Thursday, December 31, 2015
සුභ නව වසරක් වේවා....2016
Thursday, December 24, 2015
සුළං බල විදුලි ජනක නිර්මාණය
දිවයිනක් වන අප රටට සුළං බලය නොවඩුව ලැබෙන්නකි.දිවයින වටා පිහිටි වෙරළාසන්න කලාපයටත් කදුකර පලාත්වල බොහොමයක් ප්‍රදේශ වලටත් වර්ෂය පුරාම පවතින සුළං ධාරා පවතී.බලශක්ති හිගයකින් පෙලෙන අප වැනි රටක සුළං ශක්තිය මගින් විදුලිය ජනනය කර ගත හැකිනම් එය ඉතා වටිනා ක්රියාදාමයකි. නව තාක්ෂණික මෙවලම් අත්හදා බැලීම් කරන පාසල් සිසුන් හා තාක්ෂණික ආයතනවල සිසුන් අපගේ වෙබ් අඩවිය පරිශීලනය කරන බව අප වෙත දන්වා තිබුණි.ඔබට නව තාක්ෂණික මෙවලමක් ලෙසත් ඔබට ඕනා හැටියට වැඩිදියුණු කර භාවිතා කිරීමටත් සුළං බල විදුලි තාක්ෂනය අතින් අපරට තවමත් ළදරු අවස්ථාවේ සිටින බව කිව යුතුය.මහාපරිමාණ සුළං බලාගාර හැරුණු විට අපට ඕනා හැටියට භාවිතා කල හැකි නිවසට ගැලපෙන උචිත තාක්ෂණයෙන් යුතු සුළං විදුලි ජනකයක් අවම මිලකට නිපදවා ගැනීමට තාක්ෂණික දැනුම ලබා දුන් ආයතනයක් අවසනවාකට මෙන් අපට හමුවී නැත.
ඔබ වෙරළ ආසන්න කලාපයක හෝ සුළං ධාරා සහිත ප්‍රදේශයක වාසය කරන්නේ නම් සුළගට කෙතරම් කාර්ය කිරීමේ හැකියාවක් ඇතිද යන්න අත්දැකීමෙන්ම දන්නවා ඇත.විශාල සුළං බලාගාරයක් තැනීමට අධික මුදලක් වැයවේ.එහි නඩත්තු වියදමද ඉතා ඉහලය.නමුත් ඔබට පුද්ගලික පරිහරණයට සුළං බලාගාරයක් ඔබටම සකසා ගත හැකිනම් කෙතරම් අපූරුද?වර්ෂ 2012 දී අප විසින් අත්හදා බලන ලද සුළං විදුලි ජනකයක් සකසා ගන්නා අන්දම අපි ඔබට පියවරෙන් පියවර කියා දෙන්නෙමු..නිවසක පැය දෙක තුනකට හෝ ආලෝකය ලබා ගැනීමට සුළං විදුලි ජනකයකින් හැකිනම් ඔබට මාසිකව ඉතිරි වන ඉතිරිය කෙතරම්ද..ඇරත් තමා අතින් නිෂ්පාදනය කල උපකරණයකින් තාමටම මෙහෙයක් වන විට ඉන් ලැබෙන හැගීම, අනුන්ගේ විදුලිය භාවිතයෙන් අපට ලැබේද?
අප රට තවමත් විකල්ප විදුලි ශක්ති වලට යොමු වන්නේ අඩුවෙනි..ඛනිජ ඉන්දන වලින් අපට බලශක්තිය ලබා ගත හැක්කේ තව ඉතා කෙටි කාලයකි..පරිසරයත් රැකගෙන නව විකල්ප බලශක්ති වලට අපට යොමු වන්නට සිදුවන්නේ එබැවිනි..අපගේ අරමුණ ජනතාව අතරට නොයන තාක්ෂනය ඔබට තේරුම් ගතහැකි තාක්ෂණික භාෂාවෙන් කියා දීමය.ඒ සදහා අපගේ තාක්ෂණික වෙබ් අඩවිය වන techzonelanka තුලින් කොටස් වශයෙන් පලවන පාඩම් මාලා හදාරන්න..ඔබට මුදලට හෝ ලබා ගත නොහැකි අති විශාල දැනුම් සම්භාරයක් එම වෙබ් අඩවිය හරහා උගත හැක...එම වෙබ් අඩවියේ ලියාපදිංචියට පහත පියවර අනුගමනය කරන්න..
Dialog දුරකතනයකින්
REGහිස්තැනක්TL ලෙස ටයිප් කර 77177 ට SMS කරන්න.(දිනකට රු.2+බදු )
*ඔබට තාක්ෂණික වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය වෙබ් ලිපිනය දිනපතා SMS මගින් ලැබෙනු ඇත.
Tuesday, December 15, 2015
ජංගම දුරකථන අලුත්වැඩියාව ගෙදරින් පටන් ගමු.
අද අප රටේ ජංගම දුරකථන කෝටි 4ක් පමණ තිබෙනවා..ඒ කියන්නේ අවම වශයෙන් එක අයකුට දුරකථන දෙකක් තිබෙනවා..ඔබ භාවිතා කරන දුරකථනය කෙදිනක හෝ අක්‍රිය වී ඇතිද..එදින ඔබ පත්වූ අපහසුතාව කෙතරම්ද..ඔබත් දුරකථන අලුත්වැඩියාව ගැන දන සිටියානම් කෙතරම් ඉක්මනින් එය අලුත්වැඩියා කර ගනේමට තිබුනාද?ඔබට ජංගම දුරකථන අලුත්වැඩියාව ගෙදරින් පටන් ගන්න පුළුවන්..වර්තමායේ ඉතා ජනප්‍රිය ස්වයං රැකියාවක් ලෙස ද මෙය භාවිතා කල හැකියි..ඔබට ජංගම දුරකතන අලුත්වැඩියාවට කැමති අයකුනම් ඒ සදහා අද සිටම යොමුවන්න..
