Showing posts with label බස් මගීන්ටත් පෙරගෙවුම් කාඩ් පතක්... Show all posts
Showing posts with label බස් මගීන්ටත් පෙරගෙවුම් කාඩ් පතක්... Show all posts

Monday, December 23, 2013

බස් මගීන්ටත් පෙරගෙවුම් කාඩ් පතක්..

  බස් රථ මගින් සඳහා ලංකාවේ පළමු වරට පෙර ගෙවුම් කාඩ් පතක් දැන් හදුන්වා දීමට පියවර ගෙන තිබේ.මෙම කාඩ් පත මගින් මගී ජනතාවට ඉතා පහසුවෙන් බස්රට ටිකට් පත මිලදී ගැනීමට හැකිවනු ඇත.මෙම තාක්ෂනය Touch Travel Card ලෙස හැඳින්වේ.මෙවැනි prepaid කාඩ් පතක් රු.200.කි.මෙම කාඩ් පත බස්රථයේ කොන්දොස්තර වරයාට දී අවශ්‍ය ගමනාන්තය පැවසීමෙන් ඔහු එය සිය ටිකට් මැෂිමට සමීප කර ඔබට ක්ෂණයකින් ටිකට් පත ලබා දෙනු ඇත.එහිදී මාරු කාසි
කරදරයෙන් ඔබ නිදහස් වනු ඇති.ඒ විතරක් ද නොව ඉතිරි මුදල් ආපසු දීමේ "අමතක වීමේ රෝගය "ද තුරන් වනු ඇති.බස් හිමියන්ගේ දිනපතා ආදායම වැඩි වනු ඇත.මන්ද සෑම මුදල් ගනුදෙනුවකටම ටිකට් පතක් නිකුත් කල යුතු බැවිනි.
මෙය ආරම්භක වැඩසටහනක් ලෙස හයිලෙවල් මාර්ගයේ 138 මත්තේගොඩ-පිටකොටුව හා මහරගම-පිටකොටුව බස්රථ දෙකක නියමු ව්‍යාපෘතියක් ලෙස සාර්ථකව ක්‍රියාත්මක විය.ජනතාව මෙයට ඉතා කැමති බවත් එය තමන්ට ඉතා පහසුවක් වබත් ඔවුහු පවසති.මේ සඳහා අවශ්‍ය වන ටිකට් පත නිකුත් කිරීමේ යන්ත්‍ර නිකුත් කිරීමට විශේෂ වැඩසටහන් යොදනු ඇත.මෙම පෙර ගෙවුම් පත අවසන්වූ විට නැවත එය Reload කර ගැනීමේ පහසුකම ද ළඟදීම නගර වල පිහිට වනු ඇත.මුලින්ම මෙය බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන බව දැන ගන්නට තිබේ.
ඔබට ජය!