Thursday, April 16, 2015

වතුර මෝටරයට පණ දෙමු..

     ඔයාලගේ ගෙදර වතුර මෝටරයක් අනිවාර්යයෙන්ම වගේ ඇති.ඒකෙන් දිනපතා ටැංකියට වතුර ගහන්න ගියාම ටිකක් අවුල් නේද?ටැංකිය පිරුනාම OFF කරන්නත් ඕනා..නැතිනම් වතුර පිටාර ගලන තුරු බලන් ඉන්න ඕනා... ගෙවත්තට හෝ කුෂිකාර්මික බිමකට වතුර දාන්න ගියාම නම් වැඩේ ටිකක් බරපතලයි.දවසේ අවස්ථා කීපයකදී කිහිප විටක් මෝටරය ක්‍රියාත්මක කරන්න ඔබට සිදුවෙනවා නම් ඔබට ඒගැන අමුතුවෙන් හොයන්න වෙනවා..ඒ ත් දියුණු ලෝකයේ අප ඒ ගැන එතරම් කල බල විය යුතු නැහැ.අවශ්‍ය කාල වකවානු
කීපයක් වුවත් ප්‍රෝග්‍රෑම් කරලා බලය සපයලා තිබ්බම වැඩේ තිතටම කරන උපකරණයක් මම ඔබට අද හදුන්මා දෙනවා..මෙය A.C හා DC යන දෙකටම භාවිතා කරන්නත් පුළුවන්..පහතින් දාල තියෙන්නේ එම උපකරණයේ මැනුවල් එකේ විස්තර ටිකක්.This  is for A Brand New 
12Volt 16Amp DC Programmable Timer with LCD Digital Display. 

Multiple day hour minute programming options. Up to 8 cycles per day. 
Internal battery back up saves your settings when power is disconnected. 
This is a great accessory for control of solar or battery powered items. Control the time of DC lights, fans, water 
fountain pumps, or most any 12volt DC powered item rated at 16 amps or less. 
It is powered by any 12 volt DC source and will control 12 volt DC items.
Features:
DC:12v.
Power consumption : 4.4VA.
current consumption without load : 0.015mA.
Cut out (MM) : Φ64.
Fitting Depths (mm) : 21.
SWITCHING CURRENT AC.
Resistive Load (LVD .IEC) 16A /250V AC.
Inductive load cos . 0.6 8A /250V AC.
incandescent lamp load 1000W.
SWITCHING CURRENT DC : 16A/24V DC.
Shortest switching time : 1 min.
Shortest switching interval: 1 min.
Number of channels \"\" 1.
Number of memory spaces : 17.
Operation accuracy : Type(+-)1 s/day.
Ambient temperature : -10℃-55℃.
Type of connection : Plug in.
ACCORDING TO : EN60730-1.
Installation method:screw, connector connection.
Key Button:
1.clock, timer, day, h+(setting the hours), m+(setting the minutes), manual override, reset.
Tips:
2.Before starting the program, the timer should be charged for at least 5 minutes as the inbuild battery may be of no battery.
3.Before setting the program, press the key button reset, to clear the memorize data for the new instructions.
4.After the program is made, please insert the timer to the plug. Then connect the electric appliance to the timer.
5.The on and off can be set eight times each day, which can be set as follow:
First option, Sunday.
Second option: from Monday to Friday.
Third option: Saturday and Sunday(weekend).
Fourth option: from Monday to Saturday(working days).
Fifth option: Monday, Wednesday, Friday.
Sixth option: Tuesday, Thursday, Saturday.
Seventh option: from Monday to Wednesday.
Eighth option: from Wednesday to Saturday.
12 hours and 24 hours systems are optional.

.මෙවැනි උපකරණ පිටකොටුවේ පළමු හරස් විදියේ යුනිටෙක් එකෙන් ගන්න පුළුවන්.
මෙන්න එහි පින්තුර කීපයක්.
 
ඔබට ජය!

Wednesday, April 15, 2015

ගෙවත්තට නොමිලේ විදුලි ආලෝකය සපයන හැටි.

