Showing posts with label මැදපෙරදිග ගිය තවත් ශ්‍රී ලාංකිකයෙකුට මරණ දඬුවම නියම වෙයි... Show all posts
Showing posts with label මැදපෙරදිග ගිය තවත් ශ්‍රී ලාංකිකයෙකුට මරණ දඬුවම නියම වෙයි... Show all posts

Sunday, February 3, 2013

මැදපෙරදිග ගිය තවත් ශ්‍රී ලාංකිකයෙකුට මරණ දඬුවම නියම වෙයි..


                       යස ඉසුරු සොයා මැදපෙරදිග ගිය ලාංකිකයෙකුට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර ඇති බව කටාර් රාජ්‍යයේ තානාපති කාර්යාලය ලංකාවට වාර්තා කර ඇත.රිසානා ගේ සිද්ධියේ උනුසුම පහව යන්නටත් පෙර මෙවැනි සිදුවීමක් සැබවින්ම ශෝකජනකය.මොහු කඳාන පියෝ මාවතේ පදිංචි ඩබ්ලිව්.සුදේෂ්කර් ය.තමාගේ මෙන්ම තම පවුලේ යහපත තකා  මිල්ල සොයා රට ගිය මෙම තරුණයා එරටදී ඉන්දීය ජාතිකයකුට පිහියකින් ඇනීමෙන් මරණය සිදුකල යි එරට අධිකරණයක් පසුගිය 31 වනදා මරණ දඬුව ම නියම කල බව කියවේ.
කෙසේ වෙතත් අරාබියේ ෂරියා නීතිය මෙන් හිස ගසා මරා දැමීමක්  කටාර් හි සිදුනොවන බවත් ඒ වෙනුවට ජීවිතාන්තය දක්වා සිරගත කිරීමත් එරට සිදුවන බව දැනගන්නට ඇත.මියගිය මෙම ඉන්දීය ජාතික තරුණයා දුප්පත් පවුලක අයෙකු බැවින් ලේවන්දියක් ලාබා ගැනීමට පවුලේ හිතවතුන් කටයුතු කරන බවත් ලංකාවෙන් ඔහු නිදහස් කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන දැන් සාකච්චා වෙමින් ඇත.මේ අනුව තමා මරණ දඬුමමින් නිදහස් කරන ලෙස ඇපෑලක් එරට ඉහල අදධිකරණයට යොමු කෙරීමට එකඟ තාවයක් ඇති මොහොතක අප රට ඒ වෙනුවෙන් කැපවී ක්‍රියා කල යුතු බව සඳහන් කල යුතුය.