Thursday, January 31, 2013

නොමිලේ වෙබ් අඩවි නිර්මාණය කරමු 1


       ශ්‍රී ලංකාව තුල දැන් දැන් තොරතුරු තාක්ෂනය දියුණු වෙමින් පැවතීම සතුටට කරුණක්.ලංකාවේ වසර තිහක අනවශ්‍ය යුද්ධය අවසාන වීමත් සමග සියලු ශේෂ්ත්‍ර දියුණුවෙමින් පවතිනවා.යුද්ධය තිබුණානම් අපට IT ගැන හිතන්න වෙලාවක් නැහැ.පුපුරන බොම්බයි මැරෙන මිනිස්සුයි දිහා බලබල හුලන්නයි වෙන්නේ.එහෙත් මහින්ද රාජපක්ෂය ජනපතිතුමාට පින්සිද්ධ වෙන්න අපිත් අපේ අනාගත දරුවනුත් ඒ පාපයෙන් ගොඩවුනා.දැන් අපට තියෙන්න අපේ දැනුම යතාර්තයට හරවා රට ගොඩනැගීමට සහාය  වීමයි .
ඉතින් ඔය කතා ඇති..මම අද සිට ඔයාලට නොමිලේ බ්ලොග් අඩවි හදලා ජනප්‍රිය  කරන හැටි කියලා දෙන්න පාඩම් මාලාවක් අරඹනවා.ඔයාල හැමදාම මග බ්ලොග් එකට ඇවිත් ඒවා ඉගෙන ගන්න කියලා මම ඉල්ලනවා.මම බ්ලොග්කරණය ඇතුළු ITඉගෙන ගත්තේ අවුරුදු ගණනාවක්‌ පට්ට කට්ටක් කාලා.ඔයාල නොදන්නවා ඇති සමහර විට අනාගතයේ දී පුවත්පත් පොත්පත් නැතිවවේලා යාවි.සියල්ල පරිගණක වලිනුත් අතේ ගෙනයා හැකි සන්නිවේදන උපකරනත් හරහා ඒ සියල්ල සපුරාලනු ඇති.ඒ මම කියුවේ අනාගතයට පෙරවදනක්.ඒකෙන් ඔබට අනාගතය වෙනුවන් IT ඉගෙන ගැනීමේ අවශ්‍යතාව දැනෙනවා ඇති.
කලබල වෙන්න එපා IT හරි ලේසියි පහසුයි.ටික ටික ඉදිරියට යන්න ඔබට නිසැකවම දක්ෂය තොරතුරු තාක්ෂණ ශිල්පියෙකු විය හැකියි.
ඔබට නොසිතුනාට ඔබ සමාජය වැඩදායක බ්ලොග් අඩවියක් නිර්මාණය කළහොත් එය මහා ධන උල්පතක් විය හැකියි.ඔබේ අඩවිය ජනතාව අතර ප්‍රචලිත වුවහොත් ඔබේ බැංකු ගිණුම් මුදල්වලින් පිරී යාම කිසිවකුට වලකාලිය නොහැකියි.එයට හොඳම උදාහරණය  FACEBOOK අඩවියේ හිමිකරු,ඔහුට තාම වයස අවුරුදු 27 ක් පමණි.සිය මිතුරු මිතුරියන් කීප දෙනෙකුගෙන් ඇරඹි FACEBOOK අඩවිය අද ලොව විශ්හලතම සෙනගක් භාවිතාකරන අඩවිය බවට පත්ව ඇත.




Blog අඩවියක් නිර්මාණය කිරීම හා නඩත්තු කිරීම පහසු කටයුත්තක්. ඒ සඳහා ඔබට web development, graphics design වාගේ දේවල් ගැන වැඩි දැනුමක් අවශ්‍ය වෙන්නෙත් නෑ. සාමාන්‍ය internet භාවිතය ගැන දැනුමක් තිබුනොත් හොදටම ඇති. ඉතින් ඉතින් ඔබටත්  පුලුවන් තමන්ගේම කියලා blog අඩවියක් නොමිලයේ සාදාගෙන තමන්ගේ දැනුම, අදහස්, සංකල්පනා ලෝකයත් සමඟ බෙදාගන්න.

ඒ වගේම ඔබට ඔබගේ blog අඩවිය භාවිත කර අතිරේකව මුදල් හොයන විදියත් කියලා දෙන්නම්.

කිසි වියදමක් යනනනේ නැතුව blog එකක් සාදා අලංකාර කර internet තුල ප්‍රචලිත කරන විදිය මේ web site එක හරහා කියලා දෙන්න සූදානම්.

නොමිලයේ blog අඩවි සාදාගත හැකි සේවා සපයන ආයතන අන්තර්ජාලය තුල බොහෝ ප්‍රමාණයක් තියෙනවා. blogger.com, wordpress.com, typepad, weeby.com, webnode.com මේ වඩා ජනප්‍රිය සේවා සපයන ආයතන කිහිපයක්.

මෙම වෙබ් අඩවියෙන් කියලා දෙන්න යන්නේ blogger සේවා සපයන ආයතනය සමඟ blog එකක් සාදන ක්‍රමයි.

Blog අඩවියක් සෑදිමට පෙර එය මනා ලෙස සැලසුම් කිරීම (Plan) ඉතා වැදගත්.

1. Blogging Subject - බ්ලොග් මාතෘකාව
            Blog අඩවියකට ගැලපෙන මාතෘකාවක් තෝරා ගැනීම ඉතා වැදගත්. එය මත ඔබගේ පාඨකයන් සංඛ්‍යාව, blog අඩවියේ ආයු කාලය, Search Engine Optimization (පසුව කියලා දෙන්නම්) සඳහා වැදගත්. එම නිසා ඔබට පහසුවෙන් කරුනු එක්කර ගත හැකි(අන්තර්ගතය), දීර්ග කාලීනව පවත්වාගෙන යාහැකි, අනෙකුත් web/blog අඩවි වලින් හැකි තරම් ආවේනික, තරඟකාරී මාතෘකාවක් තෝරා ගැනීම සුදුසුයි. ඒ වාගේම පාඨකයන් අතරට ඔබගේ blog අඩවිය ජනප්‍රිය වීමටද වැදගත්වේ.

2. Blogging Medium - බ්ලොග් මධ්‍ය
           ඔබට English, සිංහල හෝ වෙනත් භාෂාවක් භාවිත කර blog අඩවිය කරගෙන යාමට පුලුවන්. English හැර වෙනත් භාෂාවක් භාවිත කරනවා නම් unicode අකුරු භාවිත කර blog අඩවිය සකසන්න පුලුවන්.
සිංහලෙන් blog ලියමු.

3. Blogging Purpose - බ්ලොග් අරමුණ
            blog අඩවිය භාවිත කර ඔබගේ දැනුම, අදහස්, සංකල්පනා හුවමාරු කරගන්න පුලුවන්. ඒ වගේම අතිරේකව යම් මුදලක් ඉපයීමේ බලාපොරොත්තුවන්ද blog අඩවියක් නිර්මාණය කරන්න පුලුවන්. තවද ඔබගේ භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රසිද්ධ කිරීමට, විකිණීම ඒ ඔස්සේ කර ගැනීමට පුලුවන්.

