Sunday, July 13, 2014

නිවසට නොමිලේ විදුලිය ගනිමු..

හෙටදින තාක්‍ෂණික ආයතනය ඔබට සුර්ය ශක්තිය බලශක්තිය බවට පත් කළ හැකි ක්‍රමයක් හදුන්වා දෙන්නේ ඉතා සතුටිනි.යුගයේ අවශ්‍යතාවයක් වන මෙය ඔබට නිවසේදීම තමාටම නිපදවා ගත හැකි පරිදි තාක්ෂනය සරල කර ඔබට ලබා දෙන්නෙමු.අප මෙම තාක්ෂනය ගැන පරීක්ෂණ ආරම්භ කලේ 1996 වසරේදීය.එවකට මා සාමානය පෙළ හදාරන ශිෂයෙකි.මා එකලදී සුර්ය කෝෂ හා වෙනත් බලශක්ති ප්‍රභව මගින් ශක්තිය

නිපදවා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කල අතර මා මෙම බලශක්ති අර්බුදය ගැන විදුසර පුවත්පතටද තාක්‍ෂණික ලිපි ලියා පළකර ඇත.ඉතින් අපි තවමත් අදුරේ නොසිටිමු.එක පහනක් හෝ දල්වා ඒ අඳුර පලවා හරින්නට අපි ක්‍රියා කාළ යුතු වෙමු.ඔබත් නිවසේ සුර්ය බල පත්ධතියක් ස්ථාපනය කර ගන්න.ඒ සඳහා තාක්ෂණික දැනුම අප ලබා දෙන අතර උපකරණ ලබා ගැනීමට හා අනෙකුත් අවශ්‍යය දැනුමද අපවෙතින් ලබා ගත හැකියි.

සුර්ය බල ශක්ති උත්පාදක යන්ත්‍රයකට අවශ්‍ය උපකරණ මොනවාද?
1.සුර්ය කෝෂයක් (solar pannel)
2.බැටරියක් (කාර් බැටරියක් හෝ UPS බැටරියක්)
3.ඉන්වර්ටරයක්(12V/230V-500W)
4.ආරෝපණ පාලකයක්.(CHERGING CONTROLLER)
5.වයර්

සුර්ය කෝෂය තෝරා ගන්නේ කොහොමද 

මෙය 18V පමණ ධාරාවක් පිට කරන එකක් වීම හොඳය.එහි වොට් ගණන 60 W  පමණ වීම සෑහේ.එවැන්නක් වෙළෙද පොලේ රු.6000.00 පමණ වේ.මා අත්හදා බැලීමට භාවිතා කරන එය ඉතා හොඳින් ක්‍රියා කරන බව කිව යුතුය.

ආරෝපණ පාලකයක්.(CHERGING CONTROLLER)

සුර්ය පැනල මගින් ලබා ගන්නා විදුලිය බැටරියට යොමු කරන්නේ මෙමගිනි.සුර්ය පැනලයේ වෝල්ටීයතාවය ආලෝකය අනුව නිතර වෙනස් වේ.එහෙත් බැටරියට නියමිත ආරෝපණ වෝල්ටීයතාවය සැපයීමට මෙම උපකරණය වැදගත්වේ.නියමිත ප්‍රමාණයට ආරෝපණය වූ පසුව  ස්වයන්ක්‍රියව එය OFF තත්වයට පත්වේ.

බැටරිය මොන වගේ එකක් ද ඕනා  වෙන්නේ..
ඔබ ලබා ගන්නා බැටරිය 12V කාර් බැටරියක් හෝ UPS බැටරියක් වුවද කම් නැත.එහෙත් UPS බටරියකට වැඩි වෙලාවක් විශාල ධාරාවක් ලබාදිය නොහැක.එනිසා කාර් බැටරියක් ලබා ගැනීමට උස්සකුවන්න.


ඉන්වර්ටරය කොහොමද ගන්නේ..

