Wednesday, July 30, 2014

CCTV කැමරා අපිම සවිකර ගනිමු..

මේ දවස් වල විතරක් නෙවෙයි පහුගිය කාලේ ලංකාවේ වෙච්ච මංකොල්ල වැඩි හරියක් අල්ල ගත්තේ CCTV කැමරා දර්ශන නිසයි.ඔබ ව්‍යාපාරයට පමණක් නොව නිවසටත් CCTV කැමරා සවිකලාට වරදක් නෑ.ලොකු ලයිට් බිලක් යන්නෙත් නැති නිසා වැඩේ ලේසියි.අවශ්‍ය උපකරණ සියල්ලම දැන් ලංකාවෙන්ම අඩු මිලට ගන්න පුළුවන්.එක ගෙදරකට කැමරා හතරක් තිබුනත් ඇති.කැමරා හතරක් ඇති පද්ධතියට වැයවන්නේ අඩු මුදලක්.පිට
කාට හරි කියලා සවිකරන්න ගියොත් ඔබට තවත් අමතර රු.විසිදහසක් පමණ වැඩිපුර ගෙවන්න වෙනවා..කැමරා හතරක් අනිවාර්ය නෑ.කැමරා එකක් හෝ ඔබට කැමති ගානක් දාන්නත් පුළුවන්..ඉතින් ඔයාලට පරිගණක දැනුම සාමානය මට්ටමක (අන්තර්ජාලය හා පරිගණක මුලික දැනුම) තියෙනවනං මේක ඉතා පහසු දෙයක්..ඔබට දැන් පරණ කාලේ වගේ නෙමෙයි.DVR එකට කැමරා හයි කරලා කෙලින්ම ජංගම දුරකතනයෙන් හා අන්තර්ජාලයෙන් නරබන්න පුළුවන්..කලින් වගේ මුදල් ගෙවාගෙන ඩොමේන් ගන්න ඕනත් නෑ..ඔය ඔක්කොම හැමෝටම තේරෙන සරල සිංහලින් පැකේජයක් මම නිෂ්පාදනය කළා..මේක තමයි.ලංකාවේ පළමු CCTV සිංහල DVD හා පොත අඩංගු පැකේජය.අපේ පැකේජ කොපි කරලා තව අය විකුනනවා කියලා ආරංචියි..ඒවාට අහුවෙන්න එපා..අපේ බ්ලොග් එකත් එක්ක ඉන්න..ඔයාලට අලුත් මේවාගේ දේවල් නොමිලේ හරි අඩු මුදලට දෙන්නේ අපි විතරයි.අපේ පැකේජ් එකේ අන්තර්ජාලයෙන් නැරබීම,දුරකතනයෙන් නැරබීම,කැමරා වර්ග ලෝකල් නෙට් හරහා බැලීම සියල්ලම කියලා දෙනවා..ඒ විතරැක නෙමෙයි ඩොමේන් අරන් වැඩකරන හැටිත් කියලා දෙනවා..පැකේජ් එක රු.2000 යි.ඔයාලගේ ලඟම තැපැල් කාර්යාලයට ගෙවා ගැනීමට එවන්න පුළුවන්..ඔයාලගේ නම ලිපිනය SMS කරන්න...0711233671


මෙතනින් තව විස්තර බලන්න...

Hetadina Admin
ඔබට ජය...

Monday, July 28, 2014

ඔබේ දුරකථනය ළඟදීම විසන්දි විය හැකියි..

තමන් දැනට භාවිතා කරන ජංගම දුරකතනයට අදාළ සිම් පත තම නමින්ම වහා ලියා පදිචි කරගන්නා  ලෙස විදුලි  සංදේශ  නියාමන කොමිසන්  සභාව  දන්වා සිටි.මේ පිලිබදව අදාළ සියලු දුරකථන සමාගම් පුවත්පත් නිවේදන මගින් ද දැනුවත් කර ඇත.ලංකාවේ විවිධ වංචනික පුද්ගලයන් වෙනත් අයගේ නමට ලබා ගන්නා සිම් කාඩ් හරහා මහා පරිමාන වංචා හා අපරාධ සිදු කිරීම මෙයට
හේතුවයි.අනුන්ගේ සිම් භාවිතා කිරීම නිසා අපරාධ වලට කිසිත් සම්බන්ද නැති පුද්ගලයන් ට ද උසාවි ගානේ රස්තියාදු වීමට මේ නිසා සිදුවේ.එමෙන්ම එය අපරාධයක සුල මුල සෙවීමට මහත් බධාවකි.තම දුරකත්නේ ඇති සිම් පත තාමාගේ නමින් ඇත්දැයි බැලීමට #132# දුරකතනයේ සදහන් කර ඩයල් කිරීමෙන් එම සිම්පතේ අයිතිකරුගේ නම ලබා ගත හැක.එය තමා ගේ නමට නොවේ නම් හැකි ඉක්මනින් ලංගම ඇති තමන්ගේ දුරකතන ජාලයට අදාළ පාරිභෝගික සේවා මද්‍යස්තානයට ගොස් එය තම නමින් ලියා පදිංචි කරගන්නා ලෙස එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.එසේ නොකරන සිම් කාඩ පත් විසන්දි කිරීමට පියවර ගන්නා බව දන්වා සිටී.