4. Blogging Monetize - බ්ලොග් මුදල් ඉප‍යීම
           ඔබගේ blog අඩවිය භාවිත කර මුදල් ඉපයීමට බලාපොරොත්තු වෙනවා නම් ඉතා ක්‍රමානුකූලව ඒ සදහා සූදානම් විය යුතුයි. උපයන මුදල් ප්‍රමාණය ඔබගේ පාඨකයන් ප්‍රමාණය මත රදාපවතින නිසා හැකිතාක් පාඨකයින් ගනන වැඩිකර ගැනීමට උනන්දු විය යුතුයි. මේ සම්භන්ධව ඉදිරියේදී ලිපි බලාපොරොත්තු වෙන්න.

5. Blogging Content/Posts - බ්ලොග් අන්තර්ගතය

    ඔබගේ අන්තර්ගතයේ තිබෙන Text, Images, Video පිලිඹඳව සැලසුම් කරන්න. එය වඩාත් ආකර්ෂණීය blog අඩවියක් සදහා වැදගත්.
    ඉදිරිපත් කරන පිටුවක/post එකක කරුණු ප්‍රමාණය ගැනද සැලකිලිමත් විය යුතුයි. එයට එකතු කරන පිටුවක වචන ප්‍රමාණය 300 සිට 750 අතර පවත්වාගෙන යාම වැදගත්. පිටුව වඩාත් දීර්ඝ වූ විට පාඨකයන්ට කියවීමට හිත යොමු නොවේ. එසේ වුවහොත් වෙනත් පිටුවකට/post එකකට එය ගෙන යාම වඩාත් සුදුසුයි.
    blog අඩවියකට එකතුකරන තොරතුරු නිවරදි, ක්‍රමාණුකූල හා සංවිධානාත්මක විය යුතුයි. එසේ නොමති උවහොත් ඔබගේ කරුණු කෙතරම් වැදගත් වුවත් එය පාඨක සංඛ්‍යාව අඩුවීමට බලපාවී.
    වඩාත් තරඟකාරී, කාලෝචිත කරුණු/post එක් කිරීම පඨකයන් ප්‍රමණය වැඩිකර ගැනීමට වැදගත්.
    blog අඩවියට posts එකතු කරන කාල සීමාවද වැදගත්වේ. හැකිතාක් කරුණු එක්කිරීමෙන් පාඨක සංඛ්‍යාව මෙන්ම Search Engine Optimization සඳහාද වැදගත්වේ.

ඉහත දැක්වූ කරුණු සම්භන්ධව දීර්ඝ වශයෙන් ඉදිරියේදී ලිපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබටත් එම ලිපි e-mail හරහා ලබා ගැනීමට පුලුවන්. ඒ සඳහා මෙම blog අඩවියේ "ලිපි EMAIL මගින් ලබා ගන්න "  ලෙස දක්වා ඇති කොටසේ ඔබගේ e-mail ලිපිනය සදහන් කර Subscribe බටනය මත click කරන්න.

ඔබට ජය!

Wednesday, January 30, 2013

2012 A/L ප්‍රතිඵල නිකුත් වෙයි..


2012 A/L ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හල බව රජය කියා සිටී.දැන් එම ප්‍රතිඵල ජංගම දුරකථන මගින් ද ලබා ගතහැක.ඔබ කල යුත්තේ

Type EXAMS <SPACE> INDEX NO and send to

Dialog   7777
Mobitel  8884
Etisalat  3926
Airtel     7545
Hutch    8888

Get your Exams Result from Mobile Phone via SMS

Type EXAMS Space Exam Number Send to 7777 from Dialog Mobile

Ex: EXAMS 24300XXX

EXAMS <Number> and send to 7777 from your Dialog Mobile
EXAMS <Number> and send to 8884 from your Mobitel Mobile
EXAMS <Number> and Send to 7545 from your Airtel Mobile
EXAMS <Number> and Send to 8888  from your Hutch Mobile
මේවන විට අන්තර්ජාලය ඉතා කාර්යබහුල නිසා ඔබේ  ප්‍රතිඵලය ලැබීමට මදක් ප්‍රමාද විය හැක.
ඔබට මෙම ස්ථානය ක්ලික් කිරීමෙන්  කෙලින්ම ප්‍රතිඵල ලබා ගත හැක.

මම ඔබ සියලු දෙනාට නියත ජය පතමි.!

Tuesday, January 29, 2013

වැරැදි තොරතුරු වලින් අප මුලාවන්නේ ඇයි ...


             පියාඹන පීරිසියක්‌ කඩා වැටුණු බව, පිටසක්‌වළ ජීවීන් දෙතුන් දෙනකු තුරු වදුළක්‌ තුළින් මතු වනවා දුටු බව, තව මාස දෙකකින් ලෝකය විනාශ වන බව ආදි කතා පැතිර යන්නේ හරි පුදුම වේගයකිනි. මෙවැනි වැරැදි තොරතුරු සහිත කතා ඇතැම් විට භීතිකාව වැනි විශාල ගැටලුවලට මුලපුරන්නක්‌ විය හැකි ය. ඊට හේතුව ඇතැමුන් මේවා ගැන විමර්ශනය නො කොට විශ්වාස කරන්නට පෙලඹීමයි. එනිසා වැරැදි තොරතුරු ජනතාව අතර ව්‍යාප්ත වන්නේ කෙලෙස ද යන්න මෙන්ම ඒවා පාලනය කළ යුතු වන්නේ කෙලෙස ද යන්න ගැනත් දැන සිටීම වැදගත් ය.
බටහිර ඕස්‌ටේ්‍රලියා විශ්වවිද්‍යාලයයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්‌ටීවන් ලෙවන්ඩොව්ස්‌කි පසුගියදා, මිනිසුන් වෙත වැරැදි තොරතුරු ළ`ගා වන්නේ කෙලෙස ද? ඒවාට මිනිසුන් ප්‍රතිචාර දක්‌වන්නේ කෙසේ ද? ආදී කරුණු ගැන අධ්‍යයනයක්‌ සිදු කළේ ය.


එහි දී දේශපාලනික තොරතුරුවලට වැරැදි අර්ථකථන ලැබීම ගැන මෙන්ම වෛද්‍යමය හා වෙනත් තොරතුරුවලට වැරැදි අර්ථකථන සන්නිවේදනය වීම ගැන ද ඔහු අධ්‍යයන කළේ ය. ඉරාක යුද්ධය ගැන වැරැදි තොරතුරු ව්‍යාප්ත වූයේ කෙලෙස ද යන්න ගැන ද ඔහු දීර්ඝව අධ්‍යයනය කළේ ය. එසේ ම සාවද්‍ය තොරතුරු සම්ප්‍රේෂණයට එරෙහි ව ගත යුතු ක්‍රියාමාර්ග ගැන ද ඔහු එහි දී අධ්‍යයන කොට ඇත. එවැනි ක්‍රම අටක්‌ ගැන ඔහු විස්‌තර කරයි. වැරැදි තොරතුරු අප වෙත ළ`ගා වන ආකාර කීපයක්‌ ගැන ද ඔහු විස්‌තර කරයි.