ඔබේ දැනුම වර්ධනය සදහා හෙටදින අඩවිය අපගේ සහෝදර තාක්ෂණික වෙබ් ආදිය හරහා නව තාක්ෂණික පාඩම් මාලා online ලෙස ඉගෙන ගැනීමට පහසුකම් ලබා දීල තියෙනවා..ඔබට දිනපතා කිසිම ආයතනයකින් නොලැබෙන අවම මිලකට දැනුම අපගේ techzonelanka වෙබ් අඩවිය හරහා ලබා ගත හැකියි.ඔබට එම වෙබ් අඩවිය සදහා පිවිසීමට දිනපතා වෙනස් වන වෙබ් අඩවියේ ලිපිනය භාවිතා කල යුතුවෙනවා..
ඔබට දැන් මෙම පාඩම් මාලා අපගේ වෙබ් අඩවිය හරහා ඉගෙන ගත හැක.
- LED බල්බ නිෂ්පාදනය.
- LED නාම පුවරු නිෂ්පාදනය හා ප්‍රෝග්‍රෑම් කිරීම
- LED වීඩියෝ තිර නිර්මාණය.
- CCTV කැමරා ස්ථාපනය හා ජාලකරණය.
- ජංගම දුරකථන අලුත්වැඩියාව.
- සුර්ය විදුලි ජනක නිර්මාණය
- සුළං බල විදුලි ජනක නිර්මාණය
වෙබ් අඩවියේ ලියාපදිංචියට පහත පියවර අනුගමනය කරන්න.
Dialog දුරකතනයකින්
REGහිස්තැනක්TL ලෙස ටයිප් කර 77177 ට SMS කරන්න.(දිනකට රු.2+බදු )
*ඔබට තාක්ෂණික වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය වෙබ් ලිපිනය දිනපතා SMS මගින් ලැබෙනු ඇත.
Monday, December 14, 2015
හිරු එළියෙන් දුරකථනය ආරෝපණය කර ගන්න.
තාක්ෂණික ලෝකයට නව මගක්
තාක්ෂණික දැනුමින් පිපාසිත සිය ගණනක් වූ Hetadna පරිශීලකයන්ට තවත් ඉතා වැදගත් නවාංගයක් අද එකතු කරනවා.වර්තමානයේ ඉතා ජනප්‍රිය අංගයක් වන්නේ නවතම ඉලෙක්ට්‍රොනික ගැජට් තම ප්‍රයෝජනයට ගැනීමට ජනතාව උනන්දුවීමයි.අපගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරන පහසු හා භාවිතය ඉතා පහසු නව නිර්මාණ වෙත ජනතාව ඇදීයන්නේ නිතනින්.ගොඩක් දෙනා මෙවැනි නව උපාංග භාවිතයට කැමති වුවත් එහි පවතින තාක්ෂණික පැත්ත ගැන නොදන්නා නිසා යම් අසීරුතාවට ලක්වෙනවා..අවාසනාවකට මෙන් මෙරට ජනගහනයෙන් ඉතාම සීමිත පිරිසකට පමණයි ඉලෙක්ට්‍රොනික දැනුම තියෙන්නේ.අප ගේ අරමුණ එවැනි දැනුම නැති හෝ දැනුම අඩු යට තාක්ෂණික දැනුම ලබා දී ඔවුන්ගේ කටයුතුවලට යම් සහයක් ලබා දීම.මෙලෙස නව උපාංග තමන්ට ලබා දෙන ලෙසත් ඒවා යේ තාක්ෂණික පැත්තද කියාදෙමින් ඒවා අඩුමිලට ලබා දීමට කටයුතු කරන ලෙසත් විශාල පිරිසක් මාවෙත දන්වා තිබුනා..ඉතින් අපි ඔබේ අරමුණ ඉටුකරන්නයි මේ සුදානම.අපත් සමහ දිගටම රැදෙන්න ..ඔබේ වැඩ කටයුතු වලට ගැලපෙන නව ගැජට් එහි තාක්ෂණික විස්තරද සමගින් සිංහල බසින්ම වෙබ් අඩවිය හරහා ලබා දීමට අප සුදානම්..
