Showing posts with label වෙසක් උත්සවය සදහා LED බල්බ හදමු පාඩම 1.. Show all posts
Showing posts with label වෙසක් උත්සවය සදහා LED බල්බ හදමු පාඩම 1.. Show all posts

Friday, April 3, 2015

වෙසක් උත්සවය සදහා LED බල්බ හදමු පාඩම 1.

      ළඟ එන වෙසක් එකට සුදානම් වෙන ගොඩක් දෙනෙක් තමන් සකස් කරන වෙසක් කුඩු වලට දාන්න LED බල්බ හදන හැටි කියලා දෙන්න කියලා කිහිපදෙන්ක්ම Email කරලා තිබුනා..මේ සදහා ඔබට ඉතාම අඩු වියදමකින් LED බල්බ සාදා ගැනීමට හැකි ආකාරය කියලා දෙන්නම්..ඉක්මනින් හා නැවත අලුත් වැඩියා කල හැකි පරිදි එය සකස් කර ගැනීම වටිනවා..මෙම බල්බ තොරන් වලටද භාවිතා කල හැක.අවශ්‍ය උපාංග ඔබට පිටකොටුවේ පළමු හරස් විදියේ 88 අතුල බිල්ඩිමේ කඩසාප්පු කීපයකින්ම මිලට ගන්න පුළුවන්.තනි LED බල්බයක් හෝ LED
බල්බ දෙකක් යොදා වුවද ඔබට බල්බ සෑදිය හැක.ඔබ මිලට ගන්නා උපාංග මා පින්තුර වල දමා ඇති පරිදි සකස් කර ගන්න.සකස් කරන පරිපථය හැකි තරම් කුඩා කරගන්න.LED බල්බය තුල ස්ථානගත කරන තැන බල්බයේ කර ආසන්නයේ මාධ්‍යව තැබීමට වග බලා ගන්න.නැතිනම් ඩොට් එකක් ලෙස ආලෝකය බල්බයේ ඉදිරි කෙලවරින් පෙනේවි.ඔබට ලැබෙන ඇඩප්ටරය කොටස ප්ලාස්ටික් ආවරණයට සුපර් ග්ලු වැනි ගම එකක් හෝ නැතිනම් ඇනයකින් ඒ වටා කුඩා සිදුරු සකසා සවිකළ හැක.






ඇලවූ බල්බය නැවත ගැලවිය යුත්තේ බලබයේ මැදින් ඇති කොටස මගින්.ඒ සදහා බල්බයේ මැදින් සෙමින් මිරිකීම ප්‍රමාණවත්.සකස් කල පරිපථය වටා සෙලෝ ටේප් කැබැල්ලක් එතීමට අමතක නොකරන්න.වීඩියෝ දර්ශන හා තවත් අලුත් ක්‍රම ලගදීම බලාපොරොත්තු වන්න.
ඔබට ජය