වර්තමාන සමාජය තුළ වැරැදි තොරතුරු ව්‍යාප්ත වන ප්‍රධානතම ක්‍රමයක්‌ වන්නේ කටකතා මගිනි. කට කතා මගින් ව්‍යාප්ත වන ඕපාදූපවලට අද ලොකු ඉල්ලුමක්‌ ඇත. ඕපාදූප ව්‍යාප්ත වන්නට පුවත්පත් ඇතුළු ජනමාධ්‍යයන් ද වගකිව යුතු වෙයි.

මිනිස්‌සු ස්‌වභාවයෙන් ම සංවේදී කතා අසන්නට ප්‍රිය කරති. තමන්ට සවන් දෙන අය සතුටු වන, බිය වන මෙන්ම ත්‍රාසයට පත් වන කතා නිර්මාණය කරන්නට ඕපාදූප නිර්මාණකරුවෝ උනන්දු වෙති. මේ කුමන හෝ හැ`ගීමක්‌ තම අසන්නා තුළ ප්‍රබලව ජනිත කළ හැකි නම් ඕපාදූප නිර්මාණකරුට එය සතුටකි. ඕපාදූප නිර්මාණය කරන්නන් අතැම් විට මේ දේවල් කරන්නේ වාසි අරමුණ කොටගෙන ය. ඇතැම් විට එවැනි කිසිදු ප්‍රතිලාභයක්‌ නොමැති වත් මේවා නිර්මාණය කෙරේ.

සාවද්‍ය තොරතුරු බිහි වීමට හා ව්‍යාප්තියට මුල් වන කැපී පෙනෙන පුද්ගලයන් පිරිසක්‌ වන්නේ දේශපාලනඥයන් ය. දේශපාලනඥයන් බොහෝ දෙනකු තම පැවැත්ම තහවුරු කර ගන්නේ බොරුව හරහා ය. තමන් ගේ ඡන්ද දායකයන් ගේ හිත් දිනා ගැනීමට ඔවුහු ආකර්ෂණීය බොරු ගොතති. ඇතැම් විට විරුද්ධවාදීන්ට එරෙහි ව ජනතාව පෙළගස්‌වනු පිණිස ද ඔවුහු බොරු ගොතති. ජනතාව දේශපාලකයන් කියන්නේ බොරු බව නො දන්නවා නො වේ. එහෙත් ඔවුහු දේශපාලකයන් ගේ බොරුවලට රැවටෙති. නිදසුනක්‌ ලෙස රටේ යම් භාණ්‌ඩයක මිල සුවිශේෂී ලෙස ඉහළ ගිය විට දේශපාලකයෝ ඒ අරභයා විවිධ බොරු කියති. ජනතාව ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක්‌ මේ බොරු විශ්වාස කරති.

සමාජය තුළ වැරැදි තොරතුරු ව්‍යාප්ත වීමට වැඩියෙන් ම හේතු වන්නේ ජනමාධ්‍ය ය. ජනමාධ්‍ය සතු ජනතාවට බලපෑම් කිරීමේ හැකියාව ඉහළ ය. බොහෝ දෙනෙක්‌ කිsසිදු වග විභාගයකින් තොර ව ජනමාධ්‍ය පවසන දේ විශ්වාස කරති. අතීතයේ දී සත්‍ය පැවසීම ජනමාධ්‍යයේ වගකීමක්‌ වුව ද අද එය පවතින්නේ බොහෝ විට ජනමාධ්‍ය ආචාර ධර්ම ඇතුළත් පත්‍රිකා තුළ පමණි. ඉතා සුළු පිරිසක්‌ සත්‍යය ජනතාවට දීමට උත්සාහ කළ ද බහුතරයක්‌ මාධ්‍ය ආයතනවලට වුවමනා සත්‍යය සම`ග අමතර යමකුත් දෙමින් තම ග්‍රාහකයන් ආකර්ෂණය කර ගැනීමට ය.

විද්‍යාත්මක තොරතුරු වාර්තා කිරීමේ දී පමණක්‌ නො ව සමාජ දේශපාලනික හෝ සංස්‌කෘතික තොරතුරු වාර්තා කිරීමේ දීත් ජනමාධ්‍ය සමතුලිත ව කටයුතු නො කරන බව පෙනී ගොස්‌ තිබේ.

මේ අතර අද වන විට වැරැදි තොරතුරු ව්‍යාප්ත කරවන ප්‍රධානම මෙවලමක්‌ බවට අන්තර්ජාලය පත් වී ඇත. රෝග සම්බන්ධයෙන් උපදෙස්‌ දෙන, අන්තර්ජාල වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක්‌ පවතින අතර එවායින් බහුතරය සාවද්‍ය තොරතුරු ව්‍යාප්ත කරවන බව පෙනී ගොස්‌ තිබේ. ලෝක විනාශය ගැන කියමින් ලෝකය රැවැටීමට මුල් වී ක්‍රියා කළ අන්තර්ජාල වෙබ් අඩවි ගැන ද අපට මතක ය.

ඕනෑ ම මොහොතක්‌ තුළ අන්තර්ජාලයෙහි අලුතෙන් ම බොරු තොරතුරු විශාල සංඛ්‍යාවක්‌ නිර්මාණය වෙමින් පවතී. පසුගිය සමයෙහි 2012 ලෝක විනාශය ගැන වෙබ් අඩවි කළ බොරු ප්‍රචාරවලට එරෙහි ව විශාල සටනක්‌ සිදු කරන්නට නාසා ආයතනයට සිදු විය. එයට හේතුව එම බොරු පතුරුවන්නේ නාසා නාමය ද වැරැදි විදිහට භාවිත කරමින් වීමයි.

පැතිර ගිය බොරුවකට / වැරැදි තොරතුරකට එරෙහි ව සටන් කිරීම ලෙහෙසි පහසු කාර්යයක්‌ නො වේ. මන්ද යත් යම් මාධ්‍යයකින් බොරුවක්‌ කී පසු එය ග්‍රහණය කරගෙන විශ්වාස කරන්නට පටන් ගන්නා අය විශාල ප්‍රතිශතයකි. එය යළි නිවැරැදි කළ විට පවා එය බොරුවක්‌ යෑයි විශ්වාස කරන්නට සමහරු අකැමැති වෙති. ඒ බව මීට පෙර ඇමෙරිකානු පර්යේෂකයන් පිරිසක්‌ විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි ව තිබේ. එහෙත් සමාජයක පුරවැසියන් ලෙස මෙවැනි වැරැදි තොරතුරු ව්‍යාප්ත වීම වළක්‌වා ගැනීමේ වගකීමක්‌ අප හැම දෙනා සතු වේ. අප එය කරන්නේ කෙලෙස ද?

එය කළ හැකි ක්‍රම අටක්‌ මහාචාර්ය ලෙවන්ඩොව්ස්‌කි පෙන්වා දෙයි. ඒ අට මෙබඳු ය.

1. හොඳ පැහැදිලි කිරීමක්‌ කරන්න.

යම් සාවද්‍ය තොරතුරක්‌ පැතිර යද්දී එය බොරුවක්‌ බව පමණක්‌ කිsයා නිහ`ඩ වීම ප්‍රමණවත් නො වේ. එය බොරුවක්‌ බව කී පමණින් මිනිස්‌සු ඔබව විශ්වාස නො කරති. විකල්ප පැහැදිලි කිරීමක්‌ ඔවුන් වෙත ලබා දිය යුතු වේ.

