Friday, October 19, 2012
අපට ඔන්ලයින් වෙළෙඳාම අහිමි ඇයි.??
නුතන ලෝකයේ මුදල් ගනුදෙනු කරන ප්‍රධාන ක්‍රමය ඔන්ලයින් වෙලෙදාමය.අතීතයේදී තම වෙළෙඳාම සිදුවුයේ පර්ශ්යව දෙකක් අතර භාණ්ඩ හුවමාරු වීමෙනි.එහෙත් අද ලොව පර්ශ්යව දෙකක් අතර ගනුදෙනු වන්නේ අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්රමයටය.මෙය නුතන ලෝකයට ගැලපෙන අතර වඩා වේගවත්ව භාණ්ඩ හුවමාරු කර ගත හැක.මෙහිදී භාණ්ඩ නිෂ්පාදකයා අපට කෙලින්ම මුණගැසෙන්නේ නැත.අප මිලදීගන්නා භාණ්ඩය ඉතා හොඳ තත්වයෙන් පවතින බවට අපටම තෝරා ගත හැකිය.ඒ විශ්වාශනීය වෙබ් අඩවි හරහා ගනුදෙනු කෙරීමෙනි.මෙසේ අපට ගනුදෙනු කළහැකි වෙබ් අඩවි විශාල ප්‍රමානයක් ඇත.ඒ හැම එකකට ම පාහේ අපට අන්තර්ජාතික බැංකු ගිණුමක් අවශ්‍යය.ඒ සඳහා වඩාත්ම විශ්වශනීය වන්නේ paypalය.මෙය හරහා ගනුදෙනු කිරීමේදී ක්‍රෙඩිට් කාර්ඩ් අවශ්‍යය.එහෙත් ඒම ක්‍රෙඩිට් කාඩ් එකේ තොරතුරු කිසිවක් වෙළෙන්දන්ට හෙළිවන්නේ නැත.
මෙහිදී ඇතිවන ගැටලුව වන්නේ අපට මෙම ක්‍රමය භවිතා කළනොහැක්කේ මන්ද යන්නයි.අවාසනාවකට මෙන් අපට paypal වලට මුදල් ගෙවීම කළහැකි වුවත් අපට එය හරහා මුදල් ලබාගත නොහැකිය.එනම් අපේ රටේ මුදල් රටින් පිට වනවා පමණක් වන අතර අප රටට මුදල් ගලා ඒමක් නැත.ශ්‍රී ලංකාවේ අයෙක් නව නිපැයුමක් අන්තර්ජාලයෙහි අලෙවියට තබා ඇතයි සිතමු.එය වෙනත් රටක සිටින අයෙක දැක මිලදී ගන්නට සුදානම් වී අපට මුදල් ගෙවන්නට paypal ගිණුමට අතුලුවනවිටම "මෙම ගිණුමට මුදල් යැවීමට ඔබට නොහැකි යි"යනුවෙන් පනිවිඩයක් ඔහුට ලබාදේ.එතැනින්ම ලංකාවට මුදල් ලැබීමට තිබු මහඟු අවස්ථාව නැතිවී යයි.එවිට ඔවුන් කරන්නේ paypal වෙතින් අදාළ භාණ්ඩය ලබා ගැනීමට වෙනත්රටක් වෙත යොමුවීමයි.මෙය අප රටට බලවත් පාඩුවකි.e money ක්‍රම වලට යොමුවී ඇති අප රටේ අයට මෙය මහා බාධාවකි.එපමණක්ද නොව ශ්‍රී ලාකේය භාණ්ඩ අලෙවියට ද බාධාවකි
.
paypal සමාගම් අම්රිකාවේ පිහිටි ආයතනයක් වුවත් ලෝකයේ රටවල් 190ක් පමණ ඔවුන් හා ගනුදෙනු කරති.ඒ අතරින් රටවල් කීපයකට තවමත් මුදල් ලබාගැනීමේ පහසුකම ලබාදී නැත්තේ එම රටවල් අනුගමනය කරන දැඩි මුල්‍ය ප්‍රතිපත්ති නිසා බව paypal සමාගම පවසයි.මෙහිදී ශ්‍රී ලංකා මහබැංකුවට විශාල කාර්යයක් ඉටු කෙරීමට ඇත.එනම් paypal සමාගම හා සාකච්චා කර තම අන්තර්ජාතික මුල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කර ලංකාවටද paypal සහාය ලබා ගැනීමට කටයුතු කෙරීමය.එවිට අපට දකුණු අසියාවේ අයෙශ්චර්යමත් රටක් කරා යන ගමන තවත් වේගවත් වනු ඇත.
ඔබට ජය!!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment