ඔබ දැනටමත් අන්තර්ජාල සම්බන්දතාවය ලබා ගැනීම සඳහා ඩොන්ගල් එකක් භාවිතා කරනවා ඇති.නමුත් එය එක වර්ගයක සිම් පතක් පමණක් භාවිතා කළහැකි ලොක් වර්ගයේ එකක් ක් විය හැක.මෙය ඔබට අවශ්‍ය සිම්පතක් යොදා ක්‍රියාත්මක කළහැකි පරිදි එහි ලොක් එක ඉවත් කර ගන්නා අයුරු මම අද කියලා දෙනවා.හැබැයි ඔබ එකක් මතක තබා ගතයුතුයි.මෙම අන්ලොක් කිරීමත් සමගම ඔබ එය ලබාගත් සේවා දායකයා සමගින් පැවති වගකීම අවසාන වනාවා..
දැනට ලංකාවේ බොහෝවිට භාවිතා වන්නේ Huawei සහ ZTE යන ඩොන්ගල්ය.මේවා පහසුවෙන් අන්ලොක් කරගත හැක.ඔබට මෙලෙස ඩොන්ගල් අන්ලොක් කිරීමේදී ඉතා වැදගත් දෙයක් කිව යුතුයි. ඒ තමා ඔබ ඩොන්ගල් එක අන්ලොක් කරමින් සිටියදී හදිසියේ විදුලිය බිඳ වැටුනහොත් ඔබේ ඩොන්ගල් එක සදහටම භාවිතා කල නොහැකි පරිදි හානි විය හැකියි.එනිසා ඔබට UPSඋපකරණයක් නැතිනම් මෙලෙස අන්ලොක් කිරීම එතරම් ගුණ දායක නැත.
ZTE වර්ගයේ ඩොන්ගල් එකක් අන්ලොක් කරමු..
මේ සඳහා වෙබ් අඩවියක් භාවිතා කල යුතු වෙනවා.ඒ සඳහා මෙතනින් ගොස් වෙබ් අඩවියට ඇතුළු වන්න.එම වෙබ් අඩවියේ STEP1 ලෙස දැක්වෙන කොටුවට ඔබේ ඩොන්ගල් එකේ IMEI අංකය ඇතුලත් කරන්න.එය සොයා ගැනීමට ඩොන්ගලයට සිම් එක යොදන ස්ථානයේ අංක 15කින් යුතු අගය නිවැරදිව ලියාගෙන ඉහත දැක්වූ පරිදි ඇතුල් කරන්න.දැන් GET NCKයන්න ක්ලික් කරන්න.Unlok Code ලෙසින් කේත පෙලක්ම දිස්බනු ඇති.එය නිවැරදිව ලියා ගන්න.දැන් ඔබේ ලොක් ඩොන්ගල් එකේ ඇති සිම්පත ඉවත් කර වෙනත් ජාලයක සිම් පතක් ඇතුළු කර පරිගණකයට සම්බන්ද කරන්න.එවිට මද වෙලාවකින් ඔබේ ඩොන්ගල් එක විවුර්ත වී Unlok Code එකක් විමසනු ඇත.දැන් ඔබ ලියා ගත් අන්ලොක් කෝඩ් එක ලබා දෙන්න.එතන පටන් එම ඩොන්ගල් එක ඕනෑම ජාලයකට ඔට්ටු වනු ඇත.මෙහිදී පහත අංක දරන ඩොන්ගල් හා වෙනත් මාදිලිවල ඩොන්ගල් ද අන්ලොක් කලහැකිදැයි බලන්න. SFR 114, SFR 231, SFR 232, SFR 241, SFR 341, SFR 342, SFR 343, Orange Vegas, Vodafone India, T-Mobile Vairy Touch, ZTE A261+, ZTE X760, ZTE X761, ZTE X960, ZTE GX760, ZTE GX761, ZTE GR230 & Many more....
Huawei ඩොන්ගල් අන්ලොක් කරමු..
මේ සඳහා කලින් පරිදිම IMEI අංකය සොයා ලියා ගන්න.දැන් මෙතනින් අන්ලොක් වෙබ් අඩවියට යන්න.එහිHuawei modem/dongle unlok code calculator යනුවෙන් දැක්වෙන ස්ථානයට පහලින් කොටුවේ ඉහත IMEI අංකය ඇතුළු කර සබ්මිත් කරන්න.එවිට කොළ පාටින් අන්ලොක් කෝඩ් එක දිස්වනු ඇත.එයද නිවැරදිව සටහන් කරගෙන ඔබේ දොන්ගලයට වෙනත්ජාලයක සිම් එකක් ඇතුළු කර පෙර පරිදිම ඉහත අන්නලොක් කෝඩ් එක ලබා දෙන්න.දන ඔබේ ඩොන්ගලය අන්ලොක් වී ඇත.ඕනෑම ජාලයකට සම්බන්ද විය හැක.
ඔබට ජය!
No comments:
Post a Comment