Saturday, November 15, 2014

LED BULBS අපිම හදා ගමු..

  ඇත්තටම ගොඩක් සතුටුයි.අපේ බ්ලොග් එක කියවලා විශාල පිරිසක් LED BULB නිෂ්පාදනය පටන් අරගෙන කියල අපට දැනුම් දීල තියෙනවා..ගොඩක් දෙනෙක් තම නිවසට අවශ්‍ය බල්බ් ගෙදරම හදා ගත්ත කීවා..ඇත්තටම ඒක ගොඩක් වැදගත්..අපටම අවශ්‍ය දේ අපටම නිපදවා ගන්න පුළුවන් නම් එය ඉතා වැදගත්..තවත් සමහර අය කුඩා ව්‍යාපාරයක් හැටියට
බල්බ නිෂ්පාදනය පටන් අරන්.බල්බ නිෂ්පාදනය පටන් ගන්න අයට මුලින්ම කියන්න ඕනා එය පළමුවෙන්ම නිවසින් පටන් ගන්න කියලා.ගෙදරට අවශ්‍ය සියලුම බල්බ තමාම නිපදවා ගන්න.දැන් බඩු වල මිලත් අඩුවෙලා තියෙන නිසා වැඩේ ලේසියි.විනාඩි දෙක තුනෙන් හදා ගන්න පුළුවන් බල්බ වර්ග තියෙනවා කියල මම මිට පෙර පොස්ට් එකකින් කියා දුන්නා මතක ඇති.ප්ලාස්ටික් බල්බයේ සිට ඇලුමේනියම් බල්බ හා LED ටියුබ් ලයිට් හා ෆ්ලෑෂ් ලයිට් දක්වා ඕනෑම එකක් ඔබට ඉතා පහසුවෙන් තනා ගත හැකියි..මෙම බල්බ වල වැදගත්ම කරුණ වන්නේ එය නැවත නැවත අලුත්වැඩියා කර භාවිතා කල හැකිවීමයි.එහි බාහිර ආවරණයට හානිවීම ඉතා අඩු නිසා එය නැවත නැවත භාවිතා කරන්න පුළුවන්..
ඔබට LED බල්බ භාවිතා කිරීම නිසා නිවසේ විදුලි බිල 50% කින් පමණ අඩු කරන්න පුළුවන්..සාමානය විදුලු බුබුළු වලින් හීටර් වාගේ ශක්තිය අපතේ යනවා..එය ජාතික අපරාධයක්..අනික තමයි අප හදුන්වා දීල තියෙන SOLAR SYSTEM වලටත් ඔබ අනිවාර්යයෙන් LED බල්බ භාවිතා කරන්න.ඔබ හිතනවාටත් වඩා වැඩි වෙලාවක් බැටරිය මගින් බල්බ දල්වේවි..බ්ලොග් එක කියවලා බල්බ හදන හැටි ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වගේම ගොඩක් විස්තර සහිතව වීඩියෝ පාඩම් සහිත පාඩම් මාලා අප සකස් කර තියෙනවා..කැමති අයට ඒවා මිලදී ගන්න දැන් පුළුවන්..DVD එකක සියල්ල ඇතුලත් කර තිබෙනවා.උපකරණ මිලට ගැනීමට තැන් හා දෝෂ සෙවීමට ක්‍රම ද අපේ පැකේජ වල ඇතුලත්..සියල්ල සරල සිංහලින් පැහැදිලි කර තිබෙනවා..ඔබ අපේ සිංහල පැකේජ ලබා ගැනීමට අදහස් කරන්නේ නම්..ඔබේ නම හා ලිපිනය අවශ්‍ය පැකේජ සමග අපට SMS කර එවන්න..(071 836 73 71) පැකේජය ඔබේ ළගම තැපැල් කාර්යාලයට එවන අතර(VPP) ඔබට ලැබෙන ලිපිය රැගෙන ගොස් අදාළ මුදල(රු 1000) ගෙවා එය මිලදී ගත හැකියි.. අමතර ඉගැන්වීම් සඳහා ඔබට සහභාගි වීමට අවශ්‍යනම් හෙටදින අඩවියේ DEVELOPING MANAGER ප්‍රමිල (071 830 10 69)සමග සාකච්චා කර ගන්න..
ඔබට ජය!

Thursday, November 13, 2014

ශීතකරණයේ විදුලි පාරිභෝජනය අඩු කරමු..

