Wednesday, May 22, 2013

LED දැන්වීම් පුවරු නිෂ්පාදන පාඩම් මාලාව

 LED බල්බ භාවිතා කර තැනු DISPLAY මගින් දැන්වීම් ප්‍රචාරණය දැන් ඉහල යමින් පවතී.ලංකාවේ පළමු වරට ඔබටත්
මාසිකව අසීමිත ආදායම් ලබා ගත හැකි මෙම නව දැන්වීම් කලාව මා දැන් පාඩම් මාලාවක් ලෙස සකස් කර ඇත.LED මොඩියුලයේ සිට සරල සිංහලින් විග්‍රහ කෙරෙන මෙම පාඩම් මාලාවට වීඩියෝ දර්ශන සහිත DVD තැටියක්
ලබාදේ.ඉලෙක්ට්‍රොණික දැනුම හා පරිගණක දැනුම මද අයකුට උවත් පහසුවෙන් තේරුම ගෙන LED නාම පුවරු සකස් කල හැකි පරිදි මෙම පාඩම් මාලාව ඉදිරි පත් කර ඇත.

පාඩම් මාලාව VPP තැපෑලෙන් ගෙන්වා ගත හැක.
පාඩම් මාලාව හා DVD තැටිය රුපියල් 600 කි.

VPP මගින් ලබා ගන්නේ නම ඔබේ නිවැරදි ලිපිනය පහත අංකයට SMS කරන්න.
0718367371

ඔබට ජය..

Monday, May 20, 2013

UPS එකක් දිගු කලක් භාවිතා කරන හැටි.

  ඔබේ පරිගණකයට UPS උපකරණයක් සවිකර ඇතිනම් එහි වැදගත් කම ඔබට මැනවින් වැටහී  ඇති.ඔබ ඇතැම් විට අලුතින් මිලදී ගත් UPS එකක පවා එහි බැටරිය ටික දිනකින්ම අක්‍රිය තත්වයට පත්වන බව දැක ඇත.බැටරිය
නිතරම ආරෝපණය වුවත් මෙලෙස අක්‍රිය වන්නේ ඇයි? UPS බැටරිය අක්‍රිය වු බවට අපට ලැබෙන ඉඟියක් වන්නේ එහි ආරෝපණ ප්‍රමාණය පරිගණකය විනාඩි කීපයක්වත් සක්‍රිය තත්වයේ තබා ගැනීමට අපොහොසත් වීමය.එවිට විදුලිය විසන්ඳි වූ මොහොතක ඔබ පරිගණකය ෂට්ඩවුන් කිරීමට ප්‍රථමව UPS මගින් ලැබෙන ධාරාවද බිඳ වැටී පරිගණකය අක්‍රිය වේ.
ඔබ UPS උපකරණයක් අලුතින් යෙදුවේ නම් හෝ අලුත් බැටරියක් සවි කලේ නම් එම බැටරිය දින දෙකකට වරක් වත් REFRESH කල යුතුය.ඕනෑම නැවත ආරෝපණය කළ හැකි බැටරියක් බලවත් ලෙස බැසයාමට සලස්වා නැවත ආරෝපණය කිරීමෙන් එහි ආයු කාලය වැඩිවේ.මෙයට කදිම උදාහරණය වන්නේ වාහන වල ඇති බැටරියයි.වාහනයක අලුතිම යොදා ඇති බැටරියක් වාහනය භාවිතා නොකර තැබූ විට එයට හානියක් සිදු නොවේ.එහෙත් ටික දිනක් භාවිතා කර වාහනය භාවිතා නොකර තැබූ විට බැටරියට හානිවේ.බැටරිය තුල විද්‍යුතය ගබඩා වී ඇත්තේ රසායනික ප්‍රතික්‍රියාවක් ඇසුරු කරගෙනය.මෙම ප්‍රතික්‍රියාව චක්‍රාකාරව හොඳින් සිදු වීම බටරියකට අවශ්‍යය.වාහනයක මෙම චක්‍රය හොඳින් සිදුවේ.මන්ද වාහනයක් පන ගැන්වීමේදී ද බල්බ දැල් විමේදී ද නලාව නාද කිරීමේදී ද වායුසමන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී ද බැටරිය බැසයමින් නැවත නැවත ආරෝපණය වේ.චක්‍රය නිතරම සිදුවන නිසා එහි ඇති රසායන ද්‍රව්‍ය වලට හානි නොවේ.
නමුත් ඔබ භාවිතා කරන UPS උපකරණක ඇති බැටරිය සම්පුර්ණයෙන්ම පාහේ බැසයන්නේ කලාතුරකිනි.එනිසා ඔබේ UPS බැටරිය උපරිම අරෝපනයේ පවතී.එහෙත් ටික දිනක් යත්ම බැටරියේ රසායනික ක්‍රියාකාරිත්වයට හානි වන්නේ අදාළ ප්‍රතික්‍රියාවක් නිතරම සිදු නොවන නිසාය.මේනිසා UPS බැටරියක් ද නිතර නිතර REFRESH කල හැකිනම් එහි ආයු කාලය වැඩිවන බව ඔබට පෙනෙනු ඇත.මෙය ඔබට පහසුවෙන් කල හැක.මුලින්ම පරිගණකය ෂ්ට්ඩවුන් කර වසා දමන්න.දැන් මොනිටරය පමණක් සම්බන්දව තිබියදී UPS එකට ලැබෙන විදුලි ධාරාව කපාහරින්න.මොනිටරයේ තිරය දක්නට නොලැබුනද එහි පරිපථය ක්‍රියාත්මකව පවතී. එනිසා UPS බැටරිය ටික වෙලාවකින් බැස යයි.දැන් නැවතත් ප්‍රධාන විදුලි සැපයුම ලබාදී UPS බැටරිය ආරෝපණය වීමට ඉඩ හරින්න.මෙම පියවර දින දෙකකට වරක් වත කල හැකිනම් ඔබේ UPS එක දිගු කලක් හොඳින් තබා ගත හැකි වනු ඇත.
ඔබට ජය!

