Wednesday, November 27, 2013

LED නාම පුවරු සඳහා මෘදුකාංගය බා ගන්න

  ඔයාලා දැනටමත් LED නාම පුවරු නිෂ්පාදනය පටන් අරන් ඇති.ඒ අයටත් වෙනත් අයටත් මෙම විෂය අද්‍යනය කරන අයටත් වැදගත් වන මෘදුකාංගයක් වන POWER LED SOFTWARE එක මම අද ඔබට නොමිලේ බා ගන්න අවස්තාව දෙනවා.මෙම මෘදුකාංගයේ තවත් විශේෂ දෙයක් තමයි මෙය නැවත
යාවත් කාලීන කල හැකි වීම.ඒ කියන්නේ මෘදුකාංගය නිෂ්පාදකයා මෙම මෘදුකාංගයට අලුතින් යමක් එකතු කල හොත් එය අපට ඩවුන්ලෝඩ් කරගෙන අපේ මෘදුකාංගයට එය එකතුකර ගත හැකියි.මෙයට පෙර පැමිණි සංස්කරණ එසේ යාවත් කාලීන කරන්න බැහැ.මෙතන ක්ලික් කරලා ඕන අයට එය බා ගන්න පුළුවන්.exe ෆයිල් එකක් ලැබේවි.එය මත ඩබල් ක්ලික් කරලා එය පහසුවෙන්ම ස්ථාපනය කර ගත හැක.මෙම මෘදුකාංගය ගැන මා led නාම පුවරු නිෂ්පාදන පාඩම් මාලාව තුලින් විග්‍රහ කරලා තියෙනවා.led නාම පුවරු ප්‍රෝග්‍රෑම් කිරීමට වෙනත් මෘදුකාංග කොතෙකුත් තිබුනත් මෙම මෘදුකාංගය මගින් ඉතා පහසුවෙන් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්.තවත් තාක්ෂණික ලිපි කීපයක්ම ළඟදීම බලාපොරොත්තු වන්න.



ඔබට ජය!

Monday, September 30, 2013

ගමට ගෙනයා යුතු LED DIGITAL DISPLAY

ඔබට මම හෙටදින අඩවියෙන් පෙන්වා දුන් පරිදි නගරයෙන් ගමට ගෙනයා යුතු අපට ගැලපෙන ආකාරයේ අඩු වියදම් LED ඩිජිටල් තිරයක් නිර්මාණය කරන අයුරු ඉතා අඩු මුදලට මම ඔබට ලබා දෙනවා..මා එසේ කරනුයේ මෙම තාක්ෂනය තවමත් හරිහැටි ව්‍යාප්ත වී නැති නිසාත් රැකියා විරහිතව සිටින අයටත් තවත් අයකුට අමතර ආදායම් මාර්ගයක් පදාදීමේ අරමුණ ඇතිව බව කිව යුතුයි.අපේ රටට ගැලපෙන පුවරුවක් මා නිර්මාණය කළා ඔබට මතක ඇති.එය දිගින් අඩි 5ක හා පළලින් අඩි 3 ක වෙනවා..මා දැන් එය මුල්ලේරියාව නව නගරයේ ස්ථාපිත කර තියෙනවා.ඔබට මෙම ස්ථානයෙන් ගොස් එම වීඩියෝ දර්ශනය නැරඹිය හැක.
ඔබට ජය!.