හිරු එළියෙන් phone charge කරමු
හරි ..ඔන්න පළමු ගැජට් එක අද මම හදුන්වා දෙන්නම්..මෙය සුර්ය බල දුරකථන චාජරයක්.මෙය හිරු එලිය හෝ විදුලි ආලෝකයෙන් වුවත් වැඩකරන එකක්.ස්මාර්ට් දුරකථන භාවිතා කරන අයට දුරකථනය එපා වෙන එකක් තමයි එහි බැටරිය ඉතා ඉක්මනින් බැසයාම.දුර ගමනක් ගියාම දුරකතනයේ බැටරිය බැසගියාම ඔබ පත්වන අසීරුතාව අමුතුවෙන් කියන්න ඕනා නෑ..එම ගැටලුවට සාර්ථක විසදුමක් ලෙස මා ඔබට සුර්ය බල දුරකථන චාජරය හදුන්වා දෙනවා..එහි ඇතුලත ලිතියම් පොලිමර් අධි බල බැටරි දෙකක් සමාන්තර ගතව සවිකර තිබෙනවා,,හිරු එලිය ඇති විට සුර්ය පැනලය මගින් උපදින ශක්තිය මෙම බැටරි තුල ගබඩා වෙනවා..දුරකථනය ආරෝපනය කරන්න පුළුවන් තරම් එහි බැටරිය ආරෝපණය වෙලා නම් චාජරයේ දැල්වෙන බල්බය කොලපාටයි.හිරු එලිය නැති වෙලාවට ඕන නම් මෙහි බැටරිය සාමන්‍ය දුරකථන චාජරයකින් ආරෝපණය කරන්න පුළුවන්.එහෙම චාජයකින් ආරෝපණය කරන විට එහි බල්බය රතුපාටින් දැල්වෙනවා..බල්බය දැල්වෙන්නේ නැතිනම් එහි බැටරිය බැස ගොස්.එය ආරෝපණයට යම් කාලයක් තැබිය යුතුයි.මෙවැනි සුර්ය බල චාජර් විවිධ වර්ග තියෙනවා..වෙනත් වර්ගත් පසුව ඔබට හදුන්වා දෙනවා.ස්මාර්ට් දුරකතනයක් නොවන වෙනත් එකක් මෙයින් ආරෝපණය කරන්න ඕන නම් ඩේටා කේබලයේ එක පැත්තක් USB හා අනික පැත්තේ ඔබේ දුරකතනයට ගැලපෙන ජැක් එකක් සහිත කේබලයක් අවශ්‍යයි.එය දුරකථන උපාංග අලවි සලකින් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්.එකම කේබලයේ ජැක් වර්ග 10 ක් විතර තියෙන යුනිවර්සල් කේබල් (universal phone charger cable)එකක් වුනත් ගැලපෙනවා..මෙම උපාංගයේ ක්‍රියාකාරීත්වය වීඩියෝ පාඩමින් අධ්‍යනය කිරීමට Techzonelanka.com වෙබ් අඩවියේ ලියාපදංචි වන්න.
mobile solar power bank 2600mah
capacity:2600mah
weight:120g
input:dc5v-0.5a
output:dc5.5v-0.8a
size:120*73*10(mm)
Rs 1490.00
3 months woranty
Rs 1490.00
3 months woranty
ගැජට් එක ලබා ගන්නා අයුරු
ඔබේ නිවැරදි නම හා ලිපිනය ඔබේ දුරකථන අංකය අවශ්‍ය ගැජට් එකේ නම සදහන් කර techzonelanka@gmail.com නමැති ලිපිනයට ඇනවුම එවිය යුතුයි..මුදල් ගෙවිය යුතු ආකාරය අප ඔබට email මගින් දන්වනු ඇත.තොග අවසන් වී ඇතිනම් නැවත එය ලබා ගත හැකි දින ගනනද ඔබට දන්වනු ඇත.
Thursday, October 29, 2015
සේයාට සිදුවූ දේ ඔබේ දරුවාටත් සිදුවිය හැකියි..
ඔබ විසින් දුක් දුක්මහන්සියෙන් හදා වඩා ගත් ඔබේ ආදරණීයන් හා ඔබත් නිතරම අනාරක්ෂිත වටපිටාවක ජීවත්වීමට සිදුවී ඇත.පසුගිය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම් වලින් ඒ බව මොනවට පැහැදිලි වේද?ඔබගේ නිවසේ සිටින දරුවන් පිළිබඳව ඔබ නිතරම ඇස ගසා ගෙනම සිටිය යුතුය.කොයි මොහොතකහෝ සිත් පිත් නැති පාපතරයකුට ඔබේ දරුවා ඊළඟ බිල්ල විය හැක.ඔබේ අදරනීයන් රැක බලා ගැනීමට දැන් ඔබට තාක්ෂනයේ පිහිට පැතීමට පුළුවන..ඔබ ට යම් අනාරක්ෂිත බවක් දැනේ නම් ඔබේ නිවසට cctv කැමරා සවිකර ගන්නා ලෙස හෙටදින තාක්ෂණික ආයතනය වන අපි ඉල්ලා සිටිමු.එහත් cctv කැමරා සවි කිරීමට විශාල මුදලක් වැය කරන්නට ඔබට සිදුවේ.නමුත් එය ඔබටම සවිකරන්නට හැකිනම් යන වියදම භාගයකටත් අඩුවෙන් ඔබට කර ගත හැක.
මෙරට පළමු වරට ස්වයං අදයන cctv කැමරා ස්ථාපන පැකේජ් හදුන්වා දුන්නේ අප විසිනි.එය පොතක් හා dvd එකකින් සමන්විතය.එම පාඩම් මාලා ලබා ගත් පිරිස අති විශාල ගණනකි.ඒ විරල අවස්තාව දැන් ඔබට නිවසේ සිටම අන්තර්ජාලය හරහා ද අදයනය කිරීමට අප පහසුකම් සපයා ඇත.ඒ අපගේ නවතම තාක්ෂණික වෙබ් අඩවියෙනි.ඔබට අන්තර්ජාල සම්බන්ධතා නැතිනම් දුරකතනයෙන් වෙබ් අඩවියේ ලියාපදිචි වී ඉන්ටනෙට් කැෆේ එකකින් අපගේ වෙබ් අඩවියට පිවිස සියල්ල අදයනය කල හැක.වෙබ් අඩවියේ ලියාපදංචි වූ විට දිනපතා ඔබට sms මගින් වෙබ් අඩවියේ ලිපිනය දුරකතනයට ස්වයංක්‍රීයව ලැබෙනු ඇත.එම වෙබ් ලිපිනය වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්රස් බාර් එකේ ටයිප් කර වෙබ් අඩවියට පිවිසිය හැක.ඔබට වෙබ් අඩවියට පිවිසිය හැක්කේ එදිනට දුරකතනයට ලැබෙන වෙබ් ලිපිනයෙන් පමණි.
cctv කැමරා ස්ථාපනය පමණක් නොව තවත් තාක්ෂණික තොරතුරු ගණනාවක් අප වෙබ් අඩවියේ ඇතුලත්ය.(led බල්බ නිෂ්පාදනය,led නාම පුවරු නිෂ්පාදනය,led වීඩියෝ තිර නිර්මාණය,සුර්ය ශක්ති විදුලි ජනක නිර්මාණය,ජංගම දුරකථන අලුත්වැඩියාව,ඉලෙක්ට්‍රොනික පාඩම් මාලා,සුළං බල විදුලි ජනක නිර්මාණය ඇතුළු තවත් බොහෝ දේ ඇතුලත්ය.ලියා පදිංචියට පහත පියවර අනුගමනය කරන්න.