Friday, May 17, 2013

විදුලි බිලට සහනයක්..


  දිනෙන් දින ඉහළ යන විදුලි බිල අවම කර ගැනීම සඳහා අපට විකල්ප සෙවීමට සිදු වී ඇත.
 ඒ සඳහා අපට හොඳම විසදුමක් වන්නේ විදුලි නාස්තිය අවම කිරීමයි.
නිවසේ,කාර්යාලයේ,වැඩබිමේ ආලෝකය සඳහා යන විදුලි බිල 90% කින් අඩු කර ගන්න.
ඔබත් අදම LED බල්බයකට මාරු වන්න.
  • විවිධ වොට් ප්‍රමාණ වලින් ලබා ගත හැක.
(2W,3W,5W,6W)
  • අඩු වෝල්ටීයතා යටතේද බල්බයට හානියක් නැත.
  • ඩිමර් එකකින් ආලෝකය පාලනය කල හැක.
  • පරිසර දුෂක අවමය.
  • ඉතා සුළු මුදලකින් අලුත්වැඩියා කල හැක.
  • වසරක වගකීම.

ඔබට පහත බල්බ අප වෙතින් ලබා ගත හැක.
1.LED බල්බ 48 පහන =රු 500.00
2.LED බල්බ 108 පහන =රු1200.00
3.LED බල්බ 126 පහන =රු1300.00
4.5W SMD LED පහන =රු650.00



පිටකොටුවේ ඉහත උපකරණ වල මිල වෙනස් විය හැකි බැවින් මෙම මිල යතාකාලයේදී වෙනස්විය හැක.

සැ:යු-ඉහත සාදා නිමකළ බල්බයක් මා මෙම මුදලට අලෙවි කරන්නේ 'හෙටදින අඩවිය'හරහා දැනුම ලබා ගත් අය සඳහා පමණි. සාදා නිම කල බල්බ එවීම සඳහා ඔබ විසින් තැපැල් ගාස්තු ගෙවිය යුතු බව කරුණාවෙන් සලකන්න.

නිවසට ගෙන්වා ගැනීමට ඔබේ ලිපිනය හා දුරකථන අංකය sms කරන්න..
 මුදල් ගෙවන ආකාරය-
 (a)ලංකාවේ ඕනෑම ජාතික ඉතිරි කිරීමේ බැංකුවකට ගෙවිය හැක.
 (b)මුදල් ලබන්නාගේ නම-M.A.S කුමාර
 (C)ශාඛාව-කොටිකාවත්ත
 (C)ගිණුම් අංකය (1-0706-01-0919-3)
 (d)ඔබ මුදල් ගෙවූ බැංකු රිසිට් පතේ ස්කෑන් කල පින්තුරයක් හෝ ජංගම දුරකතනයකින් ගත් එම රිසිට් පතේ පැහැදිලි චායාරුපයක් hetadina@gmail.com යන ඊමේල් ලිපිනයට ඇටෑච් කර එවන්න.
 සාදා නිමකළ බල්බ ඔබ වෙත එවීමට දින හතක් පමණ ගතවිය හැක.(මා පිටකොටුවට ගොස් එම ද්‍රව්‍ය මිලදී ගත යුතු බැවිනි)

