Friday, August 29, 2014

සුර්ය විදුලි ජනක සවිකරමු..ගැටළු..හා විසදුම්..

  ගොඩක් අය අපේ බ්ලොග් එකේ ලිපි කියවලා සුර්ය ජනක හදල කියල ආරංචියි.සමහර අයට යොදන බැටරිය ගැන අවබෝයක් නෑ වගේ..නිවසකට නම් ඇම්පියර් 35 ක කාර් බැටරියක් ප්‍රමාණවත් වෙනවා..ඊට වැඩිය බැටරි ගණනක් සමානතරගතව සවිකරලා ලැබෙන ඇම්පියර් ගණන වැඩි කරන්න පුළුවන්.ඒත් එවිට සුර්ය පැනල වල වැඩි වොට් ගානක එකක් දාන්න වෙනවා..මතක
තියාගන්න ඇම්පියර් 35 ක කාර් බැටරියක් ආරෝපණයට ඇම්පියර් තුනකට වැඩි ධාරාවක් අවශ්‍ය  වෙනවා..එම සුර්ය පැනල ඔබට ගන්න පුළුවන් තැන් මම කලින් ලිපියෙන් දක්වා තිබෙනවා..බැටරිය ස්වයන්ක්‍රීයව ආරෝපණයට SOLAR POWER CHARGING CONTROLLER එකක් යෙදීම ඉතා වැදගත් වෙනවා..මේවා දැන් පිටකොටුවෙන් ගන්න පුළුවන්..ඇම්පියර් 20 ක එකක් රු 2800 විතර වෙනවා..මේ තියෙන්නේ එවෙගේ එකක්.ඒක තුල තියෙන විවිධ ඔප්ෂන් පහත පරිදි දක්වන්න පුළුවන්.
Solar controller12/24v solar controller for home use solar controller with 5v 1A USB output economical solar controller

  • Feature

1.Electrical system voltage identification.

2.System identification voltage after a few seconds,it display the current controller maximum output current. 

3.Overload protection, Low voltage protection, Overvoltage protection .

4.SW series solar charger has a total of 18 load control configuration mode for the user to choose from.

5.Load control mode 0 display.

6.Shows the load control mode(cycle approach).

7.2 shows the load control mode(Pure light-operated switch mode).

8.3 shows that the load control mode(electric drive,1-15 hours delay).

9.Set real time clock.

10.Mode 1 cycle to make an appointment time to adjust.

11.Load patterns memory function.
  • Technical Parameters:
1.     SMART,intelligent controller.
2.     Highly efficient,PWM controller.
3.     Reverse polarity & high/low voltage battery protection.
4.     Output current & short circuit protection.
5.     LED display shows system status at all times.
6.     ON/OFF load switch at front of controller for convenience.
7.     Available in 12V/24V 10A 20A 30A
තවත් අවුලක් තමයි සුර්ය පැනලය ආලෝකය ලැබෙන දිශාව අනුව තැබිය යුතු වීම.හිරු ආලෝකයට අංශක අනුවකට කෙලින්ම නිරාවරණ වීමට සැලැස්වීමට හැකිනම් එය වඩා කාර්යක්ෂම වෙනවා..ඉතින් මම කියලා දෙන්නම් ස්වයංක්‍රීයව හිරු එලිය දෙසට හැරෙන පැනලය සකස් කර ගන්නා හැටි..තවත් දෙයක් තමයි පැනලය දැඩි ලෙස රත් වීම.මෙය පාලනය කිරීමටත් ලේසි ක්‍රමයක් තියෙනවා ඔක්කොම කරුණු තවත් පොස්ට් එකකින් කියා දෙන්නම්..

ඔබට ජය!

Thursday, August 28, 2014

ළිඳට බහින්නේ බලාගෙනයි..

  පසුගිය දිනෙක ඔබට මාද්‍ය මගින් අසන්නට ලැබෙන්න ඇති කිසියම් පුද්ගලයකු ලිඳක් සුද්ද පවිත්‍ර කිරීමට ළිඳට බැසීමෙන් පසු මිය ගිය පුවතක්..හැබෑටම එහෙම වෙන්නේ ඇයි?හෙටදින මේගැන හිතලා ආයෙත් ඒ වගේ දේවල් නොවෙන්න ඔබ දැනුවත් කිරීමට සිතුවා..ලිඳක් පමණක් නොවෙයි.ගැඹුරු වලක්,දොර ජනේල වසා ඇති ගෑස් ගබඩා වකට වුවත් ඔබ එකවරම පිවිසීමේදී දෙවරක් කල්පනා කල යුතුයි.

පසුගියදා සිදුවූ ඒ විපතේදී කියවුනේ ළිං පතුලේ විෂවායු තිබී ඇති බවයි.ළිං පත්ලට විෂ වායු කොයින්ද?මෙයඅපට ඉතා සරලව කියා දෙන්න පුළුවන්..මෙහෙමයි වෙන්නේ..කාලාන්තරයක් තිස්සේ ළිඳට කොළ රොඩු වැටෙනවා..ඒවා ක්‍රමයෙන් පතුලට කිඳා බසිනවා..මේ කොළ රොඩු වල ත් ළිං පතුලේත් වායු රහිතව ජිවත්වන බැක්ටීරියා සිටිය හැක.උන් මොකද කරන්නේ..පතුලේ තියෙන කොලරොඩු ආහාරයට ගනිමින් මීතේන් නමැති වායුව පිට කරනවා..දින මාස ගනාවක් තිස්සේ එම වායුව ළිඳ තුල එකතුවන්නේ ළිඳේ වතුර පිරෙනවා වගේමයි..එම වායුව ඉහලට පැමිණ ළිං කටින් පිටව යන්නේ නැහැ..මොකද එම මීතේන් වායුව සාමාන්‍ය වාතයට වඩා බරින් වැඩියි.එනිසා එම වායුව ළිං පතුලේ සිට ඉහලට පිරෙමින් පවතිනවා..මෙම වායුව මිනිසාට හුස්ම ගැනීම අපහසු කරනවා..මොලයට ඔක්සිජන් ලැබීම අඩුවීමෙන් මුලින්ම වෙන්නේ ක්ලාන්ත වීමයි.එවිට ළිඳ තුල සිටින පුද්ගලයා කෙලින්ම වැටෙන්නේ වතුරට.පෙනහළු වලට ජලය ගමන් කර ඔහුට හුස්ම ගැනීම තවත් අවහිර වෙනවා..ඒ කියන්නේ විනාඩි ගණනක් ඇතුලත ඔහු මිය යනවා.ඉතින් ළිඳට වැටුන කෙනා ගොඩ ගන්න තව අයකු ඉක්මනින් ළිඳට බහිනවා..ඔහුටත් වෙන්නේ කලින් වූ පුද්ගලයාට වූ දේමයි..ඔබට පෙනෙනවා ඇති මෙය කෙතරම් අනතුරු දායක වැඩක්ද කියලා..මීතේන් වායුව ගිණි ගන්නා සුළු වායුවක්..මෙය වගුරු වායුව ලෙසද හැදින්වෙනවා..ළිඳ ගැඹුරු වන තරමට අවධානම වැඩි වෙනවා.මොකද පතුලට වාතය ගමන් කිරීම තවත් සිමා වෙන නිසා..

