පසුගිය පොස්ට් එකකින් මා ඔබට ඩොන්ගල් එක සදහා ඇන්ටෙනාවක් හදන හැටි කියලා දුන්න මතක ඇති.අද මම ඔබට එවැනි සරල ක්‍රමයකින් ඩොන්ගල් එකක ඉන්ටර්නෙට් වේගය මදක්වැඩි කරන හැටි කියලා දෙන්නම්..මේ සදහා අවශ්‍ය වන්නේ භාවිතා වෙන් ඉවත් කල CD එකක්.ඊට අමතරව මේල් හා ෆීමේල් වර්ගයේ USB ඩේටා කේබල් එකක් ඕනා වෙනවා..USB කේබල් එකේ ෆීමේල් පැත්ත CD එකේ දිලිසෙන පැත්තට සිටින පරිදි එහි මැද සිදුරින් යවා සවිකරන්න.ස්ථිරව සවිකිරීමට මල්ටිබොන්ඩ් වැනි ගම් එකක් යොදන්න.සිග්නල් අඩු ප්‍රදේශයකදී තරමක් හෝ ප්‍රභලව ඔබට සිග්නල් ලබා ගැනීමට හැකි වේවි.CD එකේ ඇති ලෝහ වර්ගයන් විද්‍යත් චුම්භක තරංග පරාවර්තනය කිරීම මෙයට හේතුවයි..
No comments:
Post a Comment