2. පැහැදිලි කිරීම කෙටි හා රසවත් එකක්‌ විය යුතු යි.

පැහැදිලි කිරීම සංකීර්ණ එකක්‌ නො විය යුතු ය. එය ඉතා කෙටි විය යුතු අතර ඉතා සරල විය යුතු ය. අනවශ්‍ය බැරෑරුම් කරුණුවලින් ග්‍රාහකයන් ගේ ඔළු පුරවන්න එපා. එසේ ම ඔබේ පැහැදිලි කිරීම ආකර්ෂණීය විය යුතු ය. මීට කලින් බොරුව ව්‍යාප්ත කළ කෙනා එය කරන්නට ඇත්තේ ද ආකර්ෂණීය උපක්‍රම භාවිතයෙනි.

3. මිථ්‍යාව පුනරුච්චාරණය නො කරන්න. මිථ්‍යාව පතුරුවන පුද්ගලයන් එය පැතිරවීමට භාවිත කරන එක්‌ ක්‍රමයක්‌ වන්නේ නිරන්තරයෙන් පුනරුච්චාරණයයි. (Repeating). ගීතයක්‌ වුවත් නිතර නිතර වාදනය වන විට / ඇසෙන විට කෙනකුට ආසා සිතේ. බොරුවක්‌ ව්‍යාප්ත කරන කෙනා ද කරන්නේ වැඩි වාර ගණනාවක්‌ එය අනෙකාට දකින්නට අසන්නට සැලැස්‌වීමයි.

එනිසා ඔබ ගේ පැහැදිලි කිරීමේ දී යළිත් මිථ්‍යාව නිරන්තරයෙන් පුනරුච්චාරණයෙන් වළකින්න.

4. වැරැදි තොරතුරු නිකුත් වූ විට ම එය ජනාතාවට දැනුම් දෙන්න.

වැරැදි තොරතුරක්‌ ව්‍යාප්ත වන බව දැනගත් වහා ඒ ගැන අන් අය දැනුවත් කරන්න.

මෙන්න මෙහෙම බොරුවක්‌ පැතිරෙනවා. කියා අසන්නන්ට දැනුම් දෙන්න.

5. සත්‍ය තොරතුරු පුනරුච්චාරණය කරන්න.

මිථ්‍යාව වපුරන්නා ඒ සඳහා උදව් කරගන්නේ බොරුව නැවත නැවත කීම / ප්‍රසිද්ධ කිරීමයි. සත්‍යය තහවුරු කිරීමට ද ඒ ක්‍රමය යොදා ගන්න.

ඒ සඳහා සිද්ධියට අදාළ තොරතුරු (සත්‍ය) වැඩි වැඩියෙන් සොයා ගන්න. නිවැරැදි තොරතුරු බහුලව අනාවරණය කරගත් විට මිථ්‍යාව බිඳ හෙළීම පහසු යි.

ඔබ සොයා ගත් සත්‍ය තොරතුරු නිරන්තරයෙන් පුනරුච්චාරණය කරන්න. මෙලෙස වැඩි වාර ගණනාවක්‌ සත්‍ය ශ්‍රවණය කරන / දකින අය ගේ සිත්වල විශ්වාසය ද වැඩි වේ.

6. මිථ්‍යාවේ මූලාශ්‍රවලට පහර දෙන්න. මිථ්‍යාව පතුරුවන්නන්ට බොහෝ විට මූලාශ්‍ර නැත. ඇතත් ඒ සත්‍ය මූලාශ්‍ර නො වේ. බොරුවක්‌ ඉදිරිපත් වන විට එහි මූලාශ්‍ර ගැන සැලකිලිමත් වන්න. සමහර විට මේ බොරුකාරයෝ තම ලිපියට බොරු මූලාශ්‍රයන් එක්‌ කරති. ඒවා ඇතැම් විට ලොව කොහේ වත් නොමැති ආයතන වේ. සමහර විට ඔවුන් මූලාශ්‍රයේ සඳහන් කර අති පොත් මෙතෙක්‌ පළ වී ඇති ඒවා නො වේ.

යම් තොරතුරක්‌ සත්‍ය වීමට නම් ඊට අදාළ මූලාශ්‍ර සවිමත් විය යුතු බව වටහා ගන්න. අන්‍යයන් ද ඒ ගැන දැනුවත් කරන්න.

7. ලෝක දෘෂ්ටිය ගැන අවධානය යොමු කරන්න.

ඔබ ඇත්තක්‌ කීවත් ඒ ඇත්තට පාදක වන සත්‍ය තොරතුරු සියල්ල හෙළි කළත් ඇතැම් විට ඒ සියලු උත්සාහයන් නිරර්ථක විය හැකියි. ඊටහේතුව ඔබ පවසන ඇත්ත පිළිගැනීමට අසන්නා ගේ මනස හැඩ ගැසී නො තිබීමයි.

බොහෝ දෙනා පහසුවෙන් විශ්වාස කරන්නේ තමා ගේ ලෝක දෘෂ්ටිය හා අනන්‍ය වන කරුණු ය. (පුද්ගලයකු ගේ ලෝක දෘෂ්ටිය යනු සරලව කිව හොත් ඔහු ලෝකය දකින හැටියි. ලෝකය තුළ සිද්ධීන් ක්‍රියාත්මක වන ආකාරය ගැන කෙනකු තුළ ඇති දැක්‌මයි. සමහර පුද්ගලයෝ කිසිදු හේතුවක්‌ නිසා තම ලෝක දෘෂ්ටිය වෙනස්‌ නො කරති. එම ලෝක දෘෂ්ටියට එරෙහි ව කියෑවෙන කිසිදු දෙයක්‌ ඔවුන් තුළට අවශෝෂණය නො වේ.

මෙවැනි අය තුළ පැළපදියම් වූ බොරුවක්‌ ඉවතට ඇද දැමීම ඉතා අපහසු ය. නිදසුනක්‌ ලෙස X නමැති දේශපාලනික පක්‌ෂය ගැන අන්ධ භක්‌තියකින් යුතු ව පසු වන්නකුට එම දේශපාලන පක්‌ෂයට අයත් මන්ත්‍රීවරයකු කියන ඕනෑ ම බොරුවක්‌ ඇත්ත වේ.

මෙවැනි විට ඇත්ත තහවුරු කිරීමට විශාල වෙහෙසක්‌ දරන්නට සිදු වේ. මේ අවස්‌ථාවේ දී සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නන්ට උපක්‍රමශීලී වන්නට සිදු වේ.

ඔවුන් දැනට විශ්වාස කරන දේ වැරැදි බව පළමුවෙන් පහදා දිය යුතු වේ.

එවැනි අවස්‌ථාවක කෙටි ක්‍රම ඉක්‌මවා පුළුල් විස්‌තරවලට යැමට සිදු වේ.

8. ප්‍රශ්නය ඔවුන් ගේ එකක්‌ බවට පත් කරන්න.

සමහරු ඔබ සත්‍ය පවසන විට එයට එක්‌කෝ විරෝධය පාති. නැතිනම් අවධානය නො දක්‌වා සිටිති.

