Friday, November 30, 2012
බ්ලොග් එකට එන කට්ටිය මදිද?..
අපේ යාලුවෝ ගොඩ්ක් අය බ්ලොග් හදලා හරි සතුටුයි..නමුත් බ්ලොග් එකට එන සෙනග අඩුයි කියලා එයාලා නිතර කියනවා ..ඒකට හේතු කීපයක් තියෙන්න පුළුවන්.
1.හොඳ නැගල යන ලිපි පල නොවීම.
2.SEO භාවිතා නොකිරීම.
3.නිතරම වැඩි පිරිසක් බලන බ්ලොග් එකකට ඔබේ බ්ලොගය ඇතුලත් නොකිරීම.
4.නිතර බ්ලොගය යාවත්කාලීන නොකිරීම.
මෙවැනි කරුණු හේතුවෙනවා එයට..ඉතින් මම අද කියලාදෙනවා ඔබේ බ්ලොගයට සට සට ගලා සෙනග ගෙන්වා ගන්න හැටි.කරන්න තියන්නේ මෙච්චරයි.www.geegain.com//වෙත පිවිස එහි ගිනුමක් හදාගන්න.ඊට පස්සේ එහි add blog කියන link එක ක්ලික් කරන්න.එවිට ඔබට ලැබේවි form එකක් ..එය නිවැරදිව පුරවන්න.මුර පදයක් ද ලබාදී සෙන්ඩ් කරන්න.ඔබේ බ්ලොගය පරීක්ෂා කරමින් ඇතිබව දන්වනු ඇති.තවත් ඔබ දෙයක් දැන ගත යුතුයි.එම form එක පුරවද්දී ඔබට ලබාදෙන බැනර් කොටස ඔබගේ බ්ලොගයේ මුල් පිටුවේ පිහිටුවන්න.එය ඔබ එම බ්ලොගයට කරන විශාල උපකාරයක් බව කිව යුතුයි.ඔවුන් ඔබේ බ්ලොගය geegain වෙත ඇතුලත් කල පසුව ඔබ පලකරන post ඉබේම එම බ්ලොගයේ ප්‍රදර්ශනය වනු ඇත.එය දකින එම බ්ලොගය නරබන අය පහසුවෙන් ඔබේ බ්ලොගයට පැමිණෙනු ඇත.කොහොමද ?...නියමයිනේද?
ඔබට ජය!
Friday, November 23, 2012
අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම.
අන්තර්ජාලය පරීක්ෂා කරබලනවිට දිනපතා Emoney ක්ෂේත්‍රය දෙසට යොමු වන පිරිස වැඩිවන බවක් පෙනෙන නිසා කවුරුත් අමාරුවේ නොවැටී මෙමගින් මුදල් උපයන අයුරු මම ඔබට ටිකෙන් ටික පහදා දීමට බලාපොරොත්තු වෙමී.
01.අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකිද?
අපට අන්තර්ජාලය හරහා නීත්‍යානුකූලව නිවසේ සිට මුදල් උපයන්න පුලුවන්.නමුත් එය ඉතා කල්පනාකාරීව කලයුතු වැඩක්..නැතිනම් මුදලත් කාලයත් දෙකම නාස්තිවේ.
02.අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
අප රැකියාවක් කරන්නේ ඇත්ත වශයෙන්ම ප්‍රධානවශයෙන්ම බඩවියත රැකගැනීමටයි.ඒ සඳහා අප විවිධ උපක්‍රම භාවිතා කරමු.ඇතමුන් ගිනියම් අවුවේ මහවරුසාවේ දහදිය හෙලමින් වෙහෙසෙන්නේ තම ජීවිකාව ගෙනයාමට යම් මුදලක් සොයාගැනීමටයි.එහිදී ගත වෙහසා වැඩකර මුදල් උපයාගන්නක් මෙන් මෙහිදී තම මොලය වෙහෙසා වැඩකර මුදල් උපයා ගැනීම සිදුවේ.
03.අන්තර්ජාලය තුළ මුදල් ඉපයීමට භාවිතා කළ හැකි ක්‍රම මොනවාද?
1. Forex - ජාත්‍යන්තර කොටස් වෙලද පොලේ ආයෝජනය කිරීම තුලින්.
2. Affiliate Marketing - අන්තර්ජාලය හරහා තැරව්කරුවකු වීම.භාණ්ඩ හා සේවා හදුන්වාදිම වෙනුවෙන් යම්කිසි කොමිස් මුදලක් ඉපයීම හෝ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගෙන එය වැඩි මිලකට විකිණීම තුලින් මුදල් ඉපයීම.
උදා: - Ebay,Clickbank,Webhost Reseller.....
3. PTC Sites(Bux) -
4.PPC Sites - තමාගේ වෙබ් හෝ බ්ලොග් අඩවියේ වෙබ් අඩවි වලින් ලබාදෙන දැමීම තුලින් මුදල් ඉපයීම.
උදා: - Google Adsense,Adbright,Geegain......