ඔබ මෙහිදී දැනගත යුතු වන්නේ ඉන්වර්ටරයකින් සිදුවන කාර්ය කුමක්ද යන්නයි.ඔබ දන්නවා  අප නිවසේ භාවිතා කරන සියලුම විදුලි උපකරණ පාහේ ක්‍රියා කරන්නේ 230V/50Hz/AC ධාරාවකින් බව.ඉතින් අප සුර්ය කෝෂයකින් ලබා සරල ධාරාව තැන්පත් කරන්නේ බැටරියක.එය නැවත එහි අග්‍ර වලින් ලබා ගන්නා විට ද අපට ලැබෙන්නේ සරල ධාරාවක්.එහි වෝල්ටීයතාව 12V වෙයි.ඉතින් ඔබට වැටහෙනවා ඇති අපට එම බැටරි කරන්ට් එකෙන් රුපවාහිනියක් වැනි උපකරණයක් ක්‍රියාත්මක කිරිමට නම් එහි වොල්ටිය තාව 230 දක්වා  වැඩි කල යුතු බව.එය කරන්නේ ඉන්වර්ටරය මගින්.එයට පුළුවන් 12 Vසරල ධාරාවක් යොදා ගෙන 230V ප්‍රත්‍යාවර්තක දහරාවක් නිර්මාණය කරන්නට.එහිවෝල්ටීයතාව  ඉහල නිසා අපට රුපවාහිනියක් වැනි උපකරණයක් උවත් ක්‍රියාත්මක කල හැකියි.  එහෙත් ශිතකරණක් වැනි විශාල ධාරාවක් ඇදගන්නා උපකරණ මෙයට සවිකළ නොහැකියි.මන්ද එයට අවශ්‍ය විශාල ධාරාව ලබා දීමට නම් විශාල බැටරි කිහිපයක් අවශ්‍ය වන නිසා.
ඔබ 500W සුර්ය ශක්ති විදුලි ජනකයක් තනන්නේ නම් ඔබ එහි ඉන්වර්ටරයට සවිකර උපකරණ වල වොට් ගණන 500 ඉක්මවා නොයා යුතුයි.

සුර්ය විදුලි ජනකයෙන් මොනවාද වැඩකරන්න පුළුවන් උපකරණ.

1.මේස ෆෑන්
2.රුපවාහිනියක්
3.ගුවන් විදුලි යන්ත්‍ර
4.LED විදුලි බල්බ.
5.CFL විදුලි බල්බ
මෙවැනි උපකරණ ඔබට ඉතා පහසුවෙන් ක්‍රියා කල හැක.

සුර්ය ශක්තියෙන් විදුලිය ලබා ගැනීමට දිවා කලට හොඳ සුර්ය ආලෝකයක් ඇති ප්‍රදේශ වීම වඩාත් යෝග්‍යවේ.

සුර්ය කෝෂ විදුලි ජනකය එකලස් කර ගන්නා අයුරු.

සුර්ය පැනලය නිවසේ වහලය මත ඇලුමිනියම් ආදාරක මගින් හොඳින් සවිකරන්න.සුර්ය පැනලයේ සිට නිල් හා දුඹුරු වයර් මගින් අග්‍ර දෙක ඔබේ නිවසේ කාමරයකට ලබා ගන්න.බැටරිය හා ඉන්වර්ටරය සවිකරන තැන හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක් තෝරා ගන්න.බැටරිය නැවත ආරෝපණය,ආරෝපණ පාලකය  මගින් සිදුවේ.ඔබ සුර්ය පැනලයෙන් ලබා ගත් අග්‍ර දෙක නිවැරදිව ආරෝපණ පාලකයාට  ලබා දෙන්න.එහි අග්‍ර ලකුණුකර ඇත.ආරෝපණ පාලකයේ අග්‍ර  දෙක නිවැරදිව බැටරියට සවිකරන්න.දැන් එය මගින් බැටරිය ආරෝපණය වීමට පටන් ගනී.ආරෝපණ පාලකයේ ඉතිරි අග්‍ර දෙක ඉන්වර්ටරයට සවි කරන්න.දැන් ඉන්වර්ටරයේ ඇති සොකට් එක මගින් ඔබට 230 V ධාරාව ලබා ගත හැක.
බැටරිය නිතරම ආරෝපණ තත්වයේ තාබා ගැනීම එහි දිගුකල් පැවැත්මට ඉතා වැදගත් වේ.

