Tuesday, August 12, 2014

CCTV කැමරා පිටස්තරයන් ලවා සවිකරන්නේ බලාගෙනයි..

දැන් ලංකාවේ බොහොමයක් ආයතන වල CCTV කැමරා පද්ධති සවිකර තිබෙනවා..බොහොමයක් දෙනා ඒවා සවිකරනේ පිටස්තරයකු ලවා ගෙනයි.මන්ද තමාට ඒ ගැන අවබෝධයක් නැති නිසා..එහෙත් ඔබේ මුල්‍ය ආයතයේ හෝ තම පවුද්ගලික ස්ථානවල CCTV කැමරා වෙනත් අයකු ලවා සවිකරන්නේ නම් ඔබ ඔහු ගැන දෙවරක් සිතා බැලිය යුතුය.එම CCTV සවිකරන පුද්ගලයාට ලංකාවේ හෝ ලොව කොතැනක සිටියත් ඔබේ ආයතනය ඔහුට අන්තර්ජාලයෙන් පරික්ෂා කළ හැකි බැවිනි.මන්ද අදාළ පුද්ගලයා ඔබේ CCTV ජාලයට අදාළ මුරපද හා ඩොමේන් නාම ඔහු සටහන් කර ගනී.ඔබ ආයතනේ
හිමිකරු නම් ඔබට CCTV සැකසුම් ගැන අවබෝධයක් නැතිනම් ඔබ එම පද්ධතියේ මුරපදහා වෙනත් සැකසුම් කල නොහැක.
දැන් භාවිතයට පැමිණ ඇති ඇතැම් CCTV පද්ධති වල ඩොමේන් පවා ලබා ගත යුතු නැත.එහි එන ID NUMBER එකක් තුළින් පහසුවෙන් අන්තර්ජාලයෙන් හා දුරකතනයෙන් සියලු කැමරා වල දර්ශන නැරබිය හැක.මේ අනුව පෙනෙන්නේ ඔබේ ආයතනය ඇතුලත හා පිටත ක්‍රියාකාරකම් මේ සම්බන්ද තාක්ෂනය දන්නා එය සවිකළ පුද්ගලයාට ලබා ගත හැකි බවය.මෙනිසා හෙටදින තාක්ෂණික ආයතනය ඔබට නිතරම කියා සිටින්නේ හැකි සෑම විටම තමාම තාක්ෂනය ඉගෙනගෙන අදාළ සැකසුම් ටිකවත් තමාම කරගන්නා ලෙසය.CCTV කැමරා සවිකරන එවැනි ආයතනයක මා දැනට වසර තුනකට පමණ පෙර පුහුණුවකට ගිය අවස්ථාවකදී, එවැනි තමන් CCTV කැමරා සවිකළ ආයතන කීපයකම සියලු ක්‍රියාවන් අපට පෙන්වීම මා ලද හොඳම සාක්ෂියයි.මා විසින් නිෂ්පාදනය කරන ලද CCTV කැමරා ස්ථාපන පැකේජ වල ඔබට අනාරක්ෂිත බවින් මිදීමට අවශ්‍ය සියලු සැකසුම් සකසන අයුරු ගෙනහැර දක්වා ඇත.
ඔබට ජය!

Saturday, August 9, 2014

සුර්ය විදුලි ජනක පිළිබඳව ගැටළු හා පිළියම්..2

            අද මම ඔයාලට ඇතිවෙච්ච ගැටළු කීපයකට පිළිතුරු දෙනවා බලන්න..ඔයාලගේ ගැටලුවට පිළිතුරක් ලැබුනාද? කියා..සියලු ගැටළු කොමෙන්ට් කරන්න..ඉඩ ලද විට හැම එක ටම පිළිතුරු දෙනවා..වැදගත්..බහුතරයකට අවශ්‍ය දේට පළමු තැන දෙනවා..තරහා වෙන්න එපා...


සුර්ය පැනලයෙන් එන විදුලියෙන් බැටරිය ස්වයංක්‍රීයව ආරෝපණය කරන්නේ කොහොමද?