5. Data Entry Jobs - මෙම වෙබ් අවවි වල ලියාපදිංචි වී ඔබට හැකියාව ඇති ඕනම ක්ෂේත්‍රයක Job ලබාගෙන ඒවා නිම කිරීම තුලින් මුදල් ඉපයීම.තම ආයතනයේ වැඩ කටයුතු සදහා විදේශ රටවලින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී වීසා,නවාතැන් පහසුකම්,විදේශ රැකියා ආයතන සදහා වැය වන මුදල් ආදිය වැය කිරීමට සිදු වන නිසාත් තම වැඩ කටයුතු වේගයෙන් හා අඩුම මුදලක් ගෙවා ඉහළ ගුණාත්මක භාවයකින් කර ගැනීමේ අරමුණින් විදේශ රටවල බොහෝ සමාගම් මෙම වෙබ් අඩවි වල ලියාපදිංචි වී තමන්ට නිමකරගත යුතු වැඩ මෙහි පල කරන අතර අපට එම වැඩ ලබාගෙන නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක.මෙවැනි අඩවි වල ඔබ ලියාපදිංචි වීමේදී කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article Writing,etc..)
උදා: -Odesk,Freelancers......
6. Mini Data Entry Jobs - ඔබට මහා පරිමාණයේ වැඩ නිම කළ නොහැකි නම් කුඩා ඉතා පහසුවෙන් නිම කළ හැකි නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක.(Facebook,Youtube,Gmail,etc..)
උදා: Microworkers,(සාර්ථක මුදල් ගෙවයි.)Minuteworkers,(තාවකාලිකව අඩපණ වී ඇති නිසා වැඩ කිරීමෙන් වලකින්න.)
7. කඩ්ඩෙන් කොටා මුදල් ඉපයීම - ඔබේ ඉංග්‍රීසි දැනුම ඉහළ නම් මෙය සිදු කළ හැක.මෙම වෙබ් අඩවි මගින් ලබා දෙන මාතෘකාව ඔස්සේ රචනා/ලිපි ලිවීම තුලින් මුදල් ඉපයිය හැක.(Article Writing)
උදා: iWritter....
iWritter මගින් මුදල් උපයන ආකාරය ඉගෙනගන්න මෙතනින් යන්න.
8. උත්සාහයෙන් මුදල් ඉපයීම - ඔබේ හැකියාව, උත්සාහය හා උනන්දුව මත මුදල් ඉපයිය හැක.ඔබට කිසිදු මෘදුකාංගයකින් වැඩ කිරීමට නොහැකි නම් මෙම ක්‍රමය හරහා මුදල් ඉපයිය හැක.ඊට අමතරව Odesk,Freelancers හරහා ඔබට ලැබෙන් Job ප්‍රමාණය අඩුනම් මෙම වෙබ් අඩවි හරහා විශාල ලෙස මුදල් ඉපයිය හැක.(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article Writing,Facebook,Youtube,Google+,Twitter,Blogger,Wordpress,etc...)
උදා: - Fiverr,Gigbucks....
Fiverr මගින් මුදල් උපයන ආකාරය ඉගෙනගන්න මෙතනින් යන්න.
Google Adsense Q & A......
1. Google Adsense කියන්නේ ?
Google Search Engine එක ව්‍යාප්ත වීමත් සමග Google Adword කියලා වැඩසටහනක් ආරම්භ කළා.Google Adword වෙත වෙලද දන්වීම් ලබාදිය හැකි අතර ඒවා Google Search Eninge එක ඔස්සේ ප්‍රචාරණය කරන ලදි.මේ තුලින් Google සමාගම විශාල මුදල් උපයන ලදි.ඒ අනුව මේ ආදායම තව තවත් වැඩි කරගැනීමේ අරමුණින් Google සමාගම තෝරාගත් ලෝකයේ හොදම වෙබ් අඩවි කිහිපයකට මෙම වෙලද දැන්වීම් ලබාදුන් අතර එම වෙලද දැන්වීම් ප්‍රචාරණය කිරීම වෙනුවෙන් එම වෙබ් අඩවි වලට මුදල් ගෙවන ලදි.ඒ Google Adsenseහි ආරම්භයයි.පසුකාලීනව ඕනම කෙනෙක්ට වෙබ් හෝ බ්ලොග් අඩවියක් සකසා ඊට Google සමාගමේ වෙලද දැන්වීම් ප්‍රචාරණය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හැක.ඒ අනුව එම වෙබ් බ්ලොග් අඩවියේ ගුණාත්මක භාවය සැලකිල්ලටගෙන ගූගල් සමාගම තම හවුලට එම වෙබ් අඩවිය එකතු කරගන්නවාද නැද්ද යන්න තීරණය කරයි.
2.Impression කියන්නේ ?
