනු ඇති.ඔබ එවැනි යන්ත්‍ර අලුත්වැඩියා කරන විට ඊට වෙනත් හානි නොවන ලෙස කටයුතු කිරීමට වග බලා ගතයුතුය.කේසින් එක ගලවන විට පවා සියලුම ඇන ගලවා ඇතිදැයි සැකහැර ගන්න.ඉදිරිපස කවරය සදහා ප්ලාස්ටික් ලොක් තිබෙන්නට පුළුවන.ඒවා කැඩී නොයන ලෙස ගැලවීමට වග බලා ගන්න.පහත දැක්වෙන්නේ ඔබට නිතර හමුවන OSAKI වර්ගයේ VCD යන්ත්‍රයකි.එහි ඇතුළත කොටස් හදුනා ගැනීමට පහත
රූපපෙළ භාවිතා කරන්න.








අපගේ නව වෙබ් අඩවියේ ලිපිනය SMS මගින් ඔබේ ඩයලොග් දුරකතනයට ගෙන්වා ගැනීමට REG හිස්තැනක් TL ලෙස ටයිප් කර 77177 ට SMS කරන්න.(Dialog දුරකථන සදහා පමණි.Rs 2+tax p.day.)

Friday, April 22, 2016

උණුසුම් වායු බැලුනයක් අහසට යවමු..

 පසුගිය කාලේ ලංකාවේ බැලුන් ගැන කතා කළා..ගොඩක් දෙනෙක්..අද අපි අපිටම කියලා ගෙදරම හදලා ගුවන් ගත කරන්න පුළුවන් බැලුනයක් හදන හැටි ඉගෙන ගනිමු.සාමානය පෙළ පන්තිවලදීත් මේ ආකාරයේ බැලුන හදන හැටි ඔයාල ඉගෙන ගෙන ඇති..ඉතින් මේ බලුනයේ අරමුණ ඔයාලට අලුත් ක්‍රමයක බැලුනයක් හදන්න හිතන්න දිරිගැන්වීමක් ලෙසයි මම ඉදිරිපත් කරන්නේ..මම හදපු හැඩයටම ඕනා නෑ..කොහොම හරි උණුසුම් වාතය පිරෙන විට සමබරව ඉහල යන විදිහට තිබුනාම ඇති..මේ සදහා ඔයාල දන්නා වෙසක් කොළ යොදා ගන්න පුළුවන්.ගොඩක් ලොකුවට හැදුවොත්
වැඩි ඉන්දන ප්‍රමාණයක් රැගෙන ඉහල යන්න පුළුවන්..කොහොම නමුත් ජනාකීර්ණ ප්‍රදේශ වලනම් මේ බැලුන යවන එක එතරම් හොඳ නැහැ..එමන්ම ගුවන් තොටුපල කිට්ටුව කිලෝමීටර් දහයක පමණ සීමාවේත් මේවා නොකළ යුතු දෙයක්.
බලුනයේ ඉන්දන ලෙස කපුරු පෙති කීපයක් හෝ පොල්තෙල් හා භූමිතෙල් පෙඟවූ පුළුන් බෝලයක් වුනත් කමක් නෑ..බර අඩුවන තරමට වැඩේ සාර්ථකයි..විශාල බැලුන හදන්න ගන්න විශේෂිත රෙදි වර්ග තිබෙනවා..නව නිර්මාණ ශීලීව ඔබටත් මිනිසුන් රැගෙන යාහැකි බැලුනයක් හදන්න පුළුවන් වුනොත් ඔබට අපුරු සංචාරක ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්..අපට ලියන්න ඕනෑම තාක්ෂණ දැනුමක් ඔබට දෙන්න අප සුදානම්..




Thursday, April 21, 2016

මදුරු මර්ධක වේපොරයිසරයක ඇතුල බලමු..

හවස පහ හය වෙනෙකොට ගොඩක් අය මදුරුවෝ තලන්න පටන්ගන්නවා..සමහර අය මදුරු දගර දල්වලා ටිකක් ගොඩයනවා..තවත් අය මදුරු මර්ධක වේපොරයිසර භාවිතා කරනවා..ඇත්තටම වේපොරයිසරයක මොකක්ද සිදුවෙන්නේ ඔබට එහෙම සිතුනේ නැද්ද..ඒ ගැන හැමෝටම දැන ගන්න ඔන්න මම අද පොස්ට් එකක් ගෙනාවා..
වේපොරයිසරය වැඩකරන්නේ ඉතාම සරල කර්මයකට.එහි ඇතුලත පෝසිලේන් අල්ලුවක් තුල කාබන් ප්‍රතිරෝධක යක් තිබෙනවා..එතුලින් විදුලිය ගලන විට එය රත් වෙනවා..එම රත්වූ තාපය මෘදු ලෝහ පටියට සන්නයනය වෙනවා..එන ලෝහ පටිය පෝසිලෙන් අල්ලුවේ මැද සිදුර වටා පිහිටා තිබෙනවා..එම සිදුරින් තමා මදුරු නාශකය අඩංගු බෝතලය සවිකරන්නේ..එම සිදුර හරහා ඇති කොටස රත්වෙනවිට බෝතලයේ ඇතුලත සිට ද්‍රාවනය ඉහලට පැමිණ වාෂ්ප වෙනවා..මේ සදහා කෙෂකර්ශනය නමැති සංසිද්දිය උදවු වෙනවා..සරල දෙයක් වුනත් කෙතරම් වැදගත් නිර්මාණයක්ද..ඔබට මෙයටත් වඩා හොඳ නිර්මාණ කරන්න පුළුවන් ඇති..සියල්ල අපට ලියන්න..ඔබේ නිර්මාණ වලට නිතරම වෙබ් එකේ ඉඩ දෙනවා..