    ශීතකරණයේ විදුලි පාරිභෝජනය අඩු කිරීමට ක්‍රමයක් මා මිට පෙර පොස්ට් එකකින් කියා දුන්නා මතක ඇති.එදා මම පොරොන්දු වුනා මේක වැඩකරන  හැටි කියලා දෙනවා කියලා.. ඔන්න අද එම පොරොන්දුව ඉෂ්ඨ කළා..
විදුලි ධාරාවක් යම් ස්ථානයකට ගලන විට එහි තරංගයේ හැඩය සයිනාකාර හැඩයක් ඇතැයි අප උපකල්පනය කලත් සැබවින්ම එසේ නැත.ප්‍රධාන ට්‍රාන්ස්ෆෝමර් වලින් විදුලිය
බෙදා හැරීමේදී විදුලි තරංගයේ හැඩයට විවිධ බධා මතුවේ.අධි වෝල්ටීයතා සම්බන්ධක ස්ථාන ආදියේදී ඇතිවන දුර්වල සම්බන්ද වලදීද තරංග හැඩයට විකුර්ති එකතුවේ.මේ ආකාරයට වෙනස් වන විදුලි ධාරාවකින් අප ප්‍රත්‍යාවර්තක විදුලි උපාංගයක් ක්‍රියා කල විට එහි නිසි ක්‍රියා කාරිත්වයට බාදා පැමිණේ..විදුලි මෝටර්.ට්‍රාන්ස්ෆෝමර් ආදී කොයිල් සහිත උපාංගවලට මින් වැඩි බලපෑමක් එල්ල වෙයි..අක්‍රමවත් ප්‍රත්‍යාවර්තක තරංගාකාර වෝල්ටීයතාවය නිසා කොයිල් තුලින් ධාරාව ගලන විට තාපය නිෂ්පාදනය වැඩිවේ..
එවිට විදුලිය අපතේ යයි.එමෙන්ම විදුලි උපකරණ වලට හානි පමණේ.දියෝද දෙකක් හෝ හතරක් යොදා ඔබ සාදා ගත් ඍජුකරන පරිපථය ඔබට මතක ඇති.එහි ධාරාව පිටවන අග්‍ර දෙකට ඉලෙක්ට්‍රොලයිටික් කැපෑසිටටරයක් යෙදීමෙන් එහි පිටවන වෝල්ටීයතාව සුමට වෙයි..මෙලෙස ප්‍රතාය්වර්තක ධාරාවක් ගලන පරිපතයට ඉහල වෝල්ටීයතාවක්  ඇති අඩු ධාරිතාවක් ඇති කැපෑසිටර් යෙදුවිට එතුලින් පිටවන ප්‍රත්‍යාවර්තක ධාරාවේ සයිනාකාර හැඩය නියමිත හැඩය ලබා ගනී..එවිට විදුලි උපකරණ අනවශ්‍ය පරිදි රත් නොවන අතර විදුලිය අපතේයාම වලකා ගත හැක.මෙය ඔබටම සකස් කර ගත හැක.මෙමගින් වැඩි වාසි සැලසෙන්නේ දිගුකාලීනව භාවිතා කරන උපකරණ වලටය.
ඔබට ජය!

Wednesday, November 12, 2014

සුර්ය විදුලි ජනක නිර්මාණය ගැටළු හා විසදුම්..

   ඇත්තටම ගොඩක් සතුටුයි..අපේ බ්ලොග් එකේ ලිපි කියවලා තමන්ටම කියලා solar system එකක් ගෙදරට හයි කර ගත්තා කියලා අති විශාල පිරිසක් මට email කරලා තිබුනා..ඒ අතරේ බහුතරයක් දෙනාට තිබුන ගැටලුවවලට අද පිළිතුරු මේ පොස්ට් එකින් දාන්නම්..බලන්න කියවලා ඔබේ ගැටලුවට පිළිතුර මෙහි තිබේද කියා..


  • solar පැනල වර්ග මොනවාද?