ඔබේ සුර්ය විදුලිය විකුනන්න පුලුවන්ද??
ඔවු ඔබට අවශ්‍ය නම් ඔබේ අතිරික්ත විදුලිය ජාතික විදුලි පත්ධතියට එකතු කල හැකියි.එහෙත් ඒ සඳහා ඔබ විදුලිබල මණ්ඩලය හරහා ඉල්ලීමක් කලයුතුයි.එහිදී ඔබට සවිකරන්නට වන ඉන්වර්ටර් ආදිය වෙනත් ඒවා බව කිවයුතුයි.එමෙන්ම නෙට් මීටර් ආදියට ඔබට සෑහෙන මුදලක් වැය කරන්න වෙනවා.මේ පිළිබඳ ව ඔබට ඇති ගැටළු සුනිත්‍ය විදුලි අධිකාරියෙන් විමසන්න.
අපගේ led නාමපුවරු පාඩම් මාලා මිලදී ගන්නා සැමට මෙම සියලු විස්තර අඩංගු පාඩම් නොමිලේ ලැබේ.එම පාඩම් මාලාවේ සියල්ල රූප සටහන් සහිතව දක්වා ඇත.

Monday, June 30, 2014

විශේෂ දැනුම් දීමයි...

   හෙටදින තාක්‍ෂණික අඩවිය ඔබේම යහපත උදෙසා මාහැඟි සේවාවක් ඉටු කිරීමේ අරමුණින් ආරම්භ කල ආයතනයකි.අප ආයතනයෙන් දිගු කාලයක සිට ඔබගේ දැනුම වැඩි කිරීම උදෙසා විශාල සේවාවක් ඉටුකරයි.මෙහි එන සියලු තාක්‍ෂණික ලිපි මා විසින් ම ලියන ලද ඒවාය.පසුගිය කාල වකවානුව තුල මාවිසින් දිවයිනේ 
රැකියා විරහිත පිරිසට අත්වැලක් වීමේ අරමුණින් ඉදිරිපත් කල
පැකේජ ඇතැම් කූට පුද්ගලයන් විසින් නැවත වෙනස් කර එම දැනුම ඇතුලත් කර විකුණන බවට තොරතුරු ලැබී තිබේ.එවැනි ව්‍යාජ ආයතන වෙතොත් මාහට දැනුම් දෙන්න.ඔවුන් එලෙස සකස් කල පැකේජ මා අතට පත්ව ඇත.
මෙම අඩවියේ එන හා අප පැකේජ වල එන සියලු කරුණු කතෘ ගේ අවසරයකින් තොරව මොනයම් ආකාරයකින් හෝ නැවත පල කිරීම තහනම්ය.මා මෙම 
පැකේජ විකිනීමට දිවයිනේ කිසිම තැනක නියෝජිතයන් පත්කර නැත.එවැනි ව්‍යාජ නම් වලින් පෙනීසිටින ආයතන වලට ඔබේ වටිනා මුදල් ගෙවා ඔබට සිදුවන 
අපහසුතා වලදී අපගේ වගකීමක් නැති බව සැලකුවමනාය.

හෙටදින admin

Saturday, June 14, 2014

ඩෙංගු මදුරුවාට තිත...

