Showing posts with label ඉලෙක්ට්‍රොණික්ස් පන්තිය 3.. Show all posts
Showing posts with label ඉලෙක්ට්‍රොණික්ස් පන්තිය 3.. Show all posts

Saturday, March 29, 2014

ඉලෙක්ට්‍රොණික්ස් පන්තිය 3.

අද මම ඉලෙක්ට්‍රොණික්ස් පන්තියෙන් ධාරිත්‍රක ගැන කියලා දෙන්නම්.ධාරිත්‍රක නැත්නම් කන්ඩෙන්සර් එහෙමත් නැතිනම් කැපෑසිටර් ලෙස හඳුන්වන මේවායේ ප්‍රධාන කාර්ය වන්නේ තාවකාලිකව විදුලිය ප්‍රමාණයක් ගබඩා කිරීමයි.එසේ ගබඩා වන විදුලි ප්‍රමාණය එයි ධාරිතාව මත වෙනස් වේ.ධාරිත්‍රක වර්ග දෙකකි.

1.අග්‍ර භේදයක් ඇති වර්ගය.
2. අග්‍ර භේදයක් නැති වර්ගය.
අග්‍ර භේදයක් ඇති වර්ගයකට උදාහරණ වන්නේ බොහෝවිට බල සැපයුම් පරිපථවල ඇති.ඉලෙක්ට්‍රොලිටික් ධාරිත්‍රකය..මේවා තනා ඇත්තේ ඇලුමිනියම් පත්‍ර දෙකක් හා විද්‍යුත් විච්චේද්යක් මගිනි.මේවායේ අග්‍ර නිවැරදිව පරිපතයට සවි කල යුතුය.නැති නම් ඒවා විනාශ වියයි.
අග්‍ර භේදයක් නැති වර්ගයක් වන්නේ සෙරමික් ධාරිත්‍රකය.පරිප්පු ඇටයක හැඩය ඇත.විවිධ වර්ණයෙන් හා විවිධ හැඩයෙන් ඇත.





මෙම සියලුම ධාරිත්‍රක වල අගය මනින සම්මත ඒකකය වන්නේ ෆැරඩ් (F) ය.එය නැනෝ ෆැරඩ්,මයික්‍රෝ ෆැරඩ් හා පිකෝ ෆැරඩ් ලෙස කුඩා ඒකක වලින් ඇත.
මම කන්ඩෙන්සර් වල ඇතිවිය හැකි දෝෂ තුනකි.
1.කාන්දු වීම LEAK
2.OPEN වීම.
3.DRY වීම
මෙම දෝෂ සියල්ල මල්ටිමීටරය මගින් හදුනා ගත හැක.එය ඊළඟ පාදමින්..