ගොඩක් දෙනා අපේ පැකේජ අරගෙන LED බල්බ හදන්න පටන් අරන්.විශාල පිරිසක් තමාගේ නිවසට අවශ්‍ය බල්බ තමාම නිපදවා ගත්තා කියල දන්වලා එවලා තිබුනා.තවත් මහර අය ව්‍යාපාර විදිහට පටන් අරන්..සමහරු ගෙවීමේ ක්රමයටත් ලබා දෙනවාලු..එවැනි අය මගෙන් අහනවා එයාල හදන LED බල්බ වලට කාඩ්බෝඩ් පෙට්ටියක් හදන්නේ කොහොමද කියලා..මුලින්ම කියන්න ඕනා ඔය පෙට්ටි ඔයාල බඩු ගන්න කඩවලින්ම ගන්නත් පුළුවන්.නැතිනම් ඔබට මුද්‍රණ ආයතනයකට දීලා සාදවා ගන්න පුළුවන්..එහෙම කරනවා නම් පෙට්ටි ගොඩක්
එකවර සාදවා ගන්න එවිට වියදම අඩුයි..මතක ඇතිව ඔයාල එම පෙට්ටියට ඔයාලගේ ව්‍යාපාරයේ නමයි රජයේ ලියාපදිංචි කල අංකයයි දාන්න..ඔයාලගේ නිෂ්පාදිත ලිපිනය සදහන් කිරීමත් ඔබේ විශ්වාසය වැඩි කිරීමට හේතුවෙනවා.පිටකොටුවෙන් ගන්නවා නම් රුපියල් දහයකට පමණ ලබා ගන්න පුළුවන්.කොහොමටත් ඔබ ව්‍යාපාරයක් විදිහට කරනවා නම් මේ වගේ පෙට්ටියක් තිබීම ඉතා වැදගත්.ඔයාලා පිටකොටුවෙන් ගන්න පෙට්ටිවල ඔයාලගේ නම ගහල නැති නිසා ස්ටිකරයක් මුද්‍රණය කරලා අලවන්න.එතකොට වැඩේ හරි.මෙන්න මේ වගේ පතරොමක් තමයි පෙට්ටියකට ඕනා වෙන්නේ.හරි දැනට පෙට්ටි භාවිතා කරන අය ඒවයේ විස්තර "අපේ පිටුවට"එවන්න.
ඔබට ජය
No comments:
Post a Comment