hetadina@gmail.com

අදම අමතන්න
M.A.S.KUMARA
SISIRA  LED BULBS
0718367371
hetadina@gmail.com

www.hetadina.blogspot.com
‘හෙටදින තාක්ෂණය ඔබ අතට’

Wednesday, May 15, 2013

විදුලි බිල අඩු කරන්නේ මෙහෙමයි..

   අපි හැමෝටම දැන් විදුලි බිලෙන් කරන්ට් වැදිලයි ඉන්නේ..ඉතින් විදුලි බිල අඩු කරන ක්‍රම ඔයාලට කියල දෙන්න සිතුනා..මම නම් මේ ක්‍රම යොදාගෙන විදුලිබිල අඩුකරගෙන තමයි ඉන්නේ..මේ උපදෙස් ටික කලාම හොඳටම ඇති. 
1.සුත්‍රිකා පහන් භාවිතය වහාම
නවත්වන්න.LED බල්බ සඳහා යොමුවන්න.ඔයාලට අවශ්‍ය බල්බ හදලා ගෙදරටම එවන්න අප සුදානම්..
2.ගෙදර වායු සමීකරණ භාවිතා කරනවා නම් වායු සමීකරණය කර ඇති කාමර වල වාතය කාන්දු නොවන ලෙස අලුත්වැඩියාවන් කර ගන්න.
3.විදුලි හීටරය භාවිතය අවම කරන්න.
4.නිවසේ හැමෝගෙම රෙදි එකවර අයන් කරන්න.
5.tv එක වසා තබන විට රිමෝට් එකින් නොව බිත්තියේ ප්ලග් එකින් off කරන්න.
6.සිවිලින් පංකා භාවිතය අඩු කරන්න.
7.නිවසට හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි ජනෙල් විවුර්ත කර අවට පරිසරය නිදහස්ව තබා ගන්න.
8.පරිගණකය සඳහා LCD මොනිටරයක් ලබා ගන්න.
9.පැරණි රුපවාහිනි යන්ත්‍ර වෙනුවට LCD හෝ LED රූපවාහිනි භාවිතා කරන්න.
10.නිවසට සුර්ය පැනල කට්ටලයක් සවිකර ගන්න.ඇත්තෙන්ම විදුලිය ඇති නිවෙස් වලට සුර්ය පැනල හදුන්වාදීම අතිශයින් වැදගත් බව හෙටදින අඩවිය විශ්වාස කරයි.ළඟදීම අඩු මිලැති සුර්ය කට්ටල ලබා දීමට අප අඩවිය කටයුතු කරනු ඇත.
11.මුහුද ආසන්නයේ සිටින අයට කුඩා සුළං ජනක පිහිටුවා එයින් තම අවශ්‍ය තාවය සපුරා ගත හැකිය.මුහුද ආශ්‍රිතව කිහිප දෙනෙකු එකතුවී එවන් බලාගාර තනා තමට විදුලිය නොමිලේ ම බෙදා ගත හැකි ක්‍රමයක් හදුන්වා දීමට ද හෙටදින බලාපොරොත්තුවේ.
12.ශිතකරණය තුල උණුසුම් ද්‍රව්‍ය නොතබන්න.එහි වායු කාන්දු වීම වහාම අලුත්වැඩියා කරගන්න.
13.යල්පැන ගිය විදුලි උපකරණ භාවිතය අවම කරන්න.
14.හොට් ප්ලේට්,රයිස් කුකර් ඔබේ විදුලි බිල ඉහල නංවන උපකරණ වේ.
15.විදුලි නාස්තිය අඩු කරන්න.අද අපට විදුලි බිල වැඩි වීමට එක හේතුවක් වන්නේ අනිසි විදුලි නාස්තියයි.
16.පාරක දහවලටද දැල්වෙන විදුලි බුබුලක් දුටුව හොත් එය නිවා දැමීමට ලජ්ජා නොවන්න.
අපි හැමෝටම දැන් විදුලි බිලෙන් කරන්ට් වැදිලයි ඉන්නේ..ඉතින් විදුලි බිල අඩු කරන ක්‍රම ඔයාලට කියල දෙන්න සිතුනා..මම නම් මේ ක්‍රම යොදාගෙන විදුලිබිල අඩුකරගෙන තමයි ඉන්නේ..මේ උපදෙස් ටික කලාම හොඳටම ඇති.
ඔබට ජය!

