Thursday, March 31, 2016

නවීන මෝටර් රථ තාක්ෂනය

අද ඉතා ජනප්‍රිය අංශයක් වන්නේ නවීන මෝටර්රථ වාහන පිළිබඳව ඇති උනන්දුවයි..ඔබ සතුව කුඩා මෝටර් රථයක් තිබුනත් එහි තාක්ෂනය පැරණි ඒවාට වඩා සිය දහස් ගුණයක් විශාලය..කෙතරම් මෝටර් රථ රියදුරන් හා වාහන හිමිකරුවන් සිටියත් තම වාහනේ භාවිතා කරන තාක්ෂනය ගැන දන්නේ ඉතා සුළු පිරිසකි..වාහනය ගැන සියල්ලම දන්නා කෙනෙකු නැති අතර එහි නිෂ්පාදකයා පවා වාහනය ගැන සියල්ල නොදනී..මන්ද විවිධ කොටස් නිෂ්පාදනය කරන්නේ විවිධ කාර්මිකයන් හා විවිධ රටවල් වල බැවිනි..නමුත් ඔබේ වාහනය ගැන ඔබ
දැන සිටිය යුතුම කරුණු ගණනාවක් වෙයි..අවාසනවාකට මෙන් එවැනි පාඩම් මාලාවක් සිංහල බසින් ලියවුන එකක් අන්තර්ජාලය තුල නැත.එම අඩුව පුරවා නවීන තාක්ෂනය පිළිබඳව ඔබට අවශ්‍යම වන කරුණු රැසක් දන්නා සිංහලින්ම කියා දෙන්නට අප නව පාඩම් මාලාවක් අදසිට පටන් ගන්නෙමු..අපගේ වෙබ් අඩවිය පරිශීලනය කරන බොහෝදෙනාගේ ඉල්ලීම මත මෙය ඉදිරිපත් කරමි..දිගටම අප සමග රැදෙන්න..
අප කතා කිරීමට බලාපොරොත්තු වන කොටස් කීපයක් පටුනක් ලෙස පහත පරිදි දක්වමි..
1.වාහනයේ ටයර්.
2.ටයරයක් සැකසී ඇති අන්දම පැහැදිලි කිරීම.
3.ටයර් ගැන ඔබ දතයුතු මුලික දේ..
4.මොකක්ද මේ රේඩියේටරය.
5.වාහනයේ වායු සමනය කරන හැටි..
6.වාහනයේ බලයෙන් රෝද හරවන හැටි..
7.ස්වයංක්‍රීය තිරිංග පත්ධතිය..
8.ස්වයංක්‍රීය ආරක්ෂණ පත්ධතිය..
9.ස්වයංක්‍රීය ගියර් පත්දතිය..
10.එන්ජින් ඔයිල් පිළිබඳව..
11.කැටලයිටික් කන්වර්ටරය 
12.ටර්බෝ ඉන්ටර් කුලර් තාක්ෂනය 
14.ඩිසල් එන්ජිම හා එහි විශේෂතා..
15.ඉන්දන විදුම් කරන හැටි..
17.ඉන්දන දුම සමග එන පරිසර විනාශය..
18නවීන මෝටර් රථයයක නවීන අංග 
19.තවත් නවතම මෝටර් රථතාෂණික තොරතුරු රැසක්..
20.අනාගත යාවත්කාලීන මෝටර් රථ තාක්ෂණ දැනුම එසැනින්..
මෙම පාඩම් මාලාව අපගේ Techzonelanka වෙබ් අඩවිය ඔස්සේ හැදෑරිය හැක.එම වෙබ් අඩවියේ ලිපිනය ඔබේ Dialog ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට REGහිස්තැනක්TL ලෙස ටයිප් කර 77177 ට SMS කරන්න..(Rs2+tax p.day)
ඔබට ජය!

