LED නාම පුවරු සකස් කරන විට ඔබට ඇතිවන ප්‍රධානම ගැටලුවක් විදිහට මට කියන්නේ රාමුව හදා ගැනීම අපහසු බවයි.ඉතින් අපේ හෙටදින LED පැකේජ් එකේ නම් ඒක සරලව කියලා දීල තියෙනවා..තවත් අය වෙන කොහෙන්ද හොරට ගහපු පැකේජ අරන් මට කෝල් කරලා අහනවා කොහොමද රාමු හදන්නේ කියලා..ඉතින් හැමෝටම උදවුවක් විදිහට තමයි මේ
පොස්ට් එක දාන්නේ..මුලින්ම කියන්න ඕනා LED නාම පුවරුවට ඔබ රාමුව හදන විට එහි ප්‍රාමාණය ගැන සැලකිලිමත්විය යුතු බව.විශේෂයෙන් මිනුම් ඉතා නිවැරදිව ලබා ගත යුතු වෙනවා.නැතිනම් පැනල සවිකරන්න ගියාම මල පනිනවා..සෑම විටම වාගේ අඟල් තුනේ ඇලුමිනියම් බොක්ස් බාර් එක යොදා ගන්න.බලසැපයුම් වෙනත් තැනක සවිකරනවා නම් අඟල් තුන්කාලේ බොක්ස් බාර් එකෙන් රාමුව ගහන්න පුළුවන්.ගොඩක් අයට තවත් අවුලක් තමයි රාමුවේ මුල්ල හරියට හදා ගන්න බැරි එක..අංශක 45 ට නිවැරදිව කෙළවර කපා ගන්න බැරි වුනොත් කිරිබත් කෑල්ලක හැඩය ඇති රාමුවක් තමයි ලැබෙන්නේ..ඉතින් මම කියා දෙන්නම් ඒකටත් පහසු ක්‍රමයක්..ඔයාලා ඔය අංශක 45 ට මුල්ල කප කප ඉන්න ඕනා නෑ..පිට කොටුවේ බඩු ගෙන්න ගියාම එකට අවශ්‍ය ප්ලාස්ටික් කෝනර් ටිකක් අරන් එන්න.ඔබේ බොක්ස් බාර් එකට සරිලන ඒවා.එය භාවිතා කර ඔබට ඉතා පහසුවෙන් රාමුව හදා ගන්න පුළුවන්..මෙන්න මේ කඩේට ගියොත් ඔය කියන ප්ලාස්ටික් මුල්ල ගන්න පුළුවන්..Asian group,55 Maha vidyala mw,(barber street),colombo 13,0117400200
පහත රූප බලන්න අවුලක් ආවොත් කමෙන්ට් එකක් දාන්න..
ඔබට ජය!
Oyage blog eken godak dewal igena gaththa. Mama dakala thiyanawa double-side LED display hadala thiyanawa eka(only one) aluminium box bar ekak hari wena aluminium profile ekak use karala. Ema aluminium profile eka ganna thiyana thanak dannawanang apita kiyanna. Sthuthi.
ReplyDeleteMama balannang thanks.
ReplyDelete