Monday, May 13, 2013

වින්ඩෝස් Xp සමු ගනී..

    ලොව ඇති බහුතරයකගේ ජනාදරයට පත් මයික්‍රෝසො‍ෆ්ට් ආයතනය මගින් 2001 ඔක්තෝබර් 25 දා හදුන්වා දුන් වින්ඩෝස් Xp මෙහෙයුම් පද්ධතිය අත්හැර දමන්නට දැන් කාලය
එළඹ ඇති බව එම අයතනය පවසයි.ලොව භාවිතා වන පරිගණකවලින් 92% ක් භාවිතා කරන්නේ කුමන හෝ වර්ගයක වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකි.තවමත් 39% පමණ පරිගණක වල ඇත්තේ  වින්ඩෝස් Xp මෙහෙයුම් පද්ධතියයි.Xp අතහැර දමන්නට පරිගණක පරිශීලකයන් අකමැත්තක් දක්වයි.තමන් වඩාත් සමීප වූ Xp ඉවත දමන්නට ඔවුහු තාමත් මැලි වෙති .එහෙත් මයික්‍රෝසො‍ෆ්ට් සමාගම තම මෘදුකාංග විකුණා ගැනීමේ තරගයක නිරත වී සිටින බැවින් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ලබා ගන්නා ලෙස බල කිරීමක් ලෙස මෙය දැක් විය හැක.මයික්‍රෝසො‍ෆ්ට් ආයතනය පවසන්නේ තමන් 2014 අප්‍රියෙල් 08 දායින් පසුව මෙම මෙහෙයුම් පධතිය අතහැර දමන බවය.ඉන් පසුව එහි කටයුතු සඳහා එම සමාගමේ උදව්වක් නොලැබේ.මේ සමගම නරක වැඩසටහන් වලින් ආරක්ෂාවීමට එදිනෙදා තමන් වින්ඩෝස් Xp සඳහා නිකුත් කල වැඩ සටහන් නවතා දමන බවද ඔවුන් වැඩි දුරටත් කියා සිටි.එය අපට බලවත් පාඩුවකි.වයිරස් වර්ග අපේ පරිගණකයට මේ නිසා පහසුවෙන්ම ඇතුල් වනු ඇති.වින්ඩෝස් Xp වලින් වැඩකිරීම අනිකුත් වින්ඩෝස් වැඩසටහන් වලට වඩා පහසු බව පරිගණක විශ්ලේෂකයෝ පවසති.අපට බලෙන් මෘදුකාංග දී තම සේසත තරකර ගැනීමට වෙර දරන මයික්‍රෝසො‍ෆ්ට් ආයතනයට මොනවා වෙයිද ?

SMD LED බල්බ හදමු..


