Thursday, August 23, 2012
Saturday, August 18, 2012
ඊරෝස් පෘථිවිය අසලින් යයි
www.hetadina.blogspot.com/ |
ඊරෝස් පෘථිවිය අසලින් යයි
අපේ සෞරග්‍රහ මණ්ඩලයේ, විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා ග‍්‍රහකය පසුගියදා පෘථිවිය අසලින්ම ගමන් කළා. බය වෙන්න දෙයක් නැහැ. ග‍්‍රහකයෙන් පෘථිවියට කිසිදු ආකාරයක අනතුරක් හෝ බලපෑමක් හෝ සිදුවුණේ නැහැ. ඒත් වසර ගණනාවකට පසුවයි මෙතරම් විශාල ග‍්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කළේ. ඒ නිසා තාරකා විද්‍යාඥයන්ට ඒක ඉතා වැදගත් සිදුවීමක් වුණා. මේ ග‍්‍රහකය තමයි ‘433 ඊරෝස්’. එහි විශාලත්වය ලන්ඩන් නගරය මෙන් 400 ගුණයක්. එය පෘථිවියට සැතපුම් මිලියන 16.6 ක් සමීප වුණා. මීට කලින් එය පෘථිවිය අසලින් ගමන් කළේ මීට අවුරුදු 37 කට කලින්. ඒ කියන්නේ 1975 වසරේදීයි. මෙය යලිත් පෘථිවිය අසලින් යෑමට නියමිතව ඇත්තේ 2056 වසරේදීයි. ඊරෝස්ට හිරු වටේ භ‍්‍රමනය වෙන්න දින 643 ක් ගත වෙනවා. එය සෑම පැය හයකටම සහ මිනිත්තු 16 කටම වතාවක් කැරකෙනවා. ග‍්‍රහකය සොයා ගනු ලැබුවේ 1898 දී ජර්මන් තාරකා විද්‍යාඥ ගුස්ටෝව් විට් සහ ප‍්‍රංශ විද්‍යාඥ ඔගස්ටී විසිනුයි.
Wednesday, August 15, 2012
අධිවේගී මාර්ග ජාලය සහ අධික්‍රියාකාරී ජාලකරණය
ශ්‍රී ලංකාවේ මෑතක් වන තුරු ම අධිවේගී මාර්ගයන් භාවිත නො වී ය. මෑතක දී මෙරට පළමු අධිවේගී මාර්ගය ලෙස කොට්‌ටාව-ගාල්ල යා කෙරෙන අධිවේගී මාර්ගයක් ඉදි විය. එම මාර්ගය විවෘත කිරීමට පෙර ගාලු පාර හරහා කොළඹ සිට ගාල්ලට යැමට සාමාන්‍යයෙන් පැය තුනක් හතරක් අතර කාලයක් ගත විය. එනමුත් අද එම ගමන පැයකට ආසන්න කාලයක දී යැමට හැකි ය. මෙහි දී සිදු වී ඇත්තේ අප ගේ ගමනාගමනය පෙරට වඩා කිහිප ගුණයකින් වේගවත් වීමයි. බොහොමයක් වාහනවල පැයකට කිලෝමීටර සියයකට වඩා වේගයෙන් යැමට හැකියාව කාලයක සිට ම තිබුණත්a එම වේගයෙන් ම නො නවත්වා දිගට ම ගමන් කළ හැකි මාර්ග ජාලයක් මෙරට නො තිබිණි. අධිවේගී මාර්ගයන් ඉදි කිරීමෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ එම වාහානවල නවීන වේගයන්ට සරිලන මාර්ග ජාලයක් තනා ගැනීමයි. අප මෙහි දී සැලකිය යුතු කරුණක් වන්නේ අධිවේගී මාර්ගයක වාහන පැදවීමේ දී අනුගමනය කළ යුතු උපදෙස්‌වල පටන් ම යම් විශේෂ වෙනසක් දැකිය හැකි බවයි. සරල උදාහරණයක් ලෙස අධිවේගී මාර්ගයක දී සාමාන්‍ය මහා මාර්ගයන්හි මෙන් එහි අයිනේ වාහන නවතා තැබිය නො හැකි ය. තව ද පදිකයන්ට අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට හෝ පාර හරහා මාරු වීමට හෝ නො හැකි ය. එනම් අධිවේගී මාර්ගයක ඇතැම් භාවිතයන් සාමාන්‍ය මහා මාර්ගයක භාවිතයක්‌ට වඩා විවිධාකාර අයුරින් වෙනස් වේ. ඊට අමතරව මෙහි දී අපට හඳුනාගත හැකි තවත් වැදගත් කාරණයක් වන්නේ අධිවේගී මාර්ගයක් ඉදි කිරීමේ දී භාවිත කෙරෙන තාක්‌ෂණයේ සහ පරිපාලනයේ දී භාවිත කෙරෙන ක්‍රමවේදයන්හි ද පැහැදිලි වෙනසක් තිsබෙන බවයි. අධිවේගී මාර්ගයක ගමනාගමනයේ දී සාමාන්‍ය මහා මාර්ගයකට වඩා ඉහළ වේගයෙන් නො නවත්වා ගමන් කළ හැකි නිසා ගමනට ගත වන කාලය බෙහෙවින් අඩු වේ. එහි දී වේගය වෙනස් වන පරාසය සහ වේගය වෙනස් වන අවස්‌ථාවන් අඩු මට්‌ටමක පවත්වා ගත හැකි ය. එය ගමනේ දී අඩු විචලතාවක් පවත්වා ගැනීමක් ලෙස හැඳින්විය හැකි ය. හුදු ඉහළ වේගයකින් ගමන් කිරීමට හැකි වීම පමණක් නො ව අඩු විචලතාවකින් ගමන් කිරීමට හැකියාවක් පැවතීම ද අධිවේගී මාර්ගයක ගමන් කරන වාහන සඳහා ඇති ප්‍රධාන වාසි දෙකක් ලෙස හඳුනාගත හැකි. මෙහි දී ඉහළ වේගයකින් ගමන් කිරීමට හැකි වීමෙන් ගමනට ගත වන කාලය ඉතිරි වේ. තව ද විචලතාව අඩු වන ආකාරයෙන් ගමන් කිරීමට හැකි වීම නිසා පුරෝකථනය කළ හැකි (කලින් කීමට හැකි) නිශ්චිත කාලයක් තුළ සැලසුම්සහගත ව අදාළ ගමන නිම කළ හැකි ය. ඊට අමතරව සමස්‌ත ගමනේ විචලතාව අඩු වීම නිසා ඉන්ධන පරිභෝජනය අඩු වීමෙන් ද වාසියක් අත් වේ. ගමනේ විචලතාව අඩු වීමෙන් වාහනයේ ගමන් ගන්නා මගීන් ගේ ගමන් විඩාව ද අඩු වේ. මෙහි දී අධිවේගී මාර්ගයක් භාවිතයෙන් කාලය ඉතිරි වීම, වඩාත් සැලසුම් සහගත කාලයක් තුළ ගමනක් යැමට හැකි වීම, ඉන්ධන ඉතිරිය, ගමනේ විඩාව අඩු වීම ආදි වාසි අත්දැකිය හැකි බව ඒ අනුව අපට වටහාගත හැකි ය.
