Showing posts with label ශ්‍රී ලංකාවෙන් පළමු චන්ද්‍රිකාව අජටාකාශයට... Show all posts
Showing posts with label ශ්‍රී ලංකාවෙන් පළමු චන්ද්‍රිකාව අජටාකාශයට... Show all posts

Saturday, October 20, 2012

ශ්‍රී ලංකාවෙන් පළමු චන්ද්‍රිකාව අජටාකාශයට..


ශ්‍රී ලංකාවෙන් අහසට යවන පළමු චන්ද්‍රිකාව ලබන නොවැම්බර් 22 වනදා රාත්‍රී 9.30ට චීනයේ ෂින්චෑන්ග්‍ අභ්‍යවකාෂ මද්යස්ථානයෙන් උඩුගුවනට යැවීමට කටයුතු යොදා ඇත.චීනයට අයත් රොකට්ටුවක් අධාරයෙන් අහසට යවන මෙම චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට ඉහළින් කක්ෂය ගතවනු ඇති.චීනයේ චන්ද්‍රිකා තාක්ෂණ ආයතනයක් වන "චයිනා සැටලයිට්  කොමියුනිකේෂන් කෝපරේෂන් "සමාගම සහ චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රීස් කෝපරේෂන් සමාගම සමග එක්ව ශ්‍රී ලංකාවේ "සුප්‍රීම් සැට්" සමාගම  මෙම වැඩසටහන මෙහෙයවයි.මෙහි වැඩි අයිතිය ශ්‍රී ලංකාව සතුවන අතර ලංකාවේ පල්ලේකැලේ චන්ද්‍රිකා පාලන මමධ්‍යස්ථානය ඉදිවනතෙක් එහි පාලනය චීනය මගීන් සිදුකරනු ඇත.මෙය ශ්‍රී ලංකාව තැබූ යෝද පියවරක් වනු ඇත.මෙමගින් ලබන 2013 ජනවාරි මස සිට දකුණු හා  මධ්‍යම ආසියාව,නැගෙනහිර අප්‍රිකාව හා මැදපෙරදිග රටවලට සන්නිවේදන සේවා සැපයීමට හැකිවනු ඇත.කෙසේවෙතත්  2015 දී ලංකාචට ම පමණක්  වෙන්වූ චන්ද්‍රිකාවක් ගුවන්ගත කරන බව එම සමාගම පවසයි.

ඔබට ජය!!