Friday, September 27, 2013

නිවසේදීම රැකියාවක්



   වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය වෙමින් ඇති LED නාම
පුවරු නිෂ්පාදනය මගින් ඔබට මාසිකව විශාල මුදලක් උපයා ගත හැක.දැනට මම විසින් ආරම්භ කල
ඇති අප ආයතනයේ  නාම පුවරු නිෂ්පාදනය මගින් විශාල මුදලක් ඉපයිමට හැකි වී  ඇත. දැනට ශ්‍රී ලංකාවේ මෙම තාක්ෂනය පැතිර ඇත්තේ ඉතා අඩුවෙනි .එය විශේෂයෙන් නගරයෙන් ගමට ගෙනයාම මගේ අරමුනයි.ලංකාවේ ජනතාවට LED බල්බ නිර්මාණය  උගන්වමින් මා වසරක් තිසේ අන්තර්ජාලයට මාගේ හෙටදින වෙබ් අඩවිය මගින් ලිපි විශාල සංඛයාවක්‌ ලියා ඇත.එම ලිපි කියවීමෙන් පසුව විශාල පිරිසක් තමන්ට අවශ්‍ය බල්බ තමන්ම නිපදවා ගෙන ඇත.මා මුලින්ම LED බල්බ නිෂ්පාදනය ගැන පාඩම් මාලාවක් අන්තර්ජාලයේ පළ කරමින් ජනප්‍රසාදයට ලක්ව ඇත.
                      LED නාමපුවරු නිෂ්පාදන පාඩම් මාලාව මම ඔබට ඉතා අඩු මිලට ලබා දීමට තීරණය කලේ මෙම පාඩම් මාලා දඩමීමා කරගෙන ඇතැම් පිරිස් මහා පරිමාණයෙන් මුදල් ගසා කන ව්‍යාපාර ආරම්භ කර ඇති නිසාය.ඇතැමෙක් මෙම පාඩම් මාලාවේදී භාවිතා වන මෘදුකාංගය පවා විකුණමින් මුදල් ලබා ගනිති.එය ඇත්තෙන්ම අන්තර්ජාලයෙන් ඕනෑම අයකුට නොමිලේ ලබා ගත හැකි එකකි.එහෙත් අන්තර්ජාල පහසුකම් නැති අයට මෙන්ම මෙම පාඩම් මාලාව ලබා ගන්න අයට මා එය ලබා දෙන්නේ නොමිළේය.
    මෙම පාඩම් මාලාව මා ඉලක්ක කරන්නේ නිවසේ සිටම තනිව කුඩා පරිමාන ව්‍යාපාරයක් ඇරඹීමටය.ඉලෙක්ට්‍රොනික්ස් විද්‍යාව නොදත් අයකුට වුවද පහසුවෙන් තේරුම් ගෙන තමන්ට ඕනා විදිහට programme පහසුවෙන් කරන අයුරු සරල සිංහලෙන් විග්‍රහ කර ඇත.
         තවත් කරුණක් වන්නේ දැනටමත් ඔබ නගරවල සවිකර ඇති විශාල LED නාම පුවරු සකස් කරන ආකාරය මෙහි දක්වා තිබීමය.එය නගරයෙන් ගමට ගෙනයාමේදී ඉතා අඩු මිලකට එවැනි විශාල පුවරුවක් සවිකරගන්නා අන්දම මා විග්‍රහ කර ඇත.උදා හරණ ලෙස ප්‍රධාන නගර වල වීඩියෝ ධාවනය වන විශාල දැන්වීම් පුවරු ඔබ දැක ඇත.එවැනි පුවරු ගමේ සාමන්‍ය නගරයකට නොගැලපේ.
   එවැනි පුවරු නඩත්තු කිරීමට අතිමහත් මුදලක් වැයවේ.ඒවායේ දැන්වීම් දැමීමට ඉදිරිපත් වන්නන් ගමේ නගරයක සිටිනුයේ එහෙමත් අයෙකි.එහෙත් මා ඔබට හදුන්වා දෙන සරල පුවරු නිෂ්පාදන ක්‍රම තුලින් ගම්මානයක ප්‍රධාන මංසන්දියක පුවරුවක්  සවිකර ඔබට දැන්වීම් දමා මාසිකව පහසුවෙන් මුදලක් උපයා ගත හැක .මෙය ඉතා දීර්ඝ කාලීනව කල හැක්කේ කිසිදිනක මෙම තාක්ෂනය දියුණු වනවා මිස ආපස්සට නොයන නිසාය.එමෙන්ම ගම නගර දියුණු වන විට වැඩි වැඩියෙන් දැන්වීම් ඔබට ලැබෙනු ඇත.මා විසින් නිර්මාණය කල පුවරුවක් මුලේරියාව රෝහල හන්දියේ සවිකර ඇත.                                   
       කුඩා දැන්වීම් පුවරු සකස් කරන අන්දමද මෙහි දක්වා ඇත.එම දැන්වීම් පුවරු බස්රථ හා කඩ සාප්පුවලට උචිතය.විශාල පුවරු වලට වඩා වඩාත් ඉල්ලුම ඇත්තේ කුඩා ප්‍රමාණයේ පුවරු වලටය.ඔබට මෙම පාඩම් මාලාව අද්‍යනය කිරීමෙන් පසුව පහසුවෙන් නව කර්මාන්තයක් ඇරබිමට හැකිවනු ඇත. මුදල් අර්ථවත් දෙයකට යොදවන්න.හෙට ලෝකයේ නවතම තාක්ෂණික තොරතුරු හා ඒවා නගරයෙන් ගමට ගෙනයන හෙටදින වෙබ් අඩවියහා නිතරම රැඳෙන්න.නිර්මාණ ශීලිත්වයෙන් පිරුණු ඔබට නව නිෂ්පාදන ක්‍රම තුලින් දියුණු වීමට අවස්තාව ලැබෙනු ඇත.