Wednesday, March 30, 2016

LED නාම පුවරු සදහා අලුත්ම මෘදුකාංගය මෙන්න

අපේ වෙබ් එකේ කට්ටියටත් පැකේජ අරන් දිගටම වැඩ කරන යන අයටත් අද මම නාම පුවරු සදහා වන අලුත්ම POWER LED මෘදුකාංගයේ සංස්කරණය හදුන්වා දෙනවා..කලින් එකට වඩා ගොඩක් තාක්ෂණික අතින් දියුණු කර ඇති මෙය කලින් පැවති මෘදුකාංගයේ නව යාවත්කාලීනයක් ලෙසත් හැදින්විය හැක..අකුරු රටා වල නව වෙනස් කම් හා අකුරු හැරවීමට හැකි පරිදි සරලව කල හැකි පරිදි මෙය තනා තිබේ..මෙම නව සංස්කරණය නිකුත්කලේ පසුගිය 28 වැනිදාය..එය පහත ලින්ක් එකෙන් බාගන්න..
බාන්න ගියාම මුරපදයක්(password) ඉල්ලුවොත් 168 දෙන්න.ලැබෙන zip file එක Extract කරගෙන ලැබෙන සෙටප් ෆයිල් එක මත ඩබල් ක්ලික් කරන්න පහසුවෙන්ම ස්ථාපනය වේවි..කලින් සංස්කරණය දාගෙන ඉන්න අයට power led මෘදුකානගයට පිවිස එහි ඉහලම මෙනුවේ ඇති Help ටැබ් එකට ගොස් එහි ඇති update ලින්ක් එක ක්ලික් කර නව සනස්කරණය බවට අප්ග්‍රේඩ් කරගත හැක.එම මෘදුකාංගය පහත කාඩ් සදහා ගැලපේ..
TF-SU/TF-SW/TF-S6W/TF-S6U/TF-S6UR/TF-S6UW/TF-S6H/TF-A6U/TF-A6UR/TF-A6UW/TF-A6H/TF-MU/TF-M6W/TF-M6UR/TF-M6UW/TF-M6NUR/TF-C6UR/TF-C6UW/TF-C6NUR/TF-D6UR/TF-E6UR/TF-E6UW/TF-E6NUR/TF-F6UR/TF-F6UW/TF-F6NUR/TF-F6UW(RF70)/TF-CNT-D/TF-CNT-FN/TF-VTA02/TF-QA1/TF-QC1/TF-QC3
මෘදුකාංගය මගින් වැඩකරන හැටි හා තවත් බොහෝ දේ ඉගෙන ගැනීමට පහත පරිදි අපේ තාක්ෂණික වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න.එම පාඩම් මාලා සියල්ල මෙම වෙබ් අඩවියේ දක්වා ඇත. 
වෙබ් ලිපිනය SMS මගින් ගෙන්වා ගැනීමට Dialog දුරකතනයකින් REGහිස්තැනක්TL ලෙස ටයිප් කර 77177 ට SMS කරන්න.(Rs 2+tax p.day) 



Wednesday, March 23, 2016

LED බල්බ වල ඇඩප්ටරය ගහන්න උපකරණයක් මෙන්න..

LED බල්බ හදන්න පටන් ගත්ත අයට ගොඩක් වෙලාවට එන ගැටලුවක් තමයි..බල්බයේ ඇඩප්ටරය කේසින් එකට සවිකරන්න ගියාම ඇතිවන ගැටලුව..ශක්තිමත් ඇනයකින් මෙය කල හැකි වුනත් පුරුදු නැති කෙනෙකුට එය ටිකක් අමාරු වැඩක්..අනික බල්බ ගොඩක් හදනවානම් අන්තිමට ඇඟිල්ල තලා ගන්න තමයි වෙන්නේ..දවසට බල්බ දෙතුන් සීයක් හදන අයත් ඉන්නවා..අපෙන් ඉගෙන ගත්ත අය..ඒ
අයනම් මම කලින් කියා දුන් පරිදි පොඩි පොඩි ගැජට් හදා ගෙන තමා වැඩේ කරන්නේ..අද මම ඔබට තවත් ඒ සදහා සැකසුනු උපකරණයක් හදුන්වා දෙනවා..මෙය BULB ADAPTER FIXING TOOL ලෙස හැදින්වෙනවා..මෙම උපකරණය ශක්තිමත් මේසයක් මත සවිකර ගත විට පට ගාල බල්බ් වල ඇඩප්ටරය සවිකර ගන්න පුළුවන්..මිලට ගන්න කැමති අය ඉන්නවානම් ඉක්මනින් දැනුම් දෙන්න..ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්..(CALL OR SMS 0718301069)