ඔවු මේක හොඳ ගැටලුවක්..පැනලය මගින් නිෂ්පාදනය වන විදුලිය ගබඩා කර ගැනීමට අපි බැටරියක් භාවිතා කරනවා..මෙයට කාර් බැටරියක් වඩා සුදුසුයි.නැතිනම් UPS බැටරියක් යොදා ගන්න පුළුවන්. ඒත් එමගින් වැඩි වෙලාවක් 230V ඉන්වර්ටරය මගින් ගන්න බැහැ.කාර් බැටරි දෙකක් සමන්තරගත ලෙස සවිකළහොත් වැඩි වෙලාවක් විදුලිය ලබා ගත හැකියි.ඉතින් ඉබේම ආරෝපණය වෙලා නවතින්න අපි භාවිතා කරන්නේ SOLAR CHARGING CONTROLLER නමැති උපකරණය.එයට පුළුවන් බැටරිය උපරිම ලෙස ආරෝපණය වුවිට ස්වයන්ක්‍රියව ධාරාව කපා හැරීමට.මෙහි විවිධ ඇම්පියර් ගාණකින් යුතු CONTROLLER ලබා ගත හැකියි.මා එම උපකරණය බැටරියට සවිකරන අයුරු පහත පරිදි දක්වන්නම්..
සුර්ය ශක්තියෙන් විදුලිය ලබා ගැනීම අපවැනි රටකට ඉතා වැදගත්..මොකද දවසේ වැඩි කාලයක් ලංකාවේ බොහෝ ප්‍රදේශ වලට හිරුඑළිය හොඳින් ලැබෙනවා..අනික දැන් අවශ්‍ය උපකරණ අඩු මිලට ලබා ගන්න පුළුවන්.සුර්ය පැනලයක් සාමානයෙන් වසර 20-25 භාවිතා කල හැකියි.බැටරිය තමා අවුලකට තියෙන්නේ..එහෙත් මෙවැනි CONTROLLER එකක් හරහා ආරෝපණය කිරීමෙන් එහි ආයුකාලය වැඩිකර ගත හැක.එක සුර්ය පැනලයක් යොදනවා වෙනුවට පැනල කීපයක් යොදා සමාන්තරගත ලෙස සවිකර CONTROLLER එකට සවිකළහොත් වඩාත් ඉක්මනින් බැටරිය ආරෝපණය කරගත හැක.

අවශ්‍ය අයට එම උපකරණය පිටරටින් ගෙන්වා දීමට ද පුළුවන.

ඔබට ජය!

Thursday, August 7, 2014

නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්න ක්‍රමයක්.

  මම අද ඔබට කියල දෙන්නම් නොමිලේ දුරකථන ඇමතුම් ගන්න ක්‍රමයක්.මා මෙහිදී කියලා දෙන්නේ වැඩි හරියක් භාවිතා කරන android  මෙහෙයුම් පද්ධතිය ඇති දුරකථන වලින් නොමිලේ ඇමතුම් හා ටෙක්ස් මැසේජ් යවන හැටියි.ඒ සඳහා අවශ්‍ය වන app එක මෙතනින් බා ගන්න.මුලින්ම කියන්න ඕනා මෙම app ඇති තවත් දුරකතනයක අතර පමණයි ඇමතුම් ගන්න පුළුවන්.මෙය
හදුන්වන්නේ viber android app ලෙස.

1.මුලින්ම දුරකතනයට app එක ස්ථාපනය කරගන්න.එය විවුර්ත කල විට welcome to viber තිරය ලැබේ.

2. දැන් එහි continue බොත්තම ඔබන්න.මීළඟට ඔබේ රට හා දුරකථන අංකය ලබා දෙන ලෙස ඉල්ලයි. එයද ලබා දෙන්න.