වෙබ් පිටුවකින් වෙබ් පිටුවකට යාමේදි එම වෙබ් පිටු අතර ස්ථානගත කර ඇති Ads Unit, Reload/Refresh වීමක් සිදුවේ.මෙසේ එම Ads Unit Reload වන එක වාරයක් Impression එකක් ලෙස සැලකේ.Google Adsenseහි ඇති විශේෂත්වය වන්නේ අපට ලැබෙන Impression ගණනනටත් මුදල් ගෙවීමයි.මීට අමතරව CTR යන පදයට සමාන පදයක් ලෙස යම් යම් තැන් වල භාවිතා කළත් එහි නියම අරුථ ඉහත අරුථයි.
3.CTR එක කියන්නේ ?
Impression හා Clicks අතර අනුපාතය ප්‍රතිශතයක් ලෙස ගත්තාම එයට CTR එක ලෙස හදුන්වනවා.Google Adsense සතු ඵලපුරුද්ද අනුව සාමාන්‍යයෙන් Impression 40කට එක Click එකක් Click වන බව ඔවුන් දනී.ඒ අනුව Impression 400කට Ad 10ක් Click විය හැකි බව ඔවුන් දනී.නමුත් Impression 400කට Ad 40ක් Click විය නොහැකි බව ඔවුන් දනී.ඒ අනුව CTR එක 8-10%කට වඩා වැඩි ගිණුම ව්‍යාජ ගිණුම් ලෙස සලකා ඒවා අවලංගු කරනු ලැබේ.එම නිසා සෑම විට CTR එක 5%ට වඩා අඩුවෙන් තියා ගන්න උත්සාහ කරන්න.
4.CPC එක කියන්නේ ?
ඔබගේ Impression හා Clicks අනුව Impression 1,000 කදී ඔබ උපයන මුදල CPC එක ලෙස ගණනය කර පෙන්වනු ලැබේ.මෙය $10-15 අතර තියේ නම් වඩා සුදුසුය.මොකද එවිට අපිට ඉහල ආදායමක් ලබාගත හැකි නිසාය.මෙය $10-15 අතරට ගැනීමට නම් ඔබේ එක Click එකකට ලැබෙන මුදල ඉහල අගයක් ගත යුතුය.ඇමරිකානු,යුරෝපානු,ඕස්ට්‍රේලියානු Click සදහා වැඩි මුදලක් ගෙවයි.ඔවුන් වැඩිපුර අපේ බ්ලොග් කරා ගෙන්වා ගත හැකි නම් හෝ ඔබට High Paying Key Words යටතේ ලිපි ලිවිය හැකි නම් ඔබට ඉහළ ආදායමක් ලබාගත හැක.
5.High Paying Key Words කියන්නේ ?
වැඩිම මිලකට විකිණෙන වෙලද දැන්වීම් වලට අදාල Keywords නිකුත් කරනු ලැබේ.මේවා සොයා ගැනීමට අවශ්‍ය නම් ඔබට Google Search කිරීම මගින් සොයාගත හැක.යම්කිසි කෙනෙක් වෙබ් පිටුවකට පැමිණි විගස එම විසිටර්ගේ රට සහ ඔහුගේ Cookies හරහා ඔහු සොයන ලද දේවල් ගැන සහ එම වෙබ් පිටුවේ අඩංගු වචන වලට ගැලපෙන ආකාරයට වෙලද දැන්වීම් දිස්වනු ඇත.එම නිසා අප කළ යුත්තේ High Paying Key Words යොදාගෙන ලිපි අපේ බ්ලොගයේ ලිවීමයි.
6.Google Terms මොනවාද?
Google Terms 18ක් තිබුණාට ඒවායින් ඔබ දැනගත යුත්තේ කිහිපයකි.ඕනම වෙලාවක ගිණුම අවලංගු කිරීමේ හැකියාව Google සමාගමට ඇති බව ආදී වැල්වටාරම් රාශියක් තිබෙනවා.නමුත් ඔබ දැන ගත යුත්තේ පහත නීති රීති පමණි.
A.ඔබට ඔබේම Ad Click කළ නොහැක.
B.මුදල් ගෙවා හෝ නොගෙවා Ad Click කරවා ගැනීම වරදකි.
C.Impression or Clicks ලබා දීමට බලකිරීම,ඉල්ලීම්/ආයාචනා කිරීම, වරදකි.එසේ සිදුකරන ලෙස ඉල්ලා Email යැවීම හෝ බ්ලොගයේ පලකිරීම වරදකි.
D.එකවර එක්කෙනෙක්ට Google Adsense ගිණුම් දෙකක් සක්‍රීයව තබාගත නොහැක.
ඔයාලට අවශ්‍යම නම් මෙතනින් යන්න.මේ බ්ලොග් එකේ කොලුවා දාලා ඇති ඇඩ්සෙන්ස් නීති රීති ටික සිංහලෙන්.
7. Google Adsense Disable වෙන්න හේතු මොණවාද?
ඉහත සදහන් කළ ඕනම නීතියක් කඩ කර ඒ බව Google Adsense විසින් හදුනාගතහොත් ඔවේ ගිණුම Disable වේ.
8.Google Adsense Disable වූ පසු නැවත ගිණුමක් සාදාගත හැකිද?
