1.උපකරණ ලබා ගැනීම -මා සඳහන් කර ඇති ආයතනය මගින් උපකරණ ලබා ගන්නා ඔබට වසරක වගකීමක් සමග උපාංග මිලදී ගත හැක.
2.පරිගණක දැනුම මද වීම.-මෙම විෂය සඳහා ඔබට
සුළු පරිගණක දැනුමක් තිබිය යුතුය.ඔබ සිංහල ටයිප් කිරීමටත් ඉංග්‍රීසි ටයිප් කිරිමටත් ඉගෙන ගත යුතුය.මෘදුකාංගය ක්‍රියාත්මක වන ආකාරය මා පියවරෙන් පියවර විස්තර කර ඇත.එය CD තැටියේ අන්තර්ගත කර ඇත.
සුළු පරිගණක දැනුමක් තිබිය යුතුය.ඔබ සිංහල ටයිප් කිරීමටත් ඉංග්‍රීසි ටයිප් කිරිමටත් ඉගෙන ගත යුතුය.මෘදුකාංගය ක්‍රියාත්මක වන ආකාරය මා පියවරෙන් පියවර විස්තර කර ඇත.එය CD තැටියේ අන්තර්ගත කර ඇත.
3.රාමුව සකසා ගැනීම.-මෙය ඉතා හොඳින් සකසා ගැනීමට ඔබේ දක්ෂතාවය අනිවාර්යයෙන් තිබිය යුතුය.එළිමහනේ සවිකරන පුවරුවක පිටුපසින් එන වසිජලයෙන් පුවරුව ආරක්ෂා කර ගැනීම ඔබේ වගකීමක් වේ.රාමුව සකස් කර ගැනීම ඔබට ගැටළු සහ ගතනම් ඇලුමිනියම් භාණ්ඩ සකසන අයකු ලවා සුළු මුදලකට රාමුව සකසා ගන්න.
4.ප්‍රමාණයෙන් විශාල තිර සැකසීමට නිෂ්පාදකයන් දෙන ඩේටා කේබල් දිග මදි වීම.-ඔබ උපකරණ මිලදී ගන්නා විට ඩේටා කේබල් නොමිලේ ලැබේ.එහෙත් ඒවා අඩි දෙකකට වඩා උසින් යුතු පුවරුවකට දිග මදිය.මෙනිසා අඩි ගනනට ලබා ගත හැකි ඩේටා කේබල් තිබේ.ඒවා ලබා ගන්නා විට පින් 16 සොකට් මිලදී ගන්න.(FEMAIL)එම ක්ලිප් ඩේටා කේබලයට සවිකිරීමට 9”Hex Series Crimping tool උපකරණයක් අවශ්‍ය වේ. එවැන්නක් පිටකොටුවේ පළමු හරස් වීදියේ යුනිටෙක් ආයතනයෙන් මිලදී ගත හැක.(රු.1450.00)
5.සකස් කල led තිරය ක්‍රියාත්මක වන විට දිගු අතට පේලි ලෙස led බල්බ දැල්වීම.-මෙය සිදුවන්නේ ඩේටා කේබල් එකක දෝෂයක් නිසාය.අලුතින් එකක් යොදා බලන්න.