Monday, April 18, 2016

ඈත වස්තු ළඟ ඉඳන් බලමු..

ඔබ පරිසරයට ආදරය කරන කෙනෙක්නම් සංචාරයට ලැදි කෙනෙක් නම් ඔබ සතුව බයිනොකියුලර් එකක් තිබීම ඉතා වැදගත්වේ.මෙය දෙනෙතියක් ලෙසද හැදින්වේ. දෙනෙතියකින් යම් දර්ශනයක් දෙස බලන විට එය පාර්ශ්වික අපවර්තනයට ලක්නොවී පෙනේ..එනම් වස්තුව ඒ අයුරින්ම පෙනේ..ඔබගේ සාමාන්‍ය කටයතු සදහා කිලෝමීටර් දහයක් දුර පැහැදිලිව පෙනෙන එකක් ප්‍රමාණවත්ය..එවැනි
බයිනොකියුලර් එකක් මම අද ඔබට හදුන්වා දෙමි.මෙය ඔබ ලබා ගැනීමට අදහස් කරන්නේ නම් පහතින් දැක්වෙන ෆෝරම් එක පුරවා එවන්න.මුදල් ගෙවන ආකාරය හා එය තැපැල් කරන ආකාරය email මගින් ඔබට දන්වනු ඇත.





Sunday, April 17, 2016

CD එකෙන් ඉන්ටර්නෙට් වේගය වැඩි කරමු..

  පසුගිය පොස්ට් එකකින් මා ඔබට ඩොන්ගල් එක සදහා ඇන්ටෙනාවක් හදන හැටි කියලා දුන්න මතක ඇති.අද මම ඔබට එවැනි සරල ක්‍රමයකින් ඩොන්ගල් එකක ඉන්ටර්නෙට් වේගය මදක්වැඩි කරන හැටි කියලා දෙන්නම්..මේ සදහා අවශ්‍ය වන්නේ භාවිතා වෙන් ඉවත් කල CD එකක්.ඊට අමතරව මේල් හා ෆීමේල් වර්ගයේ USB ඩේටා කේබල් එකක් ඕනා වෙනවා..USB කේබල් එකේ ෆීමේල් පැත්ත CD එකේ දිලිසෙන පැත්තට සිටින  පරිදි එහි මැද සිදුරින් යවා සවිකරන්න.ස්ථිරව සවිකිරීමට මල්ටිබොන්ඩ් වැනි ගම් එකක් යොදන්න.සිග්නල් අඩු ප්‍රදේශයකදී තරමක් හෝ ප්‍රභලව ඔබට සිග්නල් ලබා ගැනීමට හැකි වේවි.CD එකේ ඇති ලෝහ වර්ගයන් විද්‍යත් චුම්භක තරංග පරාවර්තනය කිරීම මෙයට හේතුවයි..


Wednesday, April 13, 2016

ඩොන්ගල් ඇන්ටෙනාවක් හදමු..

Make Mobile Broadband Booster Dongle Antenna
 ඔබ අන්තර්ජාලය භාවිතා කරනවා නම් ඔබ බොහෝ විට ඩොන්ගල් එකක් මගින් අන්තර්ජාලයට පිවිසෙනවා වන්නට පුළුවන්..නගරයෙන් ඈතට යන විට ක්‍රමයෙන් අන්තර්ජාල සේවා වල ගුණාත්මය අඩුවන බව ඔබ අත්දැකීමන් දැක ඇති.ඇතැම් ප්‍රදේශ වලට දුර්වල සිග්නල් නිසා නිසිපරිදි අන්තර්ජාල පහසුකම ලබා ගත නොහැකියි.එවන් අවස්තාවක තරමක් හෝ වැඩි කර සිග්නල් ඩොන්ගල වෙත ලැබීමට
සැලැස්විය හැකිනම් ඉහල අන්තර්ජාල වේගයක් ලබා ගත හැක.
අද මා ඔබට කියා දෙන්නේ එවන් ඇන්ටෙනාවක් ඉතාම අඩු මුදලට සකසා ගන්නා හැටිය.මේ සදහා මා භාවිතා කල ආකාරයේ දැල් සහිත පෙනේරයක් හෝ
ඇලුමිනියම් බේසමක්,පිඟානක් උනත් භාවිතා කරන්න පුළුවන්..පෙනේරයේ නම් එහි පාරාවලයික හැඩය නිසා ඉතා තියුණු ලෙස සිග්නල් ඩොන්ගලඌආ වෙත ලබා ගත හැක.
අවශ්‍ය ද්‍රවය
1.පෙනේරයක් හෝ ඇලුමිනියම් බේසමක්
2.අඟල් භාග ප්ලාස්ටික් බට කැබැල්ලක්.
3.මේල් හා ෆීමේල් වර්ගයේ USB ඩේටා කේබලයක් 
4.ආදාරකය සදහා ලී කැබැල්ලක් 
5.අඟල් 1 ප්ලාස්ටික් බට කැබැල්ලක්.

මා පිතුර වල දමා ඇති අන්දමට ඇන්ටෙනාව හදා ගන්න.ඉවතලන දේ භාවිතා කල හැක.අන්ටෙනාවේ මැද කොටසේ ඩොන්ගලය සවිකරන්න.ඇන්ටෙනාව සාදා අවසන් කර කෙලින්ම පරිගණකයට ඩොන්ගලය සවිකර අන්තර්ජාල වේගය පිරික්සන්න.දැන් ඇන්ටෙනාවට ඩොන්ගලය සවිකර වේගය පිරික්සන්න.ඇන්ටෙනාව සවිකළ විට වේගය වැඩි බව ඔබට පෙනේවි..