එවිට කළ යුත්තේ මිථ්‍යාව සත්‍යය විදිහට ක්‍රියාත්මක වීම ඔවුන්ට පාඩුවක්‌ ගෙන දෙන බව පෙන්වා දීම ය. සිද්ධියට අදාළ සත්‍යය මතු වීම ඒ අයට ද ඒ අය ගේ පවුල්වලට ද වැදගත් වන බව ඒත්තු ගන්වන්න. එවිට ඔවුහු එය පිළිගන්නවා ඇත.

විදුසර ඇසුරිනි.

ඔබට ජය!

හොඳට නරකට දෙකටම SMS..


                  අද ලෝකයේ හොඳට නරකට දෙකට ම  භාවිතාකරන්නේ SMS ය.. වර්ෂ 1992 දෙසැම්බර් 3 වැනිදා ඇරඹි SMS සේවයට දැන් වසර 20කි.
ලොව මුල්ම SMS එක වන්නේ එදින මෘදුකාංග ඉංජිනේරුවෙකු වූ නීල් පැප්වර්ත් විසින් එංගලන්තයේ වොඩෆෝන්   සමාගමේ අද්යක්ෂ්‍ය වූ රිචඩ් ජාවිස්‌ ට සිය දෙක්ස්ටොප් පරිගණකය මගින්" Merry Chrismas" ලෙස යවූ SMS පණිවිඩය යි.ඔහු එය ලබා ගත්තේ සිය අත වූ Orbitel 901 ජංගම දුරකථනය මගිනි.එතැන් පටන් ඇරඹි මෙම විප්ලවකාරී SMS Tex සේවය අද ලොව පුරා නැතිවම බැරි එකකි.
සන්නිවේදන ජාලයක් හරහා tex හුවමාරු කළහැකි බව ලොවට මුලින්ම කිවේ  1984 දී ෆින්ලන්ත ජාතික මැටී මැකොනන් විසිනි.එනම් SMS සේවයේ පියා වන්නේ ඔහුය.අද ලොව පුරා වසරකට හුවමාරු වන SMS ප්‍රමාණය බිලියන 8600 කි.එනම් තත්පරයකදී ආසන්න වශයෙන් SMS
ලක්ෂ්‍ය 3 ක් වත් හුවමාරුවෙ යි.SMS යැවීමට සියලුම සමාගම් මුදල් අයකරයි.එහෙත් ඇප්ලිකේෂන් සේවා පැමිණීමත් සමගම නොමිලේ SMS යැවිය හැකි ක්‍රම දියුණුවී තිබේ.උදාහරණ ලෙස ඇපල් අයි මැසේජ්,ෆේස්බුක් මැසේජ් ,ගෘප්මී,වට්ස් ඇප්,වයිෆයි සේවා හරහාද SMS යවන විට මුදල් ගෙවීම අවශ්‍ය නොවේ.ස්මාට් ෆෝන් ලොව පුරා ජනප්‍රිය වී  මත් සමග මුදල් ගෙවා SMS යවන ක්‍රමය ක්‍රමයෙන් වියකී යනු ඇත.

ඔබට ජය!

Monday, January 28, 2013

සිංහල නැති පරිගණක වලත් සිංහල බ්ලොග් පෙන්වන හැටි..

         දැන් සිංහල බ්ලොග් ලියන අපේ එවුන් ගොඩක් ඉන්නවා ..ඒත් මුන් ලියන ඒවා හැම පරිගනකයකින්ම කියන්වන්න බැහැ.මන්ද සිංහල, පරිගණකයට දෙන OS එකේ නැති නිසා.එනිසා වෙනමම සොෆ්ට්වෙයාර් එකක් ස්ථාපනය කරන්න වෙනවා.එනම් බ්ලොග් බලන සමහර එවුන් සිංහල unicode දාගෙන නැතිනම් සිංහල බ්ලොග් වල අකුරු පෙන්නේ නැහැ.පේන්නේ නිකම් කොටු පෙළක් විතරයි.මේ මොන කුනුහරුපයක්ද කියලා උන් බ්ලොග් ඒකෙන් යනවා.ඉතින් සිංහල තිබුනත් නැතත් සිංහල බ්ලොග් නිවැරදිව පෙන්වන ආකාරයට බ්ලොග් එකකට පොඩි "වැඩක්"දාන හැටි මම අද කියලා දෙනවා.මේක ඕනෑම OS එකකට ගැලපෙනවා.ඒ ගැජට් එකේ රූපයක් ඔය දාලා තියෙන්නේ.එම බ්ලොග් ඒකෙනන් දෙන html code එක copy කරලා ඔයාලගේ බ්ලොග් එකේ html editor තැනක දැම්මම හරි.කැමති පාට 5 කින් හා භාෂා 3 තියෙනවා. ඒක ලබා ගන්න මෙතනින් යන්න. 

ඔබට ජය.!

Thursday, January 17, 2013

ඔබේ බ්ලොගයට ෆ්ලෑෂ් බැනර් එකක් ලේසියෙන්ම හදාගන්න හැටි...


          ඉතින් අද මම කියල දෙන්න හදන්නේ ඉතා වැදගත් දෙයක්.ඔබ දැකලා ඇති උසස් මට්ටමේ බ්ලොග් අඩවි වල අකුරු රටා මවන විවිධ හැඩතල හා වර්ණ රටා මවන ෆ්ලෑෂ් බැනර් දාලා තියෙන හැටි.ඒවා දැක්කම ඔබටත් ඒ වගේ එකක් හදලා බ්ලොගයට දා හත්තනම් කොච්චර හොඳද කියලා හිතෙන්න ඇති.මේකට අපිට කිසිම softwere එකක් අපේ පරිගණකයේ ස්ථාපිත කරන්න ඕනා නැහැ.ඔන්ලයින් ඉදලම ටක්‌ ගල වැඩේ කරගන්න පුළුවන්.
ඔයාලට තියෙන්නේ www.flashvortex.com/ කියන බ්ලොග් එකට කට ගිහින් එකේ තියන බැනර් එකක් edit කරන එකයි ඊට පස්සේ පහලින් තියෙනGenerate Animation කියන  butten ඒක ක්ලික් කරන්න ..මොහොතකින් ඔබේ වම් පැත්තෙන් මෙහෙම එකක් අවොත් හරි.(EASY
Copy / paste this code into your site)එම  කොටුවේ ඇති අදාල html script එක (මේ වගේ එකක් <script src="http://h2.flashvortex.com/display.php?id=2_1358413859_51046_316_0_468_60_8_2_101" type="text/javascript"></script>)ඔබට තියන්නේ එය සිලෙට් කර මවුස් රයිට් ක්ලික් කර කොපි කර ගැනීමයි.දැන් එය ඔබගේ බ්ලොගයේ htm කෝඩ් ඇතුලත් කරන ස්ථානයෙන් pastකරන්න .එය save බ්ලොගය නරබන්න ඔබට අපුරුවට ඔබේ බැනරය පෙනේවි!

ඔබට ජය!
මෙන්න මම හදපු බැනර් එක.


Tuesday, January 15, 2013

මොනවාද මේ DATA Entry..