ගොඩක් හොඳ ප්‍රශ්නයක්..මගෙන් කට්ටිය නිතරම කතා කරලා අහනවා...solar පැනල වර්ග කීපයක් තියෙනවා..ඒවයේ එකින් එකට ලැබෙන කාර්යක්ෂමතාවය වෙනස්..මෙන්න පැනල වර්ග තුන මේවා ප්‍රධාන වර්ග තුන පමණයි තවත් වර්ග තියෙනවා..ඒවා අපට එතරම් වැදගත් නැහැ..
1.Mono Crystalline solar panels
2.poly Crystalline solar panels
3.Amorphous Crystalline solar panels
මේවාම තවත් නම් වලින් හැදින්වෙන අවස්ථා තියෙනවා..නමුත් ඒවා ගැන කලබල වෙන්න එපා..ඔය පැනල වල භාහිර හැඩය හදුනා ගන්න.එය ඔබට ප්‍රමාණවත් හොඳ පැනලයක් තෝරා ගැනීමට..
මෙම පැනල වලින් වඩාත් කාර්යක්‍ෂම එක තමා Mono Crystalline solar panels මෙහි සාමන්‍ය කාර්යක්‍ෂමතාවය 13%-20% අතර වෙනවා..
එම පැනල වර්ග තුනේම විවිධ කාර්යක්‍ෂමතාවය වෙනවෙනම පහත පරිදි දැක්විය හැක..
මෙම රූප වලින් විවිධ වර්ග වල solar පැනල වල හැඩය හදුනා ගන්න..


  • පැනලය solar controller එකින් ගැලවුවිට ස්වයංක්‍රීයව විදුලි පත්ධතිය ක්‍රියාත්මක වෙනවාද?

ඔව්..ඔබේ solar controller එකේ timing mood එකේ යම් කිසි පැය ගණනකට ඔබ settings සකසා තිබේනම් දිවා කාලයේදී පැනල මගින් controller එකට එන වයර ගලවුවිට ස්වයංක්‍රීයව පත්ධතිය ක්‍රියාත්මක වෙනවා..හැබැයි වයර් ගලවා විනාඩි 5-10 අතර තිබිය යුතුයි.එවිට solar controller එක තේරුම් ගන්නේ රෑ බෝවුනා කියලා..නිසා ස්වයංක්‍රීයව බැටරිය මගින් විදුලිය ඉන්වර්ටරය වෙත මුදා හරිනවා..මෙය ඔබේ solar controller එක නිමිත පරිදි ක්‍රියාත්මක වේදැයි බැලීමට වුවත් මෙය යොදා ගත හැකියි..

  • solar controller ලබා ගන්නේ කොහෙන්ද?
මේවා දැන් අප වෙතින් ගෙන්වා ගත හැක.ඇම්පියර් 10,20,30 solar controller ඔබට නිවසටම එවීමට අප සුදානම්..අදාළ ගාස්තු හා තැපැල් ගාස්තු ගෙවා ඔබට ඒවා වසරක වගකීමක් ඇතිව ලබා ගන්න පුළුවන.ඔබට අවශ්‍ය controller වර්ගය අපේ email ලිපිනයට එවන්න.(hetadina@gmail.com)


  • solar පැනල වල වොට් ගණන වැඩි කරන්නේ කොහොමද?

මෙය එකසමාන වෝල්ටීයතා ඇති පැනල කීපයක් සමාන්තර ගත ලෙස සවිකර සිදුකර ගත හැක.උදාහරණ ලෙස වොට් හැටක පැනලයක් සකස් කර ගැනීමට වොට් 20 පැනල තුනක් සමාන්තර ගත ලෙස එහි අවුට් පුට් අග්‍ර සවිකලවිට වොට් 60 ලබා ගත හැක.
ඔබට ජය!

Tuesday, November 11, 2014

හොර දුරකථනයක් අල්ලන හැටි..