     ඩෙංගු මදුරු වසංගතය ඇතුළු වෙනත් මදුරු වසංගත වලින් ඇතිවන අවසානාවන්ත මරණ වලකා ගැනීමට හෙටදින තාක්‍ෂණික ආයතනය අවධානය යොමුකර තිබෙනවා.ග්‍රාමීය හා නාගරිකව දැන් ඩෙංගු ප්‍රබල ලෙස පැතිරෙමින් ඇත..මදුරුවන් මර්දනය සඳහා නව ක්‍රමයක මදුරු උගුලක් ඉවතලන ද්‍රව්‍ය යොදා ගෙදරම හදා ගන්නා හැටි කියලා දෙන්න සිතුනා..මෙය මා සාමානය පෙළ කරන
අවදියේදී (1996)අත්හදා බලා සාර්ථක වුවක් බව කියන්න ඕනා..ඉවත ලන දේවලිනුත් රු 200.00 විතර වියදම් කරලත් මේක හදන්න පුළුවන්.ඉතා දිගු කලක් භාවිතා කරන්නත් පුළුවන්.පරිසරයටත් කාටවත් කරදරයක් නැති මෙය මදුරු මර්දනයට ජනතාව අතර ප්‍රචලිත කිරීමට අප දැන් කටයුතු කරනවා..දිගටම අපිත් එක්ක ඉන්න.වැඩේ කරන හැටි කියලා දෙන්නම්..
ඔබට ජය!

Wednesday, June 11, 2014

කොළඹ යන්නේ ඇයි..

  ඔයාලා මොකක් හරි භාණ්ඩයක් ගන්න යන්න තෝරාගන්නේ නිතැනින්ම කොළඹ නගරය.එහෙත් ඉතා දුර බැහැරක සිට කොළඹට භාන්ඩයක් ගෙන ඒමට

පැමිණීම ඉතා වියදම් අදික හා රස්තියාදු වීමට සිදුවන වැඩක්.ඉතින් හෙටදින අඩවිය මේකටත් යම් සහනයක් දෙන්නයි මේ සුදානම.මම කියලා
දෙන්නම් ඔයාලට

අන්තර්ජාලය හරහා අඩු මිලට භාණ්ඩ ගෙදරටම ගෙන්න ගන්නා ක්‍රම සියල්ලම.මේකට සාමානය අන්තර්ජාල දැනීමකුත් පොඩි පරිගණක දැනීමකුත් විතරයි

අවශ්‍ය.මෙහිදී ඔයාලා පිටරටවලින් භාණ්ඩ ගෙන්වා ගැනීමට සල්ලි ගෙවන්නේ අන්තර්ජාලය හරහා ගනුදෙනු කළ හැකි කාඩ් වර්ග වලින් ඒ සඳහා  ඉතා ආරක්ෂිත

කාඩ වර්ග කීපයක් මම කියලා දෙන්නම්.තවත් එකක් මේක paypal ගිණුමක් හදා ගෙන තියන්න ඕනා..එතකොට වැඩේ ලේසියි.අපට ඉතා ලේසියෙන්ම යොදා

ගන්නා පුළුවන් කාඩ එකක් තමයි සම්පත් වෙබ් කාඩ් එක.ඒ කෙන් අතේ ඇති ගානට වියදම් කරලා අවශ්‍ය කාඩ් පත ලබා ගත හැකියි.එවිට එහි එකතුවන්නේ යම්

සුළු මුදලක් විතරයි.අවශ්‍යනම් පසුව වෙනත් මුදල රිලෝඩ් කරන්න පුළුවන්.මෙම කාඩ් එක paypal එකත් එක්ක එකතු කරලා තමයි වැඩේ කරන්නේ..ඒ ටික

ඊළඟ ලිපියෙන් කියන්නම්....
Flag Counter

Monday, June 9, 2014

CCTV කැමරාවෙන් රාත්‍රියට පෙනෙන අයුරු.