Dialog දුරකතනයකින්
REGහිස්තැනක්TL ලෙස ටයිප් කර 77177 ට SMS කරන්න.(දිනකට රු.2+බදු )
*ඔබට තාක්ෂණික වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය වෙබ් ලිපිනය දිනපතා SMS මගින් ලැබෙනු ඇත.
Saturday, September 26, 2015
ඔබගේ ආදරණීයන් රැක ගන්න..CCTV කැමරා ඔබම සවිකර ගන්න..
පසුගිදා ලංකාවේ සිදුවූ කුඩා දරුවන් සම්බන්ද සිදුවීම් දෙස බලන විට අපත් අපගේ දරුවනුත් අනාරක්ෂිත බවකින් යුතු බව ඔබට නිතැනින්ම පෙනී යනු ඇත.ඔබට සිදුවිය හැකි එවැනි අනතුරකදී ඉතා ඉක්මනින් විද්‍යාත්මක සාක්ෂි ලබා දිය හැකිනම් බොහෝ දුරට අපරාධ අඩු කර ගත හැක.දැන් වර්තමානයේ ඉතා ජනප්‍රිය ආරක්ෂක උපක්‍රමයක් වන CCTV කැමරා පත්ධතියක් ඔබේ නිවසට හෝ ආයතනයට සවිකර ගැනීමෙන් මෙවැනි උවදුරු වලින් බොහෝවිට ආරක්ෂා විය හැකි බව විද්වත් පිළි ගැනීමයි.එහෙත් CCTV කැමරා පත්ධතියක් සවිකිරීමට ඔබට විශාල මුදලක් වියදම් කරන්නට සිදුවේ.
නමුත් එවැනි පත්ධතියක් ඔබටම ස්ථාපනය කර ගත හැකිනම් ඔබට ඉතාම අඩු මුදලට එය සවිකර ගත හැක.ඒ සදහා අප ඔබට අත් වැලක් සපයන්නෙමු.CCTV කැමරා සවිකරන අන්දම හා එය අන්තර්ජාලයෙන් නැරඹීමට මෙන්ම ලෝකල් නෙට්වර්ක් එකක් ඔබට තිබේනම් ඒ හරහා නරඹන ආකාරයද පියවරෙන් පියවර
හැදෑරීමට ඔබට දැන් ක්‍රම දෙකක් අප සපයන්නෙමු.1.අන්තර්ජාලය හරහා අපගේ වෙබ් අඩවියෙන් ඉගෙන ගැනීම.
2.අපගේ ස්වයං අදයන පොත් හා DVD තුලින් ඉගෙන ගැනීම.
අන්තර්ජාලය හරහා අපගේ වෙබ් අඩවියෙන් ඉගෙන ගැනීමට අපගේ තාක්ෂණික වෙබ් අඩවියේ ලියාපංචි වන්න.මෙම වෙබ් අඩවියේ තවත් තාක්ෂණික දැනුම අති විශාල ප්‍රමාණයක් අඩංගු වේ.ස්වයං අදයන පැකේජ ගෙන්වා ගැනීමට හා වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට පහත දැන්වීම් අනුගමනය කරන්න.
ඔබට ජය!
Sunday, July 19, 2015
LED නාම පුවරු වලට කාලගුණික දත්ත ඇතුලත් කරන හැටි..
අපේ හෙටදින වෙබ් එකේ කස්ටිය ජයටම LED නාම පුවරු හදාලා කියල ආරංචියි..ගොඩක් දෙනා මගෙන් අහපු ගැටලුවකට තමයි අද පොස්ට් එක..අද මම කියලා දෙන්නම් ඔයාල සකස් කල TF වර්ගයේ CONTROLLER එකකට කාලගුණික දත්ත ඇතුලත් කරන විදිහ..මුලින්ම කියන්න ඕන මෙය කරන්න නම් ඔයාලට අදාල කාලගුණික සංවේදකයක් අවශ්‍ය වෙනවා..මේවා කොළඹ යුනිටෙක් එකෙන් ගන්න පුළුවන්..විශේෂයෙන් ඔයාල හෝටල් වගේ ඒවාට නාම පුවරු සකස් කරනවානම් මෙලෙස කාලගුණික දත්ත ඇතුලත් කර
තැබීමේ වැදගත් විය හැක.පහත රුප සටහන් වලින් බලන්න ඔබට එහි සංවේදක සවිකර ගත යුතු අන්දම පැහැදිලිව පෙනේවි.ඔබට තිබෙන්නේ නිවැරදි වයර් ටික තෝරා කාඩ් එකට නිවැරදිව පෑස්සීම පමණයි..දැන් සෙටින් වලින් ගිහින් මෘදුකාංගයෙන් ඔබට ඕනා හැටියට අදාළ දත්ත පෙන්වීමට සකසා තැබිය හැක.මෙන්න කරන හැටි..ඔබට ජය!
Monday, June 29, 2015
CCTV කැමරා වල රාත්‍රී පෙනීම වැඩි කරන හැටි..
