Showing posts with label ඉලෙක්ට්‍රොණික පන්තිය... Show all posts
Showing posts with label ඉලෙක්ට්‍රොණික පන්තිය... Show all posts

Monday, April 29, 2013

ඉලෙක්ට්‍රොණික පන්තිය..

  නවීන තාක්ෂණයට මුහුණ දීම සඳහා ඔබට අද කාලයේ අතිශයින්ම වැදගත්වන ඉලෙක්ට්‍රොණික විද්‍යාව ඉගෙනීම ඔබටත් ඔබේ අනාගත දරුවන්ටත් ඉතා වැදගත් බව ඔබ නොදන්නවා විය හැකිය.මම කුඩා කල සිටම ඉලෙක්ට්‍රොණික විද්‍යාවට ඇලුම් කළ නිසා එය පහසුවෙන් ඉගෙන ගතිමි.ලංකාවේ විශාල පිරිසක් මෙම විෂයට ඇලුම් කරන අතර
අද පාසල් විෂය ධාරාවට මෙම විෂයද හොඳින් එක් වී ඇත.
මෙය ඉතා පුළුල් විෂයය ධාරාවකි.ඉගෙනීමට බොහෝදේ  ඇත.හෙටදින අඩවිය මගින් ඉලෙක්ට්‍රොනණික පාඩම් මාලාවක් නොමිලේ ඉදිරි පත් කිරීමට සැලසුම් කර ඇත.මුලික ඉලෙක්ට්‍රොනණික විද්‍යාවේ සිට නවීන පරිගණකය දක්වා මෙහි ඉගැන්වෙනු ඇත.විශේෂයෙන් පාසල් සිසුන් හා ඉලෙක්ට්‍රොණික අංශයේ සේවයේ නියුතු අයට මෙම පාඩම් මාලාව වැදගත් වනු ඇත.ඔබට මෙම විෂය පිළිබඳව ඇති ගැටළු පාඩම් කෙසේ සකස් කල යුතුද යන ආදී කරුණු මාවෙත කොමෙන්ට් කරන්න.එය ඉදිරි පාඩම් මාලා සැලසුම් කිරීමට වැදගත් වනු ඇත.
මුලික ඉලෙක්ට්‍රොණික විද්‍යාව.
නවීන තාක්ෂණික ලෝකය ඉතා සීග්‍රයෙන් දුයුණු වෙමින් ඇත.ගුවන් විදුලිය මුලික කරගෙන ඇරඹි මෙම ශේත්‍රය අද ලොව පුරා පැතිරී ගොසිනි.මුලික කරුණු වලදී පගත කරුණු වටහා දෙනු ඇත.
1.විදුලිය.
2.වෝල්ටීයතාව
3.ධාරාව.
4.ප්‍රතිරෝධය.
5.ධාරිතාවය.
6.ඉලෙක්ට්‍රොණික  ශිල්පියාට අවශ්‍ය උපකරණ.
7.සරල පරිපත.
8.ඉලෙක්ට්‍රොණික උපාංග හා එහි ක්‍රියාකාරීත්වය.
9.PCB හදන හැටි.
10.LED ආලෝක රටා.
11.ඉලෙක්ට්‍රොණික උපාංග වල දෝෂ සොයා ගන්න හැටි.
12.ගුවන් විදුලි අදායකය.
13.ගුවන් විදුලි සම්ප්‍රේක්ෂණය
14.ගුවන් විදුලි යන්ත්‍ර අලුත්වැඩියාව.
15.රුපවාහිනි තාක්ෂනය.
16.රුපවාහිනි යන්ත්‍ර අලුත්වැඩියාව.
17.වෙනත් විදුලි උපකරණ හා එහි තාක්ෂනය.
18.වෙනත් විදුලි උපකරණ අලුත්වැඩියාව.
19.තවත් විශාල පාඩම් මාලා රැසක්
ඔබට ජය!

Monday, March 18, 2013

හෙටදින ඉලෙක්ට්‍රොණික පන්තිය..

   ඔබ පියමනින්නේ ඉලෙක්ට්‍රොණික ලෝකයට.අද හැම දෙයක්ම ඉලෙක්ට්‍රොණික කරණය වී ඇත.අපගේ ජීවිතය ද ඉලෙක්ට්‍රොණික උපාංග හා දක්වන්නේ සමීප සම්බන්දක්‌.නුතනයේ පාසැල් විෂයට ද ඉලෙක්ට්‍රොණික විෂය ඉගෙනීමට පෙලබෙන සිසුන් ගනනද වැඩි වී ඇත.මෙම ශේත්‍රය තුල රැකියා අවස්ථා බහුල ය.ජංගම දුරකතන,එදිනෙදා නිවසේ භාවිතා කරන විදුලි උපකරණ අලුත්වැඩියාව ඔබට ඉගෙන ගත
හැකිනම් ඔබට තෘප්තිමත් විය හැකි අමතර ආදායම් මාර්ගයක් විවර කර ගත හැකිය.ඇරත් මෙම විෂය ඉගෙනීම කවදාවත් අපතේ යන්නේ ද  නොවේ.තම එදිනෙදා ජිවිතයේ කටයුතු වලට ඉලෙක්ට්‍රොණික දැනුම අද කාලේ නැතුවම බැරිය.ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්නාක් මෙන් මෙම විෂය පරිෂය ප්‍රගුණ කිරීමෙන් ඔබට අසීමිතව අදායමක් ලද හැකිය.
බොහෝ දෙනා ඉලෙක්ට්‍රොණික විෂයට කැමතිය.මම ද මෙම විෂයට කුඩා කල සිටම කැමැත්තෙන් සිටි අයෙකි.කෙදිනක හෝ මෙම විෂය වැඩිදුරටත් ඉගෙන ගන්න බව මාගේ  අදිෂ්ඨානයක් විය. එහෙයින් කුඩා කල සිටම විවිධ ඉලෙක්ට්‍රොණික උපාංග අතපත ගෑමටත් ඒවා ගලවා නැවත සවිකිරීමත් මාගේ විනෝදාන්ශයක් විය.පසුව හොරණ වුර්තිය පුහුණු ආයතනයෙන් ඉලෙක්ට්‍රොණික පුහුණු ප්‍රාඨමාළාවක්‌  හැදෑරීමෙන් මගේ අරමුණ වඩාත් සඵල විය.ඉලෙක්ට්‍රොණික විෂයට අයත් මුලික හරය දැන ගැනීමෙන පසු එය ඉගෙනීම ඉතා පහසුය.ලංකාවේ පාසල් සිසුන් ටත් අමතර ආදායම් මගක ඇතිකර ගැනීමටත් කැමති අයට මම ඉලෙක්ට්‍රොණික පාඩම් මාලාවක් සංවිධානය කර ඇත.එය කාටත් නොමිලේ ලබාගත හැක.කොටස් වශයෙන් පල කෙරෙන මම පාඩම් මාලාව හෙටදින අඩවිය ඔස්සේ ලබාදීමට මම සුදානමින් සිටිමි.කුඩා වයර් කැබැල්ලේ සිට පරිඝනකය දක්වා දැනුම නොමිලේ ලබා ගැනීමට ඔබට හැකි වනු ඇත.ELD බල්බ සකස් කිරීමේ පාඩම් මාලාවට ඉහල ප්‍රතිචාර ලැබී තිබේ.මෙම පාඩම් මාලාව කෙසේ සංවිධානය විය යුතු දැයි මා වෙත කොමෙන්ටුවක් ලෙස එවන්න..
ඔබට ජය!