Saturday, February 20, 2016

චලනයට සංවේදී LED බල්බයක් සවිකරමු.

    අපේ සමහර අයට බල්බයක් දැල්වුවිට ඒක නිවාදමන්න මතක් වෙන්නේ නැවත එම බල්බය දාන්න ගියාම..දල්වපු බල්බය අසල කිසිවකු නැතිනම් එහෙමත් නැත්නම් නිකන් ඔහේ දවල්ටත් රෑටත් දල්වා තබන්න බැරි බල්බයක් තිබේ නම් එම ගැටලුව විසදෙනවා..හරි එම ගැටලුවෙනුත් ඔබව නිදහස් කරන්නයි මේ සුදානම.මා මීට පෙර ලිපියකිනුත් මේගැන ටිකක් Techzonelanka වෙබ් එකෙන්  කියලා දුන්නා මතක
ඇති.මෙම බල්බය අපට විවිධ ස්ථාන සදහා ප්‍රයෝජනයට ගන්න පුළුවන්.ඔබේ නිවසේ හෝ ආයතනයේ තරප්පු පෙළක් තිබෙනවානම් එසේත් නැතිනම් රාත්‍රියට එළිමහනේ බල්බයක් දල්වා තබයි නම් මෙය ඉතා වැදගත් වේවි.
මෙම බල්බයේ වෙනස තමා එය දැල්වීමට නම් අනිවාරයෙන්ම රාත්‍රිය එළබී තිබියයුතු වීමයි.එමගින් මෙය දවල්ට එළිමහනේ දැල්වීම වලකිනවා.තවත් දෙයක් රෑ බෝවූ පමණින් මෙය දැල්වෙන්නේ නැහැ..එය දැල්වෙන්න නම් බල්බය සමීපයට යමෙකු පැමිණිය යුතුයි.ඒ සදහා වන සංවේදක මෙහි සවිකර තිබෙනවා..අදෝරක්ත කිරණ වලින් චලනය වන පුද්ගලයකු හදුනා ගන්නට මෙය සමත්.ඔබ බල්බයට විදුලිය සපයා ඇතිවිට රාත්‍රී කාලයෙදී කිසියම් අයකු බල්බය සමීපයෙන් ගමන් කලොත් එකවරම බල්බය දැල්වෙනවා..ඔහු බල්බය අසල දිගටම රැදී සිටීනම් බල්බය දිගටම දැල්වෙනවා..ඔහු බල්බය අසලින් ඉවත්ව ගිය විට එය තත්පර 40 කින් පමණ නිවී යනවා..බල්බය නිවී ඇතිවිට වැයවන්නේ ඉතාම සුළු විදුලි ප්‍රමාණයක් පමණයි.දිගු කොරිඩෝවක වගේ නම් බල්බ සවිකළ විට කිසිවකු ගමන් කරනවිට ඔහු ගමන් කරමින් සිටින තැන ට ආසන්න බල්බය ඉබේම දැල්වෙමින් සෙසු බල්බ ඉබේම නිවී පවතීවි.ඔබේ විදුලි බිල ලොකු වාසියක් නිකම්ම ලැබේවි.
එමෙන්ම ඔබ CCTV කැමරා සවිකර ඇතිනම් කැමරා මගින් ආවරණය කලාපයට මෙවැනි බල්බ සවිකර තැබූ විට රාත්‍රියට එම කැමරා අසලින් යන අයකු ඉතා පැහැදිලිව හදුනා ගන්නට ලැබේවි.පැමිණියේ සොරකුනම් එක්වරම බල්බ දැල්වෙන විට එක්වරම කලබල වී එම ස්ථානයෙන් ඉවත්ව යනු ඇති.
මෙම බල්බය දැන් ඔබට අප වෙතින් මිලට ගන්න පුළුවන්.පහත ෆෝර්ම් එක පුරවා එවන්න.එය ලබාගන්නා අන්දම හා මිලගණන් හා තැපැල් ගාස්තු ආදී විස්තර ඔබට EMAIL මගින් නොමිලේ ලැබෙනු ඇත.







Sunday, February 14, 2016

SMD LED බල්බ නිවැරදිව අපිම හදමු..