වාහන ගමනක විචලතාව අඩු වීමෙන් අප ඉහත සඳහන් කරන ලද පරිදි විවිධාකාර වාසි අත් වේ. එම වාසි ලබා ගැනීමට නම් ගමනේ විචලතාව අඩු වන පරිදි වාහන ගමන් කළ හැකි අධිවේගී මාර්ගයන් වැනි විශේෂ මාර්ග පද්ධතියක් තිබිය යුතු ය. එනමුත් බොහොමයක් මාර්ග තවමත් අධිවේගී මාර්ග නො වේ. එවැනි මාර්ග භාවිතයේ දී ද, ගමනේ විචලතාව වැඩි වුව ද, ඉහත සඳහන් විචලතාව අඩු අවස්‌ථාවන්හි දී ලැබෙන ඉන්ධන ඉතිරිය නම් වාසිය ලබා ගත හැකි පරිදි වර්තමාන වාහන නිෂ්පාදන තාක්‌ෂණය දියුණු වී ඇත. මෙකල අලුතෙන් භාවිතය බහුල වී ඇති දෙමුහුන් (Hybrid) වාහන නිපදවා ඇත්තේ අවේගී නො වන සාමාන්‍ය මාර්ගයන්හි දී ද ඉන්ධන ඉතිරි වන ආකාරයෙනි. එහි දී දෙමුහුන් වාහනයක් අධිවේගී නො වන මාර්ගයක දී සාමාන්‍ය විචලතාවක් සහිත ව ධාවනය වුව ද, තිරිංග යෙදීම, වේගය අඩු වැඩි කිරීම වැනි අවස්‌ථාවන්හි දී හානි වන ශක්‌තිය විදුලිය වශයෙන් ගබඩා කරගෙන නැවත එම ශක්‌තිය ද ධාවනයට යෙදවීම ආදී වශයෙන් විවිධාකාර තාක්‌ෂණික උපක්‍රම භාවිත කරනු ලැබේ. එලෙස දෙමුහුන් වාහන අධිවේගී නො වන මාර්ගයක දී සාමාන්‍ය විචලතාවක් සහිත ව ධාවනය වුව ද ඉන්ධන ඉතිරි කර ගැනීමේ වාසිය ලබා ගැනීමට හැකි ය. එනමුත් දෙමුහුන් වාහනයක් අධිවේගී මාර්ගයක දී භාවිතයේ දී නම් දෙමුහුන් නො වන වාහනයකට සාපේක්‌ෂව කැපී පෙනෙන පරිදි ඉන්ධන ඉතිරි කර ගැනීමට හැකියාවක් නොමැත.
අප ඉහත සාකච්ඡා කළ පරිදි මාර්ග ජාලයක ගමනාගමනයේ දී සලකා බැලෙන වැදගත් ලක්‌ෂණ දෙකක් වන්නේ අදාළ ගමන අඩු කාලයක දී නිම කළ හැකි වීමත්, එම ගමන අඩු විචලතාවක් සහිතව නිම කළ හැකි වීමත් ය. එම ආකාරයට ම අධි ක්‍රියාකාරී පරිගණක ජාලයන් තැනීමේදීත් විශේෂයෙන් සලකා බැලෙන්නේ ද දත්ත අඩු කාලයකින් සම්ප්‍රේෂණය කිරීමට ඇති හැකියාවත්, අඩු විචලතාවකින් යුතු ව දත්ත ගොනු සම්ප්‍රේෂණය කිරීමට ඇති හැකියාවත් ය. මෙහි දී අධි ක්‍රියාකාරි පරිගණක ජාලකරණයේ දී ද මේ සඳහා විවිධ තාක්‌ෂණික උපක්‍රම භාවිත කරනු ලැබේ. ඉන් කිහිපයක් අපට සාකච්ඡා කළ හැකි ය.
දත්ත සම්ප්‍රේෂණය කරන මාධ්‍ය සඳහා වේගවත් සම්ප්‍රේෂණ මාධ්‍යයන් යොදාගැනීම මූලික ම තාක්‌ෂණික උපක්‍රමයකි. උදාහරණයක් ලෙස තඹ හා ලෝහ හරහා විද්යුත් චුම්බක තරංග ප්‍රචාලනය වන තාක්‌ෂණය වෙනුවට නූතන ප්‍රකාශ තන්තු තාක්‌ෂණික උපක්‍රම මගින් දත්ත සම්ප්‍රේෂණ ප්‍රමාදයන් අවම කර ගත හැකි ය.
දත්ත කෙතරම් ප්‍රමාණයක් (පරිමාවක්) එකවර ඉහත ගුණයන් ද රැකෙන පරිදි සම්ප්‍රේෂණය කළ හැකි ද යන්න අදාළ වන්නේ සම්ප්‍රේෂණය කෙරෙන දත්තයන්හි ප්‍රමාණාත්මක සාධකයක් ලෙස පමණි. එනමුත් දත්ත ගොනු කු=ඩා කොටස් (පැකට්‌ටු) වශයෙන් කඩා සම්ප්‍රේෂණය සිදු කළ හැකි බැවින් මෙහි දී සම්ප්‍රේෂණ කාලය අඩු කරගැනීමට අදාළ පරිගණක ජාලයේ සම්බන්ධකයන් ගේ විශාලත්වය ද බලපාන බව හඳුනාගෙන ඇත. කිසියම් ජාලයක් හරහා එකවර යෑවිය හැකි දත්ත ප්‍රමාණය වැඩි වන විට දත්ත කුඩා කොටස් (පැකට්‌ටු) වශයෙන් කඩා සමාන්තරගත ව එක ම අවස්‌ථාවේ සම්ප්‍රේෂණය කළ හැකි බැවින් දත්ත පැකට්‌ටු එකක් පසුපස එකක් වශයෙන් ශේ්‍රණිගත ව යෑවීමට සිදු වීමෙන් වන ප්‍රමාදය වළකාගත හැකි ය. එමගින් දත්ත ශ්‍රේණිගත වීම නිසා ඇති විය හැකි ප්‍රමාදයන් අඩු වන බැවින් ජාලයක දත්ත ප්‍රවාහන පරිමාව (ධාරිතාව) විශාල වීමෙන් දත්ත අඩු කාලයකින් එකවර සම්ප්‍රේෂණය කිරීමට හැකියාව ලැබේ. එම නිසා දත්ත සම්ප්‍රේෂණය කරන ජාලයක පරිමාව වැඩි කිරීම අධි ක්‍රියාකාරී ජාල තැනීමේ එක් ප්‍රධාන තාක්‌ෂණික උපක්‍රමයකි. වර්තමානයේ තත්පරයට ගිගා බයිට් 40 (40 Giga bits per second) සහ තත්පරයට ගිගා බිට් 100 (100 Giga bits per second) වැනි ඉහළ වේගයකින් අධි ක්‍රීsයාකාරී ජාලකරණයේ දී භාවිතය ඇරඹී ඇත.
තව ද පරිගණකයන්හි මධ්‍යම සැකසුම් ඒකකය එමගින් කෙරෙන විවිධ කාර්යයන් සඳහා පොදුවේ භාවිත වන බැවින් ප්‍රධාන මතකයේ ඇති දත්තයන් පරිගණක ජාලයේ ඇති වෙනත් පරිගණක ජාලයක සිට පරිශීලනය කිරීමක දී ප්‍රධාන සැකසුම් ඒකකයන් භාවිතය සඳහා අවස්‌ථාවක් ලැබෙන තුරු ප්‍රමාද වීමට සිදු වේ. මෙය සැලකිය යුතු කාලයක් බැවින් ප්‍රධාන සැකසුම් ඒකකයෙන් ස්‌වායත්ත ව එම කාර්යය කරගත හැකි නම් ජාලය තුළ පරිගණකයන් අතර දත්ත පරිශීලනය කිරීමේ දී ගත වන කාලය ඉතිරි කරගැනීමෙන් මේ ප්‍රමාදය අවම කර ගත හැකි ය. මේ සඳහා දුරස්‌ථ සෘජු මතක ප්‍රවේශය (Remote Direct Memory Acess) නමැති තාක්‌ෂණික උපක්‍රමයක් මෑතක දී භාවිතයට පැමිණ ඇත. ආසන්න උදාහරණයක් ලෙස, මේ ක්‍රමය එක් පුද්ගලයකු ගේ මතකයේ ඇති තොරතුරක් තවත් අයකු විසින් ඔහු ගේ උඩු සිතට නො දැනෙන පරිදි පරිශීලනය කිරීමක් වැනි ය.