ගොඩක් දෙනා මගෙන් අහල එවල තිබුනා අඩු TVL අගයක් දාපු CCTV කැමරා වල රාත්‍රී පෙනීම වැඩි කර ගන්නා අයුරු කියලා දෙන්න කියලා..ඕනා අද ඒ කට්ටියට පිළිතුර ලබා දෙනවා..මේක ඔයාලටම එකලස් කරන්න පුළුවන් පරිපතයක්.වෙරෝ බෝර්ඩ් එකක හෝ LED විදුලි පහන් නිපදවීමට ගන්නා PCB එකක් වුනත් වැඩේට ගැලපෙනවා..එය නිර්මාණ ශීලිව කරගන්නා එක ඔබට බාරයි..විශේෂයෙන් කියන්න ඕනා රාත්‍රී කාලයට CCTV කැමරාවට දැකීමට ආධාර වන පාරජම්බුල කිරණ ඉතා
හොඳින් තිබීම වැදගත්..එම පාරජම්බුල ආලෝකය අපේ ඇසට නොපෙනුනත් CCTV කැමරාවට නම් හොඳින් පෙනෙනවා..එමගින් තමයි අපට රෑට නයිට් විෂන් එක ලබා දෙන්නේ..මෙම උපාංගය පහසුවෙන් ගැලවිය නොහැකි කිසිවකුට නොපෙනෙන ලෙස සවිකිරීමත් වැදගත් වෙනවා..මෙය සවිකර ගැනීමට හොඳම උපකරණයක් තමයි FLASH LIGHT කේසින් එකක්.එය පිටකොටුවෙන් අඩු මුදලට ගන්න පුළුවන්..මම පහත දාල තියෙන පින්තුරේ කොටස් ටික අරගෙන වැඩේ සෙට් කරලා බලන්න..ඔබේ CCTV කැමරාවේ රාත්‍රී පෙනුම දෙගුණ වී පෙනේවී.
උපකරණ ලැයිස්තුව-
1.230V/6V Transformer 01.
2.1N4007 Diode -04
3.470 uf/25v cap -01
4.500 ohms pre set -01
5.100 ohms Resistor -01
6.10 ohms Resistor-19
7.IRLED -18
8.Vero board-01
ඔබට ජය!
Wednesday, June 17, 2015
වෙබ්-අඩවි ඉතිහාසය මෙන්න
CERN ආයතනයේ දී බර්නස්-ලී විසින් භාවිතා කරන ලද මෙම Nextcube CERN උපකරණ ප්‍රථම වෙබ් සර්වරය බවට පත් විය.
වෙබය සඳහා මුලික වශයෙන් පදනම් වු අදහස වන්නේ වර්ෂ 1980 දී ස්විට්ස්ටර්ලන්තයේ CERN හි දී ටිම් බර්නස්-ලී විසින් ENQUIRE (ඔහු කුඩා කල පරිහරණය කළ Enquire within upon Everything නමැති පොතට යොමුවක් ලෙස) නිපදවන ලද කාලය දක්වා ඈතක දිව යන්නකි. එකල මෙම අදහස වර්තමානයේ භාවිතා වන ක්‍රමවේදයෙන් සැලකිය යුතු වෙනසක් පෙන්වුවද එහි හරය තුළ පැවති අදහස් බොහෝදුරට එක හා සමාන විය. (ඉනුදු සමහරක් අදහස් බර්නස්-ලීගේ විශ්ව විසිරි වියමනට පසුව එළඹි අර්ථ විචාරණ (semantic) වෙබ ව්‍යාපෘතියේ ඒවා විය.
මින් අනනතුරුව 1989 දී ටිම් බර්නස්-ලී විසින් ENQUIRE සඳහා ද, යොමුවක් සහිතව තොරතුරු කළමණාකරණ ක්‍රමවේදයන් පිළිබඳව වඩාත් විස්තරාත්මක යෝජනා පත්‍රයක් ලියුවේය. එතෙකින් නොනැවතුණු ඔහු රොබට් කැලියන්ගේ සහයෝගය ද ඇතිව 1990 නොවැම්බර් 12 වැනි දා වඩාත් ක්රමානුකූල යෝජනා පත්‍රයක් ප්‍රකාශයට පත් කළේය. මෙහි ආදර්ශ භූමිකාව සපයන ලද්දේ EBT හි (Electronic Book Technology, බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ Institute for Research in Information and Scholarship ආයතනයෙන් පමණි) CERN ආයතනයෙන් වරපත් කරනු ලැබු Dynatext කියවනය මඟිනි. කෙසේ වුවත් Dynatext ක්‍රමවේදය සලකන ලද්දේ තාක්ෂණික වශයෙන් උසස් (HyTime ඇතුලත SGML ISO 8879:1986 අධිමාධ්‍ය (Hypermedia) දක්වා විස්තීරණය කිරීමේ ප්‍රධාන කොටස්කරුවෙකි), ඉතා මිල අධික සහ අනුචිත වරපත් කිරීමේ පිළිවෙතක් සහිත අධි ශක්ති භෞතික විද්‍යා ප්‍රජාව හා සබැඳි කටයුතු (HEP) සඳහාය. මෙහි එන එක් එක් ලේඛනයකට හා එක් එක් ලේඛනය භාවිතා කළ වාරයක් පාසා කිසියම් මුදලක් අය කරන ලදි.