 ඔයාලා මගේ ලිපි කියවලා බල්බ හදලා නිවසේ භාවිතා කරන බව ආරංචියි.මට ගොඩක් සතුටුයි ඔයාලගේ උනන්දු වීම ගැන.ඉලෙක්ට්‍රොණික තාක්ෂනය මේ ආකාරයට ප්‍රචලිත කරන්නට ලැබීම ගැන මම උදක්ම සතුටුවෙනවා.තවත් සමහර අය කුඩා ව්‍යාපාර පටන් අරගෙන.ඒකට මගේ ලිපි පෙළ ගොඩක් උදවූ වුනා කියලා ගොඩක් අය මට කතා කරල කියුවා.මම ඒ අයට තවත් විස්තර කියලා දුන්නා.ඔයාලට ඇති
ඕනෑම ගැටලුවක් මගෙන් අහන්න.මට වෙලාව තියෙන හැටියට පිළිතුරු දෙන්නම්..
ඉතින් ඔයාලට මතක ඇති මම SMD LED බල්බ හදන හැටි කියලා දුන්නා.ඒක බලන්න මෙතනින් යන්න.ඔයාලා SMD බල්බ හදනවිට එකේ තාප අවශෝශකයට 'හීට් සින්ක් කන්පවුන්ඩ්' ස්වල්පයක් තබා සවිකිරීමට අමතක කරන්න එපා..නැතිනම් LED එක ඉක්මනින් දැවී යාවි.SMD LED දැල්වෙන කොට තාපය ජනිත වෙනවා.එය පහසුවෙන් ඉවත් කිරීමට මෙම කන්පවුන්ඩ් එක වැදගත් වෙනවා..තවත් දෙයක් ඔයාලා SMD බල්බය හදන විට එකේ බල සැපයුම් පරිපථය කඩදාසි ගම් ටේප් කැබැල්ලකින් ආවරණය කරන්න.නැතිනම් ලෝහ කොටසේ පරිපථය ස්පර්ශ වෙලා ඒක දැවී යාවි..තවත් දෙයක් තමයි ඔයාලා ලාභයම ගැන පමණක් සිතා මිලෙන් අඩු LED දමා බල්බ හදන්න එපා..ඒවා ඉතා ඉක්මනින් දැවී යනවා.
ඔබට ජය..

Thursday, February 4, 2016

ජාතික ගීතය වෙනත් භාෂාවකින් ගායනා කිරීම සුදුසුද..

ජාතික ගීතය වෙනත් භාෂාවකින් ගායනා කිරීම සුදුසුද.
අපේ රටේ සියලුදෙනා හට අයිති එකම ගීතය අදදින භාෂා දෙකින් ගයනා නිදහස් උත්සවයේදී ගායනා කරන ලදී..මේ පිළිබඳව මත විමසුමක් කිරීමට කැමැත්තෙමි..ඔබේ අදහස් නිරවුල්ව හා පැහැදිලිව කොමෙන්ට් ලෙස දක්වන්න..

Tuesday, February 2, 2016

අපි නොමිලේ විදුලිය ගන්නේ මෙහෙමයි..ඔබත් එකතුවන්න

  ඔයාලා දැනටමත් නිවසට සුර්ය ශක්තිය මගින් විදුලිය ගැනීමට පටන් අරන් ඇති.ගොඩක් දෙනෙක් හෙටදින තාක්‍ෂණික ආයතනය කියාදුන් විදිහට පුර්ණ ස්වයංක්‍රීය විදුලි ජනක නිවසට සවිකර ගත්තා කියා මට email කරලා තිබුනා..මම සුර්ය විදුලි ජනකයක් නිර්මාණය කලේ පාසැල් යන වියේදී කියලා කිවුව ඔබට මතක ඇති.මා විසින්ම නිර්මාණය කල සුර්ය ශක්ති ජනකය වසර දහයකටත් වඩා
ඉතා සාර්ථකව භාවිතා කර තිබෙනවා..ඔය කාලයට මම බැටරිය දෙවතාවක් මාරු කළා..මසකට වරක්වත් බැටරියට සර්විස් පාරක් දාගත්තොත් ඉතා දිගු කලක් භාවිතා කරන්න පුළුවන්..ගොඩක් අයගේ ඉල්ලීම පරිදි මගේ solar ශක්ති ජනකයේ පින්තුර ටිකක් දාන්න සිතුවා..ලෝකයාටම පේන්න දාන නිසා වැඩ කිඩ දාලා හොඳට මොඩිෆයි කරලා අලුතින් හැදුවා..මෙය පුර්ණ ස්වයංක්‍රීය system එකක් කියලා කියන්න ඕනා..ඒ කියනේ..සවස හයට පමණ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජනකය බැටරිය බැසයත්ම බැටරියට හානි නොවන මට්ටමේදී ඉබේම විසන්දි වී නිවසේ ප්‍රදාන විදුලි පත්දතිය මගින් නිවසට අවශ්‍ය බලය සැපයෙනවා..මේ සියල්ල වෙන්නේ ඉබේමයි..අපට කිසිඳු සුවිචයක් වත් on/off කරමින් කරදර විය යුතු නෑ..ඔයාලත් දැනට එවැනි system එකක් සවිකර ගෙන නැතිනම් එය අප ආයතනය මගින් ඉගෙනගෙන ඔබටම සවිකර ගන්න පුළුවන්.ඒ සඳහා විශේෂ පැකේජයක් අපි හදුන්වා දීල තියෙනවා..එය රු.600 වැනි අඩු මුදලට ඔඅබට ලබා ගන්න පුළුවන්..අවශ්‍ය අය නම හා ලිපිනය, අවශ්‍ය පැකේජය සඳහන් කර hetadina@gmail.com නමැති ලිපිනයට email කරන්න.වෙබ් අඩවියෙන් ඉගෙන ගැනීමට මෙතනින් ලොග් වෙන්න.






ඔබට ජය!