මෙලෙස විවිධාකාර උපක්‍රම භාවිතයෙන් අධි ක්‍රියාකාරී ජාලකරණය මගින් සිදු කෙරෙන්නේ වඩාත් වේගවත් ව සහ පුරෝකථනය කළ හැකි පරිද්දෙන් දත්ත සම්ප්‍රේෂණය කිරීමට හැකියාවක් ඇති පරිගණක ජාලයන් නිර්මාණය කිරීමයි. මේ අධි ක්‍රියාකාරී පරිගණක ජාලයන්හි ක්‍රියාත්මකභාවය නිවැරැදි ව පුරෝකථනය කිරීමට නම් ඊට සරිලන පරිදි මැනීමට අදාළ ක්‍රමවේදයන් ද නිර්මාණය කරගත යුතු ය. එහි දී නැනෝ තත්පර (තත්පරයෙන් 10-9) පරිමාණයේ මැනීම් ක්‍රම මෙකල අධි ක්‍රියාකාරී ජාලකරණයේ දී භාවිත වේ. මෙහි දී පුරෝකථනය සහ මැනීම යන ඒවා අපරදිග නිර්මාණය වන තාක්‌ෂණයේ අනිවාර්ය සහ එකිනෙක බැඳුණු පොදු අංගයන් දෙකක් බව අපට බොහෝ විට හඳුනාගත හැකි ය.
මෙලෙස අප අවබෝධ කරගත යුත්තේ නූතන තාක්‌ෂණයේ වර්ධනයත් සම`ග ලෝකයේ ක්‍රියාකාරකම් පෙරට වඩා වේගවත් ව සහ පුරෝකථනය කළ හැකි ආකාරයෙන් සිදු කිරීමට උත්සාහයක් දැරෙන බවයි. එමගින් එහි නිර්මාපකයන් බලාපොරොත්තු වන්නේ මෙලොව ලෞකික ජීවිතය පෙරට වඩා සැපවත් කිරීම විය හැකි ය. එනමුත් බහුතරයක් ලාංකිකයන්ට නම් මෙලොව ජීවිතය ගැන පමණක් සලකා ක්‍රියා කිරීම අපහසු ය. ඔවුන් ක්‍රියාත්මක වන්නේ සමස්‌ත සංසාරය ම සලකාගෙන සහ එම සසර ගමනින් පවා මිදීමක් අරමුණු කරගෙන ය. සමස්‌ත සංසාරය ගැන ම සලකා ක්‍රියාත්මක වන අය මෙලොව ලෞකික සැපය පමණක් අරමුණ කරගෙන ක්‍රියාත්මක නො වීමෙන් පෙනී යන්නේ ඔවුන් ගේ චින්තනයට අදාළ වපසරිය පුළුල් බවයි. එනමුත් වර්තමාන ලෝකයේ නූතනත්ව දියුණුව ප්‍රධාන වශයෙන් ම සිදු වන්නේ මෙලොව ජීවීතය පමණක් අරමුණු කෙරන පටු වපසරියකට අදාළ ව ය. මෙලොව වශයෙන් සැපවත් වීම පමණක් ප්‍රමාණවත් යෑයි සිතා කටයුතු කෙරෙන මිනිසුන් ගේ මරණින් මතු ජීවිතය ගැන ප්‍රඥවන්තයන්ට යම් තරමක අනුමානයක් කළ හැකි ය. එබැවින් අප තාක්‌ෂණය හෝ වෙනත් කවර දෙයක් වුවත් අනුගමනය කළත්, අවශෝෂණය කළත්, නිර්මාණය කළත් එය සිදු කිරීමට උත්සාහ ගත යුත්තේ මෙලොවත් පරලොවත් යන සමස්‌ත සංසාරය ම හෝ සංසංරයෙන් මිදීමට එහි බලපෑම ආදිය සලකාගෙන ය.
www.vidusara.lk ඇසුරිණි
Monday, August 13, 2012
අඟහරු මත ජීවය පැවතීමට ඇති ඉඩකඩ
අඟහරු මත ජීවය පැවතීමට ඇති ඉඩකඩ මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ විග්‍රහ කරයි අභ්‍යවකාශ ඉතිහාසයේ වෙනත් ග්‍රහලෝකයක් වෙත මෙතෙක් යෑවුණු විශාලතම වූ ද, විශාලතම ධනස්‌කන්ධයක් වැය කොට ඉදි කෙරුණා වූ ද පර්යේෂණ රොබෝව සතු ව ඉලක්‌ක කිහිපයක් වේ. අඟහරු ග්‍රහයා ගේ දේශගුණික හා භූගෝලීය තත්ත්වයන් වැඩිදුර හැදැරීම, අනාගතයේ දී මිනිසකු යෑවීම සඳහා ඇති හැකියාවන් පිරික්‌සීම හා මාධ්‍ය ම`ගින් වාර්තා වී ඇති පරිදි ජීවය ඇති දැයි සොයා බැලීම හැරුණු විට අපේ එනම් පෘථිවියේ පාරම්පරික වංශ කථාවේ අක් මුල් සොයා යැම ද මේ අතරින් ප්‍රධාන කොට සැලකිය හැකි ය. අප දන්නා තරමින් කවර ම දාක හෝ මිනිසකු ගොඩ නො බට අඟහරු ග්‍රහයා වෙත ගොස්, පාරම්පරික වතගොත සොයනු කෙසේ දැයි දැන් ඔබට සිතෙන්නට බැරි නැත. එසේ සිතුව ද වැරැදි නැත. මන්ද පාසලේ දී පෘථිවිය මත ජීවයේ සම්භවය ඉගෙන ගනිද්දී අප හුදෙක් උගත්තේ ඩාවින් ගේ පරිණාමවාදයයි. එනම් මින් වසර බිලියන හතරකට ඉහත ඈත එපිට දවසක පෘථිවියේ කොහේ හෝ පුංචි 'උණුසුම් දිය පොකුණක' තිබුණු රසායන අණු අතර අහම්බයක් ව සිදු වුණු ප්‍රතික්‍රියාවලියකින් ජීවය ඇති වුණු බවයි. එහෙත් ලොව පිළිගැනුණ මේ මතයෙන් බැහැර ව පෘථිවිය මත ජීවය ඇති වීම සම්බන්ධව අභියෝගාත්මක නව මතයක් සාපේක්‌ෂව මෑතක දී පහළ විය. පෑන්ස්‌පර්මියා (Panspermia) නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන මේ මතයට අනුව පෘථිවියට ජීවය ලැබුණේ අභ්‍යවකාශයෙනි. නැත හොත් පිටසක්‌වළෙනි. පිටසක්‌වළින් ජීවය ලැබුණු බවට කෙරුණු මේ මතය සැලකිය යුතු කාලයක් පුරා විවාදාත්මකව පැවතුණක් වන අතර 1970 දශකයේ මුල් අවධියේ දී සුප්‍රකට තාරකා විද්‍යාඥයන් දෙපළක් වන බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ෆෙඩ්රික් හොයිල් සහ ශ්‍රී ලාංකික මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහයන් විසින් සිදු කරනු ලැබූ දහසකුත් එකක් නිරීක්‌ෂණයන්, පර්යේෂණයන් හා විග්‍රහ කිරීම් මෙම මතය ශක්‌තිමත් කරන්නට ඉමහත් දායකත්වයක් සපයා දුනි. පසුගිය වසර බිලියන හතරක කාලාන්තරයක් ඇතුළත ජීවය පරිණාමයකට ලක් විය හැකි බව පිළිගන්නා නමුදු ඔවුන් කියා සිටින්නේ අද පවත්නා උසස් ජාන සැලසුම්කරණයකින් යුක්‌ත වූ ජීවය හුදෙක් අහම්බයක් ව, ඒක සෛලිකව ඇති වුණු ජීව ආකාරයකින් බිහි වූවක් බව පැවසීම නම් අසීරු බව ය. මේ අනුව අභ්‍යවකාශ ඉතිහාසයේ මෙතෙක් විසඳාගත නොහැකි ව තිබුණු ප්‍රහේලිකාවක් විසඳීමට කියුරියොසිටි පර්යේෂණ රොබෝව සමත් වේ ද? මෙවිසින් විසඳෙනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකි දේවලට ඇති පදනම කුමක් දැයි කිසිවකු ගේ සිතක කුතුහලයක් ඇති වන්නේ නම් එය අසාධාරණ නැත. එහෙයින් අභ්‍යවකාශ ජීව විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් මෙදෙස බලා සිදු කළ හැකි විචාරය විමසා