  • ඉතින් ළිඳට බහින්න කලින් එම විෂවායුව ඉවත් කරන්න බැරිද?ළිං පතුලේ රැඳී ඇති මීතේන් ඉවත් කිරීමට පහත ක්‍රමය හෙට දින යෝජනා කරනවා..කම්බි දෙකක ආධාරයෙන් ලෑලි කැබැල්ලක සවි කල දල්වන ලද ඉටි පන්දමක් ළිං පතුලට කඹයක ආදාරයෙන් බැස්ස වීමෙන් එහි පතුලේ වන මීතේන් වායුව දවා අවසන් කල හැකියි..වැඩි පුර ගින්දර පතුලට නොදැමිය යුත්තේ කාබන්ඩයොක්සයිඩ් වායුවද එම නිසා එකතුවිය හැකි නිසයි.එමෙන්ම ඉටි පන්දම පතුලට දමන විට එය නිවී ගියහොත් කිසිසේත්ම ළිඳට බැසීම සුදුසු නැහැ..


ඔබට ජය!

Tuesday, August 26, 2014

මුල්ල හරියට ගහමු...

LED නාම පුවරු සකස් කරන විට ඔබට ඇතිවන ප්‍රධානම ගැටලුවක් විදිහට මට කියන්නේ රාමුව හදා ගැනීම අපහසු බවයි.ඉතින් අපේ හෙටදින LED පැකේජ් එකේ නම් ඒක සරලව කියලා දීල තියෙනවා..තවත් අය වෙන කොහෙන්ද හොරට ගහපු පැකේජ අරන් මට කෝල් කරලා අහනවා කොහොමද රාමු හදන්නේ කියලා..ඉතින් හැමෝටම උදවුවක් විදිහට තමයි මේ
පොස්ට් එක දාන්නේ..
මුලින්ම කියන්න ඕනා LED නාම පුවරුවට ඔබ රාමුව හදන විට එහි ප්‍රාමාණය ගැන සැලකිලිමත්විය යුතු බව.විශේෂයෙන් මිනුම් ඉතා නිවැරදිව ලබා ගත  යුතු වෙනවා.නැතිනම් පැනල සවිකරන්න ගියාම මල පනිනවා..සෑම විටම වාගේ අඟල් තුනේ ඇලුමිනියම් බොක්ස් බාර් එක යොදා ගන්න.බලසැපයුම් වෙනත් තැනක සවිකරනවා නම් අඟල් තුන්කාලේ බොක්ස් බාර් එකෙන් රාමුව ගහන්න පුළුවන්.ගොඩක් අයට තවත් අවුලක් තමයි රාමුවේ මුල්ල හරියට හදා ගන්න බැරි එක..අංශක 45 ට නිවැරදිව කෙළවර කපා ගන්න බැරි වුනොත් කිරිබත් කෑල්ලක හැඩය ඇති රාමුවක් තමයි ලැබෙන්නේ..ඉතින් මම කියා දෙන්නම් ඒකටත් පහසු ක්‍රමයක්..ඔයාලා ඔය අංශක 45 ට මුල්ල කප කප ඉන්න ඕනා නෑ..පිට කොටුවේ බඩු ගෙන්න ගියාම එකට අවශ්‍ය ප්ලාස්ටික් කෝනර් ටිකක් අරන් එන්න.ඔබේ බොක්ස් බාර් එකට සරිලන ඒවා.එය භාවිතා කර ඔබට ඉතා පහසුවෙන් රාමුව හදා ගන්න  පුළුවන්..මෙන්න මේ කඩේට ගියොත් ඔය කියන ප්ලාස්ටික් මුල්ල ගන්න පුළුවන්..Asian group,55 Maha vidyala mw,(barber street),colombo 13,0117400200
පහත රූප බලන්න අවුලක් ආවොත් කමෙන්ට් එකක් දාන්න..



ඔබට ජය!

Friday, August 22, 2014

සුර්ය විදුලි උත්පාදක සඳහා උපකරණ ලබා ගැනීම.

       ගොඩක් අය අපේ බ්ලොග් එකේ ලිපි කියවලා solar generator හදන්න පටන් අරන්.ගොඩක් අය අහන්නේ උපකරණ අඩුවට ගන්න තැන්.සුර්ය පැනල ගොඩක් ගණන් නිසා අඩුවට ගන්න ගන්න ක්‍රමයක් තමයි ඕන.මම පහතින් දක්වා තියෙන්නේ ඔයාලට අවශ්‍ය සියලු උපකරණ ලබා ගත හැකි තැන් කීපයකි.මෙය බා ගන්න.මෙහි දුරකථන අංක වලට අමතා විස්තර දැන ගන්න.0718301069/0718367371




ඔබට ජය!

Thursday, August 21, 2014

රෙසිස්ටර් වල අගය හොයන්න පට්ට ලේසි ක්‍රමයක්.

   දැන් අපේ කට්ටිය LED බල්බ හදන්න පටන් අරන්.සමහර අයට නම් ඉලෙක්ට්‍රොණික දැනුම මදි බව පේනවා..බල්බ වලට දාන රෙසිස්ටර් වල අගය මාරු කරගෙන හයි කරලා අවුල් වුනාම මට කතා කරලා අහනවා මොකක්ද අවුල කියලා..හොඳයි එහෙම වෙන්න පුළුවන්..මොකද සාමානය පෙළ පන්තිවල උගන්වන ප්‍රතිරෝධක වර්ණ වගුව හුග දෙනෙකුට මතක නෑනේ.ඉතින් දැන් ගොඩක් ය අන්තර්ජාලය භාවිතා කරන නිසා මම හිතුවා online ක්‍රමයට රෙස්සිස්ටරයක අගය ඉතා ඉක්මනින් හොයන හැටි කියා දෙන්න.ඉලෙක්ට්‍රොණික විද්‍යාව ගැන දන්න අයට නම් මේ වා
මොනවත් ඕනා නෑ..ඒ යට නෙමේ මේක දැනුම අඩු අයට හොඳේ.
ඕනෑම ප්‍රතිරෝධකයක් අතට ගත්තාම ඔබට පෙනේවි එහි එක කෙලෙවරක සිට වර්ණ වළලු කිහිපයක් ඇති බව.මේ වර්ණ වලට අගයන් තියෙනවා..ඉතින් මේ වර්ණ වළලු කියවීම ආරම්භ කරන්නේ කලින් කියූ පරිදි ප්‍රතිරෝධකයේ අයිනේම වර්ණ වළල්ලේ සිටයි..මුලින්ම මෙතනින් ගිහින් අදාළ වෙබ් අඩවියට ලොග් වෙන්න.ඉතිරි හරිය කරන හැටි පහත පින්තූර පෙලේ ඇති..රූප ලොකුවට බලන්න රූපය මත ක්ලික් කරන්න.