3.නැවත continue බොත්තම ඔබන්න.ඉන්පසුව your viber code ලෙස මුලින් ඇති අංකයක් සහිත sms පණිවිඩයක් ඔබේ දුරකතයට ලැබෙනු ඇත.එහි වන අංකය viber තිරය මත සටහන් කරන්න.දැන් ඉදිරියට යන්න.එවිට Enter your detals නම් පිටුවක් ලැබේ .එහි තමට නමක් හා තමා හදුනා ගැනීමට පින්තුරයක් ලබා දෙන්න.දැන් නැවත continue නම් බොත්තම ඔබන්න.එවිට වැඩසටහනට යොමුවේ.

4.ඇමතුම් ලබා ගැනීමට තිරයේ ඉහලින් ඇති ශිර්ෂ රුපයක් ඇති අයිකනෙක ක්ලික් කරන්න.එවිට තමාගේ දුරකතනේ ඇති දුරකථන අංක පෙන්වයි.ඉන් ඔබ viber වැඩසටහන් හරහා ඇමතුම් ලබා ගත හැකි අංක තෝරා ඇමතුම් ලබා ගත හැක.(එනම් වෙනත් දුරකතනවල viber වැඩසටහන ස්ථාපනය කර ඇති ඒවායේ අංක වලිට)

5.පණිවිඩ යැවීමට නම් free massege නම් බට්න් එක ඔබන්න.එවිට මැසේජ් වින්ඩෝ එකට යොමුවන අතර ඔබට අවශ්‍ය දෙය සඳහන් කර viber භාවිතා කරන වෙනත් දුරකතහන අංකයක් සටහන් කර එය යැවිය හැක.
(මෙහිදී දුරකථන ඇමතුම් හා පණිවිඩ වලදී data වැයවේ.එය දුරකථන ඇමතුම් වලට වඩා ඉතා අඩුය.)

ඔබට ජය!

ඩබල් පැති LED නාම පුවරු හදමු..

  මගෙන් LED නාම පුවරු ලබා ගත් අයත් වෙනත් අයත් මගෙන් අහනවා කොහොමද?එකම කොන්ට්‍රෝල් එකකින් පැති දෙකක බෝඩ් දෙකක් ක්‍රියාත්මක කරන්නේ  කියලා..ඉතින් ඒ ගැන පොස්ට් එකක් දාන්නහිතුනා..ව්‍යාජ තැන්වලින් පැකේජ ගත් අය අන්තිමට මට CALL කරලා අහනවා ගොඩක් ප්‍රශ්න..අඩුම ගානේ සැකසුම් ටිකවත් ඒ ව්‍යාජ පැකේජ වල නෑ කියලා ඔවුන් ගෙන් මට එන දුරකථන ඇමතුම් අති විශාලයි..ඉතින් මම කියලා දෙන්නම්
දෙපැත්තේම පෙනෙන විදිහට LED නාම පුවරුවක් හදා ගන්න හැටි.CCTV කැමරාත් එහෙමයි.සමහර පැකේජ කරන අය DDNS වගේ දේවල් ගැන අහලවත් නැතිලු...

1.ඔබ කැමති ප්‍රමාණයට පින්තුරේ දාල තියෙන විදිහට රාමුව සකසා ගන්න.මේක කරන්න පුංචි හැකියාවකුත් ඕනා..වැඩේ අවුල් වගේ නම් ඇලුමිනියම් වැඩ කරන කාට හරි කියලා සුළු මුදලකට මෙය හදා
ගන්න.පුළුවන්..බලසැපයුම් ඇතුලෙම සවිකරනවා නම් ගොඩක් ඝනකමට රාමුව හදන්න වෙනවා..එකට අඟල් තුනේ බොක්ස් බාර් එක ගන්න.

2.දෙපැත්තේම තියෙන පැනල වල එකම විදිහට දැන්වීම දිස්වෙන්න ඕනා නිසා කරන්න තියෙන්නේ කොන්ට්‍රොලර් එකේ සිට පැනලයට යන රිබන් ඩේටා කේබල් එක මැදින් ටැප් කරලා එය පැනල දෙකකට සවිකරන්න පුළුවන් විදිහට හදා ගන්න එකයි.

