Tuesday, January 27, 2015

චුන් පාන් නලාව අපිත් හදමු..

     උදේට දවල්ට මෙන්ම හවසටත් අපට දැන් හුරු පුරුදු චුන් පාන් වාහනේ නලාව වැඩ කරන හැටි ඔයාල දන්නවාද?..ඉතාම සරල පරිපථයක් තමා මේකේ තියෙන්නේ.කුඩා පාද තුනක IC එකක් හා බල සම්පන්න ට්‍රාන්සිස්ටරයක් හා ස්පීකරයක් මෙහි අඩංගුයි.කුඩා වෙරෝ බෝර්ඩ් එකක වුවත් පහසුවෙන් එකලස් කර ගත හැකි මෙය ආදයුනික පාසැල් සිසුන්ට නම් ඉතා ප්‍රිය ජනක
වේවි.විශේෂයෙන් පාසල් වල තාක්‍ෂණික විෂයට කැමති දරුවන් මගෙන් ඉල්ලලා තිබුනා මෙවැනි සරලම පරිපත පවා හෙටදින එකෙන් කියලා දෙන්න කියලා..පසුගිය කාලේ මහින්දෝදය විද්‍යාගාර සෑදුවට පස්සේ විශාල පාසල් ප්‍රමාණයක සිසුන් අපේ බ්ලොග් එක දිනපතා බලනවා කියල ගුරුවරුන් කීප දෙනෙකුම කියල එවල තිබුනා..අපේ බ්ලොග් එක අගය කරලා කොමෙන්ට් කරපු හැමෝටම තුති.සමහර අය දුරකතන අංක එවල තිබුනත් මට කතා කරන්න වෙලාවක් නැහැ..ඒකට සමාව දෙන්න ඔයාලට ලැබෙන සැම අවස්ථාවකින්ම මම EMAIL වලින් පිළිතුරු එවනවා..පාසල් සිසුන් අතරත්අපේ බ්ලොග් එක ජනප්‍රිය කරන්න කියලා හෙට දින සංස්කාරක තුමන් ඔබෙන් ඉල්ලා සිටිනවා..බලන්න ඔබ ඉල්ලා සිටි පරිපතය මෙහි තිබේද කියා..මෙහි පරිපත් වලට ඔයාලට හුරු පුරුදු D 400 වගේ එකක් දාන්නත් පුළුවන්..ඕකෙන් එන සවුන්ඩ් අවුට් පුට් එක ගෙදර තියෙන සෙටප් එකට හරි ඈම්ප් එකට හරි දීලා බලන්න කොහොමද වැඩේ කියලා..



ඔබට ජය!

Wednesday, January 7, 2015

මිදුලට නොමිලේ විදුලි ආලෝකය සපයමු.

  ගොඩක් සතුටුයි..අපේ solr packege ලබා ගත්තු විශාල ප්‍රමාණයක් තමාගේ නිවසට සුර්ය විදුලිය ගත්තා කියල දන්වල තිබුනා.මා විසින් හදුන්වා දුන් ගැජට් එක භාවිතා කරලා සුර්ය විදුලිය හා නිවසේ ප්‍රධාන විදුලිය ස්වයංක්‍රීයව මාරු වෙමින් ක්‍රියාත්මක වීමට සකස් කර ගත්තා කියල පොලොන්නරුව පැත්තේ යාලුවෙක් කියල එවල තිබුනා..අද මම ඔබට හදුන්වා දෙන්නේ  ඔයාලගේ ගෙදර හෝ වෙනත් ස්ථානයක මිදුලට ගැලපෙන සුර්ය විදුලි පහනක්. මෙය වතුර නොයන පරිදි නිමවා තිබෙනවා.රු 1750 විතර තමයි වෙන්නේ..තමන්ගේ
නිවසේ මිදුලට මෙවැනි බල්බ දෙකක් විතර දා ගත්තම හොදටම ඇති.මෙහි තිබෙනවා සුර්ය පැනලක්.  එය මගින් දවල්ට බැටරිය ආරෝපණය වෙනවා.රාත්‍රියට ස්වයංක්‍රීයව විදුලි පහන දැල්වෙනවා..led බල්බ සහිත එම පහන වසර දෙකක පමණ ආයුකාලයක් තියෙනවා..අනවශ්‍ය පරිදි දවල්ටත් විදුලි බල්බ වැරදීමකින් දල්වා තැබීම මින් අවම කරන්න පුලවන්..යමෙක් අසාවි මේක මිදුලේ හයි කලොත් කවුරු හරි පන්නාවී කියලා..එහෙම වෙන්න පුළුවන්..අපේ අයට නිකන් ලබනවා නම් 'මන්නා පහරක්' හරි කන වුදවිය හැමතැනම ඉන්නවා..නෙ..ඒකට ඉතින් කරන්න තියෙන්නේ..ටිකක් පරෙස්සම් තැනක වහලේ වඩිම්බු ලෑල්ලක වගේ තැනක පහන ස්ථාපනය කරන එකයි..මෙය ඔයාලට ගෙදරටම එවන්න මට පුළුවන්..මිලට ගන්න කැමති අය ඉන්වා නම් අපේ hetadina@gmail.com කියන ලිපිනයට දන්වන්න..මේ තියෙන්නේ එහි සම්පුර්ණ විස්තර සටහන 
Features :
100% Brand New and High Quality.
Plastic construction and black finish Cordless
Low power consumption and energy-saving
Low voltage, no flicker, no glare
Simple design matches various landscapes and styles
Designed for all weather
Environmentally friendly
Automatic sensor activates at dusk
Auto On / Off
On / Off Switch (Turn the On button for the first time use)
Super bright and long-lasting, easy to install
Can be mounted vertically or horizontally.
Adjustable stand lets you point the light at different angles
Long-lasting LED bulb 100,000 hour technology

