Wednesday, April 13, 2016

ඩොන්ගල් ඇන්ටෙනාවක් හදමු..

Make Mobile Broadband Booster Dongle Antenna
 ඔබ අන්තර්ජාලය භාවිතා කරනවා නම් ඔබ බොහෝ විට ඩොන්ගල් එකක් මගින් අන්තර්ජාලයට පිවිසෙනවා වන්නට පුළුවන්..නගරයෙන් ඈතට යන විට ක්‍රමයෙන් අන්තර්ජාල සේවා වල ගුණාත්මය අඩුවන බව ඔබ අත්දැකීමන් දැක ඇති.ඇතැම් ප්‍රදේශ වලට දුර්වල සිග්නල් නිසා නිසිපරිදි අන්තර්ජාල පහසුකම ලබා ගත නොහැකියි.එවන් අවස්තාවක තරමක් හෝ වැඩි කර සිග්නල් ඩොන්ගල වෙත ලැබීමට
සැලැස්විය හැකිනම් ඉහල අන්තර්ජාල වේගයක් ලබා ගත හැක.
අද මා ඔබට කියා දෙන්නේ එවන් ඇන්ටෙනාවක් ඉතාම අඩු මුදලට සකසා ගන්නා හැටිය.මේ සදහා මා භාවිතා කල ආකාරයේ දැල් සහිත පෙනේරයක් හෝ
ඇලුමිනියම් බේසමක්,පිඟානක් උනත් භාවිතා කරන්න පුළුවන්..පෙනේරයේ නම් එහි පාරාවලයික හැඩය නිසා ඉතා තියුණු ලෙස සිග්නල් ඩොන්ගලඌආ වෙත ලබා ගත හැක.
අවශ්‍ය ද්‍රවය
1.පෙනේරයක් හෝ ඇලුමිනියම් බේසමක්
2.අඟල් භාග ප්ලාස්ටික් බට කැබැල්ලක්.
3.මේල් හා ෆීමේල් වර්ගයේ USB ඩේටා කේබලයක් 
4.ආදාරකය සදහා ලී කැබැල්ලක් 
5.අඟල් 1 ප්ලාස්ටික් බට කැබැල්ලක්.

මා පිතුර වල දමා ඇති අන්දමට ඇන්ටෙනාව හදා ගන්න.ඉවතලන දේ භාවිතා කල හැක.අන්ටෙනාවේ මැද කොටසේ ඩොන්ගලය සවිකරන්න.ඇන්ටෙනාව සාදා අවසන් කර කෙලින්ම පරිගණකයට ඩොන්ගලය සවිකර අන්තර්ජාල වේගය පිරික්සන්න.දැන් ඇන්ටෙනාවට ඩොන්ගලය සවිකර වේගය පිරික්සන්න.ඇන්ටෙනාව සවිකළ විට වේගය වැඩි බව ඔබට පෙනේවි..



No comments:

Post a Comment