Saturday, July 26, 2014

ගෙදර ඉඳන් පිටරටින් බඩු ගෙන්වමු...

අපට කොළඹ නොගිහින් ගෙදර සිටම යම් භාණ්ඩයක් ගෙන්වා ගන්න හැටි මම ඔබට කියල දෙනවා කියලා මිට පෙර පොස්ට් එකෙකින් කීවා මතක ඇති.ඉතින් අද එකේ ඉතුරු ටික කියා දෙන්නම් මේකෙන් ඔබට ලංකාවේ වෙබ් අඩවි මෙන්ම පිටරට වෙබ් අඩවි වලිනුත් ඕනා ම භාණ්ඩයක් ඇනවුම් කරලා ගෙදරටම ගෙන්වා ගත පුළුවන්.. ඒවගේම EBAY එකෙනුත් භාණ්ඩ ගෙන්වා ගන්න PAY PAL එක සක්‍රිය කරලා එමගින් මුදල් ගෙවීමට සම්පත් වෙබ් කාඩ එකකින් පුළුවන්.මේ වගේ පාඩම් කියලා දෙනවාට ගොඩක් බිස්නස්
කරන ය කැමති නැහැ.මොකද  එකටියට බිස්නස් අඩුවෙනවා කියලා.. අන්තර්ජාලය තුල මුදල් ගණුදෙනු කළ හැකි පහසුම මග වන සම්පත් Webcard ගැන.
ඔයාලා ලඟම තියෙන සම්පත් බැංකුවට ගිහින් සම්පත් වෙබ් කාඩ් එකකට අප්ලිකෙශ්ස්න් එකක් පුරවලා දෙන්න.ඔවුන් කියාවි සති දෙකක් යනවා කියලා කාඩ් එක එන්න.ඉතින් ඔය කාඩ් ඔබට ආකාර කීපයකින් ලබා ගන්න පුළුවන් විවිධ මිල ගණන්යටතේ. රු.2500, 5000, 7500, 10000 විදිහට ඕන එකක් තෝරා ගන්න පුළුවන්..
 අපිට සති දෙකකින් කාඩ් එක එවන්න ඕන ගෙදරටද නැතිනම් ලඟම සම්පත් සම්පත් බැංකුවටද කියලා ඒ ය ඔබට දුරකථන ඇමතුමක් දීලා අසාවි.ඔබ කියන්න ලඟම බැංකුවට එවන්න කියලා.
හරි කාඩ් එක ගත්තා කියමුකෝ ඉතින් ඒ පමණින් එක අන්තර්ජාල ගනුදෙනු කරන්න සුදුසුනෑ එය සම්පත්බන්කුව ලබා දෙන අංක යොදා ස්ථිර කරගත යුතු වෙනවා.අන්තර්ජාලයේ ගොඩක් ගෙවීම් කරන්න වෙන්නේ PAYPAL හරහා ඉතින් අපි මේ PAYPAL එකට අපේ සම්පත් වෙබ් කාඩ එක සම්බන්ද කරමු.
වෙබ් කාඩ එක PAYPAL එකට ලින්ක් කරන හැටි..
මුලින්ම PAYPAL ගිණුමක් හදා ගන්න.එක හරි ලේසියි.www.paypal.com එකෙට ගිහින් බලන්න.ඊට පස්සේ මෙන්න මෙහෙම කරන්න.

1. PayPal වෙත ගොස් ඔබේ ඉ-ලිපිනය සහ මුරපදය ලබා දී ඔබ සාදාගත්තු PayPal ගිණුමට log in ‍වෙන්න.

2. රූපයේ දක්වා ඇති පරිදි My Account --> Profile --> Add/Edit Credit Card තෝරන්න.



3. එලෙස තේරූපසු ඔබට දිස්වෙන කවුළුවෙන් Add Card යන්න ක්ලික් කරන්න..
4 ඊට පස්සේ මේ වගේ ෆෝරම් එකක් පුරවන්න කියයි එය නිවැරදිව පුරවන්න.
1.    First Name: මේ සඳහා ඔබේ සැබෑ මුල්නම දෙන්න. PayPal වලින් ගෙවීම් කර ලබා ගන්නා භාණ්ඩ තැපෑලෙන් ලැබෙන්නෙ මේ නමටයි.
2.    Last Name: මෙය ඔබට වෙනස් කළ නොහැකියි. PayPal ගිණුම සෑදීමේදී ඔබ ලබා දුන් වාසගම මෙතන දිස්වෙයි.
3.    Card Type: මෙතන ඇති තේරීම් තුනෙන් Visa යන්න තෝරන්න. (අපේ Webcard එක Visa කාඩ්පතක්.)
4.    Card Number: මෙතනට ඔබ ලබා දිය යුත්තෙ ඔබේ Webcard එකේ ඉදිරිපස ඇති අංක 16කින් යුත් අංකය. ඉරිකෑලි හෝ හිස්තැන් නොතබා අංක 16ම යතුරු කරන්න.
5.    Expiration Date: ඔබේ කාඩ්පත කල් ඉකුත් වන මාසය හා අවුරුද්දත් Webcard එකේ ඉදිරිපසම දිස්වෙනවා. (VALID THRU ලෙස) අන්න එම මාසය හා අවුරුද්ද මේ සඳහා ලබා දෙන්න.
6.    Card Verification Number: මේ සඳහා ලබා දිය යුත්තේ Webcard එක සමඟ ඔබට ලැබුණු අංක හතරකින් යුත් මුරපදය (Password එක).
මේ  රූපයේ දැක්වෙන දෑ වලට අමතරව එතනදි තව ඔබෙන් අහනවා Billing Address එක මොකක්ද කියලා. ඒ සඳහා ඔබට Use this address as billing address මගින් PayPal ගිණුම සෑදීමේදී ඔබ ලබා දුන් ලිපිනය හෝ Enter a new address as billing address මගින් වෙනත් ලිපිනයක් හෝ ඇතුලත් කරන්න පුළුවන්.