Specifications:
Overall size : 5 1/2 '' (D) x 3 1/2'' (W) x 12 1/2 '' (H)
Solar panel size : 4'' L x 3''W
2V/100mA Solar Panel

LED on each light : 4LEDs



ඔබට ජය 

Friday, December 26, 2014

සාක්කුවෙන් වීඩියෝ කරමු..

    ඔයාල ගොඩක් කැමති ඇති තමන් දකින යමක් වීඩියෝ ගත කර ගැනීමට.හුගක් දෙනාට තමන්ට අවශ්‍යම අවස්ථාවේ තමන් ලඟ කැමරාවක් නැහැ.ජංගම දුරකථනය තිබුනත් එමගින් වීඩියෝ කිරීම එතරම් පහසු නැහැ.මොකද එය වෙනත් අයකුට පෙනෙන නිසා..විශේෂයෙන් ඔබට යම් කිසි අවස්තාවක අසාධාරණයක් වන අවස්ථාවක එම දර්ශන වීඩියෝ ලෙස ලබා ගත හැකිනම් ඔබට නීතියේ පිළිසරණ සොයා යාමේදී විද්‍යාත්මක සාක්ෂි ලෙස ඉතා වැදගත් වෙනවා..මේකට වඩාත්ම හොද කැමරාවක් තමයි සාක්කුවේ දමා ගෙන යන පෙන් වර්ගයේ වීඩියෝ
කැමරා.ඇත්තටම පෑනක් වගේමයි..සාක්කුවේ දමා ගෙන පෑනක් ලෙස රැගෙන යා හැකියි.වැදගත්ම දේ කියන්නේ මෙය පෑනක් ලෙස භාවිතා කර ලියන්නත් පුළුවන් වීමයි.මෙමරි කාඩ් එකක් ඇතුළු කල හැක එය 32GB දක්වා වෙනස් කල හැක.මෙගා පික්සල් අටක කැමරාවක් සහිතයි.විනාඩි 120 කාලයක් පටිගතකල හැකි ලිතියම් පොලිමර් නමැති නැවත ආරෝපණය කල හැකි බැටරියකින්ද සමන්විතයි.පරිගණකය හා සම්බන්ද කර දත්ත ලබා ගැනීමට ඩේටා කේබල් එකක් ද නොමිලේ ලැබෙනවා..
මෙම කැමරා ලංකාවේ මිලට ගැනීම අසීරු වුවත් හෙට දින ප්‍රාඨක ඔබට අඩුමුදලට ගෙන්වා දීමට අප සුදානම්.ඔයාලට කැමරා අවශ්‍ය නම් hetadina@gmail.com ලිපිනයට පණිවිඩයක් ලබා දෙන්න..මිල ගණන් ඇතුළු මුදල් ගෙවීමට අවශ්‍ය විස්තර ලබා දෙන්නම්.ඔබට අවශ්‍ය වීඩියෝ කැමරාව ඉතා ඉක්මනින් ගෙදරටම එවීමට අප සුදානම්..
ඔබට ජය!