  අද කාලේ ලංකාවේ ඉතා අඩුවට ගන්න පුළුවන් දුරකථන එමටයි.රු 2000 ඉදලා ඉහළ ගණන් වලට ඉතා පහසුවෙන් දුරකථන මිලදී ගන්න පුළුවන්..ඔයාලා පේමන්ට් එකේ තියාගෙන විකුණන ස්මාර්ට් ෆෝන් එහෙම පිටකොටුවේ තියෙනවා දැකලා ඇති.ගොඩක් අඩුවට ගන්න පුළුවන් දුරකථන ඔයාලට හමුවෙලා ඇති.මේවා බොහොමයක් ව්‍යාජ
දුරකථන කියලා ඔයාල නොදන්නවා ඇති.මෙම ව්‍යාජ දුරකත භාවිතය ඔබේ ශරීර සුවතාවට එතරම් ගුණදායක නැහැ.මොන වර්ගයක ඔබ දුරකථනයක් ගත්තත් එයටම ආවේනික හැදුනුම් පත් අංකයක් තියෙනවා.අපට එම අංකය යොදා ගෙන ඔබේ දුරකතනය අන්තර්ජාතික වශයෙන් ලියාපදිචි අනුමත එකක්ද යන්න ඉතා පහසුවෙන් සොයා ගත හැකියි..හරි දැන් කට්ටිය තමාගේ දුරකථන අතට ගන්න.දුරකථන තිරය මත *#06# සටහන් කරලා ඔයාලගේ දුරකතනයේ IMEI  හොයා ගන්න.ඕක ඉලක්කම් පහළොවක අංකයක් බව පෙනේවි.දැන් බැටරිය ගලවන්න..එවිට ඔබට පෙනේවි IMEI ලෙස සටහන් අංකයක් ..එය ඔබ කලින් කේතය සටහන් කර ලබා ගත් අංක හා සමාන වෙන්න ඕනා..නමුත් මෙම අංකය පවා දැන් අපේ පොරවල් හොරට ගහනවා..ඉතින් ඒකට කරන්න තියෙන්නේ අන්තර්ජාලයෙන් මේක පරික්ෂා කරන එකයි.හරි දැන් කට්ටිය මෙතනින් මේ වෙබ් සයිට් එකට යන්න..
ඔයාලට පෙනේවි Enter IMEI කීයල කොටුවක් එකේ ඔයාලගේ දුරකතනයේ ඉමි අංකය සටහන් කර ඉදිරියෙන් ඇති..CHECK යන බොත්තම ඔබන්න.මෙහෙම ආවොත් ඔබේ දුරකතනය හොඳ එකක්..
බලන්න එහි ඔබේ දුරකථනයේ තාක්‍ෂණික විස්තර ඔක්කොම තියෙනෙවා...මේ විදිහට ආවොත් එය හොර එකක්..
එනම් එය අනුමත නොකළ එකක්..මෙවැනි ව්‍යාජ දුරකථන භාවිතා කිරීම නිසා ඔබට කුමන හෝ පාර්ශවයකින් අගතියක් සිදුවුහොත් ඒවාට අදාළ දුරකතන සමාගම් වගකියන්නේ නැහැ..
ඔබට ජය!

Saturday, November 8, 2014

මදුරුවාට කරන්ට් වදින හැටි..

  නිවෙස් වල අපට එපාකරපු සතෙක් තමයි මදුරුවා..රෑ වෙන කොට නිවසට එන මදුරුවන් නිසා අපට වන හිරිහැරය සුළුපටු නෑ..ඩෙංගු වගේ මාරාන්තික රෝග බෝ කරන්නත් ඔය කියපු කට්ටිය උදවුවෙනවා..ගෙදර මදුරු මර්දනයට කොපමණ ක්‍රම තිබුනත් ඒවායින් එතරම් ප්‍රතිපලයක් නෑ කියල ඔයාලට සමහර විට සිතිල ඇති.මදුරු දඟර පත්තුකලාම සමහර අයට  අසාත්මිකතා ඇතිවෙනවා..අර ප්ලග් එකට ගහන දියර අඩංගු උපකරණය සවිකාලම ත් සමහර යට එහෙම වෙනවා..මේ එකක්වත් කරදර නැතිව මදුරුවන් මරා දමන්න ක්‍රමයක්
නැතිද?
ඔයාල සමහර විට දැනටමත් එවැනි ක්‍රම භාවිතා කරනවා ඇති.විදුලි ධාරාවක් මගින් මදුරුවන් මර්දනය කරන දැලක් සහිත උගුල් ඔයාලා දැකලා ඇති.සමහර ඒවා බැට්මින්ටන් පිත්තක් වගේ ඒවත් දැකලා ඇති.ඔය කෝක ගත්තත් එකේ සිද්දවන දෙය එක සමානයි.එම උපකරණ වල තිබෙනවා කුඩා වෝල්ටීයතාවයක් විශාල වෝල්ටීයතාවක් බවට පත් කරන උපාංගයක්.එම උපාංගය මගින් වෝල්ට් 1800 ක පමණ වෝල්ටීයතාවයක් නිෂ්පාදනය කරනවා..එසේ නිපදවන විදුලිය දැලක් ලෙස ඇති කම්බිවල දෙකෙලවරට ලබා දෙනවා.ස්විචය ඔන් කලවිට එම කම්බි දැලෙහි කම්බි දෙකක් අතර කලින් සඳහන් කල විද්‍යුත් ගාමක බලය පිහිටනවා.මදුරුවෙකු හෝ වෙනත් කෘමියෙකු එම කම්බි දෙක අතරට ගියොත් කම්බි දෙකෙහි අදික වෝල්ටීයතාව නිසා ඌට විදුලිසැර වදිනවා..එයින් ඌ ක්ෂණිකව මරණයට පත්වෙනවා..
ඉතින් මදුරුවෝ නිකම්ම ඔය කරන්ට් එක තියෙන දැල් අස්සට රිංගයිද?ඔය දැල් දෙක අතර තියෙනවා පාරජම්බුල කිරන නිකුත් කරන විශේෂ බල්බයක්.ගොඩක් මදුරු වර්ග හා කෘමින් පාරජම්බුල කිරණ හොයා ගෙන එනවා.එලෙස එන අයට කලින් කියපු ඉරණම තමයි අත්වෙන්නේ..හැබැයි හැම මදුරුවෙක්ම ඔය පාරජම්බුල කිරණවලට ඇදිල එන්නේ නැහැ..අපි ඒගැන හොයල බැලුවා..ඒ අනුව අපට හොයා ගන්න පුළුවන් වුනා උන් ඇදිලා එන තවත් අවශ්‍යතා කීපයක්.ඒ අනුව අහුමුලු වල ඉන්න මදුරුවෝ ඔක්කොම මේ උගුල දිහාවට ගෙනා ගන්න ඉතා සරල ක්‍රම කීපයකින් පුළුවන් කියල අපට වැටහුනා..දැන් අපි එම ක්‍රම තවත් දියුණු කරමින් ඉන්නේ.නුදුරු දිනයකදීම වඩාත් සංවර්ධනය කල ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රොණික  මදුරු උගුලක් හදුන්වා දීම අපි දැන් කටයුතු කරගෙන යනවා..එය අඩු මුදලකට අලෙවි කිරීමටත්..කැමති අයට ගෙදරම හදා ගන්න හැටිත් කියලා දෙන්න හෙටදින තාක්ෂණික ආයතනය හෙට අනිද්දාම ක්‍රියාකරනු ඇති.
ඔබට ජය?

