Showing posts with label හොඳට නරකට දෙකටම SMS... Show all posts
Showing posts with label හොඳට නරකට දෙකටම SMS... Show all posts
Tuesday, January 29, 2013
හොඳට නරකට දෙකටම SMS..
අද ලෝකයේ හොඳට නරකට දෙකට ම භාවිතාකරන්නේ SMS ය.. වර්ෂ 1992 දෙසැම්බර් 3 වැනිදා ඇරඹි SMS සේවයට දැන් වසර 20කි.
ලොව මුල්ම SMS එක වන්නේ එදින මෘදුකාංග ඉංජිනේරුවෙකු වූ නීල් පැප්වර්ත් විසින් එංගලන්තයේ වොඩෆෝන් සමාගමේ අද්යක්ෂ්‍ය වූ රිචඩ් ජාවිස් ට සිය දෙක්ස්ටොප් පරිගණකය මගින්" Merry Chrismas" ලෙස යවූ SMS පණිවිඩය යි.ඔහු එය ලබා ගත්තේ සිය අත වූ Orbitel 901 ජංගම දුරකථනය මගිනි.එතැන් පටන් ඇරඹි මෙම විප්ලවකාරී SMS Tex සේවය අද ලොව පුරා නැතිවම බැරි එකකි.
සන්නිවේදන ජාලයක් හරහා tex හුවමාරු කළහැකි බව ලොවට මුලින්ම කිවේ 1984 දී ෆින්ලන්ත ජාතික මැටී මැකොනන් විසිනි.එනම් SMS සේවයේ පියා වන්නේ ඔහුය.අද ලොව පුරා වසරකට හුවමාරු වන SMS ප්‍රමාණය බිලියන 8600 කි.එනම් තත්පරයකදී ආසන්න වශයෙන් SMS
ලක්ෂ්‍ය 3 ක් වත් හුවමාරුවෙ යි.SMS යැවීමට සියලුම සමාගම් මුදල් අයකරයි.එහෙත් ඇප්ලිකේෂන් සේවා පැමිණීමත් සමගම නොමිලේ SMS යැවිය හැකි ක්‍රම දියුණුවී තිබේ.උදාහරණ ලෙස ඇපල් අයි මැසේජ්,ෆේස්බුක් මැසේජ් ,ගෘප්මී,වට්ස් ඇප්,වයිෆයි සේවා හරහාද SMS යවන විට මුදල් ගෙවීම අවශ්‍ය නොවේ.ස්මාට් ෆෝන් ලොව පුරා ජනප්‍රිය වී මත් සමග මුදල් ගෙවා SMS යවන ක්‍රමය ක්‍රමයෙන් වියකී යනු ඇත.
ඔබට ජය!
Subscribe to:
Posts (Atom)