Friday, December 19, 2014

ජංගම දුරකථන ගෙදරම අලුත්වැඩියා කරමු..

   අපේ ජංගම දුරකථන අලුත්වැඩියා කරන සිංහල පාඩම් මාලාවත් නැගල යනවා කියල මට විශාල පිරිසක් දන්වලා තිබුනා..ඇත්තටම කියනවනම් ජංගම දුරකථන අලුත්වැඩියාව අපට ගෙදර ඉදන් උනත් ඉගෙන ගන්න පුළුවන්..ජංගම් දුරකතයක මුලික කොටස් ටික අල්ල ගත්තාම ඕක මහා කජ්ජක් නොවෙයි..ඕකට ඩිප්ලෝමා උපාදි
ගහන්න ඕනා නැහැ. කඩ්ඩ ටිකක් තමයි ඕනා වෙන්නේ..පරිගණකයක අකුරු ටිකක් කොටා ගන්න පුළුවන් වීමත් ගොඩක් වටිනවා..හරි අපි අද බලමු චීන ජංගම දුරකතනයක් හිටි අඩියේම හිර වුනොත් මොකද කරන්නේ කියලා..කරන්න තියෙන්නී china දුරකථනය නිෂ්පාදනයේ තිබු තත්ත්වයට එහි සියලු සෙටිග්ස් හදන එකයි.ගොඩක් අය මේක දන්නේ නැහැ..phone හද තැනකට ඕක අරන් ගියොත් එයා කෝඩ් එකක් පෙනෙන්න ගහලා ඔයාලගෙන් දෙතුන් සියක් කඩා ගන්නවා..දැන් ගොඩක් අය ළඟ තියෙන්නේ china phone. මේ තියෙන්නේ චීන දුරකථන වලට අදාළ කෝඩ් ටිකක්..ඔය හිරවෙලා හරි හරියට වැඩ ගන්න බැරිව ස්ලෝ වෙලා හරි අකුරු ටයිප් කරන කොට පිස්සුකෙලින දුරකථන තියෙනෙවා නම් default user code එක ගහලා බලන්න phone එක නැවත ආරම්භ වේවි.කලබල වෙන්න එපා වැඩේ නිකම්ම ගොඩ ගියා කියලා ඔබට පෙනේවි..
මෙන්න ඉතා වටින කෝඩ් ටිකක්.ගහලම බලමුකෝ වැඩේ..
CHINA MOBILE RESET CODES 
*#66*# Set Factory Mode CONFIRMED
*#8375# Show Software Version CONFIRMED
*#1234# A2DP ACP Mode CONFIRMED
*#1234# A2DP INT Mode CONFIRMED
*#0000# + Send : Set Default Language CONFIRMED
*#0007# + Send : Set Language to Russian CONFIRMED
*#0033# + Send : Set Language to French CONFIRMED
*#0034# + Send : Set Language to Spanish CONFIRMED
*#0039# + Send : Set Language to Italian CONFIRMED
*#0044# + Send : Set Language to English CONFIRMED
*#0049# + Send : Set Language to German CONFIRMED
*#0066# + Send : Set Language to Thai CONFIRMED
*#0084# + Send : Set Language to Vietnamese CONFIRMED
*#0966# + Send : Set Language to Arabic CONFIRMED
CHINESE MODELS:
default user code: 1122, 3344, 1234, 5678
Engineer mode: *#110*01#
Factory mode: *#987#
Enable COM port: *#110*01# -> Device -> Set UART -> PS Config -> UART1/115200
Restore factory settings: *#987*99#
LCD contrast: *#369#
software version: *#800#
software version: *#900#
set default language: *#0000# Send
set English language: *#0044# Send
set English language (new firmware): *#001# Send also

*මෙම කෝඩ් වැරදි ලෙස භාවිතා කිරීම නිසා දුරකතවලට හානි වුවහොත් ඊට පගේ වගකීමක් නැති බව සැලකුව මනාය. 
ඔබට ජය!

Thursday, December 18, 2014

නිවසට නොමිලේ විදුලිය ගන්න පැකේජයක්..