 මේ තොරතුරු සියල්ල ඇතුලත් කිරීමෙන් පසු Add Card යන්න ක්ලික් කරන්න.



එවිට මොනවා හරි වැරැද්දක් ඇති බව කියා පණිවිඩයක් ලැබේ නම් ඔබේ කාඩ එක තවම සක්‍රිය කර නැහැ. 

කාඩ්පත PayPal වෙත add කළ පමණින් ඔබට කඩේපතෙන් ගණුදෙනු කරන්න බෑ.  ඊට කලින් ඔබ ඇතුලත් කළ කාඩ්පත ඔබේගේම බව තහවුරු කරන්න (confirm කරන්න) සිද්ධ වෙනවා.

PayPal වෙත link කළ Webcard එක වෙරිෆයි කරන්නෙ කොහොමද?

PayPal මගින් මේ කාර්යය සිදුකරන්නෙ සරළවම මෙන්න මෙහෙමයි. ඔවුන් අපි ඇතුලත් කළ කාඩ්පතෙන් ඔවුන්ගෙ ගිණුමකට $ 1.95 ක මුදලක් බැර කරගන්නවා. (මේ මුදල පසුව නැවත අපිට ලබා දෙනවා) එලෙස අපේ කාඩ්පතෙන් ඔවුන්ගෙ ගිණුමට මුදලක් බැරකර ගැනීමේදී PayPal code නම් කේතයක් අපේ බැංකු ප්‍රකාශනයෙ (bank statement එකේ) සටහන් වෙනවා. මෙන්න මේ විදියට සටහන් වන PayPal code එක නැවත අපි PayPal වෙත ලබා දුන් විට ඔවුන් මෙම කාඩ්පත අපේම බව තහවුරු කරගන්නවා. 

දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියලා.

1. ඉහතදි Add Card යන්න එබූ පසු දිස්වන මෙන්න මේ කවුළුවෙන් Save & Continue යන්න ඔබන්න. (මෙලෙස කළ පසු ඔබේ කාඩ්පතෙන් $ 1.95 ක මුදලක් ඔවුන් කපා ගන්නවා)

2. මීළඟට දිස්වන මෙන්න මේ විදිහට  දිස්වෙනවා අපි දැනට කරලා තියෙන දෑ සහ අපි මීළඟට කරන්න ඕනා දේවල් ටික ඉවසිල්ලෙන් කරලා බලන්න.
paypal  අපිට කියනවා මීළඟට අපේ බැංකු ප්‍රකාශනය පරීක්‍ෂා කරලා PayPal code එක ලබාදෙන්න කියලා. නමුත් අපේ මේ සම්පත් Webcard එක සඳහා අපිට මුද්‍රිත බැංකු ප්‍රකාශනයක් ලබාගැනීමේ පහසුකම හිමිවෙන්නෙ නෑ. එහෙනං කොහොමද PayPal code එක හොයාගන්නෙ?  හරිම ලේසියි. ඔබට කරන්න තියෙන්නෙ 0112300604 යන අංකයෙන් සම්පත් card center ඇමතීම පමණයි.  Card Center අමතලා ඔබ කියන්න ඔබට ඔබේ Webcard එකේ PayPal code එක ලබාදෙන්න කියලා. එවිට ඔවුන් ඔබෙන් ඔබේ Webcard අංකය ලබාගෙන ඔබට PayPal code එක ලබා දේවි.
3. එලෙස ලබාගත් අංක හතරකින් යුත් එම PayPal code එක ඔබ ඉහත කවුළුවෙදි Continue යන්න එබූ පසු දිස්වන පහත කවුළුවෙදි ඇතුලත් කරන්න.


මෙහිදී Resend PayPal code යන්න එබුවොත් නැවත වරක් ඔබෙන් $1.95ක මුදලක් කැපෙනවා. ඒ නිසා  ඒක ක්ලික් කරන්න  එපා. (එබුනත් අවුලක් නෑ ඉතිං, ආයෙත් ඒ මුදල කොහොමත් ඔබට ලැබෙනවා  ඉහත කවුළුවෙදි PayPal code එක ඇතුල් කර Submit යන්න එබූ පසු ඔබේ Webcard එක ඔබේම බව තහවුරු වී ඇති බව ඔබට දිස් වේවි.
දැන් ඔක්කොම හරි ඔයාලට paypal එකෙනුත් ebay එකෙනුත් බඩු ගෙන්වා ගන්න පුළුවන්..