බලනු වස් මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහයන් හමු වීමට තීරණය කළෙමු. මහාචාර්ය වික්‍රමසිංහ දැනට එක්‌සත් රාජධානියේ බකිංහැම් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත අභ්‍යවකාශ ජීව විද්‍යාව (Astrobiology) පිළිබඳ මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‌ෂ ධුරය හොබවයි. ප්‍රශ්නය (- මහාචාර්යතුමනි, පළමුවෙන් ම පෘථිවියේ ඇති ජීවය පිටසක්‌වළින් ආ බවට කෙරී ඇති යෝජනාවට ඇති පදනම කුමක් දැයි විස්‌තර කළ හැකි ද? පිළිsතුර (- මීට වසර බිලියන හතරකට ඉහත දී වල්ගාතරු වැස්‌සක් පෘථිවිය මත පතිත වූ බව ද, ඒ වල්ගා තරු වර්ෂාවත් සමඟ පොළොවට පතනය වූ ජලය මඟින් පෘථිවිය මත සාගර ඇති වූ බව ද, ක්‌ෂුද්‍ර ආකාරයේ ජීවය පෘථිවිය මත ඇති වූයේ මේ වකවානුවේ ම බව ද භූ ගර්භ රසායන විද්‍යා අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙනවා. එම වල්ගාතරු වර්ෂාව අභ්‍යවකාශයේ සිදු වුණු අවස්‌ථාවේ දී ම එම ක්‌ෂුද්‍ර ආකාරයේ ජීවය අපේ පෘථිවිය හැරුණු විට අපේ සෞරග්‍රහ මණ්‌ඩලයට අයත් අන් ග්‍රහලෝක කරා ද ගමන් කළා විය හැකියි. නමුත් එම ග්‍රහලෝකවල ජීවය පැවතීමේ හිතකර තත්ත්ව නො තිබුණා නම් එලෙස ඇතුළු වුණු ජීවය මිය යන්නට ඇතැයි සිතිය හැකියි. කෙසේ වුවත් එසේ ඇතුළු වුණු ජීවය කිසියම් ආකාරයක පැවැත්මකට ලක් වූයේ නම් අපේ සෞරග්‍රහ මණ්‌ඩලයේ අන් සියලු ම ග්‍රහලෝක අතරින් ඒ සඳහා සුදුසු ම ග්‍රහලෝකය ලෙස හඳුන්වන්නට හැකි වන්නේ අඟහරු ග්‍රහයායි. ප්‍රශ්නය (- පසුගිය කාලයේ දී බොහෝ බුද්ධිමත් ජීව ආකාර අඟහරු තුළ ජීවත් විය හැකි බවට විශ්වාස කෙරුණා නේ ද? පිළිතුර (- ඔව්, මෙවන් අනුමාන කිරීම්වලට හේතු වූයේ මීට සියවසකට පමණ ඉහත ගත් ඡායාරූපවලින් පෙන්නුම් කළ දේ. උදාහරණයක් ලෙස එම ඡායාරූපවලින් පෙන්නුම් කළ අඳුරු පැහැති කොටස් තුරුලතා නියෝජනය කරන බවටත්, ඒ හැරුණු විට ඇළ මාර්ග පද්ධතීන් පෙන්නුම් කෙරෙන බවටත් මත ඉදිරිපත් කෙරුණා. නමුත්, වර්ෂ 1962-1973 කාලවකවානුව ඇතුළත දී තාක්‌ෂණයෙන් වඩාත් දියුණු මැරිනර් (Mariner) පර්යේෂණ යානාව විසින් ගන්නා ලද ඡායාරූප, අඟහරු මත ඇතැයි සිතූ තුරුලතා හා ඇළ මාර්ග පද්ධතීන් පිළිබඳ යෝජනා ප්‍රතික්‌ෂේප කරමින් අඟහරු ගේ මතුපිට පෘෂ්ඨය ආවාට (Craters)වලින් ආවරණය වී ඇති බව ද, ගිනිකඳුවල ක්‍රියාකාරකම් බහුල අඟහරු මත නිරන්තරයෙන් දූවිලි කුණාටු ඇති බව ද සනාථ කළා. මේ අනුව අභ්‍යවකාශ විද්‍යාඥයන් ගේ සිත් තුළ අඟහරු මත බුද්ධි මට්‌ටමෙන් බොහෝ ඉහළ තත්ත්වයක සිටින ජීව ආකාර පිළිබඳ සිහිනය බොඳ වී ගිය නමුත් කිසියම් ආකාරයක ජීවයක් නො තිබිය හැකි නො වේ ය යන බලාපොරොත්තුව උපදින්නට වුණා. එනම් බැක්‌ටීරීයා, ඇල්ගී හා දිලීර ආකාරයේ ජීවයක් පිළිබඳ බලාපොරොත්තු ඇති වුණා. ප්‍රශ්නය (- එසේ නම් ක්‌ෂුද්‍ර ආකාරයේ ජීවය පැවතීමට සුදුසු හිතකර තත්ත්වයන් අඟහරු ග්‍රහයා සතු ද? පිළිතුර (- අඟහරු ගේ වායුගෝලය 95%ක් කාබන් ඩයොක්‌සයිඩ්, 3%ක් ආගන්, 1.5%ක් නයිට්‍රජන්, 0.15%ක් ඔක්‌සිජන් යන වායුන්වලින් ද, සුළු ප්‍රමාණයක් ජලයෙන් ද සමන්විත වනවා. සමස්‌තයක් වශයෙන් මතුපිට වායුගෝලීය පීඩනය පෘථිවියේ මතුපිට වායුගෝලීය පීඩනයෙන් සියයට එකක් පමණ වීම හේතුවෙන් අඟහරු සතු ව ඇත්තේ බොහෝ ම තුනී වායුගෝලයක්. මේ නිසා විකිරණවලින් අඟහරු ලබන ආරක්‌ෂාව බොහෝ ම දුර්වලයි. මේ අනුව ජීවයක පැවැත්ම උදෙසා පැවතිය යුතු භෞතික හා පාරිසරික සාධක අඟහරු මත සීමා සහිත බවකුයි පෙනී යන්නේ. නමුත් බොහෝ ගැඹුරු සාගර පතුල, සල්ෆියුරික් අම්ලයෙන් ඉතා පොහොසත් උල්පත්, අධි ලවණ සාන්ද්‍රණයෙන් යුතු මළ මුහුද, ඇන්ටාටිකාවේ වියළි නිම්නයන් හා විකිරණශීලී අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්‌ථාන ආදී පෘථිවිය මත ක්‌ෂුද්‍රජීවී පැවැත්ම සනාථ වී ඇති ස්‌ථාන සලකා බැලෙන කළ අඟහරු මත දැඩි සූර්ය විකිරණවලට එක එල්ලේ ම නිරාවරණය නො වන ආවරණිත ස්‌ථානවල ක්ෂුද්‍ර ආකාරයේ ජීවය හමු වීමේ ඉහළ හැකියාවක් පවතින බව කිව හැකියි. ප්‍රශ්නය (- අඟහරු වෙත මෙතෙක් යෑවුණු පර්යේෂණ යානා ම`ගින් ජීවය ඇති බවට සනාථ වී නැති ද? පිළිතුර (- වර්ෂ 1976 දී අඟහරු වෙත යෑවුණු වයිකිං 1 හා 2 (Viking) යානාවල ප්‍රධාන ඉලක්‌කය වූයේ අඟහරු මත ක්‌ෂුද්‍ර ආකාරයේ ජීවය පිළිබඳ පරීක්‌ෂා කිරීමයි. අඟහරු ගෙන් ලබා ගැනුණු පස් නියෑදි එහි දී ම පරීක්‌ෂා කිරීම සඳහා අවශ්‍ය අංගෝපාංගවලින් වයිකිං ආම්පන්න ව සිටි අතර අනුමානය වූයේ අඟහරු මත වසන කිසියම් ක්‌ෂුද්‍ර ජීවී ආකාරයක් සිටී නම් ඔවුන් ගේ පරිවෘත්තීය ක්‍රියාවලි පෘථිවිවාසී ක්‌ෂුද්‍රජීවීන් ගේ පරිවෘත්තීය ක්‍රියාවලිවලට ම සමාන වේ ය යන්නයි. මේ අනුව එම පස් නියෑදි විවිධාකාර වූ රසායනික පරීක්‌ෂාවලට ලක් කෙරුණු අතර පරීක්‌ෂණවලින් බලාපොරොත්තු වූ ආකාරයට ම අඟහරු පස කාබන් ඩයොක්‌සයිඩ් පිට කළා. නමුත් පරීක්ෂණවලින් පසුව එම පස් නියෑදිවල දකින්නට බලාපොරොත්තු වූ කාබනික ද්‍රව්‍ය නම් දකින්නට තිබුණේ නැහැ. මේ අනුව දැක ගත හැකි වූ කාබන්ඩයොක්‌සයිඩ් වායුවට