                  අන්තර්ජාලයෙන් ලක්ෂ්‍ය ගණනකක් උපයන්න පුළුවන් බව පවසමින් මේදිනවල ජනතාව මුලාකරන වෙළෙඳ දැන්වීම් පුවත්පත් සිසාරා දැක ගත හැකියි.අත්තෙන්ම කිව යුත්තේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ඔය කියන තරම් ලේසියෙන් කරන්න බැහැ කියන එකයි.ඒකට ITගැන හොඳ පරිචයකුත් ඉංග්‍රීසි ගැන මනා අවබෝධයකුත් තිබිය යුතුයි.ගොඩක් emoney ගුරුවරුන් කරන්නේ තමන් දන්නා දැනුම සොච්චම අන් අයට කියාදෙමින් තම ගතමනාව තරකර ගැනීමයි.මා ඔබට දෙන උපදේශය නම් ඔබ මෙම අංශයට පිවිසෙන්නේනම් ඔබ මා ඉහත දැක්වූ කරුණු සම්බන්ධයෙන් මනා පරිචයක් ලබා ගැනීමෙන් පසුව පමණක් ඊට යොමුවන ලෙසයි.
හැබැයි මේක නම් දැන්විම් ක්ලික් කරනවා වගේ ලේසින් කරන්න පුලූවන් දෙයක් නොවෙයි. හොද අවබෝධයක් ඇතිව කල යුත්තක්.මෙම ක්‍ෂෙත‍්‍රයේ විශේෂ හැකියවක් හෝ හැකියාවන් කිහිපයක් තිබිමත් ඔබට අත්‍යාවශ්‍ය වෙනවා.
එනිසා මේක කරන්න පුලූවන් අය විතරක් කරන්න. ඩේටා එන්ටි‍්‍ර රැකියා විකුණන අයගේ මුලා කිරිම් වලට හසු වෙලා අමාරුවේ වැටෙන්නත් එපා. ඇත්තටම මෙය හදුන්වා දෙන්නෙත් අපේ රටේ ලමයි බොහෝ දෙනෙක් මේ ගැන නොදැන අමාරුවේ වැටෙන නිසයි.
 
ඔබට දක්ෂතාවය තිබෙනවනම් නොමිලේම ඩේටා එන්ටි‍්‍ර රැකියා කරන්න පුලූවන්. ලියාපදිංචි විම් වලට මුදල් ගෙවන්න අවශ්‍ය නැති, ලොකයේ හොදම රැකියා සපයන ආයතන කිහිපයක් අප මෙහිදි ඔබට හදුන්ව දෙනවා.
ODESK,ELANCE කියන්නේ ඒ අතර ප‍්‍රධානම අයතන දෙකක්. මෙම ආයතන වල නිසියාකරව ලියාපදිංචි වෙලා වැඩ කලාට පස්සේ හොද මුදලකුත් ගන්න පුලූවන්.

     ලියාපදිංචි විමේදි ඔබ මෙම රැකියා කිරිමට සුදුසුදැයි බැලිමට ඔවුන් Online පරික්ෂනයකුත් තියෙනවා. එහිදි ඔබ එම විභාගයෙන් සමත් විය යුතුයි. ඉන් පසුව ඔබ රැකියා කිරිමට සුදුසු කම් ලබනවා. සමහරු කියන්නේ අපි මේ විභාගේ පාස් කරලා දෙනවා අපට සල්ලි දෙන්න කියලයි. කවුරු විභාගේ පාස් කරලා දුන්නත් වැඩ කල යුත්තේ ඔබයි.
     ලංකාවේ එහෙම නුසුදුස්සෝ රැකියා කරාට පිටරට අයත් එක්ක ඒ සෙල්ලම් බෑ. ඒ නිසා ඒ මෝඩ වැඩ කරන්න යන්න එපා. එහෙම කරලා ඔබ Black List උනාට පස්සේ ආයෙත් ඔබට ඔවුන්ගෙන් කවදාවත් වැඩ ගන්නත් බෑ.

 මෙම ODESK වැනි ආයතන කරන්නේ රැකියා එජන්සියක් පවත්වාගෙන යෑම වගේ වැඩක්. තමන්ට වැඩ කරවා ගැනිමට අවශ්‍ය පිරිසක් එක් පැත්තකින් මෙහි සිටිනවා වගේම රැකියා කිරිමට හැකි ඔබ වගේ පිරිසක් තවත් පැත්තකින් ඉන්නවා. ඉතින්, මට මේ වැඩය කරගන්න අවශ්‍යයි  කියු විට එය කර දීමට ඔබ මෙන්ම තවත් අය ඉදිරිපත් වෙනවා. එහිදි සුදුසු එක් අයකුට හෝ කිහිප දෙනකුට එම වැඩ කොටස එහි අයිතිකරු විසින් බාර දෙනවා.

 තවත් එකක්, අපි වැඩක් බාර ගත්තම කලට, වේලාවට, හොදට ඒ වැඩේ කරලා දෙන්නත් ඔනේ. එහෙම නැති උනොත් ඔබට ආයෙත් කවුරුවත් වැඩ දෙන්නේ නෑ. ODESK වැනි ආයතන සොෆ්ට්වෙයාර් හරහා, අප නියමිත පරිදි වැඩ කොටස කරනවාද බැලිම සදහා, අපගේ පරිගණකයේ වර්ථාවක් ඔවුන් වෙත සෑම පැය කාලකට වරක්ම යැවෙනවා. එනිසා කාටවත් බොරු කරන්න බෑ. අපි පැය 5ක් වැඩ කරනවා කිවුවොත් එය හරියට කරන්න  ඕන.  හැබැයි අපේ වැඬේ හොදට කලාට පස්සේ හොදට මුදල් ගෙවනවා.

 මුදල් ගැනිම සදහා එම ආයතන හරහා ඔබට ඩෙබිට් කාඞ් එකකුත් නොමිලේම ගන්න පුලූවන්.  එ වුනාට නිකන් දෙනවා කියලා මෙහි වැඩ නොකරන අය මෙම ඩෙබිට් කාඞ් ලබා නොගන්නා ලෙස අප ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද මෙසේ අනව්‍ය ලෙස බොහෝ අය නිකරුනේ ඩෙබිට් කාඞ් ගෙන්වා ගැනිම නිසා ලංකාවට ඉදිරියේදි ඔවුන් මෙම කාඞ් නොදෙන්නත් පුලූවන්.

 අනිත් එක මෙම ඩෙබිට් කාඞ් ගෙන්න ගත්තා කියලා අපට  ඕන  ඕන විදිහට මුදල් හුව මාරු කරන්නත් බෑ. එවායෙන් මුදල් ලබා ගත හැක්කේ, එම අයතනවල වැඩ කිරිමෙන් පසු පමණයි. එනිසා ඔබ සුදුසු තත්වයට ආවට පස්සේ මෙම ඩෙබිට් කාඞ් ගෙන්න ගන්න. ඔබ ඔබට අවංක වෙන්න. ඉතින් මේ සියල්ලම අපි ඉතා සරලව කෙටියෙන්, තේරෙන භාෂාවෙන් ඔබට කිවුවෙත් ඔබේ හා රටේ යහපත වෙනුවෙන් මයි. එහෙනම් තවත් විස්තර ඉදිරියේදි කතා කරමු.

