Sunday, April 27, 2014

LED නාම පුවරු නිෂ්පාදන පුහුණු වැඩමුළුව

LED නාම පුවරු නිෂ්පාදන පාඩම් මාලාවේ ඇතුලත් කොටස්1.නාම පුවරු නිෂ්පාදනයට අවශ්‍ය උපකරණ.
2.මොඩියුලය හැදින්වීම.
3.CONTROLLER CIRCUIT හැදින්වීම.
4.CONTROLLER CIRCUIT එකට ඩේටා කේබල් සවි කිරීම.
5.A.බල සැපයුම් පරිපථ(SMP)
  B.බස්රථ බල සැපයුම් පරිපථය(SMP).
6.CONTROLLER CIRCUIT සඳහා වැඩසටහන සැකසීම.(LED DISPLAY PROGRAMMING)
7.මොඩියුල,CONTROLLER CIRCUITS,POWER SUPPLYES,DATA CABLE PICTURES.
8.මෘදුකාංගය පරිගණකයට ස්ථාපිත කිරීම.
9.මෘදුකාංගයේ විවිධ OPTION හැදින්වීම.
10.TF MU පරිපථයේ ගුණාංග.
11.දැන්වීම් පුවරු සඳහා රාමු සැකසීම.
12.FULL COLOR මොඩියුල හැදින්වීම.
13.FULL COLOR CONTROLLER CIRCUIT හැදින්වීම.
14.FULL COLOR CONTROLLER CIRCUIT (A1WCDMA) සතු ගුණාංග.
15.FULL COLOR පුවරු වලට වීඩියෝ ඇතුලත් කිරීම.
16.දැන්වීම් දැමීමට විශාල තිරයක් සැකසීම.
17.TFC3U CONTROLLER පරිපථය සතු ගුණාංග.
18.පෙන් ඩ්‍රයිව් මගින් දත්ත ඇතුලත් කිරීම.
19.LED නාම පුවරු වල මිල ගණන්.
20.LED නාම පුවරු සඳහා උපාංග වල මිල ගණන්.
21.උපකරණ ලබා ගත හැකි තැන්.
*LED බල්බ නිෂ්පාදන සියලු ක්‍රම නොමිලේ ඉගැන්වේ..
*ඕනෑම LED නාම පුවරුවක් ප්‍රෝග්‍රෑම් කළහැකි මෘදුකාංගය හා  ප්‍රෝග්‍රෑම් සිංහල පාඩම් මාලාව අඩංගු CD එකක් නොමිලේ ලබා දේ.

Wednesday, April 16, 2014

පට්ට ලාබෙට උණු වතුර නාන්න ක්‍රමයක්..

   තමන්ගේ නාන කාමරයට උණුවතුර ලයින් එකක් සවිකර ගැනීමට හැකිනම් කෙතරම් වටින්නේදැයි ඔබ නිතැනින්ම කල්පනා කර ඇති.ඒ සඳහා වෙළෙඳ පොලේ තියෙන උපකරනනම් සාමාන්‍ය ජනතාවට අරගන්න ගියාම මල පනිනවා.මොකද ඒවා අස්ප ගණන් වලටනේ විකුනන්නේ.ඉතින් මම ඔබව ඒ කරදරයෙනුත් ළඟදීම නිදහස් කරනවා.මම කියලා දෙන්නම් ඔබට රු.8000කටත් අඩුවෙන් ගෙදරදීම solar power
hot water heater උපකරණයක් හදා ගන්න හැටි.මේක ඉතාම සරලයි.මෙය ඉතා දිගු කලක් භාවිතා කරන්නත් පුළුවන්.මෙම උපකරණ නිෂ්පාදනය කර අලෙවි කරන්නත් මා බලාපොරොත්තු වෙනවා.කැමති දක්ෂ අයට ගෙදරදීම හදා ගන්නත් පුලුවන්.මේකට විදුලිය හෝ වෙනත් ඉන්දනයක් භාවිතා වෙන්නේ නැහැ.සුර්ය ශක්තියෙන් පමණයි වැඩ කරන්නේ.කරන්ට් එක පුච්චගෙන උණුවතුර නාන්නේ නැතිව ඔබට අපුරු උණුසුම් ජලය ඇති තරම් නා ගත හැක.ඉතින් මම දැනට මේක අත්හදා බලමින් තමයි ඉන්නේ.එය දැනට 100% සාර්ථකයි.ළඟදීම ඒක බ්ලොග් එකට දානවා.ඔයාලා අවදියෙන් ඉන්න හෙටදිනත් එක්ක.තවත් අලුත් ඔබට වැදගත් වන හෙටදින තාක්ෂණික තොරතුරු අදම මා ඔබට සමීප කිරීමට නිරන්තරයෙන්ම බැඳී සිටිනවා..
ඔබට ජය.