     ඔයාල හැමෝටම ඉතා හොඳ ආරංචියක් තමා මේක..අපි දැනට වසර ගණනාවක සිට කරගෙන ආ සුර්ය ශක්තිය මගින් විදුලිය ලබා ගැනීමට ගෙදරදීම සකස් කර ගැනීමට හැකි පරිදි සියලු විස්තර කියා දෙන මෙරට පළමු පැකේජය ලබා ගත් අය අති විශාලයි.දැන් එම පැකේජය අලුතින් දැනුම රාශියක් සමග දියුණු කළා..ගෙදරදීම තමන්ට නිවසට අවශ්‍ය විදුලිය නොමිලේම නිපදවා ගැනීමට solar genrator සකස් කරන අන්දම මෙහි පරිපුර්ණව විග්‍රහ කර තිබෙනවා..සුර්ය විදුලිය හා නිවසේ ප්‍රධාන විදුලිය ස්වයංක්‍රීයව මාරුවෙමින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය පරිපථය මෙහි දක්වා
තිබෙනවා..සුර්ය පැනල වැඩ කරන හැටි,සුර්ය පැනල වර්ග,solar controller,ඉන්වර්ටර්,බැටරි,controller settings සැකසීම,ගැටළු හා විසදුම්,ඇතුළු ඇති විශාල දැනුමක් සමගින් ඔබට එම නවීකරණය කරන ලද පැකේජය  දැන් පොතක් හා DVD තැටියක් සමග ලබා ගත හැකියි.මෙම පැකේජය සරල සිංහලින් කියාදෙන අතර එම පැකේජයේ මිල රු.1000 ක් පමණි.ලබා ගන්නා අයට ළගම තැපැල් කාර්යාලයට ගෙවා ගැනීමට (vpp) ලෙස එවමි.ඔබට ඔබේ ළගම තැපැල් කාර්යාලයෙන් ලැබෙන ලිපිය රැගෙන ගොස් අදාළ මුදල ගෙවා පැකේජය ලබා ගත හැක.ඔබට අවශ්‍ය උපාංගද දැන් අපවෙතින් තැපැල් මගින් නිවසටම ගෙන්වා ගත හැක..නැතිනම් ඒ සදහා අවශ්‍ය ආයතනද එහි දක්වා ඇත.ඔබට අවශ්‍ය පැකේජය SOLAR ලෙස ටයිප් කර ඔබේ නම හා ලිපිනය 071 836 73 71 ට SMS කරන්න.

ඔබට ජය!

හෙටදින ඇඩ්මින්.

Wednesday, December 17, 2014

පිටරටින් බඩුවක් ගේමු..

  මම ඔයාලට මිට පෙර පොස්ට් එකකින් කියලා දුන්න මතක ඇති පිටරටින් බඩු අනතර්ජාලය හරහා ඉතා අඩු මිලට ගෙන්වා ගන්නා ආකාරය.ඇත්තටම කියනවා නම් ලංකාවෙන් ගන්නවාට වඩා ගොඩක් අඩුවට බඩු ගෙන්වා ගන්න පුළුවන්.මේ වැඩේ කරන්න කඩ්ඩ ටිකක් තියෙන්න ඕනා.මොකද ඔය සියලුම වෙබ් අඩවි වල සිංහලින් ඕවා
දාලා නැහැ..ඉංග්‍රීසි භාෂාව ඔබේ අනාගතය සදහා දැන් ඉතා වැදගත්
බව කිව යුතුම කරුණක්..විශේෂයෙන් කියන්න ඕනා දැන් ලංකාවේ හුගක් පාසල් වලට අන්තර්ජාල පහසුකම් සහිත විද්‍යාගාර ලැබිලා..ගොඩක් සිසුන් අපේ බ්ලොග් එක කියවනවා කියල ආරංචියි..පාසල් වල සිසුන් විශාල ප්‍රමාණයක් මට කියලා එවලා තිබුනා අන්තර්ජාලයෙන් ගෙදරටම බඩු ගෙන්වා ගන්න විදිහ තව ටිකක් කියලා දෙන්න කියලා..ඒ හැමෝට හරියන්න තමයි මේ පොස්ට් එක බලන්න ඔබේ ගැටලුවටත් පිළිතුර මෙහි තිබේද කියා..

අන්තර්ජාලයෙන් බඩු ගෙන්වීමේදී සැලකිය යුතු කරනු..