ටිම් බර්නස්-ලී විසින් තැනූ NEXTcube උපකරණය ලොව ප්‍රථම වෙබ් සේවාදායකය ලෙස භාවිතා කරනු ලැබු අතරම, එය 1990 දී පළමු වෙබ් බ්‍රවුසරය වන world wild Web ලිවීම සඳහා ද භාවිතා කෙරිණි. 1990 අග භාගය වන විට බර්නස්-ලී ක්‍රියාකාරී වෙබයක් සඳහා අවැසි සියලුම උපකරණ නිමවා තිබිණි. පළමු වෙබ් බ්‍රවුසරය (මෙය වෙබ් සංස්කාරකයක් ද විය), පළමු වෙබ් සේවාදායකය හා පළමු වෙබ් පිටු එම ව්‍යාපෘතිය පිළිබඳ සියලු විස්තර දරයි.
1991 අගෝස්තු 6 දා ඔහු alt.hypertext පුවත් කණ්ඩායම වෙනුවෙන් වෙබ්-අඩවිය පිළිබඳව සම්පිණ්ඩයනක් ඉදිරිපත් කළේය. යුරෝපයෙන් පරිබාහිර ප්‍රථම සේවාදායකය 1991 දෙසැම්බරයේ දී SLAC හි දී නිමවන ලදි.
Hypertext හි ආරම්භයට හේතු පාදක වු තීරණාත්මක සංකල්පය ජනිත වුයේ 60 දශකයේ දී බ්‍රව්න් විශ්ව විද්‍යාලයේ hypertext Editing system ආදී පැරණි ව්‍යාපෘති සමඟය. මේ අතර ටෙඩ් නෙල්සන් හා ඇන්ඩ්‍රිව්ස් වෑන් ඩෑම්, ටෙඩ් නෙල්සන්ගේ Xanadu ව්‍යාපෘතිය හා ඩග්ලස් එන්ගල්බර්ට්ගේ මාර්ගගත පද්ධතිය (On line system) (NLS) විය. නෙල්සන් සහ එන්ගල්බර්ට් යන දෙදෙනාම පිළිවෙලින් වැන්නේවර් බුෂ්ගේ ක්ෂුද්‍ර සේයාපට මුලිකව තැනු "memex" හි අදහස් මඟින් පෙළඹවීමට ලක්විණි. මෙය 1945 දී රචිත "As we May Think" නමැති නිබන්ධනය මඟින් විස්තර කෙරී ඇත.
මතු සම්බන්දයි..ඔබට ජය!
Saturday, June 13, 2015
WIFI කතාවේ ඇත්ත කතාව..
දැන් ගොඩක් නගර වල WIFI ඇති කරමින් යනවා..ඔබත් එම ජාලයෙන් ප්‍රයෝජන ලබා ගෙන ඇතිනම් එහි මසකට ලැබෙන දත්ත ප්‍රමාණය ගැන දැන සිටීම වැදගත්ය.වීඩියෝ ආදිය නැරබීමෙන් මෙම දත්ත ප්‍රමාණය ක්ෂණිකව අවසන් වන අතර ඔබට EMAIL පරික්ෂා කිරීම ආදිය කල හැක.පහතින් දක්වා ඇති විස්තර හොඳින් මතක තබා ගෙන WIFI ජාලයේ රස විඳින්න.
මෙගා බයිට් 100 ක දත්ත ප්‍රමාණයකින් කුමක් කළ හැකි ද?
මෙවැනි දත්ත ප්‍රමාණයකින් ඊමේල් 1000 ක් බැලීම මෙන්ම MP3 ගීත 25 ක් Download කර ගැනීම හා වෙබ් අඩවි 300 ක්
නැරඹීම සිදු කළ හැක. (මෙම අගයන් සඳහන් කර ඇත්තේ අනුමානයන් පදනම් කරගෙන අතර සැබෑ ගණනයන් යම්තාක් දුරකට වෙනස් විය හැක) .බිට් 8 (b)=බයිට් 1 (B)
බිට් 1024 (b)=කිලෝ බයිට් 1 (KB)
කිලෝ බයිට් 1024 (KB)=මෙගා බයිට් 1 (MB)
මෙගා බයිට් 1024 (KB) =ගිගා බයිට් 1 (GB
ඔබට ජය!
Saturday, May 9, 2015
ටයර් එකට LED බල්බයක් දාමු..
වර්තමානයේ පාපැදියක් මෝටර් සයිකලයක් භාවිතා නොකරන කෙනෙක් නැති තරම්.හුග දෙනෙක් කැමතියි තමන්ගේ බයිසිකලයට වැඩ ටිකක් දා ගන්න.තමන්ගේ යතුරුපැදියට නැතිනම් පාපැදියට අලුත් විදිහක LED වැඩක් දාන හැටි මම කියලා දෙන්නම්.ඇත්තටම මෙය කුඩා ගැජට් එකක් කිවොත් නිවැරදියි.මෙය සවිකරන්නේ ටයර් එකේ හුළං ගහන වෑල් කරට.මෙම ගැජට් එකේ වර්ණවත්
LED බල්බයක් තියෙනවා..එම බල්බය දැල්වීමට අවශ්‍ය කුඩා බොත්තම් හැඩති බැටරි තුනකුත් තියෙනවා..මේ ගැජට් එකේ ඇතුලත තියෙනවා චලනයට සංවේදී ස්විච් එකක්.රෝදය ගමන් කරන විට මෙය චලනය වී ගැජට් එකේ පරිපථය සම්පුර්ණ වෙනවා.එවිට LED එක දැල්වෙනවා..රෝධය කැරකෙන නිසා අපේ ඇසට පෙනෙන්නේ ආලෝක රවුමක් රෝදය සමග කැරකෙනවා වගේ.චලනය නතර වුනාම බල්බය නිවෙනවා..රාත්‍රී කාලයට හරිම අපුරුයි.මේකට LED මැජික් ටයර් ලයිට් කියලත් කියනවා..තවත් දෙයක් මෙය කාර් වල රෝද වලටත් සවිකරන්න පුළුවන්.කැමති අයට මේවා අපෙන් මිලට ගන්න පුළුවන්.