ඔබට ජය!

Monday, August 18, 2014

LED බල්බ සවිකර මාස අටකින් ඇතිවන ගැටළු..

  ඔයාල දැන් විවිධ වර්ග වල LED බල්බ හදල ඇති.ඒ අතරින් පලමුව ඔබ නිර්මාණය කල සාමානය LED 48,67,100,108,126 වැනි බල්බ වල මාස හයකට වඩා භාවිතා කරනවිට ඇතිවුන ගැටළු මොනවාද?විශේෂයෙන්ම කියන්න ඕනා හෙටදින අඩවිය ලංකාවේ පළමු වරට වෙබ් අඩවියක් හරහා LED බල්බ නිෂ්පාදනය කරන හැටි මා නොමිලේ කියලා දීල ඉන් අතිවිශාල පිරිසක් ප්‍රයෝජන ගත් බව.අදටත් එම බල්බ නිෂ්පාදන සියලු පාඩම් මාලා මා නොමිලේ තමයි ලබා දෙන්නේ..සමහර අය ගෙදරට ඇතිවෙන්න බල්බ හදා ගෙන.තවත් අය බල්බ කඩවලට විකුනන්න දාල හොඳ ගානක් හොයාගෙන..ඉතින් කියන්නම් ඔය අතරේ
ඔබට මතුවන ගැටළු හා ඊට පිළිතුරු..බලන්න මේ ගැටළු ඔබටත් ආවද කියලා..
1. මුළු බල්බයම නිවී නිවී දැල්වීම.
2.බල්බය එක වරම නිවී යාම.
3.එලිය අඩු වීම.
4.බල්බ නැවත යොදන විට ඉක්මනින් පිලිස්සීයාම

මෙන්න ඒවාට විසදුම්.

1. මුළු බල්බයම නිවී නිවී දැල්වීම.
ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ LED බල්බ වලින් එකක් ක්‍රියා විරහිත වීම නිසයි.එවිට බල්බ ශ්‍රේණිගත ලෙස සවිකර ඇතිනම් බල්බයම නිවී නිවී දැල්වෙන්නේ එම අක්‍රිය බල්බය හරහා විටින් විට ධාරාව ගලා යන විට.පාස්සන ලද ඊයම් ඩොට් බුරුල් වීමෙන්ද මෙය ඇති වෙන්න පුළුවන්.කරන්න තියෙන්නේ මල්ටිමිටරය මගින් බල්බ සියල්ල පරික්ෂා කර අක්‍රිය එක වෙනුවට හොඳ බල්බයක් යෙදීමයි.නැති නම් බුරුල් වුන අග්‍ර නැවත ඊයම් යොදා පාස්සන එකයි.

2.බල්බය එක වරම නිවී යාම.

මෙහෙම වෙන්නේ බලබ්යේ LED එකක් හෝ කීපයක් නැතිනම් බලසැපයුම අක්‍රිය විමෙනුයි.මුලින්ම බල සැපයුම හොඳින් නිරීෂණය කරන්න.බල්බ දැවී ගොස් ඇතිනම් අලුතින් යොදන්න.බුරුල් අග්‍ර තිබේනම් යලි පාස්සන්න.

3.එලිය අඩු වීම.

ලාභෙ ගැන හිතල අඩු මුදලට LED අරන් බල්බ හදපු අයට මේක වෙලා ඇති.කරන්න දෙයක් නෑ..හොඳ බල්බ අලුතින් යොදන්න.

4.බල්බ නැවත යොදන විට ඉක්මනින් පිලිස්සීයාම

මෙහෙම වෙන්නේ බොහෝවිට බල්බ පරිපතයට ධාරාව සපයන ප්‍රතිරෝධකයේ අගය අඩු වීමෙනුයි.එහි එක අන්තයක් පරිපතයෙන් පන්නා මල්ටිමිටරයෙන් පරික්ෂා කරන්න.අවුලක් නම් අලුතින් දාන්න.

තවත් ගැටළු ඇති කොමෙන්ට් කරන්න.

ඔබට ජය.!

අමතක නොවන හැර යාමක්..මහේල..

  ලොව විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකු වන මහේල ජයවර්ධන මහතා අද දින ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්තා.එදා මෙදාතුර ලොව පහල වූ ආවේනික ගතිලක්ෂණ වලින් හෙබි නිරහන්කාරම මහත්මා ගතිලක්ෂණ ඇති මොහු අප ක්‍රිකට් ටෙස්ට් පිටියෙන් සමු ගැනීම ශ්‍රී ලාංකීය අපට දැරිය නොහැකි පාඩුවක්.. එහෙත් නවකයන්ට අවස්තාව දෙනු රිසියෙන් මෙලෙස ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්තත් ඔහු ලබන එක්දින ලෝක ශුරතා ක්‍රිකට් තරගාවලිය දක්වා එක් දින පිටියේ පිතිහරබය දියත් කරනු ඇති.තමා දේපාලනයට පැමිණීමට හෝ පුහුණු කරුවෙකු ලෙස ක්‍රියාකිරීමට තවම අදහසක් නැති බව අද මාද්‍ය වෙත ප්‍රකාශ කර
තිබුනා.mahela-jayawardhana ක්‍රිකට් තරුව තවත් චිරාත් කාලයක් අප රටට නිහතමානි සේවය සපයන්න...හෙටදින හදපිරි සෙනෙහසින් ඔබට සුභ පතන්නෙමු.
ඔබට ජය!

Thursday, August 14, 2014

ගෙදර ඉඳන් පිටරටින් බඩු ගෙන්වමු..තවත් සරලව..

          paypal මගින් සල්ලි ගෙවලා පිටරටින් ලංකාවට බඩු ගෙන්වන ආකාරය මිට පෙර මා පොස්ට් එකකින් කියා දුන්නා මතක ඇති මේකත් ඒ වගේමයි තවත් සරළව සිංහල ඉංග්‍රීසි දෙකින්ම ලීවේ තේරුම් ගන්න වඩාත් ලේසි වෙන්න.කියවලා බලන්න කොහොමද වැඩේ කියලා..

PayPal With Srilankan Bank- Sampath Web Card---(paypal හා සම්පත් බැංකුව සම්බන්දයි.)


Step By Step Instructions are given below :(පියවරෙන් පියවර පහත උපදෙස් අනුගමනය කරන්න.)

Who are volunteers : Every On above age 18( අවුරුදු 18 -ට වැඩි අයට පුළුවන්.)

Starting Values : Rs.2500 / Rs.5000 / Rs.7500 / Rs.10000-(මෙවැනි ඕනෑම ගානකින් පටන්ගන්න පුළුවන්)

Cost For The Card-(කාඩ් එකේ මිල.)
Sampath Bank Account Holders : Rs.100/=(සම්පත් බැංකු ගිණුමක් තිබේනම් රු.100 යි.)
Others : Rs.200/=(සම්පත් බැංකු ගිණුමක් නැතිනම් රු.200 යි.)