1.සෑම විටම පාහේ වෙබ් කාඩ් එකක් භාවිතා කරන්න.(සම්පත් බැංකුවේ වෙබ් කාඩ් එකක් වඩා හොඳයි..)
2.ක්‍රෙඩිට් කාඩ් භාවිතා කිරීමේදී වඩා පරෙස්සම් වන්න..
3.කුඩා අයිටම් හා මිලෙන් අඩු අයිටම් ගෙන්වන්න..
4.paypal හරහා ගනුදෙනු කරන්න..
5.ebay අඩවිය භාවිතා කරන්න..
6.ඔබගේ email ලිපින වෙත බලෙන්ම එන වෙබ් අඩවිවලට මුදල් ගෙවීමෙන් වලකින්න.
7.ඉන්ටෙර්නෙට් කැෆේ වලින් වෙබ් කාඩ භාවිතා කල පසු  සියලු ගිණුම් වලින් ඉවත් විමට වග බලා ගන්න
8.ලන්සු තබා භාණ්ඩ මිලට ගන්න..
9.ඔබට විශ්වාස අඩවිවලින් පමණක් භාණ්ඩ ඇනවුම් කරන්න..
10.ඇනවුම් කිරීමට ප්‍රථම භාණ්ඩය පිලිබඳ සියලු විස්තර අදා වෙබ් පිටුවෙන් හොයා ගන්න.
11.බොහෝ විට සති දෙකක් ඇතුලත භාණ්ඩ ලැබිය යුතුවේ.එසේ නොවේ නම් seller දැනුවත් කරන්න..
12.ඔබ ගෙන්වූ භාණ්ඩ වල ලැයිස්තුවක් පිළියෙළ කර ගන්න.
13.ඔබේ වෙබ් කාඩ් වලට හෝ වෙනත් ගිණුම් වලට අදාළ කිසිදු දත්තයක් කිසිවකුට නොදෙන්න.
14.නොමිලේ ප්‍රවාහනය කරන මිල අඩු භාණ්ඩ ගෙන්වන්න.
15.බරින් වැඩි භාණ්ඩ ගෙන්වීමේදී tax ගෙවීමට සිදුවිය හැක.
16.යම් භාණ්ඩයට මුදල් ගෙවීමට පෙර එය ලංකාවට එවන එකක් ද යන්න හොඳින් විමසා බලන්නන.
මේ තියෙන්නේ මට පහුගිය දවසක ගෙදරටම ආපු පෙන් එකක්.. ඒක සුපිරියටම වැඩ.
.

ඔබට ජය!

Wednesday, December 10, 2014

12 වොට් LED බල්බයක් හදමු..

  ඔයාල අපේ පාඩම් මාලාව හා පැකේජ ගෙන්වාගෙන දැන් LED බල්බ හදන්න පටන් අරන් ගොඩක් කල් නෙ..දැන් වෙළෙඳ පොලට ඇවිත් තිබෙනවා ප්ලාස්ටික් ආවරණයක් සහිත LED බල්බ.ඇත්තටම මේවා ඇලුමිනියම් බල්බ වලට වඩා ගොඩක් මිලෙන් අඩුයි.ඔයාලට මෙම බල්බ එකලස් කරලා විකුනන්න පුළුවන් නම් ගොඩක් ලාභයක් ගන්න
පුළුවන්..පිටකොටුවේ කඩ වලින් ගන්නත් පුළුවන් නැති නම් අපේ බ්ලොග් එකේ ප්‍රමිල මහතාට කතා කරලා ගෙදරටම ගෙන්වා ගන්නත් පුළුවන්..තැපැල් ගාස්තු විතරයි වැඩිපුර ගෙවන්න වෙන්නේ..මා මේ පහත දක්වලා තියෙන්නේ 12 වොට් LED බල්බයකට ගන්නා කොටස්.

ඉතා පහසුවෙන් විනාඩි පහකදී පමණ ඔබ  ට තනිවම හදා ගන්න පුළුවන්.මෙම බල්බ රත්වීම අඩුනිසා විදුලිය ගොඩක් පිරිමහනවා..වසරක් පමණ යනතුරු අවුලක් එන්නෙත් නැහැ.මේවා දැම්මා කියල TV වලයි රේඩියෝ වලයි වැඩසටහන් අහන්න බාධාවක් වෙන්නේත් නැහැ..මොකද මේවායේ SMP බල සැපයුම නැති නිසා..අදම හදන්න පටන් ගන්න..පට්ට එළියක් තියෙන්නේ...කතාකරලා බඩු ගෙන්වා ගන්න..ප්‍රමිල ගෙන්..0718301069.
ඔබ ජය!