අන්තර්ජාලය මගින් අප ජීවන රටාව අතිෂයින් වේනස් කර ඇත.යම් කර්ර්යයක් සිදු කෙරීමට ගතයුතු වෙහෙස අඩු කෙරීම සඳහා අන්තර්ජාලය අද අපට මිතුරෙකු වී සිටි.අදින් දශක යකට පමණ පෙර අප අනුගමනය කල ක්‍රම වලට වඩා අතශයින් වෙනස් පිළිවෙතක් අද අන්තර්ජාලය භාවිතා කරයි.අන්තර්ජාලයේ විවිද පැතිකඩ තිබුනද google වෙතින් ලද දායාදය ඒ හැම එකකම පාහේ දක්නට ලැබේ.අද google යන වචනය කෙතරම් ප්‍රචලිත ද යන්න පෙනෙන්නේ ඔක්ස්ෆෙර්ඩ් ශබ්දකෝෂය මගින්ද google ගැන කෙරුණු විග්රහයයි.එහි සඳහන් වන්නේ අන්තර්ජාලයේ තොරතුරු සෙවීමට නම් google වෙත යායුතු බවයි.
ලෝකයේ හොඳම සෙවුම් යන්ත්‍රය සොයාගත්තේ ලැරී ජේජ් හා සර්ජි බින්ය.ඔවුන් ගේ සැලසුමේ
ප්‍රතිපලයක් ලෙස අද අප භාවිත කරන google සේර්ච් එන්ජිම බිහිවී තිබේ.මෙම සියල්ල ගණිතමය ක්‍රම තුලින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.එය උපන්දා සිට google ගෙන ආ සම්ප්රදායකි.
එකේ ඉලක්කමට බින්දු සියයක් එක්කලවිට ලැබෙන ඉලක්කම ගණිතයේදී අප googol ලෙස හදුන්වමු.තම සේර්ච් එන්ජිම මගින් එවන් වෙබ් පිටු ප්‍රමාණයක් පීරා බලන බව කියවෙන වචනයක් ලෙස google නිර්මාපකයෝ කතිකා කළහ.එය වඩාත් හුරුබුහුටි ලෙස ගත්විට google යන වචනය ඔවුන් තනා ගත්හ.google ට අදායම ලැබෙන ප්‍රදාන ක්‍රමය වන්නේ වෙළෙඳ දැන්වීම්ය.මුලින් ඔවුන් තම සේර්ච් එන්ජිම හරහා දැන්වීම් පළකර අදායම් ලබා ගැනීමට උත්සාහ කල ද එය තරමක් අසීරු විය.එහෙයින් වඩාත් ඵලදායී ක්‍රමයක් කෙරෙහි ඔවුන් කල්පනා කළහ.එහිදී පාරිභෝගිකයාට රුචි මාතෘකාවට අදාලව වෙලෙඳ දැන්වීම් පෙන්වීමෙන් විපුල ඵල නෙලා ගත හැකි බව google දැන ගත්තේය.google adsense ඔවුන් ඒ සඳහා නිර්මාණය කල තාක්ෂණයයි.එනම් අප යම් වෙබ් පිටුවක phone ගැන සොයයි නම් ඔවුන් අපට දිස්කරවන වෙළෙඳ දැන්වීම phone හා සම්බන්ද එකකි.මෙය සම්පුර්ණයෙන්ම ස්වයන්ක්‍රීයව සිදුවන්නකි.එහිදී එම දැන්වීම සහිත පිටුව පෙරලන විට දැන්වීම් අයිතිකරු googale වෙත ගාස්තු ගෙවිය යුතුය.මෙහිදී අප විසින් වෙබ් අඩවියක් සදා එහි අර්ථයට සබැඳිව දැන්වීම් ප්‍රදර්ශනය කල හොත් google සමාගම එම වෙබ් අඩවියේ අයිතිකරුට ද කොමිස් මුදලක් ගෙවයි.අන්තර්ජාලයෙන් මුදල් යිපයීමේ ක්‍රමයක් ලෙස e money වලදී ඉගැන්වෙන්නේ මෙයයි.
පහත දක්වෙන්නේ google අපවෙත නොමිලේ ලබාදෙන සේවාවන් කීපයකි.
1.Google calender-එදිනෙදා කටයුතු ලියා තබන්නට දින පොත් අවශ්‍ය නැත.අනාගත අවශ්‍යතා ද මෙහි ලියා තබන්නට පුළුවන.
2.Google docs-ලියකියවිලි පොත් පත් තැනින් තැන ඔසවාගෙන ගොස් භාවිතා කල යුතු නැත.
3.Google reader-තමන් රුචි වෙබ් අඩවි එකතැන සිට කියවිය හැකිය.
4.Google maps-සිතියම් පෙරලමින් තැන තැන යායුතු නැත.
5.Google blogger-වෙබ් අඩවි ඕනෑම තරමක් නොමිලේ සදා අන්තර්ජාලයට සැනෙකින් එක්කල හැකිය.
6.Google translator-වෙනත් භාෂා වලින් ඇති වෙබ් අඩවි තම භාෂාවට පෙරලදෙයි.
Google මෙතරම් දුරක් ආවේ හිටිපයින් ම නොවේ.එය පියවරෙන් පියවර ආ ගමනකි.කොටින්ම කියතොත් Google මුලින්ම උපන් සර්වරය පිහිටා තිබුනේ කැලිපෝනියාවේ මෙන්ලෝපර්ක්හි කුලියට ගත් ගරාජයකය.
No comments:
Post a Comment