හේතුව ලෙස නිගමනය වූයේ බලාපොරොත්තු වූ සාමාන්‍ය ජීව ක්‍රියාවලියෙන් බැහැර වූ වෙනත් හේතුවක් නිසා එය සිදු වූ බවයි. එනම් අඟහරු පස, පෘථිවි පසට වඩා වෙනස් වූ 'සුපිරි ආකාරයේ ඔක්‌සිකාරකයක්' (Superoxidant) බවත්, මේ අනුව අඟහරු මත ජීවය ඇති ද යන්න සහතික වශයෙන් කිව නොහැකි බවත් නාසා ආයතනය නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා. නමුත් වර්ෂ 1986 දී නැවත විමසා බැලුණු වයිකිං දත්තවල ද, තවදුරටත් කෙරුණු රසායනාගාර පර්යේෂණවල ද එකතුව විසින් පළමුව කළ නිගමනය වෙනස් කර අඟහරු මත ප්‍රාථමික ආකාරයේ ජීවය ඇති බව ප්‍රකාශ කෙරුණා. තවදුරටත්, මේ ප්‍රාථමික ආකාරයේ ජීව ආකාරවල පැවැත්ම වඩාත් ම බලාපොරොත්තු විය හැක්‌කේ අඟහරු ගේ මතුපිට පෘෂ්ඨයට වහා ම යටින් පිහිටා ඇති නෙරීම් තුළ විය හැකි බවත් ප්‍රකාශ වුණා. මෙලෙස, නිගමනය පසුව වෙනස් වීමට හේතුව ලෙස දැක්‌වූයේ වර්ෂ 1976 වන තුරු ඇන්ටාක්‌ටිකාවේ වියළි නිම්නවලින් සොයාගැනුණ බැක්‌ටීරියා වයිකිං තුළ කෙරුණු ආකාරයේ ම පර්යේෂණවලට භාජන කර නො තිබීමයි. එසේ කෙරුණු කල ලැබුණු ප්‍රතිඵල අඟහරු පස පරීක්‌ෂා කිරීමෙන් ලද ප්‍රතිඵලවලට අතිශයින් ම සමාන වුණා. ප්‍රශ්නය (- එසේ නම් නාසා ආයතනය අඟහරු මත ක්‌ෂුද්‍ර ආකාරයේ ජීවය ඇති බවට එදා ලැබුණු සාක්‌ෂි කිසියම් වසන් කිරීමකට ලක් කර තිබෙනවා ද? පිළිතුර (- ඔව්. එක්‌තරා ආකාරයකට. වයිකිං ව්‍යාපෘතියේ ප්‍රධාන ගවේශක ගිල් ලෙවින් (Gil Levin) අදටත් කියා සිටින්නේ ක්‍රියාකාරී ජීවය අඟහරු මත පවතින බවට එදා ලැබුණු සාක්‌ෂි ඉතා ම අවාසනාවන්ත ලෙස බැහැර කෙරුණු බවයි. ඒ වගේ ම අද දක්‌වා ම අඟහරු වෙත යෑවුණු පර්යේෂණ යානා එකක හෝ අඟහරු මත ජීවය හඳුනා ගැනීමේ පර්යේෂණ සෘජු ව ම ඇතුළත් කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් වර්ෂ 1976න් පසුව අඟහරු වෙත යෑවුණු පර්යේෂණ යානාවලින් කෙරුණු පර්යේෂණ මඟින් අඟහරු ගේ මතුපිට පෘෂ්ඨයට යටින් ජලය ඇති බවටත්, වියෑළුණු ගංගා ඇති බවටත්, වායුගෝලයේ ඉහළ කලාපයේ මීතේන් ඇති බවටත් නැත හොත් මේ සියල්ලේ ම එකතුව යනු අඟහරු මත තවමත් ක්‌ෂුද්‍ර ආකාරයේ ජීවය පැවතිය හැකි බවටත් නිගමනය වී තිබෙනවා. ප්‍රශ්නය (- මෑතක දී පොළොවට කඩා වැටුණු උල්කාෂ්මයක් (meteorite) ම`ගින් අඟහරු මත ජීවය ඇති බව තහවුරු වුණා නේ ද? පිළිතුර (- ඔව්. පසුගිය වසරේ ජූලි 18 වැනි දා මොරොක්‌කෝවේ කාන්තාරයකට උල්කාෂ්මයක් කඩා වැටුණා. මොරොක්‌කෝවේ ටිසින්ට් (Tissint) නමැති ගම්මානය අසලට කඩා වැටීම නිසා එය හඳුන්වනු ලැබුවේ ටිසින්ට් උල්කාෂ්මය (Tissint meteorite)) නමින්. එය ග්‍රහකයක් (Asteroid) හෝ වල්ගාතරුවක් (Comet) වැදීම නිසා වසර මිලියන ගණනාවකට ඉහත අඟහරු ගෙන් ගැලවී ගිය පාෂාණ කැබැල්ලක්. එම පාෂාණ කැබැල්ල පසුගිය දා මවිසින් මෙහෙයවනු ලැබූ පර්යේෂණ කණ්‌ඩායමක් විසින් පර්යේෂණයට ලක් කළා. එහි දී එම පාෂාණ කැබැල්ලේ ක්‌ෂුද්‍ර ආකාරයේ ජීවය ඇති බවට සාක්‌ෂි පෙන්නුම් වුණා. එය පොළොවට පතනය වු වහා ම අහුලාගත් බැවින් පෘථිවියට වැටුණු පසු ඒ තුළට ක්‌ෂුද්‍ර ජීවීන් ඇතුළු වූවා ද යන සැකය ද බැහැර කරන්නට පුළුවන්. ප්‍රශ්නය (- හොඳයි. කියුරියොසිටි රෝවරය ම`ගින් ක්‌ෂුද්‍ර ආකාරයේ හෝ කිසියම් ආකාරයක ජීවය සොයා ගැනුණ හොත්, එම ජීවය කෙතරම් පැරැණි දැයි කීමේ හැකියාවක් කියුරියොසිටි රෝවරය සතු ව පවතිනවා ද? පිළිතුර (- අවාසනාවකට මෙන් නැහැ. කියුරියොසිටි රෝවරය සතු ව ජීව ආකාර සෘජු ව ම හඳුනා ගැනීමේ සෘජු ගවේෂණ හෝ පර්යේෂණ පහසුකම් නැහැ. නමුත්, අඟහරු පසෙහි සිදු කරනු ලබන රසායනික පර්යේෂණවල ප්‍රතිඵල විග්‍රහ කිරීම් තුළින් අතීතයේ ජීවය පැවතුණා නම් වක්‍රාකාරව ඒ බවට සාක්‌ෂි සොයා ගන්නට පුළුවන්. ඒ වගේ ම ටිසින්ට් උල්කාෂ්මයේ හෝ ALH 84001 යනුවෙන් නම් කරනු ලැබූ උල්කාෂ්මයේ හමු වූවාක් වැනි ෆොසිල ආකාරයෙන් වන පුරාතන ක්‌ෂුද්‍ර ජීවී ආකාර ඇති බවට සාක්‌ෂි අඟහරු ගේ පාෂාණ අතර හෝ ගල් යට හමු විය හැකියි. නමුත්, කියුරියොසිටි රෝවරය වයිකිං තරමට ම අඟහරු මත ජීවය සොයා ගැනීම සඳහා ම සෘජු ව ම වෙන් වූවක් නො වෙයි. ප්‍රශ්නය (- නමුත් අඟහරු මත ජීවය සෙවීම කියුරියොසිටි රෝවරය සතු ප්‍රධාන ඉලක්‌කයක් ලෙස නේ ද ප්‍රචාරය වී තිබෙන්නේ? පිළිතුර (- ඔව්. මේ වන විට ලොවේ ම කුතුහලය, අවධානය ඇද ගැනීමට කියුරියොසිටි රෝවරය සමත් වී තිබෙනවා. කියුරියොසිටි රෝවර පර්යේෂණ රෝබෝවේ ප්‍රධාන ඉලක්‌කය වන්නේ අඟහරු ගේ දේශගුණය හා පාෂාණ පරීක්‌ෂා කිරීම යෑයි පැවසුවේ නම් මේ තරම් මහජන අවධානයක් ලැබේ යෑයි මා හිතන්නේ නැහැ. එක්‌සත් රාජධානියේ බකිංහැම් තාරකා ජීව විද්‍යා (Astrobiology) මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‌ෂ, බකිංහැම් විශ්වවිද්‍යාලයයේ සහ කාඩිෆ් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි. මදාරා සරසි ද සිල්වා | ||
Wednesday, July 25, 2012
ඔලිම්පික් යන ක‍්‍රීඩක
ඔලිම්පික් යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ තහනම් උත්තේජක පරීක්ෂණ කෙරුණේ නෑ......