ඇප්ලිකේෂන් එක මෙතනින් බා ගන්න....


ඔබට ජය!

ගුවන් අනතුරක් වලකන මහා පැරෂුටය.

  පසුගිය කාලයේදී ලොව පුරා ගුවන් අනතුරු කීපයක්ම පිට පිටම සිදුවුනා ඔබට මතක ඇති.ඇත්තෙන්ම එලෙස සිදුවන අනතුරු වලක්වා ගන්න බැරිද?ඉතින් හෙටදින අඩවියත් මේගැන ටිකක් හිතුවා..කඩා වැටෙන ගුවන් යානයක් බේරගන්න ක්‍රමයක් ගැන..සුවිශාල ගුවන් යානයක් කඩා වැටෙන විට එය බේරා ගැනීමට පැරෂුටයක් භාවිතා කල නොහැකිද?හෙටදිනට එහෙම හිතුන වාර ගණන අනන්තයි.ඉතින් අපි මේගැන හොයල බැලුවා..එහිදී අපට පෙනුනා මේ පිළිබඳව පර්යේෂණ පවා සිදුවී
ඇති බව.එහෙත් කාගේ හෝ අවාසනාවකට ඒවා ක්‍රියාත්මක කර නැහැ.ඇත්තෙන්ම ඒ සඳහා තාක්‍ෂණික ගැටළු තිබිය හැකියි.ඒත් අපට එහෙම කියා අත සෝදා ගත නොහැකියි.කඩා වැටෙන ගුවන් යානයක් බේරා ගැනීමට හොඳම විසදුම ලෙස මා දකින්නේ පැරෂුටයයි.
ගුවන් යානයක් බේරා ගැනීමට දැවැන්ත පැරෂුටයක් අවශ්‍ය වෙනවා..එය ඉතා සවිමත් විය යුතුයි.එමෙන්ම එය ස්වයන්ක්‍රියව ක්‍රියාත්මක වියයුතක්.සාමානයෙන් අඩි 35000 කට වඩා ඉහලින් තමයි ගුවන් යානයක් ගමන් කරන්නේ.එවැනි උසකදී යානය අක්‍රිය වුවහොත් නියමුවාට කල හැකි දෙයක් නෑ..යානය පොලවට ඉතා ඉක්මනින් කඩා වැටෙනවා..එහෙම වැටෙන යානයේ වේගය ඉතා අධිකයි.යානයේ බර ද අධික නිසා අති විශාල ගම්‍ය තාවයක් ඇති වෙනවා.යානය පොලවේ වැදී සුනු විසුනු වී යන්නේ ඒ නිසයි.අපට පැරෂුටයක් මගින් යානය පොලවට වැටෙන වේගය අඩාල කර සෙමින් වැටීමට සැලැස්වීමෙන් මිනිස් ජිවිත රැක ගත හැකියි.. වර්තමානයේ සියලු මගී ගුවන්යානා වලට මෙම තාක්ෂනය යෙදිය යුතුයි යන අදහස හෙට දින විශ්වාස කරනවා..මේ ගැන ඔබත් අපට ලියන්න....

ස්තුතියි!

හෙටදින admin

Friday, July 25, 2014

දුරකථන අලුත් වැඩියාවේදී සැලකිය යුතු කරුණු.