Tuesday, March 15, 2016

මෝටර් රථයෙන් නිවසට විදුලිය ගනිමු..

මේ දවස් වල නිතරම විදුලිය බිඳ වැටීමට ලක්වෙන එක කාටත් ටිකක් හොඳට වැදිලා ඇති..තමන්ගේ වැඩකටයුතු ගොඩක් දුරට අවුල් වෙලා පාසල් දරුවන්ගේ අධයාපන කටයුතු වලටත් මෙය ගොඩක් බාදා වෙලා ඇති..ඒත් ඇත්තටම අපි විදුලිය කැපුවා කියලා බැන බැන ඉන්වාට වඩා තමන්ගේ නිවසට විදුලිය තමන්ටම නිපදාවෙගෙන ගෙදර බල්බ දල්වන්න පුළුවන් ක්‍රමයක් ඔබට සිතුනේ නැද්ද..ඔන්න
අද මම ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කරනවා..ඔබ සතුව මෝටර් රථයක් හෝ වෙනත් වාහනයක් ඇති නම් එය ඔබේ නිවසේ විදුලිය කපා හල කාලයට නිවසට විදුලිය ලබා ගැනීමට ප්‍රමාණවත්..මෙය ඉතා සරල ක්‍රමයක්..ඔබට මේ සදහා වොට් 500 ක පමණ ඉන්වර්ටර් එකක් හා එක සමාන ප්ලග් ටොප් දෙකක් හා මීටර කීපයක් දිග ත්‍රී කෝර් වයර් කැබැල්ලක් ඕනා වෙනවා..
මෙහෙමයි වැඩේ කරන්නේ
1.ඉන්වර්ටර් එක වාහනයේ බොනට් එක විවුර්ත කර බැටරි අග්‍ර වලට නිවැරදිව සවි කරන්න.
2.දැන් ඔබ කලින් සපයා ගත් වයර් කැබැල්ලේ දෙකෙලවරට ප්ලග් ටොප් දෙක සවිකරන්න.එම ප්ලග් ටොප් දෙකේ එකම ආකාරයට වයර් සවිකර තිබිය යුතුය.
3.එම ප්ලග් ටොප් දෙකෙන් එකක් ඉන්වර්ටරයේ ප්ලග් බේස් එකට සවිකරන්න.
4.දැන් නිවසේ ට්‍රිප් ස්විචය off කරන්න.
5.නිවසේ ප්ලග් වලට සවිකර ඇති ශීතකරණ වායුසමන යන්ත්‍ර අයන් රයිස් කුකර් ආදිය ගලවා දමන්න.
6.දැන් අනික් ප්ලග් ටොප් එක නිවසේ ඕනෑම ප්ලග් බේස් එකකට සවිකර එහි සුවිචය ඔන් කරන්න..
7.දැන් වාහනය පන ගන්වන්න.
8.ඉන්වර්ටරයේ සුවිචය ඔන් කරන්න.අපුරුයි නේද..නිවසේ විදුලි බල්බ ප්‍රධාන විදුලියෙන් දැල්වුන ආකාරයටම දැල්වේවි..LED බල්බ හා CFL බල්බ සදහා පමණක් මෙම ක්‍රමය යොදා ගන්න..500W ඉන්වර්ටර් එකකින් 12 W LED බල්බ 10 ක් පමණ දැල්විය හැක..ඉන්වර්ටර් එක ගන්න පිටකොටුවේ පළමු හරස්වීදියේ ඉලෙක්ට්‍රොනික කඩසාප්පු බොහොමයකින් පුළුවන්..

