Showing posts with label ජංගම දුරකථන අලුත්වැඩියාව පාඩම 1.. Show all posts
Showing posts with label ජංගම දුරකථන අලුත්වැඩියාව පාඩම 1.. Show all posts

Monday, July 21, 2014

ජංගම දුරකථන අලුත්වැඩියාව පාඩම 1

හරි අපි අද ඉදලා ඉතා දිගු පාඩම් මාලාවකට මුල පුරනවා ඔයාලා හැමදාම බ්ලොග් එක පැත්තේ ඇවිත් ඒ පොස්ට් කියවන්න.මා දන්නා සියලු කරුණු කියාදෙන්නම්.මගේ ලිපිවල තියෙන අඩු පාඩු කියලා දෙන්න.මා ඒ සියල්ල නිහතමානිව භාරගෙන ඒවා නිවැරදි කිරීමට බලාපොරොත්තුවෙනවා.මෙය ලංකාවේ පළමු අන්තර්ජාතික ජංගම දුරකතන අලුත්වැඩියාව පිලිබද සිංහල ලිපි
මාලාවයි.

දුරකථන අලුත්වැඩියාව.
අද ලොව පුරා අතිවිශාල වර්ග වලින් ජංගම දුරකථන අලෙවි කරයි.නමුත් ඒ සියල්ල ඉතා සරල ලෙස කොටස් කිපයකට බෙදා වෙන් කල හැක.කෙතරම් සංකීර්ණ දුරකතනයක වුවත් මුලික ක්‍රමවේදය බොහෝදුරට එක සමානය.ප්‍රධාන වශයෙන් දුරකථන වර්ග 4 කි.
1.කැමරා ආදිය නැති පැරණි ජංගම දුරකථන.
2.කැමරා සහිත දුරකථන.
3.විවුර්ත කරන හෝ ස්ලයිඩ් ආකාරයේ දුරකථන.
4.ස්පර්ශ සංවේදී තිර ඇති දුරකථන.

අප දුරකථන අලුත්වැඩියාවට යොමුවිය යුත්තේ ඇයි .
1.අනාගතයේදී විශාල ඉල්ලුමක් ඇති විෂයක් ඇති නිසා.
2.වියදම අඩුවෙන් වැයකර ලාභය වැඩි ආදායම් මගක් පාදා ගත හැකි නිසා.
3.නිවසේ සිට වුවද කල හැකි නිසා.
4.ඒ ආශ්‍රිත උපාංග අලෙවි කිරීමෙන්ද ලාභ ලැබිය හැකි නිසා.
5.මෙරට ජංගම දුරකථන භාවිතය ඉතා වේගයෙන් වැඩිවන නිසා.
6.රැකියාවට අමතරව කල හැකි නිසා.

ඊළඟ පොස්ට් එකෙන් දුරකතන අලුත්වැඩියාවේදී සැලකියයුතු කරනු බලමු..

ඔබට ජය!