Expiration : After 2 years card active-(වසර දෙකක් වලංගුයි.)

Fully Cost For Card With Minimum Credit -(සම්පුර්ණ අවම වියදම කාඩ් එකක් ලබා ගැනීමට.)
Sampath Bank Account Holders : Rs.2600/=
Others : Rs.2700/=

Top Up : Which you want-(ඔබට ඕනෑම ගණනක් පසුව ගිණුමට දමා ගත හැක.)

Availability : Any web site that accept PayPal-(ඕනෑම වෙබ් අඩවියක් හෝ paypal එක මගින් ගෙවීම් කල හැක.)

Credit Balance : Call to Sampath Card Center-(කාඩ් එකේ ඉතිරිය බලන්න මේ දුරකතන අංකය අමතන්න.)
011-2300604 Give Your ID & Ask For Balance

You Have To Follow These Steps To Connect Your Card To PayPal (වෙබ් කාඩ් එක paypal එකට සම්බන්ද කරන හැටි මෙන්න.)
=============================================================
1.) Go to the  PayPal (It's Free So No Probs) paypal (එකේ ලොග් වෙලා නොමිලේ ගිණුමක් හදා ගන්න.)

2.) Click the "My Account" --> "Profile" --> "Add/Edit Credit Card"-(paypal ගිණුමේ මේ විදිහට ඉදිරියට යන්න.)

3.) Then Click "Add Card"ක්ලික් කරන්න.

4.) Now you will see a form & fill it (මේ විදිහට ලැබෙන ෆෝර්ම් එක පුරවන්න.)
 
First Name : Give your real first name(නමේ පළමු කොටස දෙන්න)

Last Name : This you can't change(නමේ අග කොටස වෙනස් කරන්න බැහැ)

Select Card Type : Visa (Sampath Web Card Is A Visa Card)කාඩ් එකේ වර්ගය තෝරන්න.

Card Number : Enter The 16 Pin Code Appear On Side Of Your Card. (Do not let hash or spaces)(මැදට හිස්තැන් නොතබා අංක 16 කාඩ් අංකය ඇතුළු කරන්න.)

Expiration Date : This date mention as VALID THRU on your Card. Enter that year & month(කල් ඉකුත්වීමේ දිනය නිවැරදිව දක්වන්න.කාඩ් එකේ ඉස්සරහා ගහල ඇති.)
Card Verification Number : Enter Your 3 Pin Code (Password)-(ඔයාලට බැංකුවෙන් ආපු හංගල තිබුණු අංක තුනේ පින් අංකය දාන්න.)
Billing Address : Select Your PayPal Account address or Enter a new address (ඔයාට බඩු ගෙන්වා ගන්න ඕන ලිපිනය දාන්න.)

5.)After complete above steps click "Add Card" button(ක්ලික් කරන්න)

(If their appear Error message that means your Sampath Web Card still didn't activate)(Error message කියල ආවොත් වැඩේ අවුල්.. තාම කාඩ් එක ඇක්ටිවේට් කරලා නැහැ..තව දවස් කීපයකින් වැඩේට බහින්න.)

(If their is no error message PayPal already accept your Web Card as a valid card.)(මෙහෙම ආවොත් වැඩේ හරි.ඉදිරි පියවරට යන්න.)

Almost done . . . . . (.ඔක්කොම දැන් හරි..)

6.) Then will appear window like this.. Click "Save &
Continue" (Firstly PayPal debit $1.95 from your account credit for their account but this credit give you back definitely after you done successfully)- (Click "Save &
Continue"-(කියලා එන ලින්ක් එක ක්ලික් කරන්න.එවිට paypal එකෙන්  $1.95 කපා ගන්නවා..හැබැයි ඒක පස්සේ අපට නැවත ගෙවනවා. )

7.) Then you will see what are you already done & what will have to do. In this moment they say "Check your bank sheet & enter PayPal Code"(ඊට පස්සේ අපේ වෙබ් කාඩ් එකට අදාලව රහස් අංකයක් paypal එකෙන් සම්පත්බැංකුවට  එවනවා..අපි එක බැංකුවෙන් කෝල් කරලා අහලා දැන ගන්න ඕන )

8.) But our Sampath Web-card has not supply a print sheet... So you will have to call to Card Center 011-2300604 & ask for Web-card PayPal Code . . . After that they will ask for Web-card pin number. (16 number).(Card Center

011-2300604 මේ අංකයට කතා කරලා එක දැනගන්න පුළුවන් ..බැංකුවෙන් ඔබෙන් අසාවි ඔබේ අංක 16 කින් යුතු කාඩ් අංකය.එය නිවැරදිව කියන්න.

9.) Then you will receive The PayPal Code & Enter it in PayPal Code entering area.(ඔබට බැංකුවෙන් කියූ අංකය paypal කෝඩ් එක දාන තැනට දමන්න.)

10.) Read details & instructions carefully then click clearly "Submit" button...(මෙහෙම තියෙන බට්න් එක ක්ලික් කරන්න.)

11.) After that if you will see that your Web-card has been accepted by PayPal now you can pay amount as you wish.(මෙහෙම පණිවිඩයක් ආවොත් ඔබේ වැඩේ ඔක්කොම හරි.)

ඔබට ජය!
hetadina admin

ජංගම දුරකථන ගෙදරදීම අලුත්වැඩියාව පාඩම 2.

      ජංගම දුරකතනවල බහුලව ඇතිවන දෝෂ මොනවාද?අද පාඩමින් අප කතා කරමු.කෙතරම් සංකීර්ණ දුරකතනයක් ගත්තත් එහි මුලික සැකසුම බොහෝ දුරට එක සමානයි.ඉතින් අපට පුළුවන් එහි ඇතිවන දෝෂ පහත පරිදි වර්ග කරලා දක්වන්න.
1.අමතන්නාගේ හඬ නෑසී යාම.
2.දුරකථනය on කිරීමට නොහැකි වීම.
3.අමතන්නාට ඔබේ හඬ නොඇසීම.
4.තිරය තුල ඇතිවන දෝෂ.

5.බැටරිය නැවත ආරෝපණය නොවීම.
6.යතුරු පුවරුව තුල දෝෂ ඇතිවීම.
7.චාජර් උපකරණයේ ඇතිවන දෝෂ.
8.මෘදුකාංග තුල ඇතිවන දෝෂ.
මේ අනුව මෙම දෝෂ ප්‍රදාන කොටස් දෙකකට බෙදිය හැකි බව පෙනේ.
1.දෘඩාංග වල ඇතිවන දෝෂ.
2.මෘදුකාංග වල ඇතිවන දෝෂ.
මෙම පාඩම් මාලාව තවත් කෙසේ සංවර්ධනය විය යුතුද යන්න ඔබේ අදහස් දක්වන්න.
ඔබට ජය!

