Showing posts with label නව නිපැයුම්කරුවකු වන්නේ කොහොමද... Show all posts
Showing posts with label නව නිපැයුම්කරුවකු වන්නේ කොහොමද... Show all posts

Sunday, December 22, 2013

නව නිපැයුම්කරුවකු වන්නේ කොහොමද..

  අපොයි..ඒකනම්..ගොඩක් අමාරු වැඩක්..ඇරත් දැන් ඔක්කොම අලුත් දේවල් සොයාගෙන ඉවරනේ..ඔයාලට ඇතැම් විට මෙහෙම හිතිලා ඇති.යම් කිසි දවසක ඔබට ද එසේ සිතුනි නම් කිව යුත්තේ ඔබ අනාගතය දෙස නොබලන කෙනෙකු බවය.සැබවින්ම නව නිපයුම් කරුවා යනු කවරෙක්ද?අනික් අයට නොපෙනෙන යම් ගැටලුවකට සාර්ථක තාක්ෂණික විසදුමක් ඉදිරිපත් කල හැකි හා එය ක්‍රියාවට නංවන පුද්ගලයා
නව නිපැයුම්කරුවෙකි.සැබවින්ම නව නිපැයුම්කරුවා රටක ජීවනාලිය බඳුවේ.එයට හේතුව රටක සංවර්ධනය වීමට නව නිපැයුම්කරුවා වෙතින් වන සේවයයි.එදා මෙදා තුර ලෝකයේ සංවර්ධිත රටවල් දෙස බැලුවිට එම රටවල නව නිපයුම්කරුවන් බහුලව සිටින බව පෙනෙන්නට තිබේ.
අපේ රටේ නව නිපයුම් කරුවන් නැතිද?ඕනේ තරම් ඉන්නවා.එහෙත් ඔවුන් බොහොමයක් අඩ නින්දේය.තමා තාක්ෂණික ගැටලුවකට හෝ වෙනත් ගැටලුවක තිරසාර විසදුමක් ලබා ගෙන තිබියදී එය ලෝකයට ඉදිරිපත් නොකර තැබීම සැබවින්ම අවාසනාවකි.ඒ සඳහා විවිද ගැටළු තිබෙන්නට පුළුවන.එම නිර්මාණය ඉදිරිපත් කරන්නට ඔහුට මුදල් නොමැතිකම එක ගැටලුවකි..එහෙත් නව නිර්මාණ තුලින් ලෝකය දිනු බහුතරයක් මුදල් නැතියි කියා සිය නිෂ්පාදනය අත හැර දැම්මේ නම් අද ලෝකය මෙතරම් දියුණු නොවනු ඇත.කල යුත්තේ නිෂ්පාදනය අතහැර දැමීම නොව කුමන හෝ ක්‍රමයකින් තම නිෂ්පාදනය එලි දැක්වීමය..
නව නිෂ්පාදනයක් තාක්ෂණික පැත්තෙන්ම සිදුවිය යුතු නැත.එය කළා වාණිජ ආදී ඕනෑම ශේත්‍රයකින් සිදු විය හැක.මා හෙටදින අඩවියෙන් පෙන්වා දෙන්නේ තාක්ෂණික නව නිර්මාණකරුවෙකු වන හැටිය.
අලුත් නිපදවීමක් ඇත්තෙන්ම ඔබගේ ජීවිතය දියුණුවෙන් දියුණුවට පත්වීමට හේතු විය හැක.එපමණක්  ද නොව ඔ‍බට ලැබෙන වටිනා කම කෙතරම්ද?ඔබ විද්‍යා විෂයට ඇලුම් කරන්නෙකු නම් නව නිර්මානකරුවෙකු වීමට ඉතා පහසුය.
ඔබට නව නිර්මාණ කරණයේ යෙදීමට ප්‍රමාණවත් කාලයක් නැති ඔබ කියන්නට ඉඩ තිබේ.එහෙත් නව නිෂ්පාදකයකුට ඒ සියල්ල ගැටළු නොවේ.ගැටල නිර්මාණය කරගන්නේ ද අප විසින්මය.මොහොතක් ඔබේ වටපිටාව සිතන්න.ඔබට විවිධ කාර්ය කරනා විවිධ උපකරණ පෙනෙනු ඇත.විවිධ  කාර්යයන් සිදුවන ආකාය නිරීක්ෂනය කරන්න.මෙම කාර්යයන් මෙලෙසම සිදුවිය යුතු ද ඒවා කිරීමට වෙනත් පහසු ක්‍රම තිබේද..මෙම උපකරණය මේ ආකාරයටම තියෙන්නේ ඕනා ද..ඒක අඩු වියදමකින් කරන්න බැරිද..මෙවැනි ගැටළු රාශියකින් ඔබේ මනස පිරියන්නේ නම් ඔබ නව නිපැයුම්කරුවකුට සුදුසු පුද්ගලයෙකි.වට පිටාව තවත් හොඳින් නිරීක්ෂනය  කරන්න.ඔබ ඕනා තරම් අලුත් දේවල් නිර්මාණය කල හැකි බව පෙනෙනු ඇත.උදා.වේගයෙන් ගමන් කරන ත්‍රිරෝද රථයක් වංගුවකින් හැරවීමේදී පෙරලී යන අන්දම ඔබ දුටුව හොත් ඔබට සිතිය යුත්තේ කුමක්ද?අපොයි..මේකාගේ වේගේ නිසානේ..පෙරලුනේ..යන්න නොවේ.ත්‍රිරෝද රථය වංගුවකින් හැරවීමේදී එය පෙරලීම වලකන නව උපාංගයක් තැනිය හැකිනම් කෙතරම් අපුරු ද යන්න ඔබට සිතිය යුතුය.
ඔබට ජය!