ස්තුතියි!
එම්.ඒ.එස්.කුමාර.

Wednesday, September 11, 2013

නිවසේ සිටම අමතර ආදායමක්..

          අද තම රැකියාවෙන් ලැබෙන මුදලින් එදිනෙදා වියදම් පවා හරි හැටි පියවා ගන්නේ එහෙමත් කිහිප දෙනෙක් පමණයි.ජිවන වියදම ඉහල ගියත් අපේ අදායම් මාර්ග අවහිර වී තිබීම ඊට හේතුවයි.මම ඔබට ඉතා
සාර්ථකව කළ හැකි නව ආදායම් මාර්ගයක් හදුන්වා දෙන්නම්.ඔයාලා දැනටමත් දන්නවා ඇති ලංකාවේ LED බල්බ නිෂ්පාදනය මගින් විශාල පිරිසක් ලාභ ලබන බව.උපකරණ අඩු මිලට ලබා ගත හැකි වීමත් එහි නිෂ්පාදන තාක්ෂනය ප්‍රචලිත වීමත් එයට හේතුවක්.මෙම තාක්ෂනය ගමට ගෙනයාම සඳහා හෙටදින අඩවිය සුවිශාල කාර්ය භාරයක් ඉටුකර තියෙනවා.ඒ සියලු පාඩම් මාලා නොමිලේ ලබා දෙමින්.දින පතාම මට ලැබෙන දුරකථන ඇමතුම් වලින් ඒ බව සනාථ වෙනවා.ඉතින් මම අද ඔබට කියලා දෙන්න යන්නේ ඔබට තනිවම ආරම්භ කල හැකි තවත් ආදායම් මාර්ගයක්.ඔයාලා දන්වා දැනට ලංකාවේ දැන්වීම් කරණය මගින් ඉතා විශාල වශයෙන් ආදායම් ලැබිය හැකි බව.ඒ කියන්නේ අනුන්ගේ ව්‍යාපාර මගින් තමන් වක්‍රා කාරව විශාල ලාභයක් උපයා ගැනීමයි.ඔයාලා රුපවාහිනිය නරබන විට දැකලා ඇති කෙතරම් දැන්වීම් ප්‍රමාණයක් එහි ප්‍රචාරය වනවාද කියා.එමගින් එම රුපවාහිනි ආයතන අතිමහත් ලාභයක් උපයනවා.ඉතින් ඔයාලටත් පුලුවන් මේ ආකාරයට දැන්වීම් අරගෙන මුදලක් උපයා ගන්න.එකට නිර්මාණ ශීලිත්වය හා ඔබේ දක්ෂතාවය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා.ඔයාලට කරන්න තියෙන්න ගමේ හෝ නගරයක බස් නැවතුම් පලක LED නාම පුවරුවක් සවිකර එහි විවිධ දැන්වීම් ලබාගෙන පළ කිරීමයි.ඒ සඳහා දැන්වීම් කරුවා ඔබට මුදල් ගෙවිය යුතුයි.මෙය සම්පුර්ණයෙන්ම නීතිමය ආකාරයට ,මුදල් ඉපැයීමක් බව කිව යුතුයි.
ඉතින් ඔය හැටි දැන්වීම් දාන්න කෝ අපට පුවරුවක්.කලබල වෙන්න එපා ගමේ නගරයකට දැවැන්ත වීඩියෝ ධාවනය කළ හැකි පුවරු අවශය නැහැ.එවැනි පුවරු නඩත්තු කිරීමටත් අති මහත් ධනයක් වැයවෙනවා.ඒත් ඔබ විසින්ම සාදා ගන්නා කුඩා ප්‍රමාණයේ LED නාම පුවරුකින් ඔබට එහි අඩු මිලට දැන්වීම් දමා ගත හැකියි.එම පුවරුවක ද්විත්ව වර්ණයක් තිබීම ප්‍රමාණවත්.එම වර්ණ දෙක එකතුවූ විට තවත් වර්ණයක් නිකම්ම ලැබෙනවා.ඒ කියන්නේ වර්ණ තුනක් ලැබෙනවා..මෙවැනි පුවරුවක් ඔබේ ගමේ නගරයේ ප්‍රධාන මංසන්දියක හෝ බස නැවතුම් පලක සවිකර ගත හැකියි.ඔබට ඉතා පහසුවෙන් නගරයේ ටියුෂන් පන්ති වලින් හා වෙනත් ආයතන වලින් දැන්වීම් ලැබෙනු ඇති.එවැනි පුවරුවක දැන්වීම් 20-30 දාගත්තම හොඳටම ඇති.එක දැන්වීමකට මාසයකට රු.2500.00 ගානේ දැන්වීම් 20 ක් දැම්මොත් රු.50000.00 ලැබෙනවා..විදුලි බිලට රු.600.ක් විතර යයි.
ඔයාලට මෙය ඉතා සාර්ථකව කල හැකි පරිදි මම සරල සිංහලෙන් පාඩම් මාලාවක් සකස් කර තියෙවා එය රු.750.වැනි ඉතා සුළු මුදලකට ඔබට මිලදී ගත හැකියි.අවශ්‍ය අය මට දන්වන්න.ඔබට නොමිලේ නිතරම තාක්ෂණික සහාය ලැබෙනු ඇති.මා විසින් නිර්මාණය කරන ලද නාම පුවරුවක් මුල්ලේරියාව නවනගරයේ.රෝහල හන්දියේ පිහිටුවා තිබෙනවා.එය සවිකර සති දෙකක් යාමට පෙර දැන්වීම් කීපයක්ම ලැබුනා..ඉදිරියේදී ටියුෂන් පන්තිවලින් දැන්වීම් ලබා දෙන බව ඔවුන් මාවෙත දන්වා තිබෙනවා..
ඔබට ජය!

