Monday, April 22, 2013

විදුලි බිලට පාඩමක් උගන්වමු..

  හිටි අඩියේම ලංකාවේ විදුලි බිල ඉහලට නැන්ගේ අපුරු ආකාරයකටය.එය දැන් අපට දරන්නට බැරි ගනනට වැඩි වී ඇත.එහෙත් විදුලි බිල වැඩි වු පමනින් අපි‍ට අදුරේ සිටිය නොහැක.අද විදුලි බිල වැඩි වීමට ප්‍රධාන කරුන වන්නේ අපේම වරදකි.විදුලිය ඕනෑ තරම් ඇතිවිට එය අරපිරිමැස්මකින් තොරව භාවිතා කිරිම නිසා දැන් අපටම එහි විපාක ගෙවන්නට සිදුවී ඇත.
අප කෙතරම් කෑගැසුවත් විදුලි බල මන්ඩලය විදුලි ඒකකයක් සඳහා රුපියල් 35 ක මුදලක්
වැයකරන බව කියවේ.මින් පෙනෙන්නේ අප අපේම රටට ණය වන බවය.අපට අඩුවියදමකින් විදුලි පාරිභෝජනය කල හැකිව තිබියදී විශාල විදුලි ඒකක ගණනක් දවමින් අප කරණ විනාශය දැන්වත් නැවැත්විය යුතුය.
හෙටදින අඩවිය මගින් හදුන්වා දුන් LED විදුලි පහන් ඔබට භාවිතා කල හැකිනම් ඔබේ විදුලි බිල ගැන තවත් කරදර විය යුතු නැත.වොට් 5 ක LED බල්බයක් දිනකට පැය 6 බැගින් මාසයක් දැල් වුවත් ඔබට වැයවන්නේ ඒකක 0.9 ක විදුලි ප්‍රමාණයක් පමණි.ඔබ වොට් 100 ක සුත්‍රිකා පහනක් දල්වන විට එම විදුලි ප්‍රමානයෙන් වොට් 5 LED බල්බ 20 ක් දැල්විය හැක.බල්බ 20 ක් සාමාන්‍ය නිවසක එකවර භාවිතාවන්නේ කලාතුරකිනි.CFL බල්බ වලින් සැලකිය යුතු මට්ටමේ විදුලියක් ඉතිරි නොවේ.ඇරත් ඉහල මට්ටමේ ප්‍රමිතියකින් යුතු CFL නොයෙදුව හොත් තත්වය තවත් බැරෑරුම් විය හැක.

ප්‍රධාන විදුලිය ඇති නිවෙස් වලටත් සුර්ය විදුලිය.

 ප්‍රධාන විදුලිය ඇති නිවෙස් වලට ද සුර්ය ශක්තිය යොදා ගනිමින් නවතම ආකාරයේ විදුලි උත්පාදන ක්‍රමයක් හදුන්වා දීමට හෙටදින වෙබ් අඩවිය ළඟදීම කටයුතු කරනු ඇත.මෙම සුර්ය විදුලි කට්ටල පහසු ගෙවීමේ ක්‍රමයට ලබා දීමටත් භාවිතා කරන බැටරිය ඉතා දිගු කලක් යොදා ගත හැකි පරිදි එහි පරිපථය නවීකරණය කිරිමටත් අප බලා පොරොත්තු වෙමු.ලංකාව දැන් හිරු රශ්මියෙන් අඩු නැති රටක් වන නිසා සුර්ය විදුලිය වැනි විදුලි උත්පාදන ක්‍රමයක් අප රටට කාලෝචිතය.මෙම ක්‍රමය හදුන් වාදීමත් සමග සාමාන්‍ය නිවසක විදුලි බිල කලින් තිබුනාටත් වඩා අඩුවනු ඇත.
ඔබට ජය.!

No comments:

Post a Comment