බොහෝ පිරිසක් තුල මතයක් තියෙනවා එක පාරක් Adsense Disable වුණා කියන්නේ ආයේ Adsense Disableවූ ගිණුමේ නමට,ලිපිනයට ආයේ ගිණුමක් ලබාගත නොහැකි බවයි.නමුත් එසේ නොමැත.ඔබේ ගිණුම Disable වූයේ නම් ඔබට නැවත Adsense වෙත අයදුම් කළ හැක.ඔබ කළ යුත්තේ අලුතින් Gmail ගිණුමක් සකසා හොද බ්ලොග් එකක් සකසා නැවත Adsense ඉල්ලීමයි.
9.Adsense ගන්න Toplevel/Full Domain එකක් ඕනද?
නැත.ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය හොදයි නම් ,blogspot.com/.wordpress.com ආදි වශයෙන් ඇති Subdomain වලටත් Adsense ගිණුම් හිමිවේ.
10.Adsense මගින් උපයන මුදල් ලංකාවට ගෙන්වා ගන්නේ කෙසේද?
ඔබේ ගිණුමේ $100 පිරුණු පසු ඔබේ නිවසටම චෙක් පතක් මගින් මුදල් එවනු ලැබේ.
11.Google Adsense මගින් කොපමණ මුදලක් ඉපයිය හැකිද?
Google Adsense හරහා ඔබ උපයන මුදල තීරණය වන්නේ ලැබෙන Clicks මතයි.ලැබෙන Clicks ගණන තීරණය වන්නේ බ්ලොගයට එන Visitorsලා ගණන අනුවයි.එම නිසා ඔබේ බ්ලොගයට පැමිණෙන විසිටර්ස්ලා ගණන අනුව තමා Earnings තීරණය වන්නේ.
12.බ්ලොගයට වැඩිපුර Visitorsලා ගෙන්වා ගන්නේ කොහොමද?
ඔබේ බ්ලොගයට පැමිණෙන විසිටර්ස්ලා ගණන ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය මත රදා පවතිනවා.කිසියම විසිටර් කෙනෙක් ඔබේ බ්ලොගයට ආපු ගමන් ඔහුට සිත් ඇදගන්නා සුලු පෙනුමකින් බ්ලොගය තියෙන්න ඕන.ඒ කියන්නේ හොද Template එකක් භාවිතා කරන්න ඕන.ඒ වගේම එහි අන්තර්ගත ලිපි තමාගේම විය යුතු යැයි මගේ මතය.මොකද එම ලිපි කියෙව්වාම එහි හරයක් ඇති බවත් ඉදිරියේදී තවත් හරවත් ලිපි පල විය හැකි නිසා නැවත මම මේ බ්ලොගයට පැමිණිය යුතුය යන ආකල්පය විසිටර් තුල ඇති කිරීමට ඔබ සමත් විය යුතුය.එය කිරීමට නම් හොද ලිපි ලියන්න ඕන.ඒ වගේම බ්ලොගයක් පටන් ගත් විගස අපි Traffic Sources Build කරන්න ඕන.
13.Traffic Sources Build කරන්නේ කොහොමද?
A.සෙවුම් යන්ත්‍ර වෙත ඔබේ බ්ලොගය ඇතුලත් කිරීම.
B.සමාජ ජාලා වෙබ් අඩවි වල ඔබේ බ්ලොගය ප්‍රචාරණය.
C.ඔබේ බ්ලොගය සින්ඩිකේටර වෙත ඇතුලත් කිරීම.
මීට අමතරව ගොඩාක් ක්‍රම තියෙනවා.ඒ ගැන අපි ඉදිරියේදී කථා කරමු.
14.සිංහල බ්ලොග් වලට Adsense දෙනවාද?
සිංහල බ්ලොග් වලට Adsense ලබා දෙන්නෙ නැත.ඒ අනුව ඔබ Adsense ගිණුමක් සාදා ගැනීමට අවශ්‍ය නම් ඔබ විසින් ඉංග්‍රීසියෙන් බ්ලොගයක් ලිවිය යුතුයි.
15.Adsense ගන්න මාස 06කට වඩා පැරණි බ්ලොගයක් තිබිය යුතුද?
නැත.මේක සීඝ්‍රයෙන් පැතිර ගිය කට කථාවක් පමණි.එම නිසා ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය හොදයි නම් ඔබට ඕනම අවස්ථාවක Adsense ගිණුමක් ලබා ගත හැක.
දැන් තේරෙනවා ඇතිනේ Adsense ගැන.මම දකින ආකාරයට ඔබ කිසිම කෙනෙක්ගෙන් Adsense ගිණුමක් මිලදි ගත යුතු නැහැ.ඔබ කළ යුත්තේ ඔබේම Adsense ගිණුමක් සාදා ගැනීමයි.මොකද ඔබම Adsense එක්ක ඔට්‍ටු වෙලා කිහිප වතාවක් Adsense Disable කරගෙන නැගිට නැගිට යන කෙනා තමා ජය ගන්නේ.එම නිසා කාටවත් සල්ලි ගෙවලා ගිණුම් හදා ගන්න ඕන නැහැ.සල්ලි දීලා ගිණුම් හදාගෙන Disable වුණාම Adsenseට බැනලා හරි යන්නේ නැහැ.ඔබ මේ සියල්ල කියවලා එකතු කරගන්නා දැනුම තුලින් අත්දැකීම් එකතු කරගන්න ඕන.ඒ සදහා ඔබ Adsense එක්ක ඔට්‍ටු වෙන්න ඕන.