Wednesday, August 28, 2013

දැන්වීම් කලාවේ නවතම ක්‍රමය..

  මම ඔයාලට LED බල්බ හා LED නාමපුවරු නිෂ්පාදනය පිළිබඳව පාඩම් මාලාවන් පටන් අරගෙන දැන් සෑහෙන කලක් ගෙවී ගිහින්.ගොඩක් අය මගේ ලිපි කියවලා බල්බ හදන්න පටන් අරං.එය මට ගොඩක් සතුට
දනවන්නක්..
ඉතින් මමත් දැනට වසර දෙකක පමණ කාලයක සිට LED නාම පුවරු සාදනවා..මා මිට පෙර සඳහන් කල පරිදි ඔයාලට හොඳ නගරයක හෝ මංසන්දියක ටිකක් ලොකු ඩිජිටල් තිරයක් දා ගත්තොත් වැඩේ ගොඩම තමයි.මොකද ඔය වගේ තැනක දැන්වීම් දාගන්න ගොඩක් ව්‍යාපාරික අය කැමතියි.මොකද හැමෝටම පේන නිසා.විශේෂයෙන් ටියුෂන් කරන ගුරුවරුන්ගෙන් ඔයාලට පහසුවෙන්ම දැන්වීම් ගන්න පුළුවන්.එක දැන්වීමකට මාසයකට 2500 ක් විතර අයකරල දැන්වීම් 20ක් දාගත්තනම් හොඳටම ඇති.එයින් ඔබට මාසිකව රු 50000ක් විතර හොයන්න පුළුවන්.ලයිට් බිලට රු.2000ක් ගියත් ලාබයි.
මුලින් ටිකක් වියදම් කරන්න නම් වෙනවා..සාමාන්‍යන් අඩි 3X5 ප්‍රමාණයේ පුවරුවක් දැන්වීම් දැමීමට ප්‍රමානවත්..එකේ වර්ණ භාවිතය පිළිබඳව සැලකිය යුතු වෙනවා..ද්විත්ව වර්ණ තිබුනත් ඇති.ඒ කියන්නේ කොළ හා රතු.එම වර්ණ දෙක එකවර දැල්වෙන විට කහ පාට නිකම්ම ලැබෙන නිසා වර්ණ තුනක පුවරුවක් බවට එය පත් වෙනවා..කුඩා ප්‍රමාණයේ දැන්වීම් 200 ක් පමණ මෙවැනි පුවරුවක දාන්න පුළුවන්.ඔරලෝසුවක් ක්‍රියාත්මක වෙන්නත් දැන්වීම් පුවරුව අවශ්‍ය වෙලාවට ක්‍රියාත්මක වී අවශ්‍ය වෙලාවට අක්‍රිය වීම ස්වයංක්‍රියව සිදුකිරිමට ද පුළුවන්..මෙම සියලු පාඩම් මම ඔබට කියලා දෙන්නම්..ඉතින් ඔයාල කියනවා ඇති මෙයා පාඩම් මාලා දැම්මට මම පුවරුවක්වත් දාලා නැහැ කියලා..මමත් LED තිරයක් සවිකරලා තියෙනවා..කොලඹ මුල්ලේරියාව ප්‍රදේශයේ,මුල්ලේරියාව නවනගරයේ රෝහල හන්දියේ.එය පෙරවරු 7.00 සිට රාත්‍රී 8.00 දක්වා ක්‍රියාත්මකයි.