Sunday, March 13, 2016

විදුලිය නැතත් අපි නම් ගොඩ..

විදුලිය නැතිවිට ඇති පාඩුව ඊයේ(2016-03-13) ඔබට හොඳින්ම දැනේනට ඇති.අඳුරට සාප කරනවාට වඩා ඔබට එවන් අවස්ථාවකට භාවිතා කරන්න පුළුවන් ගැජට් එකක් හදා ගත්තා නම් කෙතරම් අගේද අප විසින් හදුන්වා දුන් සුර්ය බල උත්පාදක සවිකර ගෙන සිටින අයට එවන් අවස්තාවේදී කෙතරම් වැදගත් වුනාද යන්න හොඳින් වැටහෙන්නට ඇති.ඔබට නැවත එවැනි තත්වයකට මුහුණ දීමට සිදුවුවහොත්
ඇතිවන අපහසුතාව අවම කර ගැනීමට සුර්ය බල විදුලි ජනකයක් සකස් කර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.එම පාඩම් මාලා සියල්ල මෙම වෙබ් අඩවියේ දක්වා ඇත.වෙබ් ලිපිනය SMS මගින් ගෙන්වා ගැනීමට Dialog දුරකතනයකින් REGහිස්තැනක්TL ලෙස ටයිප් කර 77177 ට SMS කරන්න.(Rs 2+tax p.day)

Saturday, February 20, 2016

චලනයට සංවේදී LED බල්බයක් සවිකරමු.

    අපේ සමහර අයට බල්බයක් දැල්වුවිට ඒක නිවාදමන්න මතක් වෙන්නේ නැවත එම බල්බය දාන්න ගියාම..දල්වපු බල්බය අසල කිසිවකු නැතිනම් එහෙමත් නැත්නම් නිකන් ඔහේ දවල්ටත් රෑටත් දල්වා තබන්න බැරි බල්බයක් තිබේ නම් එම ගැටලුව විසදෙනවා..හරි එම ගැටලුවෙනුත් ඔබව නිදහස් කරන්නයි මේ සුදානම.මා මීට පෙර ලිපියකිනුත් මේගැන ටිකක් Techzonelanka වෙබ් එකෙන්  කියලා දුන්නා මතක
ඇති.මෙම බල්බය අපට විවිධ ස්ථාන සදහා ප්‍රයෝජනයට ගන්න පුළුවන්.ඔබේ නිවසේ හෝ ආයතනයේ තරප්පු පෙළක් තිබෙනවානම් එසේත් නැතිනම් රාත්‍රියට එළිමහනේ බල්බයක් දල්වා තබයි නම් මෙය ඉතා වැදගත් වේවි.
මෙම බල්බයේ වෙනස තමා එය දැල්වීමට නම් අනිවාරයෙන්ම රාත්‍රිය එළබී තිබියයුතු වීමයි.එමගින් මෙය දවල්ට එළිමහනේ දැල්වීම වලකිනවා.තවත් දෙයක් රෑ බෝවූ පමණින් මෙය දැල්වෙන්නේ නැහැ..එය දැල්වෙන්න නම් බල්බය සමීපයට යමෙකු පැමිණිය යුතුයි.ඒ සදහා වන සංවේදක මෙහි සවිකර තිබෙනවා..අදෝරක්ත කිරණ වලින් චලනය වන පුද්ගලයකු හදුනා ගන්නට මෙය සමත්.ඔබ බල්බයට විදුලිය සපයා ඇතිවිට රාත්‍රී කාලයෙදී කිසියම් අයකු බල්බය සමීපයෙන් ගමන් කලොත් එකවරම බල්බය දැල්වෙනවා..ඔහු බල්බය අසල දිගටම රැදී සිටීනම් බල්බය දිගටම දැල්වෙනවා..ඔහු බල්බය අසලින් ඉවත්ව ගිය විට එය තත්පර 40 කින් පමණ නිවී යනවා..බල්බය නිවී ඇතිවිට වැයවන්නේ ඉතාම සුළු විදුලි ප්‍රමාණයක් පමණයි.දිගු කොරිඩෝවක වගේ නම් බල්බ සවිකළ විට කිසිවකු ගමන් කරනවිට ඔහු ගමන් කරමින් සිටින තැන ට ආසන්න බල්බය ඉබේම දැල්වෙමින් සෙසු බල්බ ඉබේම නිවී පවතීවි.ඔබේ විදුලි බිල ලොකු වාසියක් නිකම්ම ලැබේවි.
එමෙන්ම ඔබ CCTV කැමරා සවිකර ඇතිනම් කැමරා මගින් ආවරණය කලාපයට මෙවැනි බල්බ සවිකර තැබූ විට රාත්‍රියට එම කැමරා අසලින් යන අයකු ඉතා පැහැදිලිව හදුනා ගන්නට ලැබේවි.පැමිණියේ සොරකුනම් එක්වරම බල්බ දැල්වෙන විට එක්වරම කලබල වී එම ස්ථානයෙන් ඉවත්ව යනු ඇති.
මෙම බල්බය දැන් ඔබට අප වෙතින් මිලට ගන්න පුළුවන්.පහත ෆෝර්ම් එක පුරවා එවන්න.එය ලබාගන්නා අන්දම හා මිලගණන් හා තැපැල් ගාස්තු ආදී විස්තර ඔබට EMAIL මගින් නොමිලේ ලැබෙනු ඇත.