ඔබට ජය!
Thursday, November 22, 2012
බ්ලොග් backlinks කියන්නේ මොනවාද?
අපි හිතමු බ්ලොග් එකක් තියෙනවා emoney ගැන හදපු ඉතින් අපි කොහොමද මෙ බ්ලොග් එකට Blacklinks හදාගන්නෙ කියලා .. අපි හිතමු අපි අදාල බ්ලොග් එකට පොස්ට් එකක් එකතු කරනවා emoney ගැන . දැන් අපි මෙයට සරල Blacklinks හදාගන්න නම් කරන්න ඔන . emoney ගැන වෙනත් සයිට් වල ෆොරම්ස් ලිවිම සහා අදාල ලින්ක් එකත් සමග වචන 8,10,20 අතර කමෙන්ට් දැමිමයි මෙයට තවත් traffic වැඩිකරගැනිමට අපිට ලිපියට අදාල ෆ්බ් ගෘප් වල සහා fan page වල පොස්ට් ලියන්න පුලුවන් කමෙන්ට් දාන්න පුලුවන්
බ්ලොගයට අදාල කරුනු ගැන ලියවෙන බ්ලොග් වලට කමෙන්ට් කරන්න පුලුවන් link එකත් සමග මෙතන Do-Follow And No-Follow කියලා දෙයක් තියෙනවා නමුත් මෙම දෙකම වැදගත් වනවා නමුත් Do-Follow link ගොඩක් වටිනවා .Do-Follow කමෙන්ට් කරන විට google page rank වැඩිවෙන්න බලපානවා නමුත් දෙකම සමානව යනතරමට තමා හොද කමෙන්ට් කරනවිට අදාල කරුන සම්බන්දව විස්තරාත්මක කමෙන්ට් දාන්න පුලුවන් නම් තමයි වඩාත් වැදගත් .. අපිට තවත් යලුවන්ගෙ බ්ලොග් සමග සැබදියාවන් ලබාගන්න පුලුවන් .
ඔබට ජය!
Monday, November 19, 2012
උපහාර ඉන්ටනෙට්
මොබිටෙල් ආයතනය විසින් විදුලි හා තොරතුරු තාක්ශණ අමාතයංශය හා සම්බන්ධව, රාජ්‍ය සේවකයන් සහ රජයේ විශ්‍රාමිකයන් වෙනුවෙන්, මව්බිම වෙනුවෙන් කෙරූ ඔවුන්ගේ සේවය අගයකරමින් හදුන්වාදෙනු ලබන අන්තර්ජාල පැකේජය; "උපහාර ඉන්ටනෙට්".
මාසික ගාස්තුව 299
නොමිලේ ලැබෙන දත්ත
මධ්‍යම රාත්‍රී 12- පෙ.ව.9.00 3 GB
පෙ.ව. 9.00 - මධ්‍යම රාත්‍රී 12 2 GB
අමතර භාවිතා කරන (දත්ත) සඳහා අය කිරීම 1MB සඳහා ශත 20
නැවත ලබාගත හැකි තැන්පතුව නොමිලේ
ඇතුලත් වීමේ ගාස්තුව (රු.) 1000
උපරිම වේගය (Downlink) 3.6 Mbps
උපරිම වේගය (Uplink) 1.98 Mbps
මූලික ණයවර සීමාව (රු.) 1000
ඩොන්ගල් මිල - උපහාර පැකේජය දැනටමත් ලබාගෙන ඇති රාජ්‍ය සේවකයන් සඳහා නොමිලේ
ඩොන්ගල් මිල - උපහාර පැකේජය දැනටමත් ලබාගෙන නෙමැති රාජ්‍ය සේවකයන් සඳහා (රු.) 1,490
වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.
ඔබට ජය!
මාසික ගාස්තුව 299
නොමිලේ ලැබෙන දත්ත
මධ්‍යම රාත්‍රී 12- පෙ.ව.9.00 3 GB
පෙ.ව. 9.00 - මධ්‍යම රාත්‍රී 12 2 GB
අමතර භාවිතා කරන (දත්ත) සඳහා අය කිරීම 1MB සඳහා ශත 20
නැවත ලබාගත හැකි තැන්පතුව නොමිලේ
ඇතුලත් වීමේ ගාස්තුව (රු.) 1000
උපරිම වේගය (Downlink) 3.6 Mbps
උපරිම වේගය (Uplink) 1.98 Mbps
මූලික ණයවර සීමාව (රු.) 1000
ඩොන්ගල් මිල - උපහාර පැකේජය දැනටමත් ලබාගෙන ඇති රාජ්‍ය සේවකයන් සඳහා නොමිලේ
ඩොන්ගල් මිල - උපහාර පැකේජය දැනටමත් ලබාගෙන නෙමැති රාජ්‍ය සේවකයන් සඳහා (රු.) 1,490
වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.