මුල්ලේරියාව ප්‍රදේශයේ ව්‍යාපාරික බවතුන්ටත් ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරුන්ටත් මම අරාධනා කරනවා මෙහි දැන්වීම් දැමීමට.මොකද මෙම පුවරුව සවිකර ඇති තැන දිනකට දහස් ගණනක් එහා මෙහා යන එන තැනක්..ඔයාලත් මෙවැනි තිරයක් හදලා තමන්ගේ නගරයේ හෝ වෙනත් තැනක සවිකර නිවසේ සිටම අමතර අදායමක් ලබා ගැනීමට කැමති
නම් මට ඔබට ඉතා අඩු වියදමකින් මෙවැනි තිරයක් සදා දිය හැකියි.ඔබට අතහිත දීමට මම හැමවිටම සුදානම්..
ඔබට ජය.!

   

Sunday, August 25, 2013

LED නාම පුවරු නිෂ්පාදන පාඩම් මාලාව 2

   කලින් පාඩමේදී මම ඔබට හදුන්වා දුන්නා මතක ඇති LED නාම පුවරු ගැන කල හැඳින්වීම ඉතින් අද මම ඔයාලට කියා දෙන්න හදන්නේ මෙම පාඩම් මාලාවේ පටුන හා තවත් විස්තර කීපයක්.
පාඩම් මාලාවේ පටුන
1.LED නාම පුවරු නිෂ්පාදනයට
අවශ්‍ය මුලික උපකරණ
2.LED මොඩියුලය
3.බල සැපයුම් ඒකකය.
4.පාලන ඒකකය.
5.මෘදුකාංගය හදුන්වා දීම.
6.මෘදුකාංගය ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කිරීම.
7.LED නාම පුවරු සඳහා රාමුවක් සැකසීම.
8.කුඩා නාම පුවරුවක් සැකසීම.
9.නාම පුවරුව සඳහා මෘදුකාංගය මගින් වැඩසටහන සැකසීම.
10.නාම පුවරුව අකුරු රටා හා වාක්‍ය එකතු කිරීම.
11.බස්රථ සඳහා නාම පුවරු සැකසීම
12.නාම පුවරුවට පින්තූර එකතු කිරීම.
13.ද්විත්ව වර්ණ පුවරුවක් සැකසීම.
14.දැන්වීම් දැමීමට විශාල පුවරුවක් සැකසීම.
15.USB මගින් දත්ත ඇතුළු කිරීම.
16.ඇනිමේෂන් හා බෝඩර් එකතු කිරීම.
17.සම්පුර්ණ වර්ණ සහිත පුවරුවක් සැකසීම.
18.සම්පුර්ණ වර්ණ සහිත පුවරුවක උපකරණ හඳුන්වා දීම.
19.සම්පුර්ණ වර්ණ සහිත පුවරුවකට අවශ්‍ය මෘදුකාංගය හදුන්වාදීම.
20.වීඩියෝ දර්ශන ඇතුලත් කිරීම.
21.දැන්වීම් දැමීමට තිර සැකසීමේ අඩුවියදම් ක්‍රම.