මෙන්න ONLINE රැකියා සපයන හොදම ආයතන දෙකක්. ODESK,ELANCE
මමත් දක්ෂිණ ලංකා වෙබ් අඩවියෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.තවත් ඉගෙන ගන්නවා..ඉතින් මාත් එක්ක නිතරම ඉන්න .ගුරුමුෂ්ටි නැතිව ඔක්කොම වමාරින්න මම සුදානම්..

ඔබට ජය!

Monday, January 14, 2013

ඖෂධවල උපරිම සිල්ලර මිල සඳහන් කිරීම අනිවාර්ය කිරීමට යයි.

            වෙළෙඳ පොළට නිකුත් කරන සියලු ම ඖෂධ හා විටමින් වර්ගවල සිල්ලර මිල සඳහන් කිරීම 2013 ජනවාරි 01 දින සිට අනිවාර්ය බැව් සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසී ය. මෙහි දී තවදුරටත් අදහස්‌ දැක්‌වු අමාත්‍යවරයා "වසර 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ අංක 10 (1)(අ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල අනුව ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ ගැසට්‌ නිවේදනයකිනුයි මේ නියෝගය නිකුත් කළේ. මෙම නියෝගය අනුව මින් ඉදිරියට අදාළ සමාගම් ඖෂධ වර්ග වෙළෙඳ පොළට නිකුත් කිරීමේ දී ඖෂධවල උපරිම සිල්ලර මිල සඳහන් කළ යුතුයි. ඔසු සල්වල ඖෂධ වර්ග හිතු හිතු මිල ගණන්වලට අලෙවි කරන බවට පැමිණිලි ලැබී තිබෙනවා. පළමු අදියර යටතේ මේ නියෝග ක්‍රියාත්මක කළත් දෙවැනි අදියර යටතේ ඖෂධ පාලන මිලක්‌ නියම කිරීමට කටයුතු කරනවා. උපරිම සිල්ලර මිලට අමතරව, එහි කාණ්‌ඩ අංකය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය, ප්‍රබලතාව ද විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා" යෑයි පැවසී ය.

Sunday, January 13, 2013

යලිත් ලෝකය විනාශවීමේ අවදානමක්.


ලෝකය විනාශවීමේ අවදානම පහව ගිය ලෙස අප සිතුවත් එය එසේ නොවන බව නසා විදුධරයන් පවසනවා..

මීටර් 325 ක විෂ්කම්භයකින් යුත්, අති දැවැන්ත ග‍්‍රහකයක් පෙරේදා (9) පෘථිවිය අසළින් ගමන් කළ බවත්, එම ග‍්‍රහකය යලිත් වරක් එනම් 2036 වසරේ අපේ‍්‍රල් 13 වැනිදා ආපසු පැමිණෙන විට එය පෘථිවිය සමඟ ගැටීමේ අවදානමක් පවතිනු ඇති බවත් ඇමෙරිකා සහ යුරෝපා විද්‍යාඥයෝ පෙන්වා දෙනවා.

එම ග‍්‍රහකය නම් කර ඇත්තේ ‘ඇපොපිස්’ යන නමිනි. ඇපොපිස් යනු ඊජිප්තු මිථ්‍යා කතාවලට අනුව නපුරට අධිපති දෙවියාය. ග‍්‍රහකය පෙරේදා ගමන් කළේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 14.5 ක් දුරිනි.

2004 වසරේ දී සොයා ගනු ලැබූ මෙම ග‍්‍රහකය ගැන යුරෝපීය අභ්‍යවකාශ ආයතනයත් ඇමෙරිකාවේ නාසා ආයතනයත් විමසිල්ලෙන් පසු වූ අතර, ග‍්‍රහකය නිරීක්ෂණය කිරීමේදී විද්‍යාඥයන්ට උපකාරී වූයේ අභ්‍යවකාශයේ ඈත රඳවා ඇති හේෂල් දුරේක්ෂයයි.


‘ඇපොපිස්’ ග‍්‍රහකය 2029 වසරේ දීත් 2036 වසරේදීත් යළි පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිතය. 2029 වසරේ දී ‘ඇපොපිස්’ ග‍්‍රහකය පෘථිවියේ හැපෙනු ඇතැයි
විද්‍යාඥයෝ මුලින් පැවැසූහ. 2029 දී ග‍්‍රහකය ගමන් කරනු ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර් 30,000 ක් ඈතිනි.පසුව ගණනය කිරීම්වලදී හෙළි වී ඇත්තේ එම ගැටුම 2036 වසරේ අපේ‍්‍රල් මාසයේ සිදුවනු ඇති බවය.

2036 දී ග‍්‍රහකයා තවත් පෘථිවියට සමීප වනු ඇති. ‘ඇපොපිස්’ ග‍්‍රහකය පෘථිවියේ ගැටුණහොත් නිසැකවම ලෝක විනාශය සිදුවනු ඇතැයි ද විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.
කෙසේ වෙතත් නසා විද්‍යාඥයන් පවසන්නේ මෙය අභ්‍යවකාශයේ දේ පරමාණු බෝම්බ යොදා විනාශ කල හැකිවනු ඇති බවය.නැතිනම් එහි කක්ෂය වෙනස් කර එය වෙනත් අතකට යොමු කෙරීමේ ප්‍රයත්නයක් ගැනද විද්‍යාඥයෝ දැන් කල්පනා කරති.ඒ සඳහා ද තව ඇත්තේ අවුරුදු 23කි.ඒ තරම් ඉක්මනින් එවැනි තාක්ෂණයක් දියුණුවනු ඇතැයි අපට සිතිය හැකිද?

‘ඇපොපිස්’ ග‍්‍රහකයට අමතරව තවත් ග‍්‍රහකයක් ලබන පෙබරවාරි 15 වැනිදා පෘථිවිය අසලින් යාමට නියමිතය. විද්‍යාඥයන් එය හඳුන්වා ඇත්තේ D.A. 14 යන නමිනි. ග‍්‍රහකවලට අමතරව වල්ගාතරු දෙකක් ද මේ වසරේ පෘථිවිය අසළින් ගමන් කිරීමට නියමිතය.

අභ්‍යවකාශයේ ගමන් කරන විශාල පාෂාණ කැබැලි ග‍්‍රහක යනුවෙන් හැඳින්වෙයි. සාමාන්‍යයෙන් ඉතා කුඩා ප‍්‍රමාණයේ ග‍්‍රහක කැබැලි නිරන්තරයෙන් පෘථිවියට කඩා වැටෙන අතර එසේ කඩා වැටෙන එම කැබැලි උල්කා සහ උල්කාෂ්ම යනුවෙන් හැඳින්වේ. පෘථිවියට තර්ජනයක් එල්ල වන්නේ දැවැන්ත ග‍්‍රහකවලිනි.

වල්ගාතරු එසේත් නැතිනම් ධූමකේතු නිර්මාණය වන්නේ සෞරග‍්‍රහ මණ්ඩලයේ ඈතින් ඇති, වායු කොටස් සහ දුවිලි අංශු අධික ලෙස සිසිල් වීමෙනි. මේවා සූර්යයාට ආකර්ෂණය වී, නිරන්තරයෙන් එය වටා ගමන් කරයි.  වල්ගාතරු දීප්තිමත්ව බබළන්නේ සූර්යයාගෙන් නිකුත්වන ආලෝකය පරාවර්තනය කරන නිසාය.