අප දුරකථන අලුත්වැඩියාවට යොමුවී මට නම් අපට අප ගැනම විශ්වාසයක් ඇති විය යුතුය.මන්ද අපට ලබා දෙන දුරකතනයක් අප අතින් හානියට පත් වුවහොත් අපට එම පාඩුව ද ගෙවන්නට වන බැවිනි.එනිසා දුරකතන අලුත්වැඩියාවට පෙර අප සිත්හි තබා ගත යුතු කරනු සලකා  බලමු.ඔබ දැනටමත් ජංගම දුරකථන අලුත්වැඩියාවට යොමු වුවෙක් නම් ඔබට ලැබෙන දුරකතනයක් අලුත්වැඩියාවට පෙර එහි හිමිකරුට දුරකථනය පිළිබඳව  හා එය
අලුත්වැඩියාවට යාමේදී සිදුවිය හැකි දේ ගැන හොඳ පැහැදිලි කිරීමක් තිබිය යුතුය.පැය කීපයක් තුල එක් දින දුරකථන පුහුණු ආයතන වලට ගොස් ඇති ඔබට ඔවුන් කියනා අන්දමට දුරකතන අලුත් වැඩියා කල නොහැක.ඒ සඳහා හොඳ න්‍යාත්මක  දැනුමක් හා ප්‍රයෝගික දැනුමක් ලබා තිබියයුතුය.ඇතැම් ටියුෂන් ගුරුවරු ජංගම දුරකථන ප්‍රාඨමාලා පවත්වති එහෙත් ඔවුන්වත් ජංගම  දුරකථන අලුත්වැඩියාවට දන්නේ නැත.
විවිධ නගර වල ඇති ජංගම දුරකථන අලුත්වැඩියා කරන්නන් ඔබට බහුලව හමුවේ.ඔවුන්ගෙන් ඔබ විමසා බලන්න ඒවා ඉගෙන ගත්තේ කෙසේද කියා.ඔවුන් කිසිවිටෙක ඒ දැනුම ඔඅබට ලබා දෙන්නේ නැත.ඔබ දුරකතන අලුත්වැඩියාව ඉගෙනීමට නම් එක්කෝ අන්තර්ජාලය පරිහරණය කලයුතුය.නැතිනම් ඔබේ මිත්‍රයකු මාර්ගයෙන් එවැනි සාප්පුවක වැඩට යායුතුය.ඔබ නිවසේ  හෝ වෙනම කඩයක් දමා එක වරම දුරකත අලුත්වැඩියාවට නොයායුතුය.වටිනා දුරකතනයකට  හානි සිදුවුවහොත් ඔබේ නමට කැළලකි.එමෙන්ම නාහෙට නාහන අයකුගේ  දුරකතනයකට හානි වුවහොත් ඔබට ඔහුගෙන් බේරීමක් නොලැබෙනු ඇත.අන්තර්ජාලය පරිහරණය කර ඔබට විශාල දැනුමක් ලද හැකිය.එහෙත් ඉංග්‍රීසි දැනුම ඔබට හොඳින් තිබිය යුතුය.කිසිවක් සරල ඉංග්‍රීසි භාෂාවෙන් වත්  නැත.සිංහල භාෂාවෙන් ඇති එකම හා පළමු පාඩම් මාලාව වන්නේ මෙම හෙටදින අඩවියේ පාඩම් මාලාවයි.
අප මෙම සේවය කරනුයේ ඔබ නිකරුනේ පන්තිවලට ගොස් ඔබේ වටිනා මුදල නැතිකර ගැනීම වලක්වා ගැනීමටත් තාක්ෂණික දැනුම සරල සිංහලින් ජනතාව අතරට නොමිලේ  ලබා ලබා දීමටත්ය.
අප මෙහිදී ප්‍රධාන වශයෙන් සැලකිය යුතු කරුණු මේවායි.
1.දුරකතනයට හානි නොවී අලුත්වැඩියාව.
2.සාදාරන මුදලක් අය කිරීම.
3.දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය ශිල්ප ක්‍රම හා උපකරණ හොඳින් දැන සිටීම.
4.විවිධ දුරකතනවලට අදාළ විශේෂතා හදුනා ගැනීම.

ඔබට ජය!

Wednesday, July 23, 2014

කොළඹ රිය අනතුරු cctv කැමරා දුටු හැටි.



අද cctv කැමරා වලින් විශාල මෙහෙයක් ඉටු වෙනවා.එය නීතිමය කටයුතු වලදීත් වෙනත් කටයතු වලදීත් ඉතා වැදගත් වෙනවා..ඔබට පහත වීඩියෝ වෙන් එලෙස කොළඹ නගරයේ සිදුවූ රිය අනතුරු කීපයක් නැරබිය හැක.
මෙම රූපය ක්ලික් කර බලන්න.



Monday, July 21, 2014

ජංගම දුරකථන අලුත්වැඩියාව පාඩම 1

හරි අපි අද ඉදලා ඉතා දිගු පාඩම් මාලාවකට මුල පුරනවා ඔයාලා හැමදාම බ්ලොග් එක පැත්තේ ඇවිත් ඒ පොස්ට් කියවන්න.මා දන්නා සියලු කරුණු කියාදෙන්නම්.මගේ ලිපිවල තියෙන අඩු පාඩු කියලා දෙන්න.මා ඒ සියල්ල නිහතමානිව භාරගෙන ඒවා නිවැරදි කිරීමට බලාපොරොත්තුවෙනවා.මෙය ලංකාවේ පළමු අන්තර්ජාතික ජංගම දුරකතන අලුත්වැඩියාව පිලිබද සිංහල ලිපි
මාලාවයි.

දුරකථන අලුත්වැඩියාව.
අද ලොව පුරා අතිවිශාල වර්ග වලින් ජංගම දුරකථන අලෙවි කරයි.නමුත් ඒ සියල්ල ඉතා සරල ලෙස කොටස් කිපයකට බෙදා වෙන් කල හැක.කෙතරම් සංකීර්ණ දුරකතනයක වුවත් මුලික ක්‍රමවේදය බොහෝදුරට එක සමානය.ප්‍රධාන වශයෙන් දුරකථන වර්ග 4 කි.
1.කැමරා ආදිය නැති පැරණි ජංගම දුරකථන.
2.කැමරා සහිත දුරකථන.
3.විවුර්ත කරන හෝ ස්ලයිඩ් ආකාරයේ දුරකථන.
4.ස්පර්ශ සංවේදී තිර ඇති දුරකථන.