ඔබට ජය!
තොරතුරු තාක්ෂණය යනු කුමක්ද?
ඇමරිකානු තොරතුරු තාක්ෂණ ආයතනයේ (ITAA) අර්ථ දැක්වීමට අනුව “පරිගණක මත පදනම් වූ තොරතුරු පද්ධති, විශේෂයෙන්, මෘදුකාංග හා පරිගණක දෘඩාංග පිළිබද අධ්‍යයනය, සැලසුම් කිරීම, දියුණු කිරීම , ගොඩ නැංවීමට , උදව් කිරීම හා කළමනාකරණයයි. තොරතුරු තාක්ෂණය තොරතුරු පරිවර්තනය කරන , ගබඩා කරන , ආරක්ෂා කරන , සකසන , සම්ප්‍රේෂණය කරන සහ තොරතුරු ආරක්ෂිතව නැවත ලබා දෙන විද්‍යුත් පරිගණක හා පරිගණක මෘදුකාංග සමග සම්බන්ධ වේ.
වර්තමානයේ දී තොරතුරු තාක්ෂණය යන වදන පරිගණක විද්‍යාවේ හා තාක්ෂණයේ අංශ බොහොමයක් අයත් වන පරිදි ප්‍රසාරණය වී ඇත. තවද අන් කවර කලකටත් වඩා ප්‍රචලිත තත්වයට පත්ව ඇත. තොරතුරු තාක්ෂණය යන්න ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරයි. තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් මෘදුකාංග ස්ථාපනය කිරීමේ සිට සංකීර්ණ පරිගණක ජාල හා තොරතුරු දත්ත සමුදායන්
සැලසුම් කිරීම දක්වා වූ විශාල කාර්ය පරාසයක් ආවරණය කරයි. තොරතුරු තාක්ෂණය වෘත්තිකයන් ඉටු කරන කාර්යයන් අතරට දත්ත කළමනාකරණය , ජාලකරණය , ඉංජිනේරුමය පරිගණක දෘඩාංග, දත්ත සමූදායන් හා මෘදුකාංග නිර්මාණය කිරීම මෙන්ම සම්පූර්ණ පද්ධති කළමනාකරණය හා පරිපාලනය ඇතුළත් වේ. පරිගණක හා සන්නිවේදන තාක්ෂණය එකට එකතු වූ විට නිර්මාණය වන්නේ තොරතුරු තාක්ෂණය නැත්නම් “ඉන්ෆොටෙක්”ය. තොරතුරු තාක්ෂණය (IT), තොරතුරු නිෂ්පාදනයට , ක්‍රියාවෙහි යෙදවීමට, ගබඩා කිරීමට , සන්නිවේදනය කිරීමට හෝ ව්‍යාප්ත කිරීමට රුකුල් දෙන ඕනෑම තාක්ෂණයක් හැදින්වීමට යෙදෙන සමාන්‍ය වදනකි. තොරතුරු තාක්ෂණය ගැන කතා කිරීමේ දී සිතෙන්නේ එය පරිගණක හා තොරතුරුවල භාවිතය සමග බැඳී තිබෙන බවයි.
ඔබට ජය!
Friday, November 16, 2012
අඩුම මිලට ඉන්ටනෙට් ගන්න...
දැන් ලංකාවේ ජනගහනයෙන් 12%ක් පමණ අන්තර්ජාලය භාවිතාකරන බව නවතම සමීක්ෂණ පෙන්වාදෙනවා..බ්හුතරයක් දෙනා අන්තර්ජාලයට යොමුනොවන්නේ ඒ සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවෙයි කියාය..එහෙත් මොබිටෙල් සමාගම මගින් හදුන්වා දී ඇති උපහාර ඉන්ටනෙට් පැකේජයට මාසික ගාස්තුව රුපියල් 299කි.හොඳ වේගයක්ද සහිත නිසා ලංකාව වැනි රටකට එය වඩාත් වැදගත්වෙයි.ලංකාව පුරා වැඩි ව්‍යප්තියක් ඇති නිසා ඕනෑම ප්‍රදේශයක සිට උවද මෙම පහසුකම ලද හැකිය.මම ද භාවිතා කරන්නේ උපහාර පැකේජය සමග ලැබෙන ඉන්ටනෙට් සිම්පත වන අතර මාසික ගාස්තුව දුරකථන බිල සමග රුපියල් 1000ක ටත් වඩා අඩුය.වැඩි විස්තර ලබා ගැනීමට මෙතනින් යන්න.
ඔබට ජය.!