ක‍්‍ර‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්රධානීලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තහනම් උත්තේජක පරීක්ෂණවලට යොමු කිරීමට අවස්ථාව නොලැබුණු බව ජාතික ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා පැවසීය.
කොළඹදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මෙවර ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බහුතරයක් විදේශගතව සිටීම නිසා තහනම් උත්තේජක ගැනීම පිළිබඳ පරීක්ෂාව නිසි ලෙස කළ නොහැකි වූ බවයි.
‘‘ලන්ඩන් ඔලිම්පික් උළෙලට යන ශ්‍රී ලංකා කණ්ඩායම තහනම් උත්තේජක පරීක්ෂාවට ලක් කළ යුතුව තිබුණා. නමුත් අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සම්බන්ධයෙන් එවැනි කිසිදු ගැටලූවක් පැන නොනගිනු ඇතැයි කියලා’’ යයි ද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.
ලන්ඩන් නුවරදී ලබන සිකුරාදා (27) ආරම්භ වන ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිටත්ව යාම පසුගිය 20 වැනිදා සිට ආරම්භ විය.
ජාතික ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනය විසින් පසුගිය මාස හයක පමණ කාලසීමාවකදී කරන ලද කාර්යභාරයන් ගැන කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.
ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ද, ජාතික ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරුන් වන වෛද්‍ය සීවලී ජයවික‍්‍රම, වෛද්‍ය ලාල් ඒකනායක, වෛද්‍ය ශිරෝමි පිලපිටිය සහ ඕස්ටේ‍්‍රලියානු ජාතික භෞත චිකිත්සක ෂේන් වෙන්ට් යන මහත්ම මහත්මීන් ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.
Monday, July 23, 2012
අපේ රට
www.hetadina.blogspot.com/ |
අසිරිමත් කුරුලු ලෝකය
”කැඩුනු අත්තටු රංගනය” (^Broken Wing Act) කුරුලූ ලෝකයේ එක් හැසිරීමකි. ඒ මව් කිරිල්ලිය තම පැටවුන් හට අනතුරක් කරන්නට යන මිනිසකුගේ අවධානය ඇය වෙත හරවාගෙන පැටවුන් ආරක්ෂා කර ගැනීම සඳහාය. සමහර උකුස්සන් මිනිස් සමාජයේ සිදුවන පරිදිම සංවාසයට පෙර දෙදෙනා පාද පටලවාගෙන පේ‍්‍රම රංගනයේ යෙදෙන බව ඔබ අසා තිබේද? ඒවා සත්‍ය සිදුවීම්ය.
අසිරිමත් කුරුලූ ලෝකයෙන් බිඳක් අද දින ඔබ හමුවේ තැබීමට මම කල්පනා කළෙමි.
1968 වසරේ ඔක්තෝබර් මස හාපුරා කියා වනජීවින් සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට බැඳුණු මා පුහුණුව සඳහා මුලින්ම යැවුනේ විල්පත්තු ජාතික උද්‍යානයටය. එහිදී මාස දෙකක පුහුණුවක් ලබාදීමෙන් පසු වැඩිදුර පුහුණුව සඳහා යාල වනෝදයානයට යැවිනි. යාලට ගොස් මාස දෙකක පුහුණුවක් ලබාදීමෙන් පසු වැඩිදුර පුහුණුව සඳහා යාල වනෝද්‍යානයට යැවිනි. යාලට ගොස් මාස දෙකක ඇවෑමෙන් මගේ ප‍්‍රධානියා වූයේ යාල වනෝද්‍යානයේ වැඩ බලන උද්‍යාන භාරකරු හැටියට සිටි ජෙස්මන්ඞ් වයිට් මහතාය.
බරගර් ජාතිකයකුවන වයිට් මහතා රාජකාරි සඳහා වනෝද්‍යානය තුළට ගිය සෑම අවස්ථාවකම මාද රැගෙන යාම ඔහුගේ පුරුද්දක්ව පැවතින. එකල උද්‍යානය සතුව තිබුණේ එක් ජීප් රථයක් සහ ට‍්‍රැක්ටර් රථයක් පමණි.
දිනය 1969 අප‍්‍රියල් 23යි. හිමිදිරි පාන්දර වයිට් මහතා මා අමතමින් ”විල්සන් සූදානම් වෙන්න උද්‍යානය තුළට යන්න. අපි අද යන්නේ මැණික් ගඟ මුහුදට වැටෙන තැන. ”පිළින්නාව” බලන්න. පයින් යන්නත් තිබෙනවා. අද රාත‍්‍රි අපි ඉන්නෙ එතැන. උදේ හත හමාරට පිටත් වෙමු” යයි කීය. නවකයකු වූ මාගේ ප‍්‍රීතිය නිම් හිම් නැත.
”නමුනුකුල” කඳුවැටියෙන් ආරම්භ වන මැණික් නදිය කඳුකරයේදී ”දුන්හිඳ ඇල්ල” නිමවා සෙල්ල කතරගම පසුකරමින් කතරගම පුරවරයේදී කඳසුරිඳුගේ නෙත්සිත් පිනවා මුහුදු මට්ටමේ පිහිටා ඇති යාල වනෝද්‍යානය වෙතින් ගලා යන්නේ නාරිලතාවක් ආකාරයෙනි.
වනෝද්‍යානයේදී මැණික් ගඟ හරහා යාමට එකල පාලමක් තිබුණේ නැත. ජීප් රථයෙන් ගඟ අසලට පැමින අපි බිමට බැස්සෙමු. අනතුරුව රියැදුරු ඉතා සෙමින් රථය ගඟට බස්සවා වේගයෙන් ධාවනය කරමින් ජලය දෙබෑකරගෙන ඉදිරියට ගොස් ගෙඟ් අනෙක් ඉවුරට ගොඩ කළේය. මෙම ස්ථානය ”පරණ තොටුපොළයි”
අප පාගමනින් ගඟ හරහා ගොස් වනෝද්‍යානයේ II කොටසට පිවිස ජීප් රථය එසේ තිබියදී වයිට් මහතාත් අප සමග සිටි වනජීවි නියාමකවරුන් දෙදෙනාත් මමත් පයින්ම ඉදිරියට එනම් ”යාලවෙල” දෙසට ගියෙමු. වයිට් මහතා යන්නේ ඉදිරියෙන්ය. යාර පණහක දුරක්වත් යාමට අපට නොහැකිවිය. අට දෙනකුගෙන් සමන්විත අලි රංචුවක එක් ඇතින්නක් කෑගසමින් අපට පහරදීමට හඹා එන්නට වූවාය.