3.ඒ කට ඕනා වෙනවා රිබන් කේබල්. වයර් 16 ක් තියෙන රිබන් කේබල් අඩි ගණනට පිටකොටුවේ යුනිටෙක් එකෙන් ගන්න පුළුවන්..එමෙන්ම එම කේබල් වල දෙපැත්තට සවි කරන සොකට් එතැනින්ම ගන්න පුළුවන්.පින් 16 femail socket ගන්න ඕනා.එක සොකට් එකක කෑලි තුනක් තියෙනවා පෙනේවි.එහි කොටස් තුන කේබල් එක දමා තද කලවිට ලොක් වෙනවා නැවත ගලවන්න බැහැ.
4.ඒ විදිහට කේබල් එක නියම පරිදිම හදනවා නම් අපට අවශ්‍ය වෙනවා ක්‍රිම්පින්ග් tool එකක්.එය රු.1400 විතර වෙනවා යුනිටෙක් එකෙන්ම ගන්න පුළුවන්.එය අවශ්‍යම නෑ..සීරුවට කේබලය සොකට් එකට ඇතුළුකර පැතලි මේස ලෑල්ලකට තියලා බර මිටියකින් හෙමින් තට්ටුකර සොකට් එක තද කන්න පුළුවන්.රිබන් එක අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන පලමුව එහි හරි මැදින් සොකට් එකක් සවි කර ගන්න.දැන් දෙකෙළවරටත් සොකට් සවිකර ගන්න.කේබල් එක හදලා පැනල දෙකක් දෙපැත්තට සවිකලා මැද සොකට් එකට කොන්ට්‍රොලර් එකේ පළමු පොර්ට් එකට සවිකර පරික්ෂා කර බලන්න.


5.මේ විදිහට පැනල සියල්ලටම සමාන්තර ගතව දත්ත ලබා දෙන්න.බලසැපයුම් පැනල ගණන අනුව යොදන්න.ඔබට අඩු වියදමකින් ද්විත්ව පැති සහිත LED නාම පුවරුවක් සදා ගත හැකි වේවි.

ඔබට ජය!

Wednesday, August 6, 2014

ඉලෙක්ට්‍රොණික පන්තිය අලුත්ම පාඩම..

 හෙටදින අඩවිය මගින් කියාදෙන ඉලෙට්‍රොණික පාඩම් මාලාවට ට්‍රාන්සිස්ටරය ගැන කියලා දෙන්නයි.මේ සුදානම.අද ලෝකයේ භාවිතා කරන ඉලෙක්ට්‍රොණික උපකරණ දිහා බැලුවම අපට ට්‍රාන්සිසිටරයක් නැති
උපකරණයක් හමුවන්නේ ඉතා අඩුවෙන්.ට්‍රාන්සිසිටරය ගැන ඉතා ඉහල තාක්‍ෂණ දැනුමක් ඇති තොරතුරු ඉදිරිපත් කළ හැකි වුවත් ඔබට තේරුම් ගත හැකි ලෙස සරල අවශ්‍යම කොටස් පමණක් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.



ට්‍රාන්සිස්ටරය කියන්නේ මොකක්ද?

මෙය ඉලෙක්ට්‍රොණික  උපාංගයක්.අර්ධ සන්නායක කොටස් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය මගින් හා ලෝහ කොටස් වලින් පාද තුනක් සහිතව නිපදවා තිබෙනවා.විවිධ හැඩවලින් හා විවිධ වර්ණවලින් යුතුයි.

ට්‍රාන්සිස්ටරයෙන් කරන කාර්යය කුමක්ද?