අප දුරකථන අලුත්වැඩියාවට යොමුවිය යුත්තේ ඇයි .
1.අනාගතයේදී විශාල ඉල්ලුමක් ඇති විෂයක් ඇති නිසා.
2.වියදම අඩුවෙන් වැයකර ලාභය වැඩි ආදායම් මගක් පාදා ගත හැකි නිසා.
3.නිවසේ සිට වුවද කල හැකි නිසා.
4.ඒ ආශ්‍රිත උපාංග අලෙවි කිරීමෙන්ද ලාභ ලැබිය හැකි නිසා.
5.මෙරට ජංගම දුරකථන භාවිතය ඉතා වේගයෙන් වැඩිවන නිසා.
6.රැකියාවට අමතරව කල හැකි නිසා.

ඊළඟ පොස්ට් එකෙන් දුරකතන අලුත්වැඩියාවේදී සැලකියයුතු කරනු බලමු..

ඔබට ජය!

Sunday, July 20, 2014

ජංගම දුරකථන අලුත්වැඩියාව මුල සිට සරලව

     අද ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන කෝටි හතරට වඩා ඇත.ඒවායින් බොහොමයක් චයිනිස් ෆෝන්ය.වර්තමානයේ ජංගම දුරකත අලුත්වැඩියාව විශාල ඉල්ලුමක් ඇත.ඒ අනුව අපරට තුල හා විදේශ ගතව සිටින විශාල පිරිසකට අත්‍යවශ්‍ය ඇති දැනුම ලබා දීමට අප කල්පනා කළෙමු.දැනට ව්‍යාපාර අරඹා ඇති යට හා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන් සිටින යට මහත් රුකුලක් වනු ඇත.එය ඉතා පුළුල් විෂයකි.පුවත් පත්වල දැන්වීම් දමා ඇති
අන්දමට එමගින් මසකට ලක්ෂයක් ඉපයිය හැක.කිසිම මුලික දැනුමක් අවශ්‍ය නැත වැනි මනංකල්පිත වාක්‍ය වලට නොරැවටෙන්න.මෙවැනි විෂයක් හැදෑරීමට පළමුව ඔබ කැමති විය යුතුය.එමෙන්ම ඔබ විද්‍යා විෂයට කැමති හා ඉලෙක්ට්‍රොනික විෂයට අදාළ මුලික දැනුම්වත් ලබා තිබිය යුතුය.ඔබේ ඉංග්‍රීසි දැනුමද හොඳින් තිබීම වැදගත් වේ.මන්ද ඔබ මෙම ශේත්‍රයේ රැකියාව කරන විට ඔබට අන්තර්ජාලය භාවිතා කර විවිධ දෑ සෙවීමට සිදුවේ.මේවා ඔබ පුහුණුවීමට ප්‍රමාණවත් කාලයක් හා ඊට හැකියාවක් ලබා ගත හැකිනම් පමණක් මෙවැනි විෂයකට ඇතුළු වන්න.රැකියාවක් නැති ඔබ රවටා ඔබේ අතේ ඇති සොච්චම් මුදලද රවටා ගැනීමට වෙර දරන එවැනි පන්ති වලට නොරැවටෙන්න.

ඔබට ජය.! 

Thursday, July 17, 2014

Windows 8 භාවිතා කරන්නේ බලාගෙනයි...

   ලොව දැනට ඇති අලුත්ම වින්ඩෝස් මෙහෙයුම් පත්ධතිය වන්නේ වින්ඩෝස් 8 ය.එහෙත් එමගින් අප නොසිතු දෙයක් සිදුවන බව දැන් අනාවරණය වී ඇත.එනම් එය ඔත්තු බැලීමට පහසු කරලීම උදෙසා නිර්මාණය කර ඇති බව හෙලිවිමයි.මෙය පළමු වරට ප්‍රකාශ කලේ චීන රජය විසිනි.ඔවුන් ඒබව
දැන ගත් විගස තම රටතුල රජයේ ආයතන වල වින්ඩෝස් 8 භාවිතය තහනම් කළේය.චිනය පවසන්නේ මෙම මෙහෙයුම් පත්ධතිය මගින් සිය රට තුල ඔත්තු බැලීමට මෙම මෙහෙයුම් පත්ධතිය යොදා ගත හැකි බවය.
යම් පුද්ගලයකු වින්ඩෝස් 8 හරහා අන්තර්ජාලයට සිය පරිගණකයෙන් සම්බන්ද වනවිට එම පරිගණකයේ වන පවුද්ගලික තොරතුරු ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියට(NSA) ලබා ගත හැකි බව චීනය චෝදනා කරයි.එහත් මයික්‍රසොෆ්ට් ආයතනය මෙම චෝදනාව එක හෙලාම ප්‍රතික්ෂේප කරයි.ඔවුන් පවසන්නේ අවශ්‍ය අයකුට මෙම මෙහෙයුම් පත්ධතියේ කේත පරික්ෂා කර බලා එවන් ඔත්තු බැලීමේ මෘදුකාංග ඇතිදැයි සොයා බැලිය හැකි බවය.එහෙත් එය එතරම් ප්‍රායෝගික නොවන්නේ සුපිරිසිඳු මෙහෙයුම් පත්ධතිය පරික්ෂා කර බැලුවත් එම සමාගම අන්තර්ජාලය හරහා එවන යාවත්කාලීම් තුලින් මෙවැනි ඔත්තු බලන වැඩසටහන් පහසුවෙන් ඕනෑම පරිගණකයක් වෙත එවිය හැකි බවය.එයට පිළියමක් ලෙස ඔවුන් සිය රටට උචිත මෙහෙයුම් පත්ධතියක් දියුණු කරමින් සිටි.තාවකාලික පිලියමක් ලෙස වින්ඩෝස් 7 හෝ වින්ඩෝස් xp භාවිතා කරන ලෙස ඔවුන් වැඩිදුරටත් පවසයි.