එකෙනෙහිම වයිට් මහතා බිමට පහත් වී ලී - මුගුරක් අතට ගෙන ඇතින්නියට දමා ගැසුවේ ”ඔහෙ හිටපිය පරට්ටි...යයි කියමින් ශබ්දයෙන් කෑගසමින් ඇයට බැන වදිමිනි. එය ඇතින්නියගේ ශරීරයේ නොවැදුනත් ඇය වහා නතරවූවාය. අනතුරුව අප දෙසට නෙත් යොමාගෙන පසුපසට ගොස් රංචුවට එකතුවී පලාගියේ පැරදුණු ආකාරයෙනි.
ජීප් රථයෙන් සැතැපුම් හතරක් මගගෙවා අපි පිළින්නාවට පැමිනියෙමු. ”මෙතැන තමයි මැණික් ගඟ මුහුදට සම්බන්ධවන තැන” ඈත මුහුදේ ගල් පර්වතයක් මත පිහිටා ඇති ප‍්‍රදීපාගාරයක් දෙසට ඇඟිල්ල දිගුකරමින් අර තමයි මහා රාවණා කොටුව” ගේ‍්‍රට් බාසසස් රාත‍්‍රී කාලයේ නැව් වලට දිසාව දැනගැනීමට විදුලි එළිය නිකුත් කරන තැන” වයිට් මහතා මට කියා දෙයි.
සැඩ රළපහරට මුහුදු ජලය මැණික් ගඟ මෝය කට තුලට ගලා යයි. මොහොතකින් එම ජලය නැවතත් මුහුදට ගලා එයි. මුහුදු ලිහිනියෝ ගුවන සිසාරමින් සිටිති. ඈතින් අලිරංචුවක කුංච නාද ශබ්දය වරින් වර අපට ඇසේ. වේලාව උදේ 9 පමණය. මෙම මනස්කාන්ත දර්ශනය විස්තර කිරීමට මට වචන නැත.
මේ අතර අප සමග පැමිනි සේවකයින් දෙදෙනා සහ රියැදුරු තේපැන් සැදීමට ලිප ගිණි මොලවන ලද්දේ කාගේවත් උපදෙසකින් නොවේ.
පිළින්නාවට නුදුරින් ඇති කාඩියාවල නියං සමයේ කුරුල්ලන් ඇතුළු වන සතුන් පිපාසය සංසිඳුවා ගන්නා ජලාශයකි. අප ඒ අසලට යනවාත් සමගම ජලය මතුපිට පිහිනා යමින් සිටි සේරුවෙක් (Whistiling Teal&) (තාරාවුන් විශේෂයකි) සහ ඇගේ පැටවුන් රංචුව ඈතට පිහිනා යන්නට වූහ. පැටවුන් දුටු මගේ කුතුහලය වැඩි වූයෙන් ජලය අසලටම කඩිනමින් ගියෙමි.
එවිට පැටවුන් සමග සිටි මව් කිරිල්ලිය අහසට පියඹා ගොස් මට පෙනෙන තෙක් මානයේදී මහපොළොවට පහත්වූයේ හදිසියේ ඇගේ අත්තටුවක බිඳී ඇති බවක් විදහා දක්වමිනි. බිමට වැටුණු ඇය ඉක්බිතිව අත්තටුවත් නමාගෙන පියඹා යාමට නොහැකි සේ පැන පැන ඉවතට යන්නට වූයෙන් ඇය අල්ලාගැනීමට මම ඒ දෙසට දිවගියෙමි. එවිටම ඇය ඉතා හොඳින් ඉගිලී යන්නට වූවාය. ඇයගේ ”ව්‍යාජ” රංගනයට මම රැවටුනෙමි. ආපසු හැරුණු මට ජලාශයේ සේරු පැටවුන් නොමැති බව පෙනින. පියඹා යාමට තරම් නොහැකි එම පැටවුන් ජලාශයේම සැඟවුණු බව මට පසක් විය. මේ කුරුලූ ලෝකයේ හැසිරීමකි.
මෙතෙක් වේලා මා දෙස බලා සිටි වයිට් මහතා ”රැවටුනා නේද...? ඕකට කියන්නේ ”කැඩුනු අත් තටු රංගනය” කියලයි. පැටවුන් අනතුරුවලින් ආරක්ෂා කරගන්න...කිරල්ලූ ඒ වගේම ”ප‍්‍රැටින්කෝල් ආදී කුරුලූ විශේෂ කීපයක් ඔය දේ කරනවා” මම සිතින් වයිට් මහතාට ස්තූතිවන්ත වීමි.
කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ මහාචාර්ය සරත් කොටගම සහ අතුල විජේසිංහ මහතා විසින් රචිත ”සිරිලක කුරුල්ලෝ” නම් වූ අගනා ග‍්‍රන්ථයේ මෙසේ සඳහන් වෙයි. පෙර හෙළ දවස පටන්ම කුරුල්ලන් නැරඹීමෙන් මෙරැුටියන් ආශ්වාදයක් විඳගත් බව ලංකා ඉතිහාසයෙන් පෙනේ. අද ලොව පුරා ජනතාව අතර පතලවුණු විනෝදාංශයක් බවට කුරුල්ලන් නිරීක්‍ෂණය කිරීම පත්ව ඇත. ඒ ඔස්සේ සොබා දහමේ සුන්දර බව අත් විඳීමට සහ ඊට ගරු කිරීමට ජනතාව පෙළඹී ඇත. මේ අනුව අපේ දරුවන්ද එකී විනෝදාංශයට පෙළඹවීමෙන් ඔවුන්ගේ දැනුමද වැඩිවන බව මම විශ්වාස කරමි.
පක්‍ෂි විශේෂ (වර්ග)
ලොව පක්‍ෂි විශේෂ 20,000 පමණ ජීවත් වන අතර ශ්‍රී ලංකාව තුළදී විශේෂ 470ක් හඳුනාගෙන තිබේ. ඔවුන්ගෙන් විශේෂ 113 පමණ උතුරු අර්ධ ගෝලීය රටවල සිට අප රටට සංක‍්‍රමණ (Migrants) වන්නන්ය. අපගේ ගෙවතුවලදී මැයි මාසයේදී පමණ දකින්නට ලැබෙන සුදුරෙදි හොරා (Paradise Flycatcher) එවැනි සංක‍්‍රමණික පක්‍ෂියෙකි.ශ්‍රී ලංකාවට ආවේණික එනම් අප රටේ පමණක් ජිවත්වන (endemics) කුරුල්ලන් ගණන 23 හැටියට මීට වසර කීපයකට පෙර හඳුනාගත්තද මේ වන විට එම සංඛ්‍යාව 33 බව පක්‍ෂි විශේෂඥයෝ පවසති. යාල විල්පත්තු ජාතික උද්‍යානය තුළදී නිතර දැකිය හැකි ශ්‍රී ලංකා වලිකකුළා ( Jungle Fowl) අළු කෑදැත්තා අප රටේ පමණක් වෙසෙන පක්‍ෂිහු දෙදෙනෙකි.(අම්පාර ගල්ඔය ඇතුළු ජාතික වනෝදයානයේදී මට නිතර දකින්නට ලැබුණු 10 දෙනකුගේ නම් පහත සඳහන් කරමි.