ඔබට ජය.
Sunday, May 3, 2015
පට්ට ආලෝකයක් ගන්න 36w LED බල්බ් එකක් හදමු..
ඔයාල දැන් එක එක විදිහ LED බල්බ අත්හදා බලා ඇති.හුඟ දෙනෙක් මට කියල එවලා තිබුනා ගොඩක් ආලෝකය ගන්න අඩුවට හදා ගන්න පුළුවන් LED බල්බ් එකක් හද හැටි කියා දෙන්න කියලා.හරි මම අද ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කරනවා..මේක රු 1500 කට විතර හදා ගන්න පුළුවන් ප්ලාස්ටික වර්ගයේ බල්බ එකක්.SMD චිප් LED සහිත මෙය තරමක බරකින් යුක්තයි.මෙහි ප්ලාස්ටික්
ආවරණ හා හීට් සින්ක් කොටස හා බල්බ අඩංගු බේස් ප්ලේට් එක ඔබට පිටකොටුවේ පළමු හරස් වීදියේ 88 බිල්ඩින් එකේ හතරවන තට්ටුවේ ෂොප් වලින් ගන්න පුළුවන්.මෙහි බේස් ප්ලේට් එකට බලය සැපයීමට ඩ්‍රයිවර් එකක් භාවිතා වෙනවා.එහි අග්‍ර නිවැරදිව බේස් ප්ලේට් එකට පාස්සා ගන්න.හීට් සින්ක් එක බේස් ප්ලේට් එකට ඇණ වලින් සවිකර ගන්න.මෙම බල්බය සදහා පොට සහිත ඇඩප්ටර් කොටසක් වඩා හොඳයි මොකද මෙහි බර වැඩි නිසා ස්ථාවර ලෙස සවි කිරීමට අවශ්‍ය නිසා..මෙම බල්බ් මෙන්ම අප ඉගෙන ගත් සියලුම බල්බ අකුණු සර අවස්ථාවලදී නිවා දමන්න අමතක කරන්න එපා..ඔයාල ප්ලාස්ටික් බල්බ් වලට වොරන්ටි දෙන කොට මාස හයකට වඩා නොදීම වඩා හොඳයි.මේ තියෙන්නේ රූප පෙළ. එකක් මිලට ගෙන සකස් කර බලන්න ලොකු සාලෙකට උනත් හොඳටම ඇති කියල ඔබට පෙනේවි.එහෙත් ඔබට වැය වන්නේ වොට් 36 ක් පමණි.
ඔබට ජය!
Thursday, April 16, 2015
වතුර මෝටරයට පණ දෙමු..
ඔයාලගේ ගෙදර වතුර මෝටරයක් අනිවාර්යයෙන්ම වගේ ඇති.ඒකෙන් දිනපතා ටැංකියට වතුර ගහන්න ගියාම ටිකක් අවුල් නේද?ටැංකිය පිරුනාම OFF කරන්නත් ඕනා..නැතිනම් වතුර පිටාර ගලන තුරු බලන් ඉන්න ඕනා... ගෙවත්තට හෝ කුෂිකාර්මික බිමකට වතුර දාන්න ගියාම නම් වැඩේ ටිකක් බරපතලයි.දවසේ අවස්ථා කීපයකදී කිහිප විටක් මෝටරය ක්‍රියාත්මක කරන්න ඔබට සිදුවෙනවා නම් ඔබට ඒගැන අමුතුවෙන් හොයන්න වෙනවා..ඒ ත් දියුණු ලෝකයේ අප ඒ ගැන එතරම් කල බල විය යුතු නැහැ.අවශ්‍ය කාල වකවානු
කීපයක් වුවත් ප්‍රෝග්‍රෑම් කරලා බලය සපයලා තිබ්බම වැඩේ තිතටම කරන උපකරණයක් මම ඔබට අද හදුන්මා දෙනවා..මෙය A.C හා DC යන දෙකටම භාවිතා කරන්නත් පුළුවන්..පහතින් දාල තියෙන්නේ එම උපකරණයේ මැනුවල් එකේ විස්තර ටිකක්.This is for A Brand New
12Volt 16Amp DC Programmable Timer with LCD Digital Display.
Multiple day hour minute programming options. Up to 8 cycles per day.
Internal battery back up saves your settings when power is disconnected.
This is a great accessory for control of solar or battery powered items. Control the time of DC lights, fans, water
fountain pumps, or most any 12volt DC powered item rated at 16 amps or less.
It is powered by any 12 volt DC source and will control 12 volt DC items.
Features:
DC:12v.
Power consumption : 4.4VA.
current consumption without load : 0.015mA.
Cut out (MM) : Φ64.
Fitting Depths (mm) : 21.
SWITCHING CURRENT AC.
Resistive Load (LVD .IEC) 16A /250V AC.
Inductive load cos . 0.6 8A /250V AC.
incandescent lamp load 1000W.
SWITCHING CURRENT DC : 16A/24V DC.
Shortest switching time : 1 min.
Shortest switching interval: 1 min.
Number of channels \"\" 1.
Number of memory spaces : 17.
Operation accuracy : Type(+-)1 s/day.
Ambient temperature : -10℃-55℃.
Type of connection : Plug in.
ACCORDING TO : EN60730-1.
Installation method:screw, connector connection.
Key Button:
1.clock, timer, day, h+(setting the hours), m+(setting the minutes), manual override, reset.
Tips:
2.Before starting the program, the timer should be charged for at least 5 minutes as the inbuild battery may be of no battery.
3.Before setting the program, press the key button reset, to clear the memorize data for the new instructions.
4.After the program is made, please insert the timer to the plug. Then connect the electric appliance to the timer.