Sunday, April 13, 2014

ඉලෙක්ට්‍රොණික්ස් පන්තිය 4.

  ඉලෙක්ට්‍රොණික් පන්තියෙන් අද අපි මල්ටිමීටරය ගැන කතාකරමු.මෙම විෂයට නැතුවම බැරි උපාංගයක් වන්නේ මෙයයි.මෙමගින් වයර් කැබැල්ලේ සිට IC උපකරණයක් දක්වා ඕනෑම උපාංගයක් පරික්ෂා කිරීමට හැක.විශේෂයෙන් ගුවන් විදුලි හා රූපවාහිනී කාර්මික ශිල්පයේදී මෙය ඉතා වැදගත්.LED බල්බ නිෂ්පාදනයේදීත් LED නාමපුවරු නිර්මානයේදීත් මෙය අවශ්‍ය විය හැක.අද කාලයේ ඉතා සංකීර්ණ මල්ටිමීටර් තිබුනත් ඔබගේ ආධයුනික කටයුතු සඳහා සාමාන්‍ය ප්‍රමාණයේ මල්ටිමීටරයක් සෑහෙනවා.
මල්ටිමීටර් වර්ග.
1.ප්‍රතිසම මල්ටිමීටරය.(Analog multimeter)
2.සන්ක්‍යංක මල්ටිමීටරය.(Digital multimeter)

                                        ප්‍රතිසම මල්ටිමීටරය.(Analog multimeter)

මෙය ඉතා පහසුවෙන් භාවිතා කල හැක.මිලෙන්ද අඩුය.එහෙත් මෙහි අගයන් සියයට සීයක් නිවැරදිව ලබා ගත නොහැක.යම් වෝල්ටීයතාවක් මනිනේ යයි සිතමු.එවිට එය අවසාන දශම ස්ථාන වලට පෙන්වන්නේ නැත.ic ආදී උපාංග නැති නිසා මෙහි ඇතිවන දෝෂ අඩුය.


සන්ක්‍යංක මල්ටිමීටරය.(Digital multimeter)
මෙහි ඉලක්කම් වලින් පෙන්වන ඩිජිටල් තිරයක් ඇත.එය LCD තිරයකි.ඕනෑම අගයක් අවසාන දශම ස්ථාන වලට මැන ගත හැක.මෙය මිලෙන් අධික මෙන්ම වැරදි ආකාරයට භාවිතා කිරීමකදී පහසුවෙන් විනාශ විය හැක.මෙම මල්ටිමීටර් භාවිතයෙන් උපාංගවල දෝෂ හදුනා ගන්නා අයුරු ඊළඟ පන්තියෙන් කතාකරමු.
ඔබට ජය!

Sunday, April 6, 2014

        ලොව ප්‍රභලතම  ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රීලංකාව විස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශුරතාව අද දිනා ගත්තේය.එකමුතු කමේ මනා සංකේතයක් ලෙස මෙම වාර්තාගත ජයග්‍රහණය ලොව වාර්තා අතට එක් වෙයි.මේ අනුව එක්දින ලෝක ශුරතාව දිනු අපරට දැන් විස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශුරතාව අතින්ද ජය ලබා සිටිමු.ලෝක සිතියමේ කුඩා තිතක් ලෙස පෙනෙන ශ්‍රී ලංකාව ලෝකයා ඉදිරියට ගෙනයාමට ක්‍රිකට් මහගු කාර්යයක් ඉටු කර ඇත.අප රටට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අත්කර දුන් මහා ජයග්‍රහණයට හෙටදින අඩවිය හදවතින්ම සුභාශිංෂණ එක් කරයි.
ඔබට ජය!
Flag Counter

Tuesday, April 1, 2014

පේ-පැල් සේවාවට නුදුරේදීම ශ‍්‍රී ලංකාවේ

               අන්තර්ජාලය ඔස්සේ මුදල් හුවමාරු කරන ලෝක ප‍්‍රකට පේ-පැල් සේවාවට නුදුරේදීම ශ‍්‍රී ලංකාවේ බැංකුවල අනුමැතිය ලබා දීමට සූදානම් යයි මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසයි.
ඔහු පවසන්නේ විදේශයන්හි සිට ලැබෙන මුදල් ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව පේපැල් පාර්ශවකරුවෙකු වනු ඇති බවයි. දැනට මෙම ක‍්‍රමය යටතේ ශ‍්‍රී ලංකාවෙන් පිටතට මුදල් යැවිය හැකිය.
අඩු වියදමකින් විදේශයන්හි සිට මුදල් ගෙන්වා ගත හැකි ක‍්‍රමය ලෙස මහ බැංකුව මෙය හඳුන්වයි.

Saturday, March 29, 2014

ඉලෙක්ට්‍රොණික්ස් පන්තිය 3.