LED නාම පුවරු නිෂ්පාදනයට අවශ්‍ය මුලික උපකරණ
පහත උපකරණ ඔබ සතු වීම වැදගත්ය.
ලැප්ටොප් පරිගණකයක් හෝ ඩෙක්ස්ටොප් පරිගණකයක්
1.යකඩ කපන කියතක්.
2.රිවට් මැෂින් එකක්.
3.මල් ස්කුරුප්පු නියන් හා විදුලි පාහනයක්
4.මල්ටිමිටරයක්.
5.ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් එකක්.
මෙම උපකරණ නැතිනම් කලබලනොවන්න.යාළුවෙකුගෙන් ඉල්ලා ගන්න.ඔබට බස්රථ නාම පුවරු 3ක් සාදා විකිණීමෙන් පසු මෙම සියල්ල මිලදී ගත හැක.
LED නාම පුවරු..
LED නාමපුවරු සඳහා යොදා ගන්නේ ඒකක වශයෙන් ඇති කොටස් කීපයකි.මින් එක කොටසකට මොඩියුලයක් යැයි කියනු ලැබේ.මේවා සාමාන්‍යයෙන් අඩි භාගයක් උසින් හා අඩි එකකක් දිගින් යුක්තය.එක් එක් මොඩියුල වලට ආවේනික ලක්ෂණ කීපයක් ඇත.
1.සමහර මොඩියුල වල ඇත්තේ එක වර්ණයක් ඇති LED ය.
2.තවත් ඒකක වර්ණ දෙකක් ඇති LED අඩංගු කර ඇත.
3.තවත් ඒකක වර්ණ තුනක LED අඩංගු කර ඇත.