5.The on and off can be set eight times each day, which can be set as follow:
First option, Sunday.
Second option: from Monday to Friday.
Third option: Saturday and Sunday(weekend).
Fourth option: from Monday to Saturday(working days).
Fifth option: Monday, Wednesday, Friday.
Sixth option: Tuesday, Thursday, Saturday.
Seventh option: from Monday to Wednesday.
Eighth option: from Wednesday to Saturday.
12 hours and 24 hours systems are optional.
.මෙවැනි උපකරණ පිටකොටුවේ පළමු හරස් විදියේ යුනිටෙක් එකෙන් ගන්න පුළුවන්.
මෙන්න එහි පින්තුර කීපයක්.
ඔබට ජය!
Wednesday, April 15, 2015
ගෙවත්තට නොමිලේ විදුලි ආලෝකය සපයන හැටි.
ඔයාලගේ ගෙවත්ත රෑට අදුරේ තියන්නේ ඇයි ?බල්බ් දාල ලස්සනට තියන්න බැරිද?..එතකොට ලයිට් බිල ගෙවන්නේ කවුද..ඔයා ගෙවනවාද ..ඔබ මගෙන් අහනවාට කිසිම සැකයක් නැහැ..හරි මම අද ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කරනවා..මම කියලා දෙන්නම් ඔබේ ගෙවත්තට රාත්‍රියට ආලෝකය ලබා ගැනීමට හැකි වන ආකාරයේ බල්බයක් සකස් කර ගන්නා ආකාරය.මෙය ඉතාම සරල පරිපතයකින් යුක්තයි.මෙම පහන ඔබට හදපු එකක් මිලට ගන්නත් පුළුවන්.නැතිනම් ඔබටම හදා ගන්නත් පුළුවන්..මෙම පහන
සුර්ය ශක්තියෙන් වැඩ කරන්නේ..දවල්ට පහනේ ඇති කුඩා බැටරිය ආරෝපණය වෙනවා..රාත්‍රියට ඉබේම පහන දැල්වෙනවා..බැටරි තත්වයේ අනුව බල්බය දැල්වෙන කාලය තීරණය වෙනවා..පහනේ තියෙන්නේ LED බල්බ නිසා දිගු වෙලාවක් පහන දැල්වෙමින් පවතිනවා..මෙම පහන ඔබට නිවසේ ගේටුවට අඩිපාරකට මිදුලට හා පඩිපෙළ වලටද ගැලපෙනවා..දවල්ට සුවිච් off කර කර කරදර වීමට උවමනා නැහැ..හිරු එලිය වැටෙන විට ඉබේම නිවී යනවා..එයට පරිපථයේ ඇති LDR උපාංගය උපකාරී වෙනවා..
මම පහලින් දාල තියෙන පරිපථය කුඩා වෙරෝ බෝර්ඩ් කැබැල්ලක සාදා අත්හදා බලන්න..මෙන්න එවැනි පහන් කීපයක පින්තුර..ඔබට මෙවැනි පහන් අපවෙතින් ලබා ගැනීමට අවශ්‍යනම් පහතින් ඇති ෆෝර්ම් එක පුරවා එවන්න...
ඔබට ජය.
Friday, April 10, 2015
කාර් එකටත් LED බල්බ දාමු...
LED..LED...දැන් සෑම ආලෝක කරන ක්‍රම සදහා LED බල්බ භාවිතා කරනවා..ඉතින් අපි එහෙනම් තමන්ගේ මෝටර් රථ වලටත් LED බල්බ දාන්න පටන් ගනිමු.මොටර්රථ ඇතුලත ආලෝකය කිරීමට යොදා ගන්නේ ඉතාම අකාර්යක්ෂම සුත්‍රිකා පහනක්.එය වොට් අටක පමණ එකක්..එය දැල්වෙන විට තාපය නිකුත් වෙනවා..ඉතින් අපි මොකටද මේ අනවශ්‍ය ශක්තිය නාස්ති කරන්නේ.අනික LED
බල්බයක් දැම්මාම ඉතා අලංකාර ආලෝකයක් ලබා ගත හැකියි.එම බල්බය තමන්ට කැමති පාටකින් (නිල්,කහ,සුදු ) වැනි වර්ණ වලින් ලබා ගත හැකියි.මේ තියෙන්නේ එහෙම මම දාපු LED බල්බයක අවස්ථා කීපයක්..මිට අමතරව හෙඩ් ලයිට්, ෆොග් ලෑම්ප්, සිග්නල් ලෑම්ප් ,බ්රේක් ලෑම්ප් වලටත් LED බල්බ යොදා ගත හැකියි.ඒ ගැන තොරතුරු ඊළඟ පොස්ට් එකකින් කියලා දෙන්නම්..
බල්බයක් දැම්මාම ඉතා අලංකාර ආලෝකයක් ලබා ගත හැකියි.එම බල්බය තමන්ට කැමති පාටකින් (නිල්,කහ,සුදු ) වැනි වර්ණ වලින් ලබා ගත හැකියි.මේ තියෙන්නේ එහෙම මම දාපු LED බල්බයක අවස්ථා කීපයක්..මිට අමතරව හෙඩ් ලයිට්, ෆොග් ලෑම්ප්, සිග්නල් ලෑම්ප් ,බ්රේක් ලෑම්ප් වලටත් LED බල්බ යොදා ගත හැකියි.ඒ ගැන තොරතුරු ඊළඟ පොස්ට් එකකින් කියලා දෙන්නම්..
ඔබටත් මෙය ලබා ගැනීමට අවශ්‍යනම් පිටකොටුවේ යුනිටෙක් එකට යන්න.
ඔබට ජය!
Subscribe to:
Posts (Atom)