   ඔයාලා මගේ LED පාඩම් මාලා කියවලා ගොඩක් ප්‍රයෝජන අරන් තියෙන බව ඔබගේ කොමෙන්ට් වලින් පැහැදිළියි.ඉතින් අද මම කියල දෙන්න යන්නේ තවත් අලුත් ක්‍රමයක LED බල්බයක් හදන හැටි.මේක හදන්න කලින් ඒවාට වඩා පහසුයි.වියදමත් අඩුයි.කුඩා වෙලාවකින් සවි කල හැකියි.මෙම බල්බ ඔයාලා TV එකේ එහෙම දැන්වීම් වලින් දැකල ඇති.හැබැයි ඒවා නම් අස්ප
ගණන්..ඒත් එම තාක්ෂණය ම සහිතව මම හදන LED බල්බයක් රුපියල් 650 කට විතර විකුනලා ඔබට ලාබයක් ගන්නත් පුළුවන්.මෙච්චර ලාබෙට දෙන්න පුළුවන් හේතුව තමයි අපට මේවා හැදුවට රජයට බදු ගෙවන්න ඕනා නැති නිසා.ඒ කියන්නේ මොන උපකරණය අපට ගෙදරදීම හදන්න පුළුවන් නම් වඩාත් වාසි සහ ගත බවයි.
මෙම බල්බයට කියන්නේ SMD LED (surface mounted device) බල්බ කියලා.මෙම LED සවි කරන්නේ පැතලි මතුපිටකයි.මෙම LED දැල්වෙන කොට තාපය පිට වෙනවා.එම තාපයෙන් LED එක විනාශ වෙන්න පුළුවන් ඒ නිසා ඝන තාප අවශෝෂකයක් යොදා තිබෙනවා.මෙය බොහෝවිට ඇලුමිනියම් වලින් තනා තිබෙනවා.බල්බයේ ආවරණය විදිහටත් මෙය ක්‍රියා කරනවා.මෙම බල්බයක SMD LED 5 ක් අන්තර් ගත වෙනවා.ඒවා පාස්සා ගැනීමට රවුම් මුද්‍රිත පුවරුවක් ඔබට කොටස් සමග ලැබෙනවා එය ද සකස් කර ඇත්තේ තාප අවශෝෂකයක් ලෙසයි.මෙම බල්බයට බලය සැපයෙන්නේ කුඩා පරිපථයකින්. එය කොටස් සමග ලැබෙනවා..මෙම බල්බ 5W,7W,9W,ලෙස මිලදී ගත හැකියි.5W එකක් හදන්න රු.490 ක් විතර යනවා..එහි එළිය කාමරයකට හොඳටම ප්‍රමාණවත්.
මෙ විදිහට බල්බය හදා ගන්න.







මේ තියෙන්නේ SMD බල්බයක සාමාන්‍ය ගති ලක්ෂණයි.
 surface mounted device
Color: White
Power: 5W (W)
Color temperature: 6000K-7000K (deviation of 5%)
Brightness :300-400Lm (600mA)
Viewing angle:  120-140 degrees
Voltage (VF) : 6.4V-7.2V
Reference current: (IF): 700mA
Reverse voltage: 5V
Working temperature: -20-60 degrees
Storage temperature: 20-60 degrees
Life: 50,000 hours
Note: Pin solde

ඔබට ජය!

Sunday, May 12, 2013

සිංහල news alerts නොමිලේ ගන්න..


       ඔබ සිංහල news alerts ලබා ගන්නේ නම් ඒ සඳහා මසකට යම් මුදලක් දුරකථන සමාගම් වලට ගෙවිය යුතු වෙනවා..නමුත් ඔබට නොමිලේ සිංහල news alerts තෝරාගෙන කිය විය හැකි ක්‍රමයක්
මම අද ඔබට හදුන්වා දෙනවා..මෙය එන්නේ හිරු එෆ් එම් ඒකෙන්..ඔයාලට තියෙන්නේ දිනපතාම 'හෙටදින' අඩවියට පැමිණ නොමිලේම මෙම සේවාව ලබා ගැනීමයි..හැමදාම එන්න..
ඔබට ජය!

Saturday, May 11, 2013

නොමිලේ SMS යවමු..


   දැන් ජංගම දුරකතන බහුලයි.හැමෝම ළඟ දුරකථන තියෙනවා.ඒ ත් ඉතින් ඒවා මගින් SMSයවන විට මුදල් වැයවෙනවා..නොමිලේ එකත් කරන්න ඇත්නම් කොච්චර හොඳද ?ඔවු මම අද ඔබව එම කරදරයෙනුත් නිදහස් කරනවා.කුඩා APP එකකක් මගින් ලොව ඕනෑම ජංගම දුරකතනයකට නොමිලේ SMS යවන හැටි මම අද
කියලා දෙනවා.මෙතනින් ගිහින් APP එක බා ගන්න.නොකියා,Android,බ්ලැක්බෙරි,වින්ඩෝස් ෆෝන් සහ අයිෆෝන් සමගද මෙම APP එක ක්‍රියාත්මක කල හැකියි.ඔබට ඇති ගැටළු කොමෙන්ට් කරන්න.
ඔබට ජය!

Thursday, May 9, 2013

කමෙන්ට් වලට ලින්ක් දාන හැටි..