  ඔයාලගේ ගෙවත්ත රෑට අදුරේ තියන්නේ ඇයි ?බල්බ් දාල ලස්සනට තියන්න බැරිද?..එතකොට ලයිට් බිල ගෙවන්නේ කවුද..ඔයා ගෙවනවාද ..ඔබ මගෙන් අහනවාට කිසිම සැකයක් නැහැ..හරි මම අද ඔබව එම ගැටලුවෙනුත්  නිදහස් කරනවා..මම කියලා දෙන්නම් ඔබේ ගෙවත්තට රාත්‍රියට ආලෝකය ලබා ගැනීමට හැකි වන ආකාරයේ බල්බයක් සකස් කර ගන්නා ආකාරය.මෙය ඉතාම සරල පරිපතයකින් යුක්තයි.මෙම පහන ඔබට හදපු එකක් මිලට ගන්නත් පුළුවන්.නැතිනම් ඔබටම හදා ගන්නත් පුළුවන්..මෙම පහන
සුර්ය ශක්තියෙන් වැඩ කරන්නේ..දවල්ට පහනේ ඇති කුඩා බැටරිය ආරෝපණය වෙනවා..රාත්‍රියට ඉබේම පහන දැල්වෙනවා..බැටරි තත්වයේ අනුව බල්බය දැල්වෙන කාලය තීරණය වෙනවා..පහනේ තියෙන්නේ LED බල්බ නිසා දිගු වෙලාවක් පහන දැල්වෙමින් පවතිනවා..මෙම පහන ඔබට නිවසේ ගේටුවට අඩිපාරකට මිදුලට හා පඩිපෙළ වලටද ගැලපෙනවා..දවල්ට සුවිච් off කර කර කරදර වීමට උවමනා නැහැ..හිරු එලිය වැටෙන විට ඉබේම නිවී යනවා..එයට පරිපථයේ ඇති LDR උපාංගය උපකාරී වෙනවා..
මම පහලින් දාල තියෙන පරිපථය කුඩා වෙරෝ බෝර්ඩ් කැබැල්ලක සාදා අත්හදා බලන්න..මෙන්න එවැනි පහන් කීපයක පින්තුර..ඔබට මෙවැනි පහන් අපවෙතින් ලබා ගැනීමට අවශ්‍යනම් පහතින් ඇති ෆෝර්ම් එක පුරවා එවන්න...

ඔබට ජය.

Friday, April 10, 2015

කාර් එකටත් LED බල්බ දාමු...

      LED..LED...දැන් සෑම ආලෝක කරන ක්‍රම සදහා LED බල්බ භාවිතා කරනවා..ඉතින් අපි එහෙනම් තමන්ගේ මෝටර් රථ වලටත් LED බල්බ දාන්න පටන් ගනිමු.මොටර්රථ  ඇතුලත ආලෝකය කිරීමට යොදා ගන්නේ ඉතාම අකාර්යක්‍ෂම සුත්‍රිකා පහනක්.එය වොට් අටක පමණ එකක්..එය දැල්වෙන විට තාපය නිකුත් වෙනවා..ඉතින් අපි මොකටද මේ අනවශ්‍ය ශක්තිය නාස්ති කරන්නේ.අනික LED
බල්බයක් දැම්මාම ඉතා අලංකාර ආලෝකයක් ලබා ගත හැකියි.එම බල්බය තමන්ට කැමති පාටකින් (නිල්,කහ,සුදු ) වැනි වර්ණ වලින් ලබා ගත හැකියි.මේ තියෙන්නේ එහෙම මම දාපු LED බල්බයක අවස්ථා කීපයක්..මිට අමතරව හෙඩ් ලයිට්, ෆොග් ලෑම්ප්, සිග්නල් ලෑම්ප් ,බ්රේක් ලෑම්ප් වලටත් LED බල්බ යොදා ගත හැකියි.ඒ ගැන තොරතුරු ඊළඟ පොස්ට් එකකින් කියලා දෙන්නම්..
ඔබටත් මෙය ලබා ගැනීමට අවශ්‍යනම් පිටකොටුවේ යුනිටෙක් එකට යන්න.
ඔබට ජය!

Wednesday, April 8, 2015

Windows os සදහටම නොමිලේ..

      තම ආයතනය Windows 10  පටන් ඉන් ඉදිරියට නිපදවන Windows මෙහෙයුම් පද්ධති නොමිලේ ලබා දෙන (open-source)තත්වයට පත් කරන බව microsoft සමාගම කියා සිටී.ව්‍යාජ වර්ෂන් ලොව පුරා පැතිරී යාමත් සමග ඒවා අත් හිටුවීමට ගත් සියලු ක්‍රියාමාර්ග වලින් ඵලක් නොවූ බවත්
එම නිසා එය කාටත් ලබා ගත හැකි පරිදි නොමිලේ දෙන මහා දානයක් බවට පත් කරන බව එම ආයතනය කියා සිටි.මෙම නව මෙහෙයුම් පද්ධතිය ලබන ජුනි මස නිකුත් කරන බව ඔවුන් කියා සිටි.මෙම සියලු විස්තර ඔවුන්ගේ නිල වෙබ් අඩවියේද ප්‍රකාශයට පත් කර ඇත.මේ සමග ඔබ දැනට භාවිතා කරන Windows 7,8 නොමිලේම Windows 10 බවට පත් කල හැක.ඔබ භාවිතා කරන්නේ නියම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් වීමට උවමනා  නැත.හොර එකකක් වුවත් එය අප්ග්‍රේඩ් කිරීමත් සමග genuine බවට පත්වේ.
ඔවුන් මෙලෙස Windows 10 නොමිලේ ලබා දී ඉන් අහිමිවන ආදායම ලබා ගැනීමට ටැබ්ලට් හා වෙනත් උපකරණ විකුණා එය පියවා ගැනීමට සැලසුම් කරති.ඇරත් ඔවුන් එසේ කරන්නේ ලොව සියලු පරිගණක වෙත Windows ලබා දීමේ උපක්‍රමයක් ලෙස බව පෙනේ.එවිට සිය මෙහෙයුම් පද්ධතිය හරහා අතිවිශාල දැන්වීම් මගින් ආදායමක් ලැබීමට ඔවුන්ට හැකි වනවා නියතය.උදාහරණ ලෙස නොමිලේ දෙන gmail වැනි සේවා හරහා අතිවිශාල දැන්වීම් වෙළෙඳ පොළක් ඔවුන් නිර්මාණය කරගෙන සිටී.
ඔබට ජය.!