පරීක්ෂණ මට්ටමේ සිටින ඔබ හට එක වර්ණයක් අඩංගු මොඩියුල තෝරාගෙන දැන්වීම් පුවරු සාදා ගන්න.එවිට වියදමද අඩුය.තමන්ට ඕනා හැටියට සකස් කරමින් අත්දැකීම් ලබා ගත හැකිය.
සාමාන්‍යයෙන් එක වර්ණයක් ඇති මොඩියුලයක පළල අතට LED බල්බ 16 ක් ද දිගු අතට LED බල්බ 32 ක් ද ඇත.
මොඩියුලය
   LED නාම පුවරුවේ තැනුම් ඒකකයයි.මොඩියුල ගණනාවක් එක් කර විශාල පුවරු තනන්නට පුළුවන.සම්පුර්ණ වර්ණ ඇති මොඩියුල එක්කර තනන නාම පුවරුවකට ලොව ඇති ඕනෑම වර්ණයක් ජනිත කල හැකිය.එනම් එය රුපවාහිනියකට සම කල හැකිය. මොඩියුලය නරබන්න.එහි LED සවි කර ඇති අයුරු නරබන්න.සෑම LED එකක්ම පාලන ය වන්නේ IC එකකින් බව පෙනෙනු ඇත.මේවාට ලෝජික් IC යයි කියනු ලැබේ.මෙම ලොජික් IC දීම නිසා පරිපථයට යෙදිය යුතු අතිමහත් වයර් ප්‍රමාණයක් අඩු වි ඇත.පරිපථයට ලැබෙන දත්ත කියවා බලා නිය මිත LED එක පමණක් අදාල අවස්ථාවේ දැල්වීම මෙම ලොජික් IC වල කාර්ය වේ.මෙම ලොජික් IC එකක් පිලිස්සුන විට එම ප්‍රදේශයට අදාළ LED පමණක අක්‍රිය වේ.එය පහසුවෙන් හදුනා ගෙන අලුත් වැඩියා කල හැකිය.
ඔබ වෙළඳ පොලින් මොඩියුල මිල දී ගන්නා විට එය ඉල්ලා සිටිය යුතු වර්ග ඇත.එය P10,P20,P16 ලෙස ඇත.මීවායින් කිය වෙන්නනේ එම මොඩියුල වල අංක වලින් දක්වා ඇති මීටර් ගණනක දුර සිට බැලුවිට එම මොඩියුල යොදා තැනු නාම පුවරුවේ දැන්වීම පැහැදිලිව පෙනෙන බවය.උදා හරණයක් ලෙස P10ලෙස දක්වා ඇති මොඩියුල යොදා තනන නාම පුවරුවක එහි දිස්වන දැන්වීම් පැහැදිලිව නැරබිමට අඩුම වශයෙන් මීටර් 10 ක් වත් පසුපසට යායුතු බවය.
ඔබගේ නාම පුවරුව දිස්වන දුර අනුව ඔබට අවශ්‍ය මොඩියුල තෝරා ගත හැකිය.මොඩියුලයට විදුලි බලය ලබාදිය යුත්තේ 5V සරල ධාරාවකි.එය යම් හෙයකින් 5V ට වඩා වැඩි වුව හොත් ලොජික් IC වලට හානි පැමිණේ.එනිසා 5V වොල්ටිය තාවක් හැම විටම ලබා දිය යුතුය.
මොඩියුලයට දත්ත සපයන පෝර්ට් (PORT)එකක් ඇත.ඒ අසල HUB08 හෝ HUB12 ලෙස මුද්‍රණය කර ඇත.එයින් කිය වෙන්නේ එම මොඩියුලයේ එම පෝර්ට් එක ඩේටා කේබලය මගින් පාලන ඒකකයේ HUB08 හෝ HUB 12පෝර්ට් සමග නිවැරදිව සම්බන්ද විය යුතු බවය.එනම් සෑමවිටම HUB 08 මොඩියුලයක පෝර්ට් එක ඩේටා කේබලය පාලන එක්කකයේ HUB 08 පෝර්ට් එක සමග නිවැරදිව සම්බන්ද කලයුතු බවය.මොඩියුලයේ ඉහළින්මුද්‍රිත පුවරුවේ P10,P20,P16ලෙස දක්වා ඇත්තේ එම මොඩියුල වර්ගයයි.
මොඩියුල දෙවර්ගයකින් ඔබට ලබා ගත හැකිය.ඒ නිවාස තුල භාවිතා කරන හා එළිමහනේ ආවරණක් රහිතව භාවිතා කරන ඒවා ලෙස ය.නිවාස තුල මෙම මොඩියුල යොදන විට වැසි ජලය නොයන බැවින් අඩු වියදමකින් පුවරුව ගොඩ නැගිය හැක.එහෙත් එලි මහණේ පුවරුවක් සවිකරන විට යන වියදම මදක් වැඩිය. ඔබ මිලදී ගන්නේ out door වර්ගයේ එකක් නම ඒ සඳහා වෝටර් සීල් එකක් ලබා ගන්න.
ඔබට ජය!
LED නාම පුවරු පළමු පාඩම බලන්න මෙතනින් යන්න.