  ඔයාලා ඕන තරම් වෙබ් සයිට් වල ලිපි වලට ඔයාලගේ බ්ලොග් එකේ නමත් සමග කමෙන්ට් දාල ඇති.ඒත් ඔබ දැමු බ්ලොග් එකේ ලින්ක් එක තුලින් ඔබේ අඩවියට යාහැකි ලෙස ලින්ක් එක සකස් වි නැති බව ඔබට පෙනේවි.එය මහත් අඩුවක් මන්ද යමෙකු ඔබේ
කමෙන්ට් දැක ඔබේ වෙබ් අඩවියටද ගොස් බැලීමට සිතුනේ නම් ඔහුට එම ලිනක එක හරහා පහසුවෙන් ඔබේ අඩවියට යා හැකි නිසාය.එය ඔබේ ට්‍රැෆික් එක ඉහල යැවීමට හේතු වේවි.ඔයාලට කරන්න තියෙන්නේ මම පහත දක්වා ඇති ආකාරයට
html code එක ලියා එහි hetadina සහ 'හෙටදින 'ලෙස සිංහලින් යොදා ඇති වචන ඉවත් කර ඔබේ බ්ලොග් එකේ නම ඔබට අවශ්‍ය පරිදි සටහන් කිරීමය.දැන් පබ්ලිෂ් කර බලන්න.අපුරුයි නේද?සුළු පාඩමක් වුවත් ගොඩක් වටිනවා..
ඔබට ජය!

Friday, May 3, 2013

LED නාම පුවරු නිෂ්පාදනය මුල සිටම..

  අද දැන්වීම් කලාවට අලුතින් එක්වී ඇති LED නාම පුවරු සංකල්පය රට පුරා විහිදී ගොසිනි.ඇතැම් නගර වලත් බස්රථ වලත් මෙම නාම පුවරු සවිකර ඇති අයුරු ඔබ දැක ඇත.විශාල පුවරු මෙන්ම කුඩා පුවරුද
ඇත.මේ හැම පුවරුවකම LED බල්බ යොදා ගැනෙයි.විශාල LED ප්‍රමාණයක් යොදා ගැනෙන අතර සෑම LED එකකටම වෙනම IC එකකින් දත්ත සැපයීමේ ක්‍රමයක් ද ඇත.
ඔබට ඔබේ නගරයේ හෝ කඩ සාපුවක නැතිනම් බස් රථයක මෙම දන්විම් පුවරුවක් සවිකර එහි දැන්වීම් දමා මාසිකව අසීමිත අදායමක් ලබා ගත හැකිය.ඔබට වැයවන්නේ මුලික වියදම පමණි.අවශ්‍ය සියලු උපකරණ ද දැන් ලංකාවේ පවතී.
 මෙම පාඩම් මාලාව මෙම නව තාක්ෂණ ක්‍රමය ජනතාව අතරට පහසුවෙන් ගෙන යාමේ තිර අදිටනින් හෙටදින අඩවිය මගින් සංවිධානය කරයි.ඔබට අවශ උපකරණ හා අනිකුත් සේවාද අප වෙතින් ලබා දීමට කටයුතු කරනු ඇත.රැදී සිටින්න..හෙටදින සමග..ඔබට අවශ්‍ය පාඩම් මාලාව දැන් ලියමින් පවතී.
ඔබට ජය.!

Thursday, May 2, 2013

වෙසක් කූඩු වලටත් LED බල්බ දාමු..

 ළඟ එන වෙසක් වලදී ඔබගේ විදුලි බිල වැඩි වනවා සිකුරුයි.ඒනිසා දැන්ම ඒසඳහා සුදානම් වන්න.ඔබ පහන් කූඩු හෝ වෙසක් සැරසිලි සඳහා යොදන කුඩා ගෝලාකාර හැඩ LED බල්බ දැන් හෙටදින අඩවියෙන්ද ලබා ගත හැකියි.එකක මිල රුපියල් හතළිහකි.මෙමගින් ඉතා අල්ප විදුලි ප්‍රමාණයකින් රැයක් පුරා ආලෝකය ලබා දිය හැක.වෙසක් තොරන් සඳහාද උචිතය.මෙම බල්බ යොදා සාදනු ලබන බල්බ් වැල් ද අඩුමිලට ලබා දිය හැක.මන්ද සාමාන්‍ය බල්බ වලදී  මෙන් මේවාට වැඩි විදුලියක් රැගෙන යන මහතින් වැඩි වයර් අවශ්‍ය නොවන නිසාය.සියලු විමසීම් අපේ
 hetadina@gmail.com ලිපිනයට එවන්න..
 ඔබට ජය!