වල්ගාතරු ලක්ෂ ගණනක් හිරු වටේ ගමන් කරමින් ඇත. එහෙත් විටින් විට අපට පෙනෙන්නේ වල්ගාතරු 150 ක් තරම් සුළු ගණනකි වල්ගාතරුවක ‘වල්ගය’ ඇතිවන්නේ සූර්ය තාපය නිසා එහි වායු සහ දුවිලි පිටතට විසිරී යෑමේදීය.

අගවිනිසුරු ඉවත් කරයි..



ජනපති ලිපිය යවයි : ලිපිය ලැබුණු බව අගවිනිසුරුගේ නීතීඥයෝ කියති

දෝෂාභියෝගය අනුව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළ බව මහින්ද රාජපක්ෂ ජනපති අද පෙරවරුවේ ලිපියකින් දැනුම් දුන්නේය.

ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පදවියෙන් නෙරපා හැරීමේ අධිකාරී පත්‍රය ලැබුණු බව ඇගේ නීතීඥවරු කියති.

Thursday, January 10, 2013

Imege එකක ඇති අකුරු text ඩොකියුමන්ට් එකකට ගන්න හැටි..


ප ගොඩක් වෙලාවට පත්තරයක හෝ පොතක ලිපියක් කියෙවුවාම එක අලුතින් සංස්කරණය කර වෙනත් තැනක පල කරන්න කල්පනා කරනවා.ඒත් ලිපිය නැවත ටයිප් කරන්න ගියහම තමයි අපට මල පනින්නේ.මොකද ගොඩක් වෙලා ගතවන නිසා.එම ලිපිය ස්කෑන් කර එහි අකුරු එඩිට් කරන්න පුළුවන් නම් කෙතරම් අපුරුද?
අද මම කියලාදෙන්නේ එවැනි ක්‍රමයක්.වැඩේ හරිම ලේසියි.මේකට කියන්නේ free-ocr කියලා (Optical character recognition)හැබැයි අවාසනාවට වගේ සිංහල ලිපි මෙවිදිහට edit කරන්න බැහැ.ඔවුන් භාෂා 29ක් දීලත් අපේ සිංහල භාෂාව දීල නැහැ.මොනවා කරන්නද? නිකන් ලැබෙන එකේ මොකටද දුක් වෙන්නේ...
ඔය Adsense කරන අයට එහෙම English වලින් අලුත් ලිපි හදා ගන්න මේ ක්‍රමය කදිමට යොදාගන්න පුළුවන් බව පෙනේවි.ඔයාලට කරන්න තියෙන්නේ ලිපිය ඒ අකාරයෙන්ම කොපි නොකර තවත් හරවත් වචන යොදා edit කර ඔබගේ බ්ලොගයෙහි පලකරන එකයි.
මෙන්න වැඩේ....
1.මුලින්ම www.free-ocr.com වෙත යන්න.
2.දැන් ඔබ කලින් ස්කෑන් කර ගත් ලිපිය upload imege for OCR ටැබ් එකට පහලින් තියෙන choose file යන්නෙන් තෝරන්න.(ඒ සඳහා ඔබ සතුව ඇති JPG,PDF,TIFE,BMP වැනි imege එකක් තෝරා දිය හැකියි.)එය 2MB ට වඩා අඩු වීමට මතක තබා ගන්න.
3.දැන් ඊට පහලින් ඇති Language drop down මෙනු ඒකෙනන් අවශ්‍ය භාෂාව තෝරන්න.එහි තවම සිංහල නැතිබව පෙනේවි
.
4.දැන් ඊට පහලින් කොටුවේ ඇති ඉංග්‍රීසි අකුරු පෙළ නිවැරදිව ටයිප් කරන්න.
5.දැන් Send file යන්න ක්ලික් කරන්න.මද වේලාවකින් ඔබට කොපි කර පේස්ට් කර ගත හැකි text ඩොකියුමන්ට් එකක් ලැබෙනු ඇති.එය සම්පුර්ණයෙන්ම select කර කොපි කර note pad එක ට paste කර ගෙන අවශ්‍ය පරිදි edit කරගන්න.

සිංහල කියවන්න දන්නේ නැතිනම් මෙන්න ඒ විස්තරය ඉංග්‍රීසි යෙන්..

About this service

OCR stands for Optical character recognition. OCR software enables you to extract text from an image and convert it into an editable text document. If you need the text from an image you don't have to sit and type in the whole text. Just scan the text and then use our OCR tool to convert it into editable text.

There are many OCR software available though, most of them have more features but, you have to install them and they are commercial and costly. It doesn’t make much sense to spend so much money on it if you’d be using it once in a bluemoon.

But don't forget that you'll want to do a sanity check on that text that's returned to you, since there are a lot of complications that can come up in the recognition and translation process. But proofreading your text is a lot faster—and easier—than having to type it all in, one character at a time.

Why is this service free.

This service is supported by non-obtrusive advertisements. Also in the future there might be additional features which will be available for a small fee.

Friday, January 4, 2013

සිංඩිය


    බ්ලොග් අවකාශයේ අරමුණ විවිදාකාර වූ අදහස් නිදහසේ එකිනෙකා අතර හුවමාරු කර ගැනීමයී. ඒ සදහා තාක්ශණික රුකුළක් සිංහල බ්ලොග් අවකාශයට සැපයීම සැපයීම සිංඩියේ අරමුණයී.
අපක්ශපාතීබාවය සහ විවෘථ බාවය පවත්වා ගැනීම අරමුණු කරගෙන සිංඩීය ගොඩනගා ඇත්තේ ස්ව්‍යක්‍රීය පරිගණික වැඩසටහනික් වශයෙනී. කිසිම පරිණායකයෙකු විසින් සින්ඩියේ සැබැදී බ්ලොග් කියවා බලා වර්ග කිරීමක් සිදු කරන්නේ නැත. සිංඩිය සිංහලෙන් ලියනා සියලුදෙනාටම විවුර්තය.

සිංඩියේ ස්ව්‍යක්‍රීය සෙවුම් යත්‍රය, කඩියා (Web crawler) අන්තර්ජාලයේ සැරි සැරමින් සිංහල බ්ලොග් අඩවි සොයා ගනීමින් ස්ව්‍යක්‍රීයව සිංඩියට ඇතුලත් කරයී.

Read more http://www.sindiya.com/

Wednesday, January 2, 2013

හාඩ් ඩිස්ක් එක නිතරම ෆෝමැට් කරන්න එපා..


    හාඩ් ඩිස්ක් එක නිතරම ෆෝමැට් කෙරීමෙන් එයට හානි වෙනවා.එහි දත්ත තැන්පත් කළහැකි ප්‍රදේශ ඉන් අඩු වේ.ඩිස්කය මත බෑඩ් සෙක්ටර් ඇතිවීමටද මෙය ඉවහල් වේ.බෑඩ් සෙක්ටර් යනු නැවත දත්ත තැන්පත් කල නොහැකි ස්ථානවේ.

ඔබට ජය!