Friday, November 7, 2014

ජංගම දුරකථන අලුත්වැඩියාවේ සගයා..

  මතක ඇතිනේ අපි ජංගම දුරකථන අලුත්වැඩියා කරන අන්දම ඉගෙන ගන්න පාඩම් මාලාවක් ආරම්භ කළා..මේකත් එකට සෙට් වෙන පොස්ට් එකක්..ඔයාල දැනටත් ගෙදර පොඩියට ජංගම දුරකතන අලුත්වැඩියා කරනවා ඇති.ඒ අයටත් මේගැන දන්නා අයගේ දැනුම අලුත් වෙන්නත් තමයි මේ පොස්ට් එක..ඔයාල සමහර විට දුරකතනයක් හදන්න අරන් ගියාම කුඩා බොක්ස් එකකට සවිකරන ලද වයර් වලින් phone එකට කරන්ට් එක දීලා පරික්ෂා කරනවා දැකල ඇති.ඒක එයාල ටිකක් හංගගෙන තමයි මේ වැඩේ කරන්නේ.. මේසෙ ලෑල්ල යට තමයි ගොඩක්
වෙලාවට ඕක තෙයෙන්නෙ.ඕකට කියන්නේ DC POWER SUPPLY කියලා..එය කුඩා ඉලෙක්ට්‍රොණික උපකරණයක්.ඇත්තටම මෙය බලසැපයුම් උපකරණයක්.දුරකතනයක ගොඩක් දෝෂ මේකෙන් හොයන්න පුලුවන්..ඕනෑම දුරකතනයක් බැටරිය නැතිව මෙම උපකරණය සවි කලාම ඔන් කරන්න පුළුවන්..මෙවැනි සාමන්‍ය මට්ටමේ උපකරණයක් රු 11500 විතර වෙනවා..
මෙහි ක්‍රියාකාරිත්වය ඉතා සරලයි.බල සැපයුම මගින් ලැබෙන බලය වෙනස් කිරීමට සුවිචයන් කීපයක් තියෙනවා.අපට ඕනා විදිහට ධාරාව හා වෝල්ටීයතාවය පාලනය කල කැකි ලෙස සකස් කර තියෙනවා..මෙහි ඉදිරිපසින් LED සප්තකන්ඩ ප්‍රදර්ශකයක් තියෙනවා..ඒකෙන් අපට විවිධ වෝල්ටීයතා නියමිත පරිදි තබා ගත හැකියි..
මෙම උපකරණ භාවිතා කිරීමෙන් ඔබට ඉතා පහසුවෙන් විශාල ප්‍රමාණයක දුරකථන වල දෝෂ ඉතා පහසුවෙන් සොයා ගත හැකියි ..ටික ටික ඔක්කොම කියලා දෙන්නම්.දිගටම අපිත් එක්ක ඉන්න.ඊළඟ පොස්ට් එක මගින් දෝෂ හදුනා ගන්නා ආකාරය කියා දෙන්නම්.
ඔබට ජය!