අද මම ඉලෙක්ට්‍රොණික්ස් පන්තියෙන් ධාරිත්‍රක ගැන කියලා දෙන්නම්.ධාරිත්‍රක නැත්නම් කන්ඩෙන්සර් එහෙමත් නැතිනම් කැපෑසිටර් ලෙස හඳුන්වන මේවායේ ප්‍රධාන කාර්ය වන්නේ තාවකාලිකව විදුලිය ප්‍රමාණයක් ගබඩා කිරීමයි.එසේ ගබඩා වන විදුලි ප්‍රමාණය එයි ධාරිතාව මත වෙනස් වේ.ධාරිත්‍රක වර්ග දෙකකි.

1.අග්‍ර භේදයක් ඇති වර්ගය.
2. අග්‍ර භේදයක් නැති වර්ගය.
අග්‍ර භේදයක් ඇති වර්ගයකට උදාහරණ වන්නේ බොහෝවිට බල සැපයුම් පරිපථවල ඇති.ඉලෙක්ට්‍රොලිටික් ධාරිත්‍රකය..මේවා තනා ඇත්තේ ඇලුමිනියම් පත්‍ර දෙකක් හා විද්‍යුත් විච්චේද්යක් මගිනි.මේවායේ අග්‍ර නිවැරදිව පරිපතයට සවි කල යුතුය.නැති නම් ඒවා විනාශ වියයි.
අග්‍ර භේදයක් නැති වර්ගයක් වන්නේ සෙරමික් ධාරිත්‍රකය.පරිප්පු ඇටයක හැඩය ඇත.විවිධ වර්ණයෙන් හා විවිධ හැඩයෙන් ඇත.





මෙම සියලුම ධාරිත්‍රක වල අගය මනින සම්මත ඒකකය වන්නේ ෆැරඩ් (F) ය.එය නැනෝ ෆැරඩ්,මයික්‍රෝ ෆැරඩ් හා පිකෝ ෆැරඩ් ලෙස කුඩා ඒකක වලින් ඇත.
මම කන්ඩෙන්සර් වල ඇතිවිය හැකි දෝෂ තුනකි.
1.කාන්දු වීම LEAK
2.OPEN වීම.
3.DRY වීම
මෙම දෝෂ සියල්ල මල්ටිමීටරය මගින් හදුනා ගත හැක.එය ඊළඟ පාදමින්..

Monday, March 24, 2014

POWER LED අලුත්ම CONTROLLER එක.

   අද මම ඔබට POWER LED නවතම CONTROLLER එකක් හදුන්වා දෙන්නම්.මෙමගින් වීඩියෝ දර්ශන ද ඔබේ නාම පුවරුවට ඇතුලත් කල හැක.ඔබේ දැනට පතින POWER LED මෘදුකාංගය 2014 බවට යාවත්කාලීන කර මෙම CONTROLLER එක ක්‍රියාත්මක කල හැක.එම CONTROLLER එක TF-VTA01 ලෙස දක්වා ඇති.එය තෝරා
ගැනීමට 2014 POWER LED මෘදුකාංගයේ පැනල් සෙටප් වෙත ගොස් CONTROLLER ඩ්‍රොප් ඩවුන් මෙනු එක ක්‍රියාත්මක කර TF-VTA01 බලන්න.එහි වීඩියෝ ඇතුලත් කල හැකි බව දක්වා ඇත.මෙම CONTROLLER එක සතු ලක්ෂණ පහත දැක්වේ.
    Model-TF-VTA01
State-    
Function introduction     Multi-area displays,network communication,colorful borders,U disk program update,Video play ,Full color LED display asynchronous control card.
Usage-     indoor/outdoor
USB function:     USB program update, USB brightness adjustment, USB panel setup. Settings stored as a file format and do not affect the original document in USB. SD card/mini-SD card is Compatible when using USB.
Pixel     Full color: 128x128 @ 24bit true color; 256x128 @ 4096 colors
Double color: 192x128 @ 24bit true color; 384x128 @ 4096 colors
Ports-     50PIN
Scanning mode-     support  1/16,1/8,1/4,1/2,Scan the monochrome,double color module.
Storage -    512M Bytes
Program number- Storage for maximum program number:20.Supported windows,with no more than 10 items for each.
Display-     rain,fountain,scroll and much more
Border     support- many Color border,Picture border
Media format-     support images and videos ( BMP,JPG,GIF,WMF,ICO,AVI,MP4,MPG,RMVB......)
Brightness -    Level 16 highlighted
Test button-     On-board test button
Extension function:     Temperature sensor,Temperature&humidity sensor,Brightness sensor(Diagram for connection).
Electrical parameters-     +5V DC(4.5V~5.5V),Power consumption<2W
Working temperature-     -30℃~70℃
Size     80mm*90mm

මෙතනින් ගිහින් තව තොරතුරු ලබා ගන්න.
ඔබට ජය!