  අද භාවිතා කරන CCTV කැමරා බොහොමයක් රාත්‍රී පෙනීමෙන් යුක්තය.රාත්‍රියට ආලෝකය නැති බැවින් දර්ශණ ලබා ගැනීමට බාධා පැමිණේ.මෙය නැති කිරීමට යොදා ඇති උපක්‍රමය වන්නේ කැමරාවෙන් ආලෝකය නැතිවිට ස්වයන්ක්‍රියව දැල්වෙන අධෝරක්ත කිරණ නිකුත් කරන LED බල්බ වෘර්තාකාර  පැනලයක් සවි කර ඇත.මෙහි ඇති LED ආලෝකය අඩුවී අදුර වැටෙත්ම ඉබේම මෙම LED දැල්වේ.එම LED වලින් නිකුත්වන අධෝරක්ත
ආලෝකය අපේ ඇසට නොපෙනේ.නමුත් එය කැමරාවට පෙනේ.රාත්‍රියට දර්ශණ හසු කරගන්නේ මෙම අධෝරක්ත කිරණ වස්තුවල වැදී පරාවර්තනය වී  කැමරාව මගින් ලබා ගෙන එය අපට පෙනෙන තත්වයට පත්කිරිමෙනි.
මෙලෙස කැමරාව රාත්‍රී කාලයට සංවේදී වීමට කැමරාවේ ඉදිරි පස කුඩා ආලෝක සංවේදී සෙන්සරයක් ඇත.එයට අඳුර වැටුන විට LED දැල්වේ.එවිට දර්ශණ බාධාවකින් තොරව පෙනේ.එම දර්ශණ කළු සුදු දර්ශණ වේ.අඳුර හා ආලෝකය දෙකම ඇති විට සෙන්සරයට නිවැරදිව අදුර හදුනා ගැනීම පහසු කිරීමට කැමරාවේ ඉදිරි වීදුරුවේ ටින්ටෙඩ් ආලේප කර ඇත.එවිට අදුර ඇතිවිට ක්ෂණිකවම කැමරාව රාත්‍රී දර්ශණ බවට පත්වේ.මෙය නිවැරදිව ක්‍රියා කරන්නේද යන්න බැලීමට කැමරාව මොනිටරයට සවිකර බලය සපයා එහි සෙන්සරය ඇඟිල්ලෙන් වැසූ විට LED බල්බ රතු පාටින් දැල්වෙමින් කැමරාවේ දර්ශණ කළු සුදු රාත්‍රී දර්ශණ බවට හැරේ නම් කැමරාව හොඳ තත්වයේ ඇත.


ඔබට ජය!

Saturday, June 7, 2014

CCTV CAMERA INSTALLING

CCTV කැමරා ස්ථාපනය.
මොනවාද මේ CCTV කැමරා.......
CCTV යනු (CLOSED CIRCUITS TELEVISON)යන්නයි.එනම් එය සංවෘර්ත පරිපත රුපවාහිනි තාක්ෂණයකි.මෙය කිහිප දෙනෙකුට හෝ තනිව බැලිය හැකි ඇති නවීන රුපවාහිනි ක්‍රමයකි.CCTV කැමරා දැවැන්ත තාක්‍ෂණික ක්‍රම නැත.සරලතම ලෙස පැහැදිලි කළහොත් මෙහි සිදුවන්නේ ස්ථාන
කීපයකින් ලබා ගන්නා දර්ශන එක ස්ථානයක යොමුකර එම ස්ථානයේදී පටිගත කර ගැනීමය. එම පටිගතවන හෝ පටිගතවූ දර්ශන ලොව ඕනෑම තැන ක සිට ඔබට ලබා

ගැනීමටත් බැලීමටත් පුළුවන. ඒ දියුණු අන්තර්ජාල පහසුකම් වල පිහිටෙනි.
මෙම විෂය ශේත්‍රය දැන් අපට ඉතා අවැසි බවට පත්ව ඇත.සාමන්‍ය නිවසක වුවද මෙවැනි කැමරා පත්ධතියක් සකස් කලාට වරදක් නැත.එහි දසුන් ඔබට යම් දිනක අත්‍යවශ්‍ය විය හැක.
CCTV පත්ධතියක් සකස් කර ගැනීම හා එය නඩත්තු කරගැනීමට දැන් ඔබට පිටස්තරයෙක් ලගට යායුතු නැත.මන්ද අප එම සියලු තාක්‍ෂණික කටයුතු ඉතා අඩු

මුදලට ඔබට ලබා දෙන බැවිනි.අපගේ CCTV පන්ති වලට සහභාගී වී හෝ CCTV DVD පැකේජ ලබා ගෙන වුවත් ඔබට එම කාර්යය කර ගත හැක.මෙයට විශාල

