Sunday, January 13, 2013

යලිත් ලෝකය විනාශවීමේ අවදානමක්.


ලෝකය විනාශවීමේ අවදානම පහව ගිය ලෙස අප සිතුවත් එය එසේ නොවන බව නසා විදුධරයන් පවසනවා..

මීටර් 325 ක විෂ්කම්භයකින් යුත්, අති දැවැන්ත ග‍්‍රහකයක් පෙරේදා (9) පෘථිවිය අසළින් ගමන් කළ බවත්, එම ග‍්‍රහකය යලිත් වරක් එනම් 2036 වසරේ අපේ‍්‍රල් 13 වැනිදා ආපසු පැමිණෙන විට එය පෘථිවිය සමඟ ගැටීමේ අවදානමක් පවතිනු ඇති බවත් ඇමෙරිකා සහ යුරෝපා විද්‍යාඥයෝ පෙන්වා දෙනවා.

එම ග‍්‍රහකය නම් කර ඇත්තේ ‘ඇපොපිස්’ යන නමිනි. ඇපොපිස් යනු ඊජිප්තු මිථ්‍යා කතාවලට අනුව නපුරට අධිපති දෙවියාය. ග‍්‍රහකය පෙරේදා ගමන් කළේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 14.5 ක් දුරිනි.

2004 වසරේ දී සොයා ගනු ලැබූ මෙම ග‍්‍රහකය ගැන යුරෝපීය අභ්‍යවකාශ ආයතනයත් ඇමෙරිකාවේ නාසා ආයතනයත් විමසිල්ලෙන් පසු වූ අතර, ග‍්‍රහකය නිරීක්ෂණය කිරීමේදී විද්‍යාඥයන්ට උපකාරී වූයේ අභ්‍යවකාශයේ ඈත රඳවා ඇති හේෂල් දුරේක්ෂයයි.


‘ඇපොපිස්’ ග‍්‍රහකය 2029 වසරේ දීත් 2036 වසරේදීත් යළි පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිතය. 2029 වසරේ දී ‘ඇපොපිස්’ ග‍්‍රහකය පෘථිවියේ හැපෙනු ඇතැයි
විද්‍යාඥයෝ මුලින් පැවැසූහ. 2029 දී ග‍්‍රහකය ගමන් කරනු ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර් 30,000 ක් ඈතිනි.පසුව ගණනය කිරීම්වලදී හෙළි වී ඇත්තේ එම ගැටුම 2036 වසරේ අපේ‍්‍රල් මාසයේ සිදුවනු ඇති බවය.

2036 දී ග‍්‍රහකයා තවත් පෘථිවියට සමීප වනු ඇති. ‘ඇපොපිස්’ ග‍්‍රහකය පෘථිවියේ ගැටුණහොත් නිසැකවම ලෝක විනාශය සිදුවනු ඇතැයි ද විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.
කෙසේ වෙතත් නසා විද්‍යාඥයන් පවසන්නේ මෙය අභ්‍යවකාශයේ දේ පරමාණු බෝම්බ යොදා විනාශ කල හැකිවනු ඇති බවය.නැතිනම් එහි කක්ෂය වෙනස් කර එය වෙනත් අතකට යොමු කෙරීමේ ප්‍රයත්නයක් ගැනද විද්‍යාඥයෝ දැන් කල්පනා කරති.ඒ සඳහා ද තව ඇත්තේ අවුරුදු 23කි.ඒ තරම් ඉක්මනින් එවැනි තාක්ෂණයක් දියුණුවනු ඇතැයි අපට සිතිය හැකිද?

‘ඇපොපිස්’ ග‍්‍රහකයට අමතරව තවත් ග‍්‍රහකයක් ලබන පෙබරවාරි 15 වැනිදා පෘථිවිය අසලින් යාමට නියමිතය. විද්‍යාඥයන් එය හඳුන්වා ඇත්තේ D.A. 14 යන නමිනි. ග‍්‍රහකවලට අමතරව වල්ගාතරු දෙකක් ද මේ වසරේ පෘථිවිය අසළින් ගමන් කිරීමට නියමිතය.

අභ්‍යවකාශයේ ගමන් කරන විශාල පාෂාණ කැබැලි ග‍්‍රහක යනුවෙන් හැඳින්වෙයි. සාමාන්‍යයෙන් ඉතා කුඩා ප‍්‍රමාණයේ ග‍්‍රහක කැබැලි නිරන්තරයෙන් පෘථිවියට කඩා වැටෙන අතර එසේ කඩා වැටෙන එම කැබැලි උල්කා සහ උල්කාෂ්ම යනුවෙන් හැඳින්වේ. පෘථිවියට තර්ජනයක් එල්ල වන්නේ දැවැන්ත ග‍්‍රහකවලිනි.

වල්ගාතරු එසේත් නැතිනම් ධූමකේතු නිර්මාණය වන්නේ සෞරග‍්‍රහ මණ්ඩලයේ ඈතින් ඇති, වායු කොටස් සහ දුවිලි අංශු අධික ලෙස සිසිල් වීමෙනි. මේවා සූර්යයාට ආකර්ෂණය වී, නිරන්තරයෙන් එය වටා ගමන් කරයි.  වල්ගාතරු දීප්තිමත්ව බබළන්නේ සූර්යයාගෙන් නිකුත්වන ආලෝකය පරාවර්තනය කරන නිසාය.

වල්ගාතරු ලක්ෂ ගණනක් හිරු වටේ ගමන් කරමින් ඇත. එහෙත් විටින් විට අපට පෙනෙන්නේ වල්ගාතරු 150 ක් තරම් සුළු ගණනකි වල්ගාතරුවක ‘වල්ගය’ ඇතිවන්නේ සූර්ය තාපය නිසා එහි වායු සහ දුවිලි පිටතට විසිරී යෑමේදීය.

No comments:

Post a Comment