Wednesday, August 13, 2014

සුර්ය විදුලි ජනක සවි කිරීම ගැටළු හා විසදුම්..3

     ගොඩක් දෙනා මෙම පාඩම් මාලාවට ප්‍රිය කරනවා..ඒ බව මට නන් දෙසින් එන දුරකථන ඇමතුම් වලින් පැහැදිලි වෙනවා..සෑහෙන පිරිසක් මගෙන් අහන දෙයක් තමයි ඉන්වර්ටර් එක සවිකිරීම ගැන.නිවසකට කොච්චර වොට් ගණනක් සාමාන්‍යයෙන් ඕනද?එයින් ලබා ගන්නා විදුලිය නිවසේ විදුලි පරිපතයට සවිකරන්නේ කොහොමද?මොනවාද ක්‍රියාකරන්න පුළුවන් උපකරණ.?නිවසක සාමානය භාවිතයට නම් වොට් 500 ක එකක් උනත් ඇති.වැඩි වොට් ගණනක් ගන්න ගියොත් වැඩි මුදලක් වැයවෙනවා.ඒ නිසා වොට් 500 එකක් තෝරාගන්න.

කොහොමද ඉන්වර්ටරය බැටරියට සවිකරන්නේ..
ඉන්වර්ටරයේ එක පැත්තක ඇති + හා - ලෙස ලකුණු කල අග්‍ර දෙකක්.ඔයාලට ඉන්වර්ටරය එක්ක ලැබෙන රතු හා කලු වයර් දෙකේ සිදුරක් සහිත පැත්ත පිළිවෙලින් රතු වයරය + අග්‍රය වෙතටත් කළු අග්‍රය - අග්‍රය වෙතටත් සවිකරන්න.
එම වයර් වල අනික් පැත්තේ ඇති කිඹුල් ක්ලිප් දෙක නිවැරදිව බැටරියේ අග්‍ර වලට සවිකරන්න.දැන් ඉන්වර්ටරයේ ඇති ස්විච් එක ඔන් කරන්න.ඔබට පෙනේවි එහි ඇති ෆෑන් එකක් වැඩකරනවා..එකෙන් තමයි ඉන්වර්ටරය ඇතුලේ නිෂ්පාදනය වන තාපය පිටතට මුදා හරින්නේ.මෙහිදී  ඉන්වර්ටරයේ කොල පාට LED බල්බය දල්වුනොත් ඔබේ SOLAR පද්ධතිය නිවැරදිව ක්‍රියා කරන වබ දැන ගත හැක.එමෙන්ම රතු පාට බල්බය ද දැල්වේනම් කොතැනක හෝ දෝෂයක් ඇත.එය ඉන්වර්ටරයේ හෝ ඔබ ඉන්වර්ටරය මගින් ලබා ගතහැකි මට්ටමට වඩා වැඩි ධහරාවක් අදින උපකරණ සවිකර තිබෙන්නට පුළුවන.(ශීතකරණ වැනි)කොළ පති බල්බය දැල්වෙන විට පමණක් ඔබට ඉන්වර්ටරයේ 230V නිකුත් කරන සොකට් එකට පින් තුනේ ප්ලග් බේස් එකක් මගින් වයර් එකක් මගින් නිවසේ ප්ලග් එකකට සවිකළ හැක.

ඊට පෙර  නිවසේ ට්‍රිප් ස්විෂ් එක OFF කිරීමට වග බලාගන්න.එමෙන්ම ශීතකරණ,රෙදිසොදන මැෂින්,විදුලි ස්තිරික්ක,ප්ලග් වලින් ගලවා දමන්න.
දැන් ඔබට නිවසේ CFL/LED විදුලි බල්බ.රුපවාහිනි යන්ත්‍රය,ටේබල් ෆෑන්,රේඩියෝ,ආදිය ක්‍රියාත්මක කරන්නන්ට පුළුවන.සම්පුර්ණ ආරෝපණය වූ කාර් බැටරියකින් සාමානයෙන් වොට් නමයක් ඇති LED බල්බ 7 ක් පැය හයක පමණ කාලයක් දල්වා තැබිය හැක.ක්‍රමයෙන් බැටරිය බැසයත්ම ඉන්වර්ටරය ඉබේම ක්‍රියා විරහිත වන අතර ඊට මද වෙලාවකට පෙර එයින් බීප් හඩක් නිකුත්වේ.

ඔබට ජය!

Tuesday, August 12, 2014

CCTV කැමරා පිටස්තරයන් ලවා සවිකරන්නේ බලාගෙනයි..

දැන් ලංකාවේ බොහොමයක් ආයතන වල CCTV කැමරා පද්ධති සවිකර තිබෙනවා..බොහොමයක් දෙනා ඒවා සවිකරනේ පිටස්තරයකු ලවා ගෙනයි.මන්ද තමාට ඒ ගැන අවබෝධයක් නැති නිසා..එහෙත් ඔබේ මුල්‍ය ආයතයේ හෝ තම පවුද්ගලික ස්ථානවල CCTV කැමරා වෙනත් අයකු ලවා සවිකරන්නේ නම් ඔබ ඔහු ගැන දෙවරක් සිතා බැලිය යුතුය.එම CCTV සවිකරන පුද්ගලයාට ලංකාවේ හෝ ලොව කොතැනක සිටියත් ඔබේ ආයතනය ඔහුට අන්තර්ජාලයෙන් පරික්ෂා කළ හැකි බැවිනි.මන්ද අදාළ පුද්ගලයා ඔබේ CCTV ජාලයට අදාළ මුරපද හා ඩොමේන් නාම ඔහු සටහන් කර ගනී.ඔබ ආයතනේ
හිමිකරු නම් ඔබට CCTV සැකසුම් ගැන අවබෝධයක් නැතිනම් ඔබ එම පද්ධතියේ මුරපදහා වෙනත් සැකසුම් කල නොහැක.
දැන් භාවිතයට පැමිණ ඇති ඇතැම් CCTV පද්ධති වල ඩොමේන් පවා ලබා ගත යුතු නැත.එහි එන ID NUMBER එකක් තුළින් පහසුවෙන් අන්තර්ජාලයෙන් හා දුරකතනයෙන් සියලු කැමරා වල දර්ශන නැරබිය හැක.මේ අනුව පෙනෙන්නේ ඔබේ ආයතනය ඇතුලත හා පිටත ක්‍රියාකාරකම් මේ සම්බන්ද තාක්ෂනය දන්නා එය සවිකළ පුද්ගලයාට ලබා ගත හැකි බවය.මෙනිසා හෙටදින තාක්ෂණික ආයතනය ඔබට නිතරම කියා සිටින්නේ හැකි සෑම විටම තමාම තාක්ෂනය ඉගෙනගෙන අදාළ සැකසුම් ටිකවත් තමාම කරගන්නා ලෙසය.CCTV කැමරා සවිකරන එවැනි ආයතනයක මා දැනට වසර තුනකට පමණ පෙර පුහුණුවකට ගිය අවස්ථාවකදී, එවැනි තමන් CCTV කැමරා සවිකළ ආයතන කීපයකම සියලු ක්‍රියාවන් අපට පෙන්වීම මා ලද හොඳම සාක්ෂියයි.මා විසින් නිෂ්පාදනය කරන ලද CCTV කැමරා ස්ථාපන පැකේජ වල ඔබට අනාරක්ෂිත බවින් මිදීමට අවශ්‍ය සියලු සැකසුම් සකසන අයුරු ගෙනහැර දක්වා ඇත.
ඔබට ජය!