ට්‍රාන්සිස්ටරයක් මගින් කරනේ විදුලි   ධාරාවක ගමන පාලනය කිරීම.ඒ කියන්නේ එයට පුළුවන් ඕන නම් සුවිචයක් ලෙස ක්‍රියාත්මක වෙන්න.තවත් අවස්තාවක දී ගලන ධාරාවක වර්ධනයක් කරන්න පුළුවන්.එනම් සුළු හා දුර්වල ලෙස ඇති විදුලි signal එකක් විශාල signal එකක් බවට වර්ධනය කරන්න පුළුවන්.ඩිජිටල් සිග්නල් ලබා ගැනීමටත් මෙය භාවිතා වෙනවා.ඩිජිටල් සිග්නල් වන 0,1යන අවස්ථා ඇති කරන්නේ ට්‍රාන්සිස්ටර on/off කිරීමෙන් ලබා ගන්නා සිග්නල් මගින්.අප භාවිතා කරන පරිගණකවල ප්‍රොසෙසරවල  ට්‍රාන්සිස්ටර දහස් ගණනක් තිබෙනවා.ඒවා අවශ්‍ය පරිදි on/off වීමෙන් තමයි සියල්ල සිදුවන්නේ.පහත උදාහරණයෙන් බලන්න ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාව තේරුම් ගත හැකියි.

ට්‍රාන්සිස්ටර් වර්ග මොනවාද?

ප්‍රධාන කොටස් දෙකකි.
1.PNP ට්‍රාන්සිස්ටර
2.NPN ට්‍රාන්සිස්ටර


මේවායේ සංකේත මගින් එහි වෙනස හදුනා ගන්න.මෙම වර්ග වල පාදම අග්‍රය මල්ටිමිටර ආදියෙන් පරික්ශා කරන විට  වෙනස් වෙනවා එය දැනට මතක තබා ගන්න.ට්‍රාන්සිස්ස්ටර මල්ටිමිටරය ආධාරයෙන් පරික්ෂා කරන අයරු ඊළඟ පොස්ට් එකෙන් කියලා දෙන්නම්..

ඔබට ජය.!

Monday, August 4, 2014

සුර්ය විදුලි ජනක පිළිබඳව ගැටළු හා පිළියම්..1

    සුර්ය විදුලි ජනක නිෂ්පාදනය ගැන මා පලකල පසුගිය පොස්ට් එකෙන් පස්සේ විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී තිබෙනවා.ඉතිං ගොඩක් අයට තියෙන ගැටළු වලට පිලිතුරුත් අරන් පොස්ට් එකක් දාන්න හිතුනා..බලන්න ඔබේ ගැටලුවටත් පිළිතුර ලැබුනාද කියලා...

1.කොච්චර ලොකු පැනල එකක් භාවිතා කරන්න ඕනද?
මෙය තීරණය වන්නේ ඔබට අවශ්‍ය වන වොට් ගණන අනුවයි.සාමන්‍ය නිවසකට වොට් 500 ක් තිබුනත් ඇති.වොට් පන්සීයක ඉන්වර්ටර් එකක් කාර් බැටරියකින් ක්‍රියාත්මක ක්රන්නටනම් අඩුම තරමේ 60w සුර්ය පැනලයක් අවශ්‍ය වෙනවා..එකෙන් නිකුත් වන ධාරාව අවම වශයෙන් ඇම්පියර් තුනට වඩා වැඩි වෙන්න ඕනා..එහෙත් ඔබ ups බැටරියක් භාවිතා කරනවා නම් අඩු වොට් ගණනක් ඇති පැනලයක් යොදා ගත හැකියි.එම සියලුම පැනල වල පිටවන වොල්ටිය තාව 18v වෙන්න ඕනා..

2.සුර්ය පැනලය කෙලින්ම  බැටරියට සවි කරන්න බැරිද?

පුළුවන්.. හැබැයි බැටරියේ ආයු කාලය ඉක්මනින් අඩුවෙනවා..over charging වුනොත් බැටරියට හානි වෙනවා..බැටරිය සම්පුර්ණයෙන් ආරෝපණය උනාද කියාලා බලන්න ක්‍රමයක් තියෙනවා..ඒක ටිකක් කරදර වැඩක්..ඔය බැටරියේ උඩ පැත්තේ ඇති ගලවන්න පුළුවන් මුඩි කිහිපයක්..එතනින් බැලුවාම පෙන්නේ බැටරි වතුර.බැටරිය සුර්ය ආලෝකයෙන් හොඳට ආරෝපණය වුනාම බැටරි වතුර තුලින් පුංචි වායු බුබුළු පිටවෙනවා..එවිට සුර්ය පැනලය විසන්දි කරාම හරි..ඒ ත් කාටද පුළුවන් බැටරිය ට හැමවෙලාවෙම මේවා සවිකර නැවත ගලවමින් සවිකරමින් කර කර ඉන්න.අපි එක ස්වයංක්‍රීයව සිදුවෙන්න තමා solar chaging controller එක යොදා ගන්නේ..එකෙන් බැටරිය උපරිම ලෙස ආරෝපණය සිදුවී ඇති විට ඉබේම පැනල ධාරාව බැටරියට ගැලීම කපා හරිනවා..