ඔබට ජය!

Sunday, July 13, 2014

නිවසට නොමිලේ විදුලිය ගනිමු..

හෙටදින තාක්‍ෂණික ආයතනය ඔබට සුර්ය ශක්තිය බලශක්තිය බවට පත් කළ හැකි ක්‍රමයක් හදුන්වා දෙන්නේ ඉතා සතුටිනි.යුගයේ අවශ්‍යතාවයක් වන මෙය ඔබට නිවසේදීම තමාටම නිපදවා ගත හැකි පරිදි තාක්ෂනය සරල කර ඔබට ලබා දෙන්නෙමු.අප මෙම තාක්ෂනය ගැන පරීක්ෂණ ආරම්භ කලේ 1996 වසරේදීය.එවකට මා සාමානය පෙළ හදාරන ශිෂයෙකි.මා එකලදී සුර්ය කෝෂ හා වෙනත් බලශක්ති ප්‍රභව මගින් ශක්තිය

නිපදවා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කල අතර මා මෙම බලශක්ති අර්බුදය ගැන විදුසර පුවත්පතටද තාක්‍ෂණික ලිපි ලියා පළකර ඇත.ඉතින් අපි තවමත් අදුරේ නොසිටිමු.එක පහනක් හෝ දල්වා ඒ අඳුර පලවා හරින්නට අපි ක්‍රියා කාළ යුතු වෙමු.ඔබත් නිවසේ සුර්ය බල පත්ධතියක් ස්ථාපනය කර ගන්න.ඒ සඳහා තාක්ෂණික දැනුම අප ලබා දෙන අතර උපකරණ ලබා ගැනීමට හා අනෙකුත් අවශ්‍යය දැනුමද අපවෙතින් ලබා ගත හැකියි.

සුර්ය බල ශක්ති උත්පාදක යන්ත්‍රයකට අවශ්‍ය උපකරණ මොනවාද?
1.සුර්ය කෝෂයක් (solar pannel)
2.බැටරියක් (කාර් බැටරියක් හෝ UPS බැටරියක්)
3.ඉන්වර්ටරයක්(12V/230V-500W)
4.ආරෝපණ පාලකයක්.(CHERGING CONTROLLER)
5.වයර්

සුර්ය කෝෂය තෝරා ගන්නේ කොහොමද 

මෙය 18V පමණ ධාරාවක් පිට කරන එකක් වීම හොඳය.එහි වොට් ගණන 60 W  පමණ වීම සෑහේ.එවැන්නක් වෙළෙද පොලේ රු.6000.00 පමණ වේ.මා අත්හදා බැලීමට භාවිතා කරන එය ඉතා හොඳින් ක්‍රියා කරන බව කිව යුතුය.

ආරෝපණ පාලකයක්.(CHERGING CONTROLLER)

සුර්ය පැනල මගින් ලබා ගන්නා විදුලිය බැටරියට යොමු කරන්නේ මෙමගිනි.සුර්ය පැනලයේ වෝල්ටීයතාවය ආලෝකය අනුව නිතර වෙනස් වේ.එහෙත් බැටරියට නියමිත ආරෝපණ වෝල්ටීයතාවය සැපයීමට මෙම උපකරණය වැදගත්වේ.නියමිත ප්‍රමාණයට ආරෝපණය වූ පසුව  ස්වයන්ක්‍රියව එය OFF තත්වයට පත්වේ.

බැටරිය මොන වගේ එකක් ද ඕනා  වෙන්නේ..
ඔබ ලබා ගන්නා බැටරිය 12V කාර් බැටරියක් හෝ UPS බැටරියක් වුවද කම් නැත.එහෙත් UPS බටරියකට වැඩි වෙලාවක් විශාල ධාරාවක් ලබාදිය නොහැක.එනිසා කාර් බැටරියක් ලබා ගැනීමට උස්සකුවන්න.


ඉන්වර්ටරය කොහොමද ගන්නේ..