Saturday, August 9, 2014

සුර්ය විදුලි ජනක පිළිබඳව ගැටළු හා පිළියම්..2

            අද මම ඔයාලට ඇතිවෙච්ච ගැටළු කීපයකට පිළිතුරු දෙනවා බලන්න..ඔයාලගේ ගැටලුවට පිළිතුරක් ලැබුනාද? කියා..සියලු ගැටළු කොමෙන්ට් කරන්න..ඉඩ ලද විට හැම එක ටම පිළිතුරු දෙනවා..වැදගත්..බහුතරයකට අවශ්‍ය දේට පළමු තැන දෙනවා..තරහා වෙන්න එපා...


සුර්ය පැනලයෙන් එන විදුලියෙන් බැටරිය ස්වයංක්‍රීයව ආරෝපණය කරන්නේ කොහොමද?

ඔවු මේක හොඳ ගැටලුවක්..පැනලය මගින් නිෂ්පාදනය වන විදුලිය ගබඩා කර ගැනීමට අපි බැටරියක් භාවිතා කරනවා..මෙයට කාර් බැටරියක් වඩා සුදුසුයි.නැතිනම් UPS බැටරියක් යොදා ගන්න පුළුවන්. ඒත් එමගින් වැඩි වෙලාවක් 230V ඉන්වර්ටරය මගින් ගන්න බැහැ.කාර් බැටරි දෙකක් සමන්තරගත ලෙස සවිකළහොත් වැඩි වෙලාවක් විදුලිය ලබා ගත හැකියි.ඉතින් ඉබේම ආරෝපණය වෙලා නවතින්න අපි භාවිතා කරන්නේ SOLAR CHARGING CONTROLLER නමැති උපකරණය.එයට පුළුවන් බැටරිය උපරිම ලෙස ආරෝපණය වුවිට ස්වයන්ක්‍රියව ධාරාව කපා හැරීමට.මෙහි විවිධ ඇම්පියර් ගාණකින් යුතු CONTROLLER ලබා ගත හැකියි.මා එම උපකරණය බැටරියට සවිකරන අයුරු පහත පරිදි දක්වන්නම්..
සුර්ය ශක්තියෙන් විදුලිය ලබා ගැනීම අපවැනි රටකට ඉතා වැදගත්..මොකද දවසේ වැඩි කාලයක් ලංකාවේ බොහෝ ප්‍රදේශ වලට හිරුඑළිය හොඳින් ලැබෙනවා..අනික දැන් අවශ්‍ය උපකරණ අඩු මිලට ලබා ගන්න පුළුවන්.සුර්ය පැනලයක් සාමානයෙන් වසර 20-25 භාවිතා කල හැකියි.බැටරිය තමා අවුලකට තියෙන්නේ..එහෙත් මෙවැනි CONTROLLER එකක් හරහා ආරෝපණය කිරීමෙන් එහි ආයුකාලය වැඩිකර ගත හැක.එක සුර්ය පැනලයක් යොදනවා වෙනුවට පැනල කීපයක් යොදා සමාන්තරගත ලෙස සවිකර CONTROLLER එකට සවිකළහොත් වඩාත් ඉක්මනින් බැටරිය ආරෝපණය කරගත හැක.

අවශ්‍ය අයට එම උපකරණය පිටරටින් ගෙන්වා දීමට ද පුළුවන.

ඔබට ජය!

Thursday, August 7, 2014

නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්න ක්‍රමයක්.

  මම අද ඔබට කියල දෙන්නම් නොමිලේ දුරකථන ඇමතුම් ගන්න ක්‍රමයක්.මා මෙහිදී කියලා දෙන්නේ වැඩි හරියක් භාවිතා කරන android  මෙහෙයුම් පද්ධතිය ඇති දුරකථන වලින් නොමිලේ ඇමතුම් හා ටෙක්ස් මැසේජ් යවන හැටියි.ඒ සඳහා අවශ්‍ය වන app එක මෙතනින් බා ගන්න.මුලින්ම කියන්න ඕනා මෙම app ඇති තවත් දුරකතනයක අතර පමණයි ඇමතුම් ගන්න පුළුවන්.මෙය
හදුන්වන්නේ viber android app ලෙස.

1.මුලින්ම දුරකතනයට app එක ස්ථාපනය කරගන්න.එය විවුර්ත කල විට welcome to viber තිරය ලැබේ.

2. දැන් එහි continue බොත්තම ඔබන්න.මීළඟට ඔබේ රට හා දුරකථන අංකය ලබා දෙන ලෙස ඉල්ලයි. එයද ලබා දෙන්න.

3.නැවත continue බොත්තම ඔබන්න.ඉන්පසුව your viber code ලෙස මුලින් ඇති අංකයක් සහිත sms පණිවිඩයක් ඔබේ දුරකතයට ලැබෙනු ඇත.එහි වන අංකය viber තිරය මත සටහන් කරන්න.දැන් ඉදිරියට යන්න.එවිට Enter your detals නම් පිටුවක් ලැබේ .එහි තමට නමක් හා තමා හදුනා ගැනීමට පින්තුරයක් ලබා දෙන්න.දැන් නැවත continue නම් බොත්තම ඔබන්න.එවිට වැඩසටහනට යොමුවේ.

4.ඇමතුම් ලබා ගැනීමට තිරයේ ඉහලින් ඇති ශිර්ෂ රුපයක් ඇති අයිකනෙක ක්ලික් කරන්න.එවිට තමාගේ දුරකතනේ ඇති දුරකථන අංක පෙන්වයි.ඉන් ඔබ viber වැඩසටහන් හරහා ඇමතුම් ලබා ගත හැකි අංක තෝරා ඇමතුම් ලබා ගත හැක.(එනම් වෙනත් දුරකතනවල viber වැඩසටහන ස්ථාපනය කර ඇති ඒවායේ අංක වලිට)

5.පණිවිඩ යැවීමට නම් free massege නම් බට්න් එක ඔබන්න.එවිට මැසේජ් වින්ඩෝ එකට යොමුවන අතර ඔබට අවශ්‍ය දෙය සඳහන් කර viber භාවිතා කරන වෙනත් දුරකතහන අංකයක් සටහන් කර එය යැවිය හැක.
(මෙහිදී දුරකථන ඇමතුම් හා පණිවිඩ වලදී data වැයවේ.එය දුරකථන ඇමතුම් වලට වඩා ඉතා අඩුය.)

ඔබට ජය!

ඩබල් පැති LED නාම පුවරු හදමු..

