ඔයාලා මගේ ලිපි කියවලා බල්බ හදලා නිවසේ භාවිතා කරන බව ආරංචියි.මට ගොඩක් සතුටුයි ඔයාලගේ උනන්දු වීම ගැන.ඉලෙක්ට්‍රොණික තාක්ෂනය මේ ආකාරයට ප්‍රචලිත කරන්නට ලැබීම ගැන මම උදක්ම සතුටුවෙනවා.තවත් සමහර අය කුඩා ව්‍යාපාර පටන් අරගෙන.ඒකට මගේ ලිපි පෙළ ගොඩක් උදවූ වුනා කියලා ගොඩක් අය මට කතා කරල කියුවා.මම ඒ අයට තවත් විස්තර කියලා දුන්නා.ඔයාලට ඇති
ඕනෑම ගැටලුවක් මගෙන් අහන්න.මට වෙලාව තියෙන හැටියට පිළිතුරු දෙන්නම්..ඉතින් ඔයාලට මතක ඇති මම SMD LED බල්බ හදන හැටි කියලා දුන්නා.ඒක බලන්න මෙතනින් යන්න.ඔයාලා SMD බල්බ හදනවිට එකේ තාප අවශෝශකයට 'හීට් සින්ක් කන්පවුන්ඩ්' ස්වල්පයක් තබා සවිකිරීමට අමතක කරන්න එපා..නැතිනම් LED එක ඉක්මනින් දැවී යාවි.SMD LED දැල්වෙන කොට තාපය ජනිත වෙනවා.එය පහසුවෙන් ඉවත් කිරීමට මෙම කන්පවුන්ඩ් එක වැදගත් වෙනවා..තවත් දෙයක් ඔයාලා SMD බල්බය හදන විට එකේ බල සැපයුම් පරිපථය කඩදාසි ගම් ටේප් කැබැල්ලකින් ආවරණය කරන්න.නැතිනම් ලෝහ කොටසේ පරිපථය ස්පර්ශ වෙලා ඒක දැවී යාවි..තවත් දෙයක් තමයි ඔයාලා ලාභයම ගැන පමණක් සිතා මිලෙන් අඩු LED දමා බල්බ හදන්න එපා..ඒවා ඉතා ඉක්මනින් දැවී යනවා.
ඔබට ජය..
thank 4u
ReplyDelete