Showing posts with label මත්තලට එන ගුවන් කුරුල්ලෝ... Show all posts
Showing posts with label මත්තලට එන ගුවන් කුරුල්ලෝ... Show all posts

Friday, March 15, 2013

මත්තලට එන ගුවන් කුරුල්ලෝ..

           අපට දැන් මත්තල,ජාතියන්තර ගුවන් තොටකි.ඇත්ත වශයෙන්ම මෙය ශ්‍රී ලංකාවට තවත් දායාදයකි.ලංකාවේ දෙවන ජාතියන්තර ගුවන් තොටුපල වන මෙය ලොව විශාලතම ගුවන් යානය ද ගොඩ බැස්සවීමේ පහසුකම් වලින් යුක්තය.තවත් දින කීපයකින් මීට පෙර ලංකාව නරඹමින් අප රට උඩින් පියාසර කල විදේශීය ගුවන් යානා මෙහි ගොඩ බස්වනු ඇත.එමගින් ලැබෙන විදේශීය ආදායම සුළුපටු නොවනු ඇත.අද දිනයේ අප විද්යුත් මාද්‍යය වලින් කියවුනේ මත්තලට ගුවන් යානයක් ගොඩ බැසීමේදී පක්ෂීන් රැලකට මැදිවූ බවය.පක්ෂීන් සිටිනුයේ මත්තල පමණක් නොවේ.ලෝකයේ වෙනත්  රටවලද ගුවන් යානා වල නිරන්තරයෙන්ම පක්ෂීන් ගැටෙති.එහෙත් එම පක්ෂි ගැටීමකින් නවතම ගුවන් යානා වලට හානි දෙන්නේ අවම වශයෙනි.
ඇරත් නවීන ගුවන් යානා සැලසුම් කල ඇත්තේ මෙවැනි උවදුරු පවා සැලකිල්ලට ගෙනය.අපේ රටේ දියුණුව ඊර්ශාවට ලක්කරන ඇතැමුන ට මෙවැනි දේ මහා ප්‍රවුර්තියකි.අපේ රටේ මද්‍යය වලට දැන් ප්‍රව්ර්ති නැත.මන්ද යුද්ධය අවසාන බැවිනි.එනිසා ඉතා සුලුදෙයක් වුවත් අතිශෝක්තියෙන් වර්ණනා කිරීමට ඔවුන් රුසියෝය.වැඩිමනක් දෙනනා මෙවැනි ප්‍රව්ර්ති ගෙන එන්නේ තම මාද්‍ය වල ට වැඩි සෙනගක් අද්දවා ගැනීමටය.පසුගිය කාලයේ හම්බන්තොට වරාය නිමකළ කාලයේ ඇතැමෙක් කිවේ  වරායේ මැද මහ ගලක් ඇති බවය එනිසා නැව් වලට එන්නට බැරි බවය.එහෙත් අද එය පුස්සක් බවට පත්ව ඇත.
අපේ අයට මෙවැනි සිදුවීම් වලින් පවා නිදහසේ තෙපර බාන්නට අවස්තාව උදා කරදුන්නේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාය.එතුමා නොසිටින්නට අප මෙලහකටත් පොලවයට භූමිධාන වී සිටින්නට ඉඩ තිබිණි.

සියල් සිරින් සැරදේ!
ඔබට ජය!