සිංහල නම
1.හබන් කුකුලා
2.මයිල ගොයා
3.පොම්පැඩෝ බටගොයා
4.බටඇටි කුකුලා
5.රන්නළල කොට්ටෝරුවා
6.රතු කටීවැහිලිහිණියා
7.පීත කන් - කොන්ඩයා
8.අරංගයා
9.ලංකා සැළලිහිණියා
10.කැහි බෙල්ලා
පක්‍ෂි සංක‍්‍රමණය (Bird Higtion)
ක‍්‍රිස්තුපූර්ව, 322 විසූ ග‍්‍රීක දාර්ශනික හා විද්‍යාඥයකු වූ ”ඇරිස්ටෝට්ල් විසින් කුරුල්ලන්ගේ සංක‍්‍රමණික හැසිරීම හඳුනාගනු ලැබ ඇත. ඒ ඇසින් දැක නොව තර්කානුකුලව විශ්ලේශනය කිරීමෙන්ය.මෙය ඇසින් දැක තහවුරු කරගත්තේ වර්ෂ 1800 ගණන්වලදීය. යුරෝපීයයන් ලොව නිවර්තන කලාපවල එනම් බටහිර අප‍්‍රිකානු වෙරළ ඉන්දියාව, නැගෙනහිර ඉන්දීය දුපත් (east Indies) ආදී රටවල ගවේශණාත්මක සංචාරයන් ආරම්භ කිරීමත් සමග කරන ලද නිරීක්‍ෂණයක් වූයේ ශීත සෘතුවේදී යුරෝපයෙන් අතුරුදන්වන පක්ෂීන් උණුසුම සහිත නිවර්තන කලාපීය රටවලදී හමුවන බවයි. තවද යුරෝපයට ග‍්‍රීෂ්ම සෘතුව එළැඹෙත්ම ඔවුන් තම මව්බිම කරා පියඹා යන බවත් නිරීක්‍ෂණය කරන ලදහ. ඒ බව ඔවුන් ලොවට ප‍්‍රකාශ කිරීමත් සමග සංක‍්‍රමණය පිළිබඳව තොරතුරු සොයා යන්නට විය.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංක‍්‍රමණික කුරුල්ලන් බිජුලා පැටවුන් ඇති දැඩි කරන ප‍්‍රදේශ උතුරු ඉන්දියාවට උතුරින් ලෝක ගෝලයේ උතුරු දිසාවේ පැතිර ඇත්තේය. ශීතාධික එම ප‍්‍රදේශවලට කුරුල්ලන් බිජුලන කාලය එහි ශ‍්‍රිෂ්ම සෘතුවයි (Summer) ශීත සෘතුව එළැඹෙත්ම එම ශිතලෙන් ගැලවීමට ඔවුහු එම පෙදෙස් හැරදමා දකුණේ සමක ප‍්‍රදේශ කරා සංක‍්‍රමණය වෙති. ඉතා අධික ශීත ආහාර හිඟවීම ඇතැම් ප‍්‍රදේශවල දහවල් එනම් හිරු එළිය පවතින කාලය කෙටිවීම නිසා ඔවුහු මෙසේ සංක‍්‍රමණය වෙති.
ලොව මේ අන්දමින් සංක‍්‍රමණය වන පක්‍ෂින්ගෙන් වැඩිම දුරක් සංක‍්‍රමණය වන ”උත්තරධ‍්‍රැව ලිහිණියාගේ යාමේ සහ ඊමේ දුර කි.මී 34,000ට අධික බව සොයාගෙන තිබේ.
සංක‍්‍රමණය වන නව ප‍්‍රදේශ දේශගුණික වශයෙන් සුවදායක වන අතර ආහාරද බහුලව පවතී. ශ්‍රී ලංකාවට සංක‍්‍රණිකයින් සැපත් වන කාලය අගොස්තු අවසන සිට ඔක්තෝබර් මාසයයි. ඊළඟ අවුරුද්දේ අප‍්‍රියල් මැයි මාසවලදී ඔවුහු ආපසු යති. එහෙත් ලංකාව තුළ බිජු ලෑමක් (Breeding) කරන්නේ නැත. ලංකාව තුළ බිත්තර දමන කුරුල්ලන් වන්නේ අප රටෙන් පිටතට සංක‍්‍රමණය නොවන කුරුල්ලන්ය.
ශ්‍රී ලංකාවට පක්‍ෂීන් සංක‍්‍රමණය වීම ආපසු නික්ම යාම පියාසර මං තුනක් දිගේ සිදුවන බව අධ්‍යන වලින් තහවුරු වී තිබේ. ලොව උතුරු දෙසින් සහ වයඹ දෙසින් එනම් යුරෝපය, බටහිර සයිබීරියාව, බටහිර ආසියාව කාශ්මීරය සහ හිමාලයට බටහිර ප‍්‍රදේශවලින් නික්ම එන පක්ෂීන් ඉන්දියාවේ බටහිර වෙරළ දිගේ පැමිණ දකුණු ඉන්දියාවේ දකුණු කෙළවරින් නික්ම ලංකාවේ මන්නාරම සිට කළුතර දක්වා වෙරළ තීරයෙන් රටතුළට ඇතුල්වන මාර්ගය නැගෙනහිර පියාසර මාර්ගය වෙයි.
ඉන්දියාවේ බටහිර වෙරළ දිගේ පවතින මාර්ගය බටහිර පියසර මාර්ගය වෙයි. ඒ අනුව ලොව උතුරු දෙසින් සහ ඊසාන දෙසින් එනම් සයිබීරියාව, මොංගෝලියාව, නැගෙනහිර ආසියාව, ටිබෙටය සහ හිමාලයට නැගෙනහිර ප‍්‍රදේශවල සිට සංක‍්‍රමණය වන පක්‍ෂින් ඉන්දියාවේ බටහිර වෙරළ දිගේ පැමිණ දකුණු ඉන්දියාවේ ”කැලිමියර් තුඩුව- රාමේශ්වරම අතර ප‍්‍රදේශයෙන් නික්ම ”පෝක්” සමුද්‍ර සන්ධිය හරහා ඔවුන් කිලිනොච්චි සහ මන්නාරම වෙරළ තීරයෙන් ලංකාව තුළට පිවිසෙයි.
මීට අමතරව අන්දමන් දුපත් පියසර මාර්ගය ගිණිකොන දිග ආසියාව සහ ඈත පෙරදිග සිට නික්ම එන පක්‍ෂීන් අන්දමන් දුපත් හරහා සංක‍්‍ර‍්‍රමණය වී මුලතිව් වෙරළ හරහා ලංකාවට පිවිසෙන බව විශ්වාස කෙරේ.
(යාල ජාතික වනෝද්‍යානයේ හිටපු භාරකරු සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ‍්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂක)
එඞ්මන්ඞ් විල්සන්
Saturday, July 21, 2012
Facebook Time Line
Facebook Time Line (facebook කාල රේකාව)
පසුගිය සැප්තැම්බර් මාසෙදි FACEBOOK වල
මුහුණුවර වෙනස් කලා ඒකට කියන්නේ TIMET LINE කියල.
එකට අපේ සමහර අය විරුද්දයි ඒ මොකද TIME LINE ගැන
හැරියට දන්නේ නැති නිසා.ඔන්න මම එක දැන් කියල දෙන්න හදන්නේ..
මුලින්ම කියන්න ඕනා එය සුපුරුදු WALL එක වෙනුවට ආදෙශකයක් නොවන වග
මෙය FACEBOOK PROFILE එක නවතම අයුරින් ඉදිරිපත් කරන බව..
වැඩිදුර විස්තර සඳහා හෙට දිනත් http://www.hetadina.blogspot.com/ වෙබ් අඩවියට පිවිසෙන්න.
පසුගිය සැප්තැම්බර් මාසෙදි FACEBOOK වල
මුහුණුවර වෙනස් කලා ඒකට කියන්නේ TIMET LINE කියල.
එකට අපේ සමහර අය විරුද්දයි ඒ මොකද TIME LINE ගැන
හැරියට දන්නේ නැති නිසා.ඔන්න මම එක දැන් කියල දෙන්න හදන්නේ..
මුලින්ම කියන්න ඕනා එය සුපුරුදු WALL එක වෙනුවට ආදෙශකයක් නොවන වග
මෙය FACEBOOK PROFILE එක නවතම අයුරින් ඉදිරිපත් කරන බව..
වැඩිදුර විස්තර සඳහා හෙට දිනත් http://www.hetadina.blogspot.com/ වෙබ් අඩවියට පිවිසෙන්න.
Subscribe to:
Posts (Atom)