Tuesday, April 7, 2015

ටෝච් එකටත් LED බල්බ් දාමු..

    දැන් ලංකාව පුරාවටම LED බල්බ පැතිරෙමින් පවතිනවා..ගොඩක් දෙනෙක් නිවසේ සියලු වෙනත් බල්බ ඉවත් කරලා LED බල්බ දැම්මා කියල අපට EMAIL කරලා තිබුනා..අපේ වෙබ් එකෙන් නොමිලේ ඒ දැනුම ලබා ගත් අයත් පැකේජ ලබා ගත් අයත් අති විශාලයි.ඇත්තටම කියනවා නම් ඔබට LED බල්බ නිවසටම භාවිතා කරන්න පුළුවන් නම් නිවසේ විදුලි බිල අඩකින් අඩුවෙනවා දකින්න
ලැබේවි.හොඳයි LED බල්බ භාවිතා කරන්න පුළුවන් තවත් විදිහක් මා ඔබට හදුන්වා දෙන්නම්.ඔයාල ලග ඇති ටෝච් වල භාවිතා වෙන්නේ සාමන්‍ය සුත්‍රිකා පහනක්.එය ඉතාම අකාර්යක්ෂමයි.බැටරි කැබලි ඉතා ඉක්මනින් බස යනවා..ඔය ටෝච් වලට LED දන්නා බැරිද?පුළුවන්..ඔයාලගේ ටෝච් එකේ බැටරි ගාන අනුව බල්බය තෝරා ගත යුතු වෙනවා..සාමන්‍ය බල්බය ඉවත් කර ඉතාම පහසුවෙන් LED බල්බය එම සොකට් එකටම සවිකල හැක.එම බල්බ අප වෙතින් මිලට ගන්න පුළුවන්..මෙන්න එම බල්බය සවිකළ ටෝච් එකේ පින්තුර..

බල්බ අවශ්‍ය කට්ටිය ටෝච් එකේ බැටරි ගණනත් එක්ක EMAIL එකක් දාන්න ලිපිනයත් එක්ක.
ඔබට ජය.

Friday, April 3, 2015

වෙසක් උත්සවය සදහා LED බල්බ හදමු පාඩම 1.

      ළඟ එන වෙසක් එකට සුදානම් වෙන ගොඩක් දෙනෙක් තමන් සකස් කරන වෙසක් කුඩු වලට දාන්න LED බල්බ හදන හැටි කියලා දෙන්න කියලා කිහිපදෙන්ක්ම Email කරලා තිබුනා..මේ සදහා ඔබට ඉතාම අඩු වියදමකින් LED බල්බ සාදා ගැනීමට හැකි ආකාරය කියලා දෙන්නම්..ඉක්මනින් හා නැවත අලුත් වැඩියා කල හැකි පරිදි එය සකස් කර ගැනීම වටිනවා..මෙම බල්බ තොරන් වලටද භාවිතා කල හැක.අවශ්‍ය උපාංග ඔබට පිටකොටුවේ පළමු හරස් විදියේ 88 අතුල බිල්ඩිමේ කඩසාප්පු කීපයකින්ම මිලට ගන්න පුළුවන්.තනි LED බල්බයක් හෝ LED
බල්බ දෙකක් යොදා වුවද ඔබට බල්බ සෑදිය හැක.ඔබ මිලට ගන්නා උපාංග මා පින්තුර වල දමා ඇති පරිදි සකස් කර ගන්න.සකස් කරන පරිපථය හැකි තරම් කුඩා කරගන්න.LED බල්බය තුල ස්ථානගත කරන තැන බල්බයේ කර ආසන්නයේ මාධ්‍යව තැබීමට වග බලා ගන්න.නැතිනම් ඩොට් එකක් ලෙස ආලෝකය බල්බයේ ඉදිරි කෙලවරින් පෙනේවි.ඔබට ලැබෙන ඇඩප්ටරය කොටස ප්ලාස්ටික් ආවරණයට සුපර් ග්ලු වැනි ගම එකක් හෝ නැතිනම් ඇනයකින් ඒ වටා කුඩා සිදුරු සකසා සවිකළ හැක.






ඇලවූ බල්බය නැවත ගැලවිය යුත්තේ බලබයේ මැදින් ඇති කොටස මගින්.ඒ සදහා බල්බයේ මැදින් සෙමින් මිරිකීම ප්‍රමාණවත්.සකස් කල පරිපථය වටා සෙලෝ ටේප් කැබැල්ලක් එතීමට අමතක නොකරන්න.වීඩියෝ දර්ශන හා තවත් අලුත් ක්‍රම ලගදීම බලාපොරොත්තු වන්න.
ඔබට ජය