තාක්ෂණ දැනුමක් අවශ්‍ය නොවන අතර සාමන්‍ය දැනුම ඇති ඕනෑම අයකුට කල හැක.ඔබට පැකේජ හෝ අපගේ පන්ති වලට සහභාගී වීමට අවශ්‍යනම් ඔබේ නම

හා ලිපිනය අපට Email කරන්න.නැති නම් sms කරන්න.
Email -hetadina@gmail.com

PHONE-0718301069
0718367371
ඔබට ජය!
hetaina admin

Wednesday, May 14, 2014

CCTV කැමරා ස්ථාපනය

   CCTV කැමරා දැන් අප රටට ආගන්තුක නොවේ.එයින් අපට ලැබිය හැකි ප්‍රයෝජන අති විශාලය.ඔබගේ ව්‍යාපාරයේ හෝ නිවසේ CCTV කැමරාවක් තිබේනම් ඔබට ඉතා විශ්වාසනීය පැය විසිහතරම මුර කරන මුරකරුවෙක් සිටී.අන්තර්ජාලය ඔස්සේ සම්බන්ද වෙමින් ඔබ ලොව කොතැනක සිටියත් ඔබ නිවසේ හෝ ආයතනයේ විවීඩියෝ දර්ශණ ඔබට නැරබිය හැක.අවශ්‍යනම් යම් කැමරාව චලනය කර විපරම් කරන්නට පුළුවන. අද ලොව එතරම්ම දියුණු වී ඇත.CCTV කැමරා ඔබට අවශ්‍යව තිබුනත් එය ඔබට සවිකර ගැනීමේ ගැටළු අති බව අපි දනිමු.ඒ සඳහා තාක්ෂණ ශිල්පියෙකු සොයා ගත යුතුය.එවැනි සේවා ලබා දෙන ආයතන ලංකාවේ ඕනා තරම් තිබේ.එහෙත් එම ආයතන වලින් යටකී සේවය ලබා ගැනීමට ඔබට අතිමහත් වියදමක් දැරීමට සිදුවේ.එය අද සමාජයේ බරපතල ගටුවකි.එසේ වන්නේ මෙම තාක්ෂණ ක්‍රමවේදය තවන්ම හරිහැටි අප රට තුල ප්‍රචලිත නොවීමය.
එවිට නිකම්ම CCTV කැමරා ධනවතුන්ගේ බුදලයක් බවට පත්ව ඇත.හෙටදින ටෙක්නොලෝජි ආයතනයේ අරමුණ මෙවැනි ඉතා විශාල ධනයක් වැය කර සොයා ගත යුතු නව තාක්ෂණික තොරතුරු නොමිලේ හෝ ඉතා අඩු මුදලට ලබා දිමයටය.
මා වෙත විශාල පිරිසක් CCTV කැමරා ස්ථාපනය කියා දෙන ලෙස ආයාචනය කර ඇත.දැන් ඔබේ බලා පොරොත්තුව සඵල වී ඇත.මා විසින් රච්ත CCTV කැමරා ස්ථාපනය පොත හා DVD තැටිය ඉතා අඩු මුදලට ඔබට ලබා ගත හැක.එමෙන්ම එවැනි පැකේජයක් පළමු වරට නිෂ්පාදනය කලේ අප විසිනි.CCTV කැමරා ස්ථාපනය කරනහැටි කියා දෙන එක දින පන්ති අප විසින් සංවිධානය කරනු ලැබේ.එහිදී ඔබට නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම ඉතා අවම මිලකට ලබාදේ.ඔබ නොපමාව එම දැනුම ලබා ගන්න.ලංකාවේ සෑම ප්‍රධාන නගර වල අප පන්ති පවත්වනු ලැබේ.ඉක්මනින් ලියාපදිංචි වීමට ඔබේ නම ලිපිනය දුරකථන අංකය hetadina@gmail.com වෙත ඊමේල් කරන්න.
ඔබට ජය!