Sunday, February 14, 2016

SMD LED බල්බ නිවැරදිව අපිම හදමු..

 ඔයාලා මගේ ලිපි කියවලා බල්බ හදලා නිවසේ භාවිතා කරන බව ආරංචියි.මට ගොඩක් සතුටුයි ඔයාලගේ උනන්දු වීම ගැන.ඉලෙක්ට්‍රොණික තාක්ෂනය මේ ආකාරයට ප්‍රචලිත කරන්නට ලැබීම ගැන මම උදක්ම සතුටුවෙනවා.තවත් සමහර අය කුඩා ව්‍යාපාර පටන් අරගෙන.ඒකට මගේ ලිපි පෙළ ගොඩක් උදවූ වුනා කියලා ගොඩක් අය මට කතා කරල කියුවා.මම ඒ අයට තවත් විස්තර කියලා දුන්නා.ඔයාලට ඇති
ඕනෑම ගැටලුවක් මගෙන් අහන්න.මට වෙලාව තියෙන හැටියට පිළිතුරු දෙන්නම්..
ඉතින් ඔයාලට මතක ඇති මම SMD LED බල්බ හදන හැටි කියලා දුන්නා.ඒක බලන්න මෙතනින් යන්න.ඔයාලා SMD බල්බ හදනවිට එකේ තාප අවශෝශකයට 'හීට් සින්ක් කන්පවුන්ඩ්' ස්වල්පයක් තබා සවිකිරීමට අමතක කරන්න එපා..නැතිනම් LED එක ඉක්මනින් දැවී යාවි.SMD LED දැල්වෙන කොට තාපය ජනිත වෙනවා.එය පහසුවෙන් ඉවත් කිරීමට මෙම කන්පවුන්ඩ් එක වැදගත් වෙනවා..තවත් දෙයක් ඔයාලා SMD බල්බය හදන විට එකේ බල සැපයුම් පරිපථය කඩදාසි ගම් ටේප් කැබැල්ලකින් ආවරණය කරන්න.නැතිනම් ලෝහ කොටසේ පරිපථය ස්පර්ශ වෙලා ඒක දැවී යාවි..තවත් දෙයක් තමයි ඔයාලා ලාභයම ගැන පමණක් සිතා මිලෙන් අඩු LED දමා බල්බ හදන්න එපා..ඒවා ඉතා ඉක්මනින් දැවී යනවා.
ඔබට ජය..