Wednesday, August 21, 2013

LED නාම පුවරු නිෂ්පාදන පාඩම් මාලාව 01

       LED බල්බ නිෂ්පාදනය පිළිබඳව පළමු වරට අන්තර්ජාලය හරහා නොමිලේ සිංහල භාෂාවෙන් පාඩම් මාලාවක් ඉදිරිපත් කර අති විශාල පිරිසකට සේවය සැලසු හෙටදින අඩවිය දැන් තවත් මහඟු කර්තව්‍යකට අත
ගසා සිටී.එනම්
LED නාම පුවරු නිෂ්පාදනය ඔබට පියවරෙන් පියවර ඉගැන්වීමටයි.ඉලෙක්ට්‍රොණික් විද්‍යාව නොදන්නා අයකුට වුවද මෙම පාඩම් මාලාව හැදෑරීමෙන් පසුව ඉතා හොඳින් නව කර්මාන්තයක් ඇරඹීමට හැකි වනු ඇත.හෙටදින අඩවියේ පරම අරමුණ හෙටදින නව තාක්ෂණික තොරතුරු ඔබ වෙත සමීප කරලීම බව ඔබ දැනටමත් දන්නා කරුණකි.දිගටම අප අඩවිය හා රැඳී සිටින්න.සියලු පාඩම් මාලාවන් ඔබට අද්‍යනය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
LED නාම පුවරු වර්තමානයේ ශ්‍රී ලංකාව තුල වේගයෙන් ජනප්‍රිය වෙමින් ඇත.ඒ සඳහා අවශ්‍ය උපකරණ ලංකාවට ලැබීමත් සමග අපට අවශ්‍ය පුවරු වර්ග අපටම නිෂ්පාදනය කර ගැනීමට අවස්තාව ලැබී ඇත.බස් රථ හා කඩ සාප්පු සඳහා වර්තමානයේ විශාල ඉල්ලුමක් ඇත.
ඔබට ඉලෙක්ට්‍රොණික දැනුම පවතීනම් මෙම විෂය අවබෝධ කර ගැනීම ඉතා පහසුය.එහෙත්  ඉලෙක්ට්‍රොණික  දැනුම නැති අයකුට පවා මෙම පාඩම් මාලාව කියවීමෙන් පසු පහසුවෙන් දැන්වීම් පුවරු නිෂ්පාදනයට අවස්ථාව ලැබෙනු ඇත.
මම  ඉලෙක්ට්‍රොණික  විද්‍යාවට බෙහෙවින් ඇලුම් කරමි.එහෙයින් කුඩාකල සිටම මෙම විෂය පිලිබඳ මාගේ ඇල්ම වැඩි වුවා මිස අඩු වුයේ නැත.2002 දී මා  ඉලෙක්ට්‍රොණික  වෘත්තීය පුහුණුව ලැබීමත් සමග මාගේ වෘත්තීය  ඉලෙක්ට්‍රොණික  ශේත්‍රයට මනා ආලෝකයක් ලැබිණි.ඩිජිටල් ඉලෙක්ට්‍රොණික  විද්‍යාවත් ප්‍රතිසම  ඉලෙක්ට්‍රොණික  විද්‍යාවත් අපට එහිදී උගන්වනු ලැබිණ.
එකල මා අද්‍යාපනය හැදෑරුවේ අදවන් පරිගණක වලින් සපිරි නවීන දේශනා ගාරවල නොවේ.විවිධ බාධක ගනාවකින් පසුව මෙම විෂය ජය ගැනීමට මා හට හැකිවිය.එහෙත් මහා සාගරය වන්  ඉලෙක්ට්‍රොණික  විද්‍යාවේ මා දන්නේ වැලි කැටයක් තරම් ප්‍රමාණයකි.දැඩි කැපවීමකින් පසුව මා උගත් දැනුම ඔබට නොමිලේම ලබා දෙන්නට ලැබීම ගැන මා උදක්ම සතුටු වීමි.මෙම පාඩම් මාලාව අද්‍යනය කිරීමෙන් පසු ඔබට නිවසේ සිටම නව කර්මාන්තයක් ආරම්භ කිරීමට අවස්තාව ලැබෙනු ඇත.
   මෙම පාඩම් මාලාව පියවරෙන් පියවර හදාරන්න.ඔබ  ඉලෙක්ට්‍රොණික  දැනුම අඩු අයෙක්නම් ඒ සඳහා දැනුම අපේ වෙබ් අඩවියෙන් නොමිලේ ලබා ගත හැකිය.දිනකට විශාල පිරිසක් යන එන ‘හෙටදින’වෙබ් අඩවියේ තවත් සාඩම්බර නිෂ්පාදනයක් ලෙස මෙය ඔබට තිලින කල හැකිය.
ඔබට ජය!