3.වොට් 60 ක පැනලයක් කියක් විතර වෙයිද?

සාමානයෙන් මෙවැනි පැනලයක් දැනට රු.6000.00 ක් පමණ වෙනවා..solar controller එකක් රු.2500.00 ගන්න පුළුවන් ඇම්පියර් 30 ක එකක්.

4.කොපමණ විදුලි උපකරණ ප්‍රමාණයක් භාවිතා කරන්න පුලුවන්ද..

සාමානයෙන් වොට් 500 ක ඉන්වර්ටරයක් හා කාර් බැටරියක් යොදා ඇති නම් ඔබට වොට් 9 cfl බල්බ 7 ක් හෝ 9w led බල්බ 10 ක් පැය අටක පමණ කාලයක්  දල්වා තැබිය හැක.

5.controller ගන්නේ කොහෙන්ද??
පිටකොටුවෙන් ගන්න පුළුවන්..ඕන අයට මට අන්තර්ජාලය හරහා ගෙන්වා දෙන්නත් පුළුවන්..

ඔබට ජය!

Saturday, August 2, 2014

සුළගින් නිවසට නොමිලේ විදුලිය ගනිමු..

   අද බලශක්ති ගැටලුව ලොව පුරා ව්‍යාප්තව පවතින්නක්..දියුණු රටවල් විවිධ විකල්ප බලශක්ති ක්‍රම භාවිතා කරනවා..ඒ අතර සුළං බලය ප්‍රමුක ලෙස භාවිතා වෙනවා..ඉතින් පිටරටවල භාවිතා වන ක්‍රම අපට හරියන්නේ නැහැනේ..අපි අපටම ගැලපෙන ක්‍රමයට අඩු වියදමින් සුළං බලාගාරයක් හදා ගමු..මේක මුහුද අයිනේ ඉන්න අයටනම් ඉතාමත් ගැලපෙනවා...කදුකර
ප්‍රදේශවලත් නිතරම සුළං ඇති ස්ථානවලටත් ගැලපෙනවා..නැති නම් සුර්ය බලය හා ඒකාබද්ධ කර මෙය භාවිතා කල හැකියි..මෙමගින් නිවසේ සියලු ආලෝක කරන අවශ්‍යතා සපුරා ගත හැකියි.මම ඔබට කියලා දෙන්නේ රු.20 000 කට අඩුවෙන් වියදම් කර වොට් 1000 ක සුළං බලාගාරයක් හදා ගන්නා හැටියි..ඔබට නිවසේදීම මෙය සදා ගන්න හැකිවන පරිදි සරල සිංහල පාඩම් මාලාවක් සකස් කළා..
වීඩියෝ දර්ශන හා එය සියල්ල එකලස් කරණ හැටි කියලා දෙන්නේ ඒ පාඩමින්. මෙය ඉතා අඩු මුදලකට ඔයාලට දෙන්න මම ළඟදීම කටයුතු කරනවා..සමහරු අපේ බ්ලොග් එක කොපි කරලා ඒ වගේ ඒවා හදලා..ලිපි හොරකම් කරලා පැකේජ හදලා..ඔයාලා ඒවාට රැවටෙන්න එපා හෙටදිනත් සමග හැමදාම ඉන්න...තවත් නවතම නිපැයුම් ඔයාලට සමීප කරන්න අපි නිතරම කටයුතු කරනවා.

ඔබට ජය!