Monday, November 12, 2012
අලුත්ම මෙහෙයුම් පද්ධතිය windows 9
වසර 2015 දී Miceosoft ආයතනය සිය නවතම මෙහෙයුම් පද්ධතිය වන windows 9 එළි දක්වනු ඇති.විවිධ නව අංගෝපාංග රාශියක් සමගින් එන මෙම නව මෙහෙයුම් පද්ධතිය වසර 2010 සිටම සැලසුම් කල එකකි.Microsoft ආයතනය තම මෙහෙයුම් පද්ධතිය සකස් කෙරීම අරබ්න්නේ සාමාන්‍යයෙන් වසර පහක පමණ පෙර සිටය.මෙම නව මෙහෙයුම් පද්ධතිය windows Blue ලෙස හදුන්වනු ඇති.මේ සම්බන්දයෙන් micrisoft ආයතනයේ නිලධාරීන් ගේ විවිධ වෙබ් අඩවි පරීක්ෂා කලවිට මෙම අලුත් මෙහෙයුම් පද්ධතිය පිලිබඳ තොරතුරු අනාවරණය වෙයි.මෙහි windows8 හි ඇති මෙට්‍රෝ මුහුණුවර ඒ අයුරින්ම දක්නට ලැබෙනු ඇති.මෙම මෙහෙයුම් පද්ධතිය සමග මොබයිල් ෆෝන්,ටැබ්ලට් උපාංග පහසුවෙන් භාවිතා කල හැකි වනුඇත.තවත් විශේෂම කරුණක් වන්නේ මෙම මෙහෙයුම් පද්ධතිය මගින් අප කරනු ලබන වැඩ වල දත්ත තැන්පත් වන්නේ අප පරිගනකයෙහි නොව Microsoft සමාගම පිහිටුවා ඇති සර්වර් පරිගනකවලය.එනම් අපට ඕනෑම තැනකට ගොස් අදාළ කාර්ය සිදුකර ගත හැකිය.ඒ කියන්නේ ලොව ඕනෑම පරිගණකයකින් අපේ ඩෙක්ස්ටොප් එකට පිවිසිය හැකි බවය.එවිට මෙහෙයුම් පද්ධතියේ ෆයිල් ධාරිතාව අඩුකළ හැකි වන අතර අන්තර්ජාලය හරහා හෝ පෙන් එකක මගින් ලබාගෙන එය ස්ථාපිත කළහැකි වනු ඇති.
ඔබට ජය !
Saturday, November 3, 2012
බ්ලොග් එකේ නම දිග වැඩිනම් මෙන්න විසදුම..!
අද නොමිලේ වෙබ් අඩවි නිර්මාණයට මහත් උනන්දුවක් ඇතිවී තියෙනවා.අතින් සල්ලි වියදම් කරලා අවුරුද්දක් ගානේ බිලක් ගෙවන්න DOMAINS ගන්න පුළුවන්.නමුත් මම අද කියලාදෙන්නේ ඔයාලා දැනටමත් හදාගෙන වැඩකරන free blog එකේ නම කෙටි කරගන්න ආකාරයයි.
ඉතින් ගොඩක් අය blogger,worldpress,වගේ site තමයි නිතර භාවිතා කරන්නේ.මේ කුමන අඩවිය භාවිතා කර බ්ලොග් එක හැදුවත් තමන් යෙදූ බ්ලෝගයේ නමට පසුව .blogspot.com/.woldpress.com/කියල කෑල්ලක් එනවා.(උදා .www.myname.blogspot.com/)මේක මතක තියාගන්න ගියහම තමයි එපා වෙන්නේ.කොටින්ම කියනවනම් සුද්දෝ නම් ඔය blogspot.com කියන කෑල්ලට කැමතිම නැහැ.සුද්දෝ විතරක් නෙමේ කළු සුද්දොත් එහෙම තමයි.හැමෝටම ඕන අකුරු තුන හතරෙන් මතක තබාගන්න ඕන ඩොමේන් එකක්.
හරි..දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි..මෙහෙමයි කරන්නේ..මෙතනින් ගිහින් www.dot.tk බ්ලොග් එකට යන්න.අලුත් window එකක් විවුර්ත වෙයි.එකේ shorten url කියල tab එකක් ඇති, ඒක ක්ලික් කරන්න.එවිට ඔබ කෙටි කල යුතු URL එක ලිවීමට කොටුවක් එනු ඇති.එහි ඔබ දැනට භාවිතා කරන ඔබේ බ්ලොගයේ url එක සම්පුර්ණයෙන්ම ලියන්න.පස්සේ ඊට ඉදිරියෙන් තියෙන GO කියන එක ක්ලික් කරන්න.ඊට පසු පහලින් තියෙන කොටුවේ ඇති අකුරු මකා ඔබ කැමති බ්ලොගයේ නම දෙන්න.කැපිටල් වලින් එයි බය වෙන්න එපා.ඔබට මේ නම ඕනා මාස කියකටද කියල තෝරන්න පුළුවන්.එය මාස 12 ක් ලෙස දෙන්න.ඊට පසු පහලින් තියෙන varification code එක නිවැරදිව ලියන්න.පසුව sin up කියන බට්න් එක ක්ලික් කරන්න.ඔබේ නව URL එක පහලින් පෙනේවි..අපුරුයි නේද?