ඔබ මෙහිදී දැනගත යුතු වන්නේ ඉන්වර්ටරයකින් සිදුවන කාර්ය කුමක්ද යන්නයි.ඔබ දන්නවා  අප නිවසේ භාවිතා කරන සියලුම විදුලි උපකරණ පාහේ ක්‍රියා කරන්නේ 230V/50Hz/AC ධාරාවකින් බව.ඉතින් අප සුර්ය කෝෂයකින් ලබා සරල ධාරාව තැන්පත් කරන්නේ බැටරියක.එය නැවත එහි අග්‍ර වලින් ලබා ගන්නා විට ද අපට ලැබෙන්නේ සරල ධාරාවක්.එහි වෝල්ටීයතාව 12V වෙයි.ඉතින් ඔබට වැටහෙනවා ඇති අපට එම බැටරි කරන්ට් එකෙන් රුපවාහිනියක් වැනි උපකරණයක් ක්‍රියාත්මක කිරිමට නම් එහි වොල්ටිය තාව 230 දක්වා  වැඩි කල යුතු බව.එය කරන්නේ ඉන්වර්ටරය මගින්.එයට පුළුවන් 12 Vසරල ධාරාවක් යොදා ගෙන 230V ප්‍රත්‍යාවර්තක දහරාවක් නිර්මාණය කරන්නට.එහිවෝල්ටීයතාව  ඉහල නිසා අපට රුපවාහිනියක් වැනි උපකරණයක් උවත් ක්‍රියාත්මක කල හැකියි.  එහෙත් ශිතකරණක් වැනි විශාල ධාරාවක් ඇදගන්නා උපකරණ මෙයට සවිකළ නොහැකියි.මන්ද එයට අවශ්‍ය විශාල ධාරාව ලබා දීමට නම් විශාල බැටරි කිහිපයක් අවශ්‍ය වන නිසා.
ඔබ 500W සුර්ය ශක්ති විදුලි ජනකයක් තනන්නේ නම් ඔබ එහි ඉන්වර්ටරයට සවිකර උපකරණ වල වොට් ගණන 500 ඉක්මවා නොයා යුතුයි.

සුර්ය විදුලි ජනකයෙන් මොනවාද වැඩකරන්න පුළුවන් උපකරණ.

1.මේස ෆෑන්
2.රුපවාහිනියක්
3.ගුවන් විදුලි යන්ත්‍ර
4.LED විදුලි බල්බ.
5.CFL විදුලි බල්බ
මෙවැනි උපකරණ ඔබට ඉතා පහසුවෙන් ක්‍රියා කල හැක.

සුර්ය ශක්තියෙන් විදුලිය ලබා ගැනීමට දිවා කලට හොඳ සුර්ය ආලෝකයක් ඇති ප්‍රදේශ වීම වඩාත් යෝග්‍යවේ.

සුර්ය කෝෂ විදුලි ජනකය එකලස් කර ගන්නා අයුරු.

සුර්ය පැනලය නිවසේ වහලය මත ඇලුමිනියම් ආදාරක මගින් හොඳින් සවිකරන්න.සුර්ය පැනලයේ සිට නිල් හා දුඹුරු වයර් මගින් අග්‍ර දෙක ඔබේ නිවසේ කාමරයකට ලබා ගන්න.බැටරිය හා ඉන්වර්ටරය සවිකරන තැන හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක් තෝරා ගන්න.බැටරිය නැවත ආරෝපණය,ආරෝපණ පාලකය  මගින් සිදුවේ.ඔබ සුර්ය පැනලයෙන් ලබා ගත් අග්‍ර දෙක නිවැරදිව ආරෝපණ පාලකයාට  ලබා දෙන්න.එහි අග්‍ර ලකුණුකර ඇත.ආරෝපණ පාලකයේ අග්‍ර  දෙක නිවැරදිව බැටරියට සවිකරන්න.දැන් එය මගින් බැටරිය ආරෝපණය වීමට පටන් ගනී.ආරෝපණ පාලකයේ ඉතිරි අග්‍ර දෙක ඉන්වර්ටරයට සවි කරන්න.දැන් ඉන්වර්ටරයේ ඇති සොකට් එක මගින් ඔබට 230 V ධාරාව ලබා ගත හැක.
බැටරිය නිතරම ආරෝපණ තත්වයේ තාබා ගැනීම එහි දිගුකල් පැවැත්මට ඉතා වැදගත් වේ.

ඔබේ සුර්ය විදුලිය විකුනන්න පුලුවන්ද??
ඔවු ඔබට අවශ්‍ය නම් ඔබේ අතිරික්ත විදුලිය ජාතික විදුලි පත්ධතියට එකතු කල හැකියි.එහෙත් ඒ සඳහා ඔබ විදුලිබල මණ්ඩලය හරහා ඉල්ලීමක් කලයුතුයි.එහිදී ඔබට සවිකරන්නට වන ඉන්වර්ටර් ආදිය වෙනත් ඒවා බව කිවයුතුයි.එමෙන්ම නෙට් මීටර් ආදියට ඔබට සෑහෙන මුදලක් වැය කරන්න වෙනවා.මේ පිළිබඳ ව ඔබට ඇති ගැටළු සුනිත්‍ය විදුලි අධිකාරියෙන් විමසන්න.
අපගේ led නාමපුවරු පාඩම් මාලා මිලදී ගන්නා සැමට මෙම සියලු විස්තර අඩංගු පාඩම් නොමිලේ ලැබේ.එම පාඩම් මාලාවේ සියල්ල රූප සටහන් සහිතව දක්වා ඇත.