Saturday, November 1, 2014

LED DISPLAY PROGRAMMING CLOCK SETTINGS හදන හැටි..

   ඔයාල අලුත් අමතර ජොබ් එකක් විදිහට LED නාම පුවරු නිෂ්පාදනය පටන් අරන් කියල මට දිනපතාම වගේ දුරකතන ඇමතුම් ලැබෙනවා..ගොඩක් දෙනා මගෙන් අහනවා ඒ අය හදපු පැනල් එකේ වෙලාව වෙනස් වෙන වාලු..මම මේ ගැන අපේ සිංහල පැකේජ් එකෙනුත් කියලා දීල තියෙනවා..මට
හිතෙන විදිහට ව්‍යාජ DVD එකක් පස්සේ ගිහිල්ලා වැඩේ අනා ගත් අය තමයි මේවා අහලා නිතරම EMAIL කරන්නේ.හරි ඒ හැමෝටම දැන ගන්න තමයි මේ පොස්ට් එක.ඉතින් ඔයාල පහත පින්තුරේ දාල තියෙන විදිහට වැඩසටහනට CLOCK එකක් ද ගන්න.එහි ප්‍රමාන වර්ණ ආදී තවත් ගොඩක් දේවල් තමන්ට ඕනා හැටියට වෙනස් කරන්න පහලින් තියෙන ඔප්ෂන් භාවිතා කරන්න.
මුලින්ම ඔයාලගේ පැනලයට හා CONTROLLER එකට විදුලිය සපයන්න.දැන් එය පරිගණකයට DATA කේබල් එක මගින් සවි කරන්න.මම පහත පින්තුරේ දාල තියෙන විදිහට දැන් ක්ලික් කරන්න.
ඔබට පෙනේවි ඔයාලගේ පරිගණකයේ වෙලාවට සමානව පැනල එකෙත් වෙලාව වෙනස් වෙනවා..ඔයාල අළුතින් යමක් CONTROLLER එකට අප්ලෝඩ් කරන වාරයක් පාසා මෙම SYNC ලෙස ඇති ටැබ් එක ක්ලික් කිරීමට අමතක නොකරන්න.
පෙන් එකෙන් ප්‍රෝග්‍රෑම් කරන අයටත් මේක අදාලයි.තවත් දෙයක් ඔයාලගේ CONTROLLER එකේ කුඩා බොත්තමක් වගේ බැටරියක් තියෙනවා දැකලා ඇති එකෙන් තමයි පැනල්එක OFF කලත් වෙලාව නිවැරදිව තබා ගන්නේ.. .ඉතින් බැටරි නැති TFSU වගේ ඒවායින් වැඩ කරන පැනල වල POWER නැති වෙලාවට ඔරලෝසුව දුවන්න ක්‍රමයක් නැහැ.ඒවාට නම් දිගටම POWER දීලා තමයි තියන්න වෙන්නේ.විදුලිය විසන්දි වුන වෙලාවක වෙලාව වෙනස් වෙන්න පුළුවන් නිසා UPS එකක් හරහා පැනලයට බලය සැපයීමත් වඩා හොඳයි.එවැනි පැනල ස්වයංක්‍රීයව ON/PFF වීමට අවශ්‍ය සැකසුම් සකසා තබන්න.එවිට පැනලය නිවිගියද CONTROLLER එකට බලය ලැබී ඇති බැවින් වෙලාව වෙනස්  වන්නේ නැහැ...
තවත් දෙයක් මට හුඟක් අය කතා කරලත් EMAIL දාලත් කියලා තියෙනවා..අපේ බ්ලොග් එකට සමාන ව්‍යාජ අඩවි අන්තර්ජාලයට දාලා කියලා..අහන්නත්  ලැජ්ජයි නේ..තමන්ටම කියල නව නිර්මාණවත් බ්ලොග් එකක් හදා ගන්න බැරි අයගේ අනෙක් තෙපර ගැන...

ඔබට ජය !