මෙහෙම කලාට ඔබේ පැරණි URL එකට කිසිම හානියක් වෙන්නේ නැහැ.දෙකෙන්ම බ්ලොග් එකට පිවිසිය හැකියි.
ඔබට ජය !
ඉතින් ගොඩක් අය blogger,worldpress,වගේ site තමයි නිතර භාවිතා කරන්නේ.මේ කුමන අඩවිය භාවිතා කර බ්ලොග් එක හැදුවත් තමන් යෙදූ බ්ලෝගයේ නමට පසුව .blogspot.com/.woldpress.com/කියල කෑල්ලක් එනවා.(උදා .www.myname.blogspot.com/)මේක මතක තියාගන්න ගියහම තමයි එපා වෙන්නේ.කොටින්ම කියනවනම් සුද්දෝ නම් ඔය blogspot.com කියන කෑල්ලට කැමතිම නැහැ.සුද්දෝ විතරක් නෙමේ කළු සුද්දොත් එහෙම තමයි.හැමෝටම ඕන අකුරු තුන හතරෙන් මතක තබාගන්න ඕන ඩොමේන් එකක්.
හරි..දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි..මෙහෙමයි කරන්නේ..මෙතනින් ගිහින් www.dot.tk බ්ලොග් එකට යන්න.අලුත් window එකක් විවුර්ත වෙයි.එකේ shorten url කියල tab එකක් ඇති, ඒක ක්ලික් කරන්න.එවිට ඔබ කෙටි කල යුතු URL එක ලිවීමට කොටුවක් එනු ඇති.එහි ඔබ දැනට භාවිතා කරන ඔබේ බ්ලොගයේ url එක සම්පුර්ණයෙන්ම ලියන්න.පස්සේ ඊට ඉදිරියෙන් තියෙන GO කියන එක ක්ලික් කරන්න.ඊට පසු පහලින් තියෙන කොටුවේ ඇති අකුරු මකා ඔබ කැමති බ්ලොගයේ නම දෙන්න.කැපිටල් වලින් එයි බය වෙන්න එපා.ඔබට මේ නම ඕනා මාස කියකටද කියල තෝරන්න පුළුවන්.එය මාස 12 ක් ලෙස දෙන්න.ඊට පසු පහලින් තියෙන varification code එක නිවැරදිව ලියන්න.පසුව sin up කියන බට්න් එක ක්ලික් කරන්න.ඔබේ නව URL එක පහලින් පෙනේවි..අපුරුයි නේද?
මෙහෙම කලාට ඔබේ පැරණි URL එකට කිසිම හානියක් වෙන්නේ නැහැ.දෙකෙන්ම බ්ලොග් එකට පිවිසිය හැකියි.
ඔබට ජය !
Thursday, November 1, 2012
සිංහලෙන් ටයිප් කරන්න ලේසිම ක්‍රමය 2
සිංහලෙන් ටයිප් කරන්න හිහිං මල පැනලා ඉන්න කට්ටියට තවත් ලේසිම ලේසි ක්‍රමයක් අද මම කියල දෙනවා..මේකට internet සම්බන්දය තියෙන්න ඕනා..මෙය google සමාගමේ නවතම හදුන්වාදීමක් බව කිව යුතුයි.සිංහල විතරක් නොවේ වෙනත් භාෂාවක් වුවත් ඉංග්‍රීසි භාෂාව භාවිතා කර ලේසියෙන් ලියා ගත හැකියි.ඔබේ පරිගණකයේ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කර තිබීම මෙයට අවශ්‍ය වෙනවා.ඔබේ පරිගණකයේ සිංහල අකුරු පේන්නේ නැතිනම් මෙතනින් ගිහින් සිංහල යුනිකෝඩ් බා ගෙන ස්ථාපනය කරගන්න.ඊට පසු ඔබේ පරිගණකය නැවත පන ගන්වන්න.දැන් google වෙත යන්න...දැන් එහි google transliteration sinhala යන්න ටයිප් කරන්න.දැන් අලුත් වින්ඩෝවක් ලැබේවි.එහි මුලින්ම ඇති කොටුවෙන් ඔබ කැමති භාෂාව තෝරන්න.sinhalese ලෙස.දැන් පහල තියෙන සුදු පාට කොටුවෙහි ඔබ කැමති වචනයක් සිංග්‍රීසි වලින් ටයිප් කරන්න.උදා .mama (මම )ලෙස.දැන් ස්පේස් බාර් එක ඔබන්න."මම "යන වචනය මතුවේවි. මේ විදිහට ලියන කොට,backspace කරන කොටත් අපට අවශ්‍ය වචන පෙළක් drop down menu එකක් ලෙසට මතුවේවි.එයිනුත් අපට අවැසි වචනය තෝරා ගත හැකියි.අපුරුයි නේද? මෙම වචන ලැබෙන්නේ සිංහල සම්මත යුනිකෝඩ් වලින් බව කිවයුතුයි.එය save කර ඕනෑම තැනක භාවිතා කලහැකියි.
ඔබට ජය.!
Subscribe to:
Posts (Atom)