  මගෙන් LED නාම පුවරු ලබා ගත් අයත් වෙනත් අයත් මගෙන් අහනවා කොහොමද?එකම කොන්ට්‍රෝල් එකකින් පැති දෙකක බෝඩ් දෙකක් ක්‍රියාත්මක කරන්නේ  කියලා..ඉතින් ඒ ගැන පොස්ට් එකක් දාන්නහිතුනා..ව්‍යාජ තැන්වලින් පැකේජ ගත් අය අන්තිමට මට CALL කරලා අහනවා ගොඩක් ප්‍රශ්න..අඩුම ගානේ සැකසුම් ටිකවත් ඒ ව්‍යාජ පැකේජ වල නෑ කියලා ඔවුන් ගෙන් මට එන දුරකථන ඇමතුම් අති විශාලයි..ඉතින් මම කියලා දෙන්නම්
දෙපැත්තේම පෙනෙන විදිහට LED නාම පුවරුවක් හදා ගන්න හැටි.CCTV කැමරාත් එහෙමයි.සමහර පැකේජ කරන අය DDNS වගේ දේවල් ගැන අහලවත් නැතිලු...

1.ඔබ කැමති ප්‍රමාණයට පින්තුරේ දාල තියෙන විදිහට රාමුව සකසා ගන්න.මේක කරන්න පුංචි හැකියාවකුත් ඕනා..වැඩේ අවුල් වගේ නම් ඇලුමිනියම් වැඩ කරන කාට හරි කියලා සුළු මුදලකට මෙය හදා
ගන්න.පුළුවන්..බලසැපයුම් ඇතුලෙම සවිකරනවා නම් ගොඩක් ඝනකමට රාමුව හදන්න වෙනවා..එකට අඟල් තුනේ බොක්ස් බාර් එක ගන්න.

2.දෙපැත්තේම තියෙන පැනල වල එකම විදිහට දැන්වීම දිස්වෙන්න ඕනා නිසා කරන්න තියෙන්නේ කොන්ට්‍රොලර් එකේ සිට පැනලයට යන රිබන් ඩේටා කේබල් එක මැදින් ටැප් කරලා එය පැනල දෙකකට සවිකරන්න පුළුවන් විදිහට හදා ගන්න එකයි.

3.ඒ කට ඕනා වෙනවා රිබන් කේබල්. වයර් 16 ක් තියෙන රිබන් කේබල් අඩි ගණනට පිටකොටුවේ යුනිටෙක් එකෙන් ගන්න පුළුවන්..එමෙන්ම එම කේබල් වල දෙපැත්තට සවි කරන සොකට් එතැනින්ම ගන්න පුළුවන්.පින් 16 femail socket ගන්න ඕනා.එක සොකට් එකක කෑලි තුනක් තියෙනවා පෙනේවි.එහි කොටස් තුන කේබල් එක දමා තද කලවිට ලොක් වෙනවා නැවත ගලවන්න බැහැ.
4.ඒ විදිහට කේබල් එක නියම පරිදිම හදනවා නම් අපට අවශ්‍ය වෙනවා ක්‍රිම්පින්ග් tool එකක්.එය රු.1400 විතර වෙනවා යුනිටෙක් එකෙන්ම ගන්න පුළුවන්.එය අවශ්‍යම නෑ..සීරුවට කේබලය සොකට් එකට ඇතුළුකර පැතලි මේස ලෑල්ලකට තියලා බර මිටියකින් හෙමින් තට්ටුකර සොකට් එක තද කන්න පුළුවන්.රිබන් එක අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන පලමුව එහි හරි මැදින් සොකට් එකක් සවි කර ගන්න.දැන් දෙකෙළවරටත් සොකට් සවිකර ගන්න.කේබල් එක හදලා පැනල දෙකක් දෙපැත්තට සවිකලා මැද සොකට් එකට කොන්ට්‍රොලර් එකේ පළමු පොර්ට් එකට සවිකර පරික්ෂා කර බලන්න.


5.මේ විදිහට පැනල සියල්ලටම සමාන්තර ගතව දත්ත ලබා දෙන්න.බලසැපයුම් පැනල ගණන අනුව යොදන්න.ඔබට අඩු වියදමකින් ද්විත්ව පැති සහිත LED නාම පුවරුවක් සදා ගත හැකි වේවි.

ඔබට ජය!

Wednesday, August 6, 2014

ඉලෙක්ට්‍රොණික පන්තිය අලුත්ම පාඩම..

 හෙටදින අඩවිය මගින් කියාදෙන ඉලෙට්‍රොණික පාඩම් මාලාවට ට්‍රාන්සිස්ටරය ගැන කියලා දෙන්නයි.මේ සුදානම.අද ලෝකයේ භාවිතා කරන ඉලෙක්ට්‍රොණික උපකරණ දිහා බැලුවම අපට ට්‍රාන්සිසිටරයක් නැති
උපකරණයක් හමුවන්නේ ඉතා අඩුවෙන්.ට්‍රාන්සිසිටරය ගැන ඉතා ඉහල තාක්‍ෂණ දැනුමක් ඇති තොරතුරු ඉදිරිපත් කළ හැකි වුවත් ඔබට තේරුම් ගත හැකි ලෙස සරල අවශ්‍යම කොටස් පමණක් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.



ට්‍රාන්සිස්ටරය කියන්නේ මොකක්ද?

මෙය ඉලෙක්ට්‍රොණික  උපාංගයක්.අර්ධ සන්නායක කොටස් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය මගින් හා ලෝහ කොටස් වලින් පාද තුනක් සහිතව නිපදවා තිබෙනවා.විවිධ හැඩවලින් හා විවිධ වර්ණවලින් යුතුයි.

ට්‍රාන්සිස්ටරයෙන් කරන කාර්යය කුමක්ද?

ට්‍රාන්සිස්ටරයක් මගින් කරනේ විදුලි   ධාරාවක ගමන පාලනය කිරීම.ඒ කියන්නේ එයට පුළුවන් ඕන නම් සුවිචයක් ලෙස ක්‍රියාත්මක වෙන්න.තවත් අවස්තාවක දී ගලන ධාරාවක වර්ධනයක් කරන්න පුළුවන්.එනම් සුළු හා දුර්වල ලෙස ඇති විදුලි signal එකක් විශාල signal එකක් බවට වර්ධනය කරන්න පුළුවන්.ඩිජිටල් සිග්නල් ලබා ගැනීමටත් මෙය භාවිතා වෙනවා.ඩිජිටල් සිග්නල් වන 0,1යන අවස්ථා ඇති කරන්නේ ට්‍රාන්සිස්ටර on/off කිරීමෙන් ලබා ගන්නා සිග්නල් මගින්.අප භාවිතා කරන පරිගණකවල ප්‍රොසෙසරවල  ට්‍රාන්සිස්ටර දහස් ගණනක් තිබෙනවා.ඒවා අවශ්‍ය පරිදි on/off වීමෙන් තමයි සියල්ල සිදුවන්නේ.පහත උදාහරණයෙන් බලන්න ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාව තේරුම් ගත හැකියි.

ට්‍රාන්සිස්ටර් වර්ග මොනවාද?

ප්‍රධාන කොටස් දෙකකි.
1.PNP ට්‍රාන්සිස්ටර
2.NPN ට්‍රාන්සිස්ටර


මේවායේ සංකේත මගින් එහි වෙනස හදුනා ගන්න.මෙම වර්ග වල පාදම අග්‍රය මල්ටිමිටර ආදියෙන් පරික්ශා කරන විට  වෙනස් වෙනවා එය දැනට මතක තබා ගන්න.ට්‍රාන්සිස්ස්ටර මල්ටිමිටරය ආධාරයෙන් පරික්ෂා කරන අයරු ඊළඟ පොස්ට් එකෙන් කියලා දෙන්නම්..

ඔබට ජය.!

Monday, August 4, 2014

සුර්ය විදුලි ජනක පිළිබඳව ගැටළු හා පිළියම්..1

    සුර්ය විදුලි ජනක නිෂ්පාදනය ගැන මා පලකල පසුගිය පොස්ට් එකෙන් පස්සේ විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී තිබෙනවා.ඉතිං ගොඩක් අයට තියෙන ගැටළු වලට පිලිතුරුත් අරන් පොස්ට් එකක් දාන්න හිතුනා..බලන්න ඔබේ ගැටලුවටත් පිළිතුර ලැබුනාද කියලා...

1.කොච්චර ලොකු පැනල එකක් භාවිතා කරන්න ඕනද?
මෙය තීරණය වන්නේ ඔබට අවශ්‍ය වන වොට් ගණන අනුවයි.සාමන්‍ය නිවසකට වොට් 500 ක් තිබුනත් ඇති.වොට් පන්සීයක ඉන්වර්ටර් එකක් කාර් බැටරියකින් ක්‍රියාත්මක ක්රන්නටනම් අඩුම තරමේ 60w සුර්ය පැනලයක් අවශ්‍ය වෙනවා..එකෙන් නිකුත් වන ධාරාව අවම වශයෙන් ඇම්පියර් තුනට වඩා වැඩි වෙන්න ඕනා..එහෙත් ඔබ ups බැටරියක් භාවිතා කරනවා නම් අඩු වොට් ගණනක් ඇති පැනලයක් යොදා ගත හැකියි.එම සියලුම පැනල වල පිටවන වොල්ටිය තාව 18v වෙන්න ඕනා..

2.සුර්ය පැනලය කෙලින්ම  බැටරියට සවි කරන්න බැරිද?

පුළුවන්.. හැබැයි බැටරියේ ආයු කාලය ඉක්මනින් අඩුවෙනවා..over charging වුනොත් බැටරියට හානි වෙනවා..බැටරිය සම්පුර්ණයෙන් ආරෝපණය උනාද කියාලා බලන්න ක්‍රමයක් තියෙනවා..ඒක ටිකක් කරදර වැඩක්..ඔය බැටරියේ උඩ පැත්තේ ඇති ගලවන්න පුළුවන් මුඩි කිහිපයක්..එතනින් බැලුවාම පෙන්නේ බැටරි වතුර.බැටරිය සුර්ය ආලෝකයෙන් හොඳට ආරෝපණය වුනාම බැටරි වතුර තුලින් පුංචි වායු බුබුළු පිටවෙනවා..එවිට සුර්ය පැනලය විසන්දි කරාම හරි..ඒ ත් කාටද පුළුවන් බැටරිය ට හැමවෙලාවෙම මේවා සවිකර නැවත ගලවමින් සවිකරමින් කර කර ඉන්න.අපි එක ස්වයංක්‍රීයව සිදුවෙන්න තමා solar chaging controller එක යොදා ගන්නේ..එකෙන් බැටරිය උපරිම ලෙස ආරෝපණය සිදුවී ඇති විට ඉබේම පැනල ධාරාව බැටරියට ගැලීම කපා හරිනවා..

3.වොට් 60 ක පැනලයක් කියක් විතර වෙයිද?

සාමානයෙන් මෙවැනි පැනලයක් දැනට රු.6000.00 ක් පමණ වෙනවා..solar controller එකක් රු.2500.00 ගන්න පුළුවන් ඇම්පියර් 30 ක එකක්.

4.කොපමණ විදුලි උපකරණ ප්‍රමාණයක් භාවිතා කරන්න පුලුවන්ද..

සාමානයෙන් වොට් 500 ක ඉන්වර්ටරයක් හා කාර් බැටරියක් යොදා ඇති නම් ඔබට වොට් 9 cfl බල්බ 7 ක් හෝ 9w led බල්බ 10 ක් පැය අටක පමණ කාලයක්  දල්වා තැබිය හැක.

5.controller ගන්නේ කොහෙන්ද??
පිටකොටුවෙන් ගන්න පුළුවන්..ඕන අයට මට අන්තර්ජාලය හරහා ගෙන්වා දෙන්නත් පුළුවන්..

ඔබට ජය!

Saturday, August 2, 2014

සුළගින් නිවසට නොමිලේ විදුලිය ගනිමු..

   අද බලශක්ති ගැටලුව ලොව පුරා ව්‍යාප්තව පවතින්නක්..දියුණු රටවල් විවිධ විකල්ප බලශක්ති ක්‍රම භාවිතා කරනවා..ඒ අතර සුළං බලය ප්‍රමුක ලෙස භාවිතා වෙනවා..ඉතින් පිටරටවල භාවිතා වන ක්‍රම අපට හරියන්නේ නැහැනේ..අපි අපටම ගැලපෙන ක්‍රමයට අඩු වියදමින් සුළං බලාගාරයක් හදා ගමු..මේක මුහුද අයිනේ ඉන්න අයටනම් ඉතාමත් ගැලපෙනවා...කදුකර
ප්‍රදේශවලත් නිතරම සුළං ඇති ස්ථානවලටත් ගැලපෙනවා..නැති නම් සුර්ය බලය හා ඒකාබද්ධ කර මෙය භාවිතා කල හැකියි..මෙමගින් නිවසේ සියලු ආලෝක කරන අවශ්‍යතා සපුරා ගත හැකියි.මම ඔබට කියලා දෙන්නේ රු.20 000 කට අඩුවෙන් වියදම් කර වොට් 1000 ක සුළං බලාගාරයක් හදා ගන්නා හැටියි..ඔබට නිවසේදීම මෙය සදා ගන්න හැකිවන පරිදි සරල සිංහල පාඩම් මාලාවක් සකස් කළා..
වීඩියෝ දර්ශන හා එය සියල්ල එකලස් කරණ හැටි කියලා දෙන්නේ ඒ පාඩමින්. මෙය ඉතා අඩු මුදලකට ඔයාලට දෙන්න මම ළඟදීම කටයුතු කරනවා..සමහරු අපේ බ්ලොග් එක කොපි කරලා ඒ වගේ ඒවා හදලා..ලිපි හොරකම් කරලා පැකේජ හදලා..ඔයාලා ඒවාට රැවටෙන්න එපා හෙටදිනත් සමග හැමදාම ඉන්න...තවත් නවතම නිපැයුම් ඔයාලට සමීප කරන